ශ්‍රී ලංකාවේ ඊනියා ප්‍රගතිශීලීන් සහ අපගේ ව්‍යාපාරයේ න්‍යායික භාවිතාව අතර පුළුල්තරම වෙන්වීම මේ වන විට සටහන්ව ඇත. ලංකාවේ මේ මොහොත වන විට වදාරණ ඕනෑම චින්තනයක් ( ඕනෑම ප්‍රායෝගිකත්වයක් චින්තනය මත රදා පවතින හෙයින් ) යනු අවසාන විග්‍රහයකදී සුසංවාදයක් හෝ ජනප්‍රිය, සාර්ථක අවසානයක් යෝජනා කරන ඒවා වේ. මේ රට තුළ දී සමාජ විප්ලවය පවා සියළු ප්‍රතිවිරෝධතා සමනය කරන බවට පොරොන්දු වී කප්පම් ලබා ගන්නා ඒවාය.
දෘඩ ලෙස අප සහ වෙනත් අය වෙනස්වන බෙදුම් රේඛාව මෙසේ පැහැදිළි කළ හැකිය. අපගේ චින්තනය පදනම් වන්නේ සීමිත බව ගැබ් කරගෙනය. පසමිතුරුභාවයන්ගෙන් ( අපට පරිපූර්ණ වීම වළකන බාහිර සතුරු – මිතුරකු ) තොර කිසිවක් අප ඔබට පොරොන්දු වන්නේ නැත. මාක්ස් පවා බාධාවකින් තොර නිශ්පාදන බලවේගයන් පොරොන්දු වී ඇත. එතැනදී ඔහු දෘෂ්ටිවාදියකි. උමතු රෝගීන්ගේ සිට තැන්පත් නිහතමානී නෝනාවරුන් මහත්වරුන් දක්වා විහිදෙන පරාසකය බොහෝ දෙනා අපව අතහැර ඇත. එය අපට අනාගත ආශිර්වාදයකි. ප්‍රතිවිරෝධතා නැති සුසංවාදී සමාජයක් ගොඩනැගීමට වෙහෙසෙන මිනිසුන්ට කප්පම් ගෙවීමට බොහෝ දෙනා රුචි බව අපි දන්නෙමු.
අප යෝජනා කරන විප්ලවය සංකීර්ණය. ගැටළු,බාධා,අත්වැරදීම්,ප්‍රශ්න නැති සමාජයක් හැදීමට අපට නොහැකිය. එසේ කළ හැකි අයට වහා අත් ඔසවා ඔවුන්ව ඉක්මණින් පරාජය කරන්න ! අපට අනුව කිසිවකුට අනාගතයක් නැත. අනාගතයක් අවශ්‍ය අය ආර්ථික දියුණුව ගැන නොව දේශපාලනය ගැන සිතිය යුතුය.