[dropcap color=”black”]ධ[/dropcap]නවාදයට එරෙහි වාමාංශික ව්‍යාපාරවල බංකොලොත් ඥාණයත්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී තෙවැනි මාවතත් අවසන් වූ පසු ලෝකයට ඉතිරි වූයේ ටී.ඇස් එලියට් කී පරිදි මුඩු බිමකි. ඉන්පසු සියළුදෙනා සාකච්ඡා කරනු ලැබූයේ සංවර්ධනය සහ නිම නොවන වෙළෙදපොළ වර්ධනයයි.
අරාබි වසන්තය නමින් අලුත් සටන් ශෛලියක් ආවේ ඉන්පසුවය. සියළුදෙනා එය වැළද ගත්තේ අලුත් දෙවියෙකු හමුවූවාසේය. ඊජිප්තුවේ තහීර් චතුරස්‍රය ධනවාදයට විරුද්ධව අරගල කරන ‘හතරවැනි මාදිළිය’ බවට පත් විය. ඊජිප්තුවේ දේශපාලන බලය මහජනයා අතට පත් වූ බව පවසමින් සටන අහවර විය.
ඉන්පසු ඊජිප්තු ඡන්දයෙන් ‘මුස්ලිම් සහෝදරත්වය’ ජයගත් අතර රටෙහි මහජනයා කොටස් දෙකකට වෙන්විය.
01-බටහිර ලැදි ලිබරල් අනාගමික මැද පංතිය
02- මුස්ලිම් ආගම දෘෂ්ටිවාදය කරගත් ආගමික මහජනයා.
මෙම සාධක දෙකින් ඊජ්ප්තු ‘යුධ-හමුදාව’ නම් ආයතනය වෙන් වූ අතර ජන්දයෙන් පසු බටහිර ලැදි ලිබරල් අනාගමික මැද පංතිය ‘හමුදාව’ සමග මුස්ලිම් සහෝදරත්වයට විරුද්ධව සමාජය සංවිධානය කළ අතර එමගින් යළි ‘හමුදාව’ අතට බලය ලැබුනි. දැන් ලිබරල් අයත් මුස්ලිම් සහෝදරත්වයත් නන්නත්තාර වී ඇත. යළිත් ඊජිප්තුව පාලනය කරන්නේ හමුදාවයි. මෙයින් අපට ඉගෙන ගැනීමට අදහසක් ඇත. දේශපාලනයේ දී ‘දෘෂ්ටිවාදය’ ක්‍රියාත්මක වන ආකාරය ඉගෙන නොගන්නා අයට මාරාන්තික සීසෝ ක්‍රීඩාවක නිරත විය හැකි බවයි.
පසු සටහන
ඊජ්ප්තු යුධ හමුදාව වාර්ෂිකව නඩත්තු කිරීමට අවශ්‍ය ඩොලර් බිලියන 1.3 මුදල වාර්ෂිකව ඇමෙරිකාව විසින් සපයන අතර කළාපීය සාමය වෙනුවෙන් ඇමෙරිකාව තවමත් ඔට්ටු අල්ලන්නේ ඊජිප්තු යුධ හමුදාව සමග මිස ඊජිප්තු සිවිල් දේශපාලනය සමග නොවේ.ඇමෙරිකාවට වඩා වැදගත් වන්නේ සිවිල් යුද්ධයේ දී මිය යන දහස් ගණන් සිවිල් වැසියන් ගැන නොව මැදපෙරදිග පවතින යුදෙව් රාජ්‍යෙයේ ආරක්ෂාවයි. අංක ගණිතය ඊජිප්තුවට අදාල නොවේ.
-ගල් යුගයේ ලෙනින්-
පවතින නුතන ධනවාදී සමාජකරමය තුල පරජාතන්තරවාදය ඉල්ලා සටන් කරන අලුත් තතවයක් ලාංකීය සමාජකරමය තුල වගේම ලෝක පරිමානයෙන් වර්තමානයේ අපට දකින්න පුලුවන්,නමුත් අනිත් අතින් පරාජාතන්තරවාදය කියන සංකල්පය නුතන ධනවාදී සමාජකරමය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යය කරන අධිපති දෘෂ්ඨිවාදයක් ලෙසත් කරියාත්මක වෙනව.අලුතින් ගොඩනැගීමට යන සමගි බලවේගයත් එහිම දිගුවක්ද?
Comments are closed.