ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයත් සමග වාමාංශිකයන් ලෙස අපට අනාගත දේශපාලනයේ දිශානතිය කුමක් විය යුතුද යන ගැටලුව ගැන සාකච්ජා කිරීම සදහා අලුත් තත්වයක් උදා වී තිබේ.
බොහෝ දෙනා විසින් නරුමවාදීව බැහැර කලද මේ දක්වා අප විසින් සමාජගත කරනු ලැබූ දැනුමේ වැදගත්කම සහ අප විසින් පුරෝකථනය කල සියලු දෑ වල සත්‍යතාවය තහවුරු වෙමින් පවතී. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කිරීම සදහා සැබෑ උවමනාවක් ඇති පිරිස තනි පුද්ගල චරිත වටා ඒකරාශී වීම වෙනුවට පක්ෂයක් වටා ඒකරාශී විය යුතු බව තේරුම්ගත යුතුය. එසේ නොවන්නේ නම් එකම ඉතිහාසය යලි යලිත් පුනරාවර්ථනය වීම මිස සමාජය තුල රැඩිකල් වෙනසක් සිදු වන්නේ නැත. රාජපක්ෂවාදය පරාජය කර 2015 දී යහපාලන ආණ්ඩුව බිහි වන්නේ ප්රජාතන්ත්රවාදය අධිපති දේශපාලන මතවාදය බවට පත් කරමිනි. නමුත් එකී ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්‍යාපෘතිය තවත් පියවරක් ඉදිරියට රැගෙන යමින් නව දේශපාලන ව්‍යාපෘතියක් ගොඩනැගීමට පසුගිය වසර පහ තුල මතවාදය හැසිරවීමේ බලය සහ අවස්ථාව හිමි කරගත් දේශපාලකයන්ට සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හට නොහැකි විය. ඔවුන් තමන්ට හිමි වූ අවස්ථාවෙන් උපරිම විනෝදයක් ලැබුවා මිස උපායමාර්ගික වැඩපිළිවෙලක් අනුව ක්‍රියා නොකළහ. ඔවුන් හා සාපේක්ෂව සලකන විට බැසිල් රාජපක්ෂ දේශපාලනික වශයෙන් උපායශීලී දේශපාලඥයෙකි. එසේම ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම භාර ගත් සියලු දෙනා තමන්ගේ කාර්යය නොපිරිහෙලා ඉටුකර ඇති බව සියලු දේ සිදු වී අවසන් වූ පසුව හෝ අප විසින් පිළිගත යුතුය. මේ තත්වය තුල යහපාලන ආණ්ඩුවේ මෙන් අඩුපාඩු සිදුවීමට පවතින පාලන තන්ත්රය විසින් ඉඩ තබනු ඇතැයි අපට උපකල්නය කල නොහැක. මේ නිසා අපට දැන් මුහුණ දීමට සිදුවී ඇති ප්‍රතිවාදියා සුළුපටු අයෙකු නොවේ. අප මීට පෙර සදහන් කර ඇති පරිදි නලින්ද සිල්වාගේ සිට සියලුම ජාතිවාදීන්ගේ රූපිකය වූ ගෝඨාභය යනු සිංහල බෞද්ධයාගේ අවසාන බලාපොරොත්තුවයි. මේ බලාපොරොත්තුව අවසන් වීමෙන් පසු ඉදිරියට රැගෙන ආ හැකි දේශපාලන ව්‍යාපෘතිය වන්නේ දීප්ති විසින් ගොඩනගන ලද පක්ෂය කේන්ද්‍ර කරගත් දේශපාලනයයි. බැසිල් රාජපක්ෂට එකම සෙල්ලම දෙපාරක් කිරීමට නොහැක. එසේම යහපාලනයත් සමග උදා වූ දේශපාලන අවකාශයේ එම ව්‍යාපෘතිය ශක්තිමත් නොකර විනෝද වූ අයගේ විනෝද ආර්ථිකය හෙළිදරවු කිරීම මෙතැන් පටන් අප විසින් සිදුකරන බැවින් ඔවුන්ටද එකම සෙල්ලම දෙපාරක් දැමීමට තවදුරටත් හැකියාවක් නොමැත.
නිර්මාල් රංජිත් දේවසිරි, ප්‍රභා මනුරත්න ආදී තනි පුද්ගල චරිත යනු හුදු විශ්වවිද්‍යාල ගුරුවරුන් මිස දේශපාලන ක්‍රියාකාරීන් නොවේ. නමුත් ඉහත පුද්ගලයන් සහ තවත් බොහෝ විශ්වවිද්‍යාල ගුරුවරුන් රැඩිකල් දේශපාලන ක්‍රියාකාරීන්, රැඩිකල් බුද්ධිමතුන් බවට වූ ඊනියා මතයක් සමාජය තුල පවතී. මේ මතය සත්‍යක් බව විශ්වාස කල ජ.වි.පෙ ඇතුළු පක්ෂ අපව මගහැර ගොස් අපගේ මතවාදය සමග ඉදිරියට යාම සදහා මෙකී චරිත කුලියට ගන්නා ලදී. නිර්මාල්ගේ නරුමවාදී අදහස් වලට අනුව ජ.වි.පෙ ලබා ගත් ජන්ද ප්‍රතිශතය වූ 3% යනු ජනතාව විසින් නාස්ති කරගත් ජන්ද වේ. මන්ද ලංකාවේ ජන්දදායකයා සෑම විටම තමන්ගේ ජන්දය නාස්ති නොකර වැඩක් කල හැකි අපේක්ෂකයෙකු සදහා ලබා දෙයි. නමුත් නිර්මාල්ගේ නරුමවාදී අදහසේ සැබෑ තත්වය මෙය නොවේ. ඇත්ත තත්වය වන්නේ අවම වශයෙන් 5% ක ජන්ද ප්‍රතිශතයක්වත් ලබා ගැනීමට හැකියාව තිබු ජ.වි.පෙ ජන්ද 2% ක පමණ ප්‍රතිශතයක් නිර්මාල් , ප්‍රභා වැනි අය ලං කර ගැනීම නිසා ජ.වි.පෙට අහිමි වී යාමයි. මේ නිසා ජ.වි.පෙට ආදරය කරන අය මේ මොහොතේ කල යුත්තේ තව දුරටත් ඔවුන්ගේ කතා වලට සවන් දීම නොව ඔවුන්ව පන්නා දැමීමයි. නිර්මාල් රංජිත් දේවසිරි, ප්‍රභා මනුරත්න , සුමිත් චාමින්ද ආදී චරිත යනු X කණ්ඩායමේ දේශපාලනය ඉදිරියට රැගෙන යන අය නොව එහි රෝග ලක්ෂණය ඉදිරියට රැගෙන යන්නන් පිරිසකි. දීප්තිට විරුද්ධ වීම, දීප්තිව විහිලුවට ලක් කිරීම හැර ඔවුන්ට වෙනත් බලාපොරොත්තුවක් දේශපාලනය තුල නැත. ඔවුන්ගේ නම් වලට සාමාන්‍ය විශ්වවිද්‍යාල ගුරුවරයෙකුගේ නමකට වඩා සංකේතීය බලයක් ඇත්තේ X කණ්ඩායමේ තිබු සංකේතීය බලය නිසාවෙනි. X දේශපාලනය තුලදී ඔවුන් සාමුහික ක්‍රියාකාරකම් සදහා දායක වනවා වෙනුවට එම ව්‍යාපෘතිය පුද්ගලවාදයක් වෙත රැගෙන යාමට උත්සහ කල පිරිසකි. ජ.වි.පෙ ඔවුන්ව ලං කර ගැනීම නිසා විනාශ විය. පුබුදුලාට අත් වුයේද එම ඉරණමයි. නිර්මාල් රංජිත් දේවසිරි, ප්‍රභා මනුරත්න , සුමිත් චාමින්ද ආදී චරිත යනු කාවෝ වැනිය. පිටින් හොදින් ලීය තිබෙන බව පෙනුනත් කාවෝ ඇතුලෙන් ලීය කා දමයි. අනාගතයේදී ජ.වි.පෙ දෙකට තුනට කැඩී වෙන් වන විට මේ අය තමන්ට කර ඇත්තේ කුමක්ද යන්න සියලු දෙනාට අවබෝධ වනු ඇත.
පුර්ණකාලීන දේශපාලනය කිරීමේ භාවිතාව පක්ෂ දේශපාලනයට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වන්නේ විජේවීර සහෝදරයාගේ දේශපාලන ව්‍යාපෘතිය හරහාය. කෙසේවෙතත් එම දේශපාලන ව්‍යාපෘතියට පුර්ණකාලීන ලෙස සම්බන්ධ වූ කාඩර්වරුන් සදහා නිශ්චිත වැඩපිළිවෙලක් ජ.වි.පෙට නොතිබිණ. බොහෝ පුර්ණකාලීන කාඩර්වරුන් ශරීර දේශපාලනය වෙත යොමු වූ අතර ප්රබුද්ධත්වයේ ව්‍යාපෘතියක් වෙත යොමු නොකෙරිණ. නමුත් දීප්ති විසින් ගොඩනගන ලද දේශපාලන ව්‍යාපෘතියේදී පුර්ණ කාලීන කාඩර්වරයා වෙනුවෙන් අධ්‍යපාන වැඩසටහන් ක්‍රියාත්මක කෙරින. විජේවීර විසින් ඉගැන්වීම සදහා මුල්තැන ලබා නොදුන් අතර දීප්තිගේ ව්‍යාපෘතියේදී ඒ සදහා මුල්තැන ලබා දෙන ලදී. පක්ෂයේ මුල් දේශපාලන පාඩම වන ව්‍යුහවාදය පවා හරිහැටි ඉගෙන නොගත් පිරිස් අද ජ.වි.පෙ සමග සම්බන්ධ වී සිටී. මේ අයව සම්බන්ධ කරගත් ජ.වි.පෙට මින් පසු රත්තරන් ගැන හෝ ගැහැණු සියයක් දුෂණය කල සාරුවා සුනිල් වැනි පුද්ගලයන් ගැන සදාචාරාත්මක විවේචන ඉදිරිපත් කිරීමට හැකි වන්නේ නැත. මන්ද තමන් ලග සිටින අය මෙකී සදාචාරවිරෝධීන්ටත් වඩා දේවල් සමාජයට කර ඇති බැවිනි. ජ.වි.පෙ එවැනි විවේචන සදහා එළබෙන්නේ නම් අපට ජ.වි.පෙ සමග එකතු වී සිටින නිර්මාල්, ප්‍රභා වැනි අය පිලිබදව තව දුරටත් හෙළිදරවු කිරීමට සිදුවනු ඇත.
මේ මොහොතේ එලබී ඇති තත්වය තුල දේශපාලනය අර්ථකථනය කිරීම වීජ ගණිතය ඉගැන්වීම මෙන් අසීරු කටයුත්තක් වී තිබේ. මේ නිසා විවිධ ගුරුවරු කුලියට ගෙන බාහු බලය යොදා ගනිමින් බලය ලබා ගැනීමට උත්සහ කිරීම තව දුරටත් සාර්ථක කටයුත්තක් නොවනු ඇත.ඒ සදහා අලුත් දේශපාලන ඉදිරි දර්ශනයක් ගොඩනැගීම අවශ්‍ය වේ. පසුගිය වසර පහ තුල අපට හිමි වූ අවස්ථාවන් මෙම දේශපාලන ඉදිරි දර්ශනය සමාජ ගත කිරීම සදහා අප යොදා ගත්තෙමු. මේ නිසා කිසිදු පැකිලීමකින් තොරව අලුත් සාමාජිකයන් සදහා අපත් සමග සම්බන්ධ වීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට දැන් අපට හැකියාව ඇත. පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඒ සදහා සුදානම් කිරීමට අපට හැකි විය. තව නොබෝදිනකින් අපත් සමග වැඩ කිරීමට කැමති අයට පක්ෂයට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට සියලු කරයුතු සුදානම් කරමින් පවතී. ඒ පිලිබදව ඉදිරියේදී ඔබව දැනුවත් කරනු ඇත.