ඔහු එසේ කියන්නේ ඇයි? එක්කෝ කෝපි කඩේ සීනි සහ ක්‍රීම් දෙකම නැත. එසේ නැතිනම් කෝපි කඩේ බැරිස්ටා පාරිභෝගියකයාට වෙනත් නව විසඳුමක් යෝජනා කරයි. එනම් ක්‍රීම් නැති නිසා ඔහුට සිනි නැති කෝපි එකක් යෝජනා කිරීමයි. දැන් අපි සාමාන්‍ය වෙළඳ හලකට ගොඩ වැදී හෙම්බිරිස්සාව හැදී එන නිසා සමහන් පැකට් එකක් ඉල්ලු විට කඩයේ සමහන් නැතැයි සිතමු. ඒ වෙනුවට කඩ හිමියා කටුවැල් බටු පැකට් ඇත්නම් එය යෝජනා කරන නොඅනුමානය. එසේ නැත්නම් “අපි ළඟ හොඳ තේ කොළ පැකට් වගයක් ඇවිත් තියෙනවා”. “ආ මේ අලුත් බිස්කට් පැකට් ජාතියක් (හෝ තව මොනවා හරි) කඩ හිමියා හෝ සේවකයා විසින් යෝජනා කරනු ලබයි. මා ජිවත් වන එන්ෆිල්ඩ් වලාට් නුදුරු එඩ්මන්ටන් වල ඇති දෙමල ජාතිකයන් විසින් පවත්වා ගෙන යන වෙළඳ හලට ලංකාවේ කෑම මිලදී ගැනීමට මසකට දෙවතාවක් පමණ යමි. සමහර විට රතු හාල් සහ ලංකාවෙන් එවන කිතුල් පැණි බෝතලයක් රැගෙන ඒමට යන මම අන්තිමට එන්නේ , ගෙදර උයන්නේ නැති වුනත් මුකුණුවැන්නා මිටියක්, ගොටු කොළ මිටියක්, මාළු, කෙහෙල් මුව, දිවුල් කිරි බෝතලයක්, රොටී සහ තව නොයකුත් දෑ මට නොදැනිම මිලිදී ගෙනය. මින් භාගයක්ම දේවල් යෝජනා කරන්නේ සේවකයා හෝ කඩ හිමියාය. ඔවුන්ගේ ලාභය ඇත්තේ ම අප සොයා ගොස් ගන්නා එක භාණ්ඩයෙන් නොව තව මොනවා හරි අපට වැඩිපුර විකුණා ගැනීමෙන්ය. සමහරවිට අදාල භාණ්ඩය නැත්නම් නැහැයි නොකියා තව මොකක් හරි දෙයක් විකිණිය යුතු මය. නැත්නම් පාරිභෝගිකයා වෙනත් ස්ථානයකට යනු ඇත. ඔවුන් ගේ ලාභය අහිමි වනු ඇත.
ඇන්ඩි බෙස්ට් නමැති එංගලන්ත ජාතිකයා සෝවියට් දේශය ගැන සිතන්නේද එසේමය. ඔවුන්ට කෑම සහ අනිකුත් භාණ්ඩවල දැඩි හිඟයක් ඇති අතර බොහොමයක් සෝවියට් වැසියන් සිට ඇත්තේ බඩගින්නේය. ඒ නිසා ධනවාදී රටවල සමාජවාදය පිහිටුවීමේ තේරුමක් නැත.
තවත් අත්දැකීමක් නම් මිතුරෙකු සමග මොස්කව් අසල පුංචි නගරයකට ගිය විටදී එහි තිබු අහර වෙළඳ සලේ බටර් හා හාල් වර්ග කීපයක් , විස්කෝතු ඇරෙන්න වෙන මුකුත් තිබුනේ නැති බව නිරීක්ෂණය කිරීමයි. ඔවුන් කන්නේ මොනවාදැයි එහි සිටි රුසියන් මිතුරන් ගෙන් ඇසූ විට පිළිතුර වුයේ කඩේ වැඩ කරන හොඳ ගැහැනියක වන මහත ගාල්යා කඩේට මස් මාළු සහ අලුත් භාණ්ඩ පැමිණි විට හැමෝටම පණිවිඩ එවන බවයි. ඉන්පසු පස්සා දොරින් හොඳම අත්‍යවශ්‍ය භාණ්ඩ විකුනන බවයි.මේ නිසාම ඔවුන්ගේ ගෙවල් වල අග හිඟයක් නැත. මා කිවේ මේ දුෂිත සමාජවාදය බවයි.
මෙහිදී මිනිසුන් නිසා සමාජවාදය දුෂිත විනිද? සමාජවාදය නිසා මිනිසුන් දුෂිත විනිද ? ධනවාදය දුෂිත නැත්ද ? යන ප්‍රශ්නයන් නැගුවෙමි. සෝවියට් දේශයේ විනිට්සා නගරයේ ඉගෙනීම ලැබූ අපේ සහෘද බ්ලොග් ලියන්නකු වන වෛ ද්‍ය රුවන් එම් ජයතුංග විසින් සෝවියට් මිනිසුන් භාණ්ඩ සපයා ගන්න ආකාරය ගැන හොඳ ලිපියක් ලියා තිබුණි. මැක්සිම් ඉවානවිච් නම් මේ ලිපිය හැකිනම් නැවත කියවන්න. සෝවියට් පන්නයේ සමාජවාදී සමාජයේදී “නැති” පැට්‍රොල් සොයා
දෙන තැනැත්තා ගැන කියවන්න.
ලාභය අහෝසි කල විට වෙළඳ ආයතනයේ ළඳුන්ට තම දේවල් පරිභෝගිකයාට විකිනීමට අවශ්‍ය තාවයක් නැත. කඩ හිමියා සෝවියට් රජය හෝ ප්‍රාදේශීය රජයයි. හෝ නගර සභාවයි. ඉතින් වෙන්නේ හැමෝම තියෙන දේවල් ටික උස්සගෙන යාමයි. කාටවත් විකිනීමට අවශ්‍යතාවයක් නැති මේ රජයේ දේපල වලින් සොරකම් කිරීම සාමාන්‍යකරණය වීමක් සිදුවී තිබේ. එසේ උදව් කරන අය හොඳ ගාල්යා සහ කරුණාවන්ත මැක්සිම් ඉවානවිච්ය. සෝවියට් දේශය බිඳ වැටුනු විට මේ සුපර්මාකට් සහ අනිකුත් විශාල කර්මාන්ත ශාලා කුණු කොල්ලයට ඒ භාණ්ඩ පිට දොරින් විකුණු අයටම ලැබුණි. දැන් රුසියාව පාලනය කරන්නේ ඔවුන්ගේ නියෝජිතයාය.
දැන් ජිජක් නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන පැවසුවේ කුමක්ද?
පැහැදිලි කිරීමට ස්තුතියි.
//ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] නැතිව පවතින්න බැහැ යන අදහසයි.[0/-1] //
ඔබ මෙතන ස්ථානගත කරන්නේ “less than one and more than nothing” යන්නද?
Less than nothing.
less than one and more than nothing යන්න මා ඉහත කමෙන්ටුවේ සදහන් කෙරේ කෝපි කතාවට අදාලවයි
It says this: In the terms of the joke quoted in Chapter 10, is the ics multiplicity just plain coffee or coffee without . . . (x)? The Lacano-Hegelian axiom is that the impossibility of the One is the immanent negative feature of the ics multiplicity: there is an ics multiplicity because there is no One, because the. One is in itself blocked, impossible.” -here ics is identity of the inconsistent
To better grasp this notion of the non-All, let us turn to a wonderful dialectical joke in Lubitch’s Ninotchka: the hero visits a cafeteria and orders coffee without cream; the waiter replies: “Sorry, but we’ve run out of cream. Can I bring you coffee without milk?”;, In both cases, the customer gets straight coffee, but this One-coffee is each time accompanied by a different negation, first coffee-with-no-cream, then coffee-with-no-milk.3′ What we encounter here is the logic of differentiality where the lack itself functions as a positive feature .
if you read further : we have andy west type story:
A political equivalent can be found in a well-known joke from socialist-era Poland. A customer enters a store and asks: “You probably don’t have butter, or do you?” The answer: “Sorry, but we’re the store that doesn’t have toilet paper; the one across the street is the one that doesn’t have butter!”
මා මෙහිදී උත්සාහ කරන්නේ සමාජවාදය ගැන කතා කරන විහිළු කටහ්ව ඇසුරින් සම්ජවාදයේ “නැති කම් ” හෙවත් හිඟ කමත් ධනවාදයේ “ඇති කමත් ” ගැන කතා කිරීමටයි. නැති ක්‍රිම් නැති සිනි හෝ නැති- නැති කෝපි , නැති මස් , නැති කිරි කඩ , නැති – නැති භාණ්ඩ – එහෙත් භාණ්ඩ ඇති සමාජවාදය ,- කිව්වා හරිද මන්ද
ත්‍රිමාණ, නැවත ඔබේ පිළිතුර වෙත අවධානය යොමු කරා….//ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ //. එසේ නම් එය ධනවාදය කෙරෙහි ඇති විවේචනයක් නොවේද(කෝපි කතාව).කෙසේ නමුත් ත්‍රිමාණ අවධාරනය කරන//ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] නැතිව පවතින්න බැහැ යන අදහසයි// යන්න කිසි ලෙසක මින් අවතක්සේරු නොකරමි.
ඒ අනුව අජිත් සහෝදරයත් වෙනත් මාර්ගයකින් ideology (ධනවාදය සම්බන්දයෙන්)විවෙචනයක් නෙද කර තිබෙන්නේ?
මෙතනදී වටහා ගත යුතු න්‍යායික අදහස තමයි “යථාර්තයට වඩා සංකල්පය ප්‍රාථමිකයි” යන හෙගලියානු ප්‍රවාදය.
එකගයි (y)
සමිතට දුන් මගේ මේ පිළිතුර ගැන ඔබේ අදහස/(විවේචනයක්?) පැහැදිලි කරන්න.
ඔයත් නිවැරදියි. ත්‍රිමාණ ත් නිවැරදියි. කෝපි කතාව ජීජක් ගේන්නේ ඩබල් නෙගේෂන් එක ගැන කියන්න බව හරි. එහෙම තමයි ජිජක් කියල තිබෙන්නේත්. ඔබ හරි වෙන්නේ ත්‍රිමාණ දෙවන අදහස විසංයෝජනය කිරීමේදී. ////ඒ අදහස මත තමයි ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ //. එසේ නම් එය ධනවාදය කෙරෙහි ඇති විවේචනයක් නොවේද(කෝපි කතාව).// ඔබ මේ පොත ගැන මතක් කිරීම ඉතා වැදගත් . මෙහි ඇති විවේචනයේදී මෙන්න මේ කරුණු බලමු. උඩම කොමෙන්ටුව කියන්නේ ජිජක් අවශ්‍ය නැහැ කියල කඩේකට ගිහිල්ල බඩු ගන්න එක ගැන කියන්න. ඒක ඇත්ත. එතැන් ජිජක් නොකියවූ අයෙකු කියන කතාවක්. ඔබ කියවූ නිසා දන්නවා මම කියන්නේ ජිජක් කියන එක නොවේ කියල. නමුත් ජිජැක් ව කෙලින්ම නිශේධනය කරලා දාන්නේ නැතුව හොයනවා පිළිතුර. හැබැයි එතැන තිබෙන්නේත් නිෂේධනයක්. මේ දෙකේදී අපට හමුවෙනවා පිළිතුරක්. ජිජක් කතා කරන්නේ කැපිටලිස්ම් ගැන කියන එක. චැප්ටර් 5 හරියේ මෙහෙම එකක් තියෙනවා. //This is why cyber-capitalists appear as the paradigmatic capitalists today. why Bill Gates can dream of cyberspace as providing the frame for what he calls “frictionless capitalism:’ What we have here is an ideological short – circuit between two versions of the gap between reality and virtuality: the gap between real production and the virtual or spectral domain of Capital, and the gap between experiential reality and the virtual reality of cyberspace. //එතකොට මේ කතාව : ධනවාදයේ බාහිර දෘෂ්ටිය [reality] රදා පවතින්නෙ .[capital as a suject] ඕනෑම සංකල්පයකට ස්වයං-නිශේධනයක් [Self -Negation] තිබීම මත. මගේ සරල කතාවෙන් කියන්නට උත්සහ කරන්නෙත් මෙයයි. හැබැයි එහෙම වුනාද දන්නේ නැහැ. එය රඳවා පවතින්නේ මා අත නොවේ. කියවන්නා මතයි.
Comments are closed.