සන්නද්ධ අරගලයක් වෙනුවෙන් දෙවන වරටත් 88-89 දී ජවිපෙ විසින් තම ශරීර දේශපාලනය මෙහෙයවනු ලබන්නේ එවකට විජේවීර සහෝදරයා විසින් ‘මාක්ස් විද්‍යා’ විශ්වයක සිටීම විසින් නම් (කියවන්න: ‘ලස්සන සමනලයකුට කුඩු වන්නට වෙඩි තැබිම’ නම් ලිපිය: දිප්ති කුමාර ගුණරත්න: මාතොට: 2000 පෙබරවාරි- මෙය දීප්ති විසින් ලියන ලද වැදගත් මාවෝවාදී ලිපියකි) එවිට ඔහුට විසිවන සියවසේ මාක්ස් විද්‍යාවේ අර්බුදය සහ එහි විප්ලවීය අවිවල වර්තමාන නිර්-නෛතිකභාවය එම මාක්ස් විද්‍යාව තුළ ම සිටිමින් තේරුම් ගැනීමට නොහැකි වූයේ ඇයි? වාමාංශික දේශපාලනය එහි අද්‍යතන භාවිතය අද දවසේ පවා පැරණි යුගයක ආකෘතිවල සහ සූත්‍රගතකිරිම්වලට (Formation and formulation) තවමත් ඒල්බගෙන (Cling) සිටින්නේ මෙමවන් ඒක්සත් ව්‍යාපාරයක් වශෙයන් ඒය විශ්වාස කරන බැවිනි (මෙම බ්‍රවුන් ගේ ස්ථාවරය ජෝඩි ඩීන් පසුව ප්‍රශ්න කරයි). ඒසේ ‘පන්ති දේශපාලනය’ තදුරටත් භාවිත කළ හැකි ප්‍රවර්ගයක් ලෙස අපි උත්කර්ෂ කරන්නේ නම්, අපි පෙරළා ඉතිහාසෙය් සාම්ප්‍රදායික බලෙව්ගවල පතුලට ම කිඳාබැසීමට භාවිතයේ අර්ථයෙන් සූදානම් යැයි කියා පැමකි. එය විසින් පැහැදිලිව ම කියනු ලබන දෙය නම්, වර්තමානය වැරැදියට කියවනු ලැබීමයි. (කියවන්න බ්‍රවුන්ගේ Left Melancholy හි 25 වන පිටුව ) වර්තමාන ලෝකය ධනවාදයේ පුද්ගලකරණය මතින් මිනිස් විෂය විශාල පරිණාමයකට ලක් කර තිබිම එම අර්ථයෙන් අපි අමතක කළා වෙමු.

වෙනත් වදනකින් කියන්නේ නම්, අපේ සමාජවල දේහය එහි මුල්වලින් ම උගුලා දමන්නට තැචර්වාදය නම් ආගමට හැකි වු බව අපිට ස්ටුවට් හෝල් සිහිපත් කර දෙයි. පන්තිගත කිරීමට තරම්  ‘මිනිසෙක්’ තව දුරටත් ඇය මිහිපිට ශේෂ කළේ නැත. ධනවාදයේ තරගකාරිත්වය නග්න ලෙස ඇදවැටුණු නරුම අහං – ක්‍රීඩකයකු පමණක් ඇය අපිට ඉතුරු කර දී ඇත. ඉඳින් පවත්නා පිළිවෙළට දශමයකිනිඳු අභියෝග නොකරන සුවච කීකරු පාරිභෝගිකයෙක් ලොවට දායාද කර දුන්නී චැතර් ය. මෙතැන් සිට වමට සිදුවන අබග්ගය නම් අතීතය කරා පල්ලම් බැසීම ය. අතීත සටන් පාඨ, අතීත න්‍යාය, අතීත ආකෘතිවල වටිනාකම් වර්ණනා කිරීම පිණිස ට්‍රොට්ස්කිවාදි කඳවුර මහත් අභිරුචියෙන් ඉදිරිපත්විය. විශේෂයෙන් ම විජේවීරගේ පරාජයත් සමග ම ලංකාවේ ට්‍රොට්ස්කිවාදි කඳවුර ඉහත පන්ති දේශපාලනය මුල් කෘති කරා නැවත පසුබැසීමට, නැවතත් මාක්ස් ලෙනින්වාදය අලුතෙන් ඉගැන්වීමට, ඔවුන් මහත් වෙහෙසක් දරන බව අපිට පෙනී යන කරුණකි. ජවිපෙ අවසාන කැරැල්ල පරාජයත් සමග ම ඔවුන්ට ද එම අපගමනයට පිළිතුරු නැති විය. මෙම මාක්ස්වාදය පැරණි අර්ථයෙන් පුනර්ජීවනය කිරීමට ආරම්භ කළ මෙලන්කොලිකයෝ හට සිදු වූවේ සමාජවාදී සවිඥානකත්වය (Socialist consciousness) අතීතකාමයකින් අවසන් කරගැනීම ය.

තැචර්වාදයට මුහුණ දීමට අද්‍යතන සමාජවාදය එක් අතකින් ධර්මිෂ්ට අන්තර්ගතයක් (righteous content) වෙත පසුබැස ඇත  යන්න බ්‍රවුන් නිරීක්ෂණය කරන්නී ය. (තැචර්වාදයේ පෞද්ගලිකරණය සහ සුභසාධක රාජ්‍යයේ කප්පාදුව නම් ‘විප්ලවය’ සඳහා අද්‍යතන වම සුදානම් වූවේ යහපත් දේ සඳහා සිත යොමු කරමිනි.) එහි දෙවැන්න නම් සංස්කෘතික, නොඑසේ නම් ලිංගික දේශපාලනය (Sexual politics) මත තම ලිබිඩෝ ශක්තිය විතැන් කිරීම නම් තත්ත්වය වන අතර තෙවැන්න වන්නේ වමේ කඳවුරේ ආර්ථික – දේශපාලනික වැඩපිළිවෙළෙහි අරමුණ විකේන්ද්‍රණය වීම එම කදවුරේ ඇදවැටීම සහ එකට එක සම්බන්ධ වී තිබීම ය. (කියවන්න බ්‍රවුන් ගේ ඉහත ලිපියේ 26 වන පිටුව) මේ නිසා වමේ දේපාලනයට සිදුවි තිබෙන්නේ ඉතාමත් කාලකණ්ණි තත්ත්වයකි. ඒ මන්ද යත්, තැචර්වාදය විසින් විනාශයට පත්කරමින් යනු ලබන ‘සුබ සාධක රාජ්‍යය’ බේරා ගැනීමේ සටනට උරදීම වාමාංශිකයෝ කරන අතර එම ක්‍රියාවට තම ජවය මිඩංගු කිරීම නිසා ඔවුන්ට නව න්‍යායයක්, නව ආකෘතියක්, නව සටන් පාඨයක් සහ නව යුතෝපියාවක් ගොඩනැගීමේ සත්‍යය අවකාශය මෙම ඉල්ලීම් දිනාගැනීමේ දේශපාලනය විසින් උදුරා ගනු ලැබ ඇති බව බ්‍රවුන් පෙන්වා දෙයි. ලාංකික අද්‍යතන වම මෙයට කදිම උදාහරණයකි.

gucci 2

ලාංකික ධනවාදි රාජයය විසින් තැචරියානු ආකාරයකට පසුගිය දශක කිහිපය මුළුල්ලේ ම සිද් කරනු ලැබුවේ සුබ සාධක රාජ්‍යෙය් කප්පාදුව වෙනුවෙන් වම සමග ඔට්ටු ඇල්ලිමකි. මෙම දෘෂ්ටිමය උගුලේ වමද ඇති පදමට හිර වී වෙහෙස වී තිබෙන ආකාරය අපිට දැකගත හැකි ය. ලිබරල් රාජ්‍යය සැම දිනක ම උත්සාහ කරන්නේ: අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ජලය, හෝ විදුලිය යනාදි කුමන හෝ ක්ෂේත්‍රයක් පුද්ගලීකරණය කිරිමට හෝ එම වගකිම්වලින් නිදහස් විමට ය. ඒ හේතුවෙන් ම වමේ වෘත්තිය සමිති සහ ශිෂ්‍ය දේශපාලනය ඒ ක්‍රියාදාමවලට එරෙහිව විදි බැස සටන් පාඨ කියයි. ඒ සැම සටන් පාඨයක ම කියැවෙන්නේ යටත් විජිත සුබ සාධන රාජ්‍යෙය් ඛණ්ඩාංක තවදුරටත් රාජ්‍යෙය් මැදිහත් විම තුළම තබාගත යුතු බවයි; රාජ්‍යය ව්‍යුහය ආරක්ෂා කර ගතයුතු බවයි. මේ නිසා සිදුව තිබෙන්නේ: නිදහස් අධ්‍යාපනයෙන් බිහිව, රජයේ වැටුප් ලබන වෘත්තික පරිපාලකයෝ පිරිසක් වරප්‍රසාදිත තත්ත්වයට පත්වීම මිස ඒ ඔස්සේ විශේෂ යමක් ජනතාවට ලැබිම නොවේ. ජනතාවට ලැබෙන සේවය දිනෙන් දින ගුනාත්මක බවෙන් පහළ බසින අතර (අධ්‍යාපනය – සෞඛ්‍යය) මෙම වරප්‍රසාදිත පන්තිය තව තවත් තර වන පමණක් අපිට දැකගත හැකි ය. (සමහර වෛද්‍යවරු චැනල් සෙන්ටර් වෙත කැදවාගෙන යන්නේ පරිවාර කිහිප දෙනකු ද සමග ය)

ලිබරල්වාදයේ හෙට්ටු කිරිම තුළ (New Liberal deal politics) වඩාත් වරප්‍රසාදිත තත්ත්වයට පත්වන්නේ ඉහත සඳහන් කල වෘත්තික පන්තිය යි. මෙම තත්ත්වයට අද්‍යතන වමද වගකිව යුතු ය. එනම්, ඉහත හෙට්ටුකරණය ඔස්සේ වෘත්තියන් විසින් අත්විදිනු ලබන නිදහස (New freedom) ඔස්සේ ඔවුන් එක්තරා දුරකට ලිබරල් රාජ්‍යෙය් පිඩනයෙන් නිදහස් වේ. ඒ,ඔවුන්තේ වැඩිවන ක්‍රය ශක්තිය නිසා ය. එවිට ඔවුන් නවලිබරල් ධනපති පන්තියක් ලෙස සංවිධානය ඉහත කි ජනතාවට ම එරෙහිව ප්‍රති – පන්තියක් ලෙස සංවිධානය වේ. එය නැවත ලිබරල් රාජ්‍යය ශක්තිමත් කරයි. එය හරියට ම යුද්ධයෙන් පසු ‘‘රණවිරුවෝ’’ බහුතරයක් ඡන්දය ඉල්ලිමට ඉදිරිපත්විමට සමාන ය. ලිබරල් රාජ්‍යය විසින් ම ‘ප්‍රතිනාමකරණය’ කරන ලද මෙම යුද සොල්දාදුවෝ පෙරළා එම නෛතික බව මතින් ම ලිබරල් රාජ්‍යෙය් සංවර්ධනය වෙනුවෙන් පෙනි සිටිති. (ජෙනරල් ෆොන්සේකා සිහිපත් කරන්න) එම ප්‍රතිශක්තිකරනය ඔස්සේ එම නව ලිබරල් ඒජන්තයෝ ම යම් මොහොතක සමස්ත වමේ ම බොටුවමිරිකා දමනු ඇත. දැන් ජවිපෙ ෆොන්සේකාට එරෙහි විම අපි නිර්වචනය කරගත යුත්තේ වෙන්ඩි බ්‍රවුන් විසින් ඉහත ඉදිරිපත් කරන තර්කය ඔස්සේ ය.

මෙහිදී වමේ විනාශය සලකුණු කෙරෙන තත්වයන් දෙකකි;

ආ.) සමානාත්මතාව මත පදනම් වූ සමාජ ක්‍රමයක් පිළිබඳව භක්තිය (faith) නැතිවිම.

ආ.) විමුක්ති දර්ශනය මත පදනම් වෙමින් ධනේශ්වර නිශ්පාදන මාදිලියට අභියෝග කිරිම අත්හැර දැමිම.

වම තම පැරණි සම්ප්‍රදායවාදය සමග සන්ධාන ගත වූ විට වමේ අර්බුදය ඉතා ගැඹරු තැනකට ගමන් කරන බව බ්‍රවුන් පෙන්වා දෙයි. ඊටත් වඩා පවත්නා තත්ත්වය පිළිබද ගැමුරු විවේචනයක් නිෂ්පාදනය කරගැනිමට නොහැකි විම ද මෙහි තවත් බරපතල ප්‍රශ්නයකි. එනම් ඉස්මතු වෙමින් පවතින ‘රැඩිකල් වම’ ගැඹුරු දාර්ශනික චින්තන ධාරාවක ආධාරය නොලබමින් වැඩිම ඉතා බරපතළ තත්ත්වයකි.  බ්‍රවුන් එය මෙසේ වචනයට නගන්නි ය.

‘ස්වකිය ආත්මය අවතාරයක් වූ, ස්වකිය ආශා ව්‍යුහයට පසුගාමි සහ ස්වයං දඬුවම්කාරි වූ මිය ගිය අතිතයකට ආශා කරන මෙලන්කොලික ව්‍යුහයකට අද්‍යතන වම ඇදවැටි තිබිම එහි සැබැ පරාජය යි. එම අර්ථයෙන් ගත් විට වම බද්ධ වි සිටින්නේ නොහැකියාවක් (Impossible) සමඟ ය. කිසියම් හෝ සාර්ථක විමේ ශක්‍යතාවක් සමඟ නොවේ.’’ (බ්‍රවුන් Resisting Left Melancholy පිටුව 26)

තැචර්වාදයෙන් පසුව තව දුරටත් ‘ඉතිහාසය අපේ පාර්ශ්වය පැත්තේ ඇත’ යන වයාජ තර්කයෙන් අපි මදක් වියුක්ත විය යුතු බව බ්‍රවුන් සිය ලිපිය අවසානයේ පෙන්වා දෙන්නි ය. තැචරියානු ලෝකය වේගයෙන් පරිනාමය වෙමින් යන අතර එම පරිනාමිය අධි- තාක්ෂණික සංවර්ධනය වෙළෙඳපොළ හරහා තවත් තිව්‍ර කරමින් පවති. අවසානයේ එම අධි – යථාර්ථවාදී තාක්ෂණික මිනිසා විසින් ම ප්‍රාතිහාර්යයක් මෙන් අපි ඉදිරිපිට ‘මුහුණුපොත් විප්ලව’ කිහිපයක් ද ප්‍රාදුර්භූත කරනු ලැබුවේ ය. අද දේශපාලන පරිණාමය පවා කරන්නේ මුහුණුපොත හරහා ය. ඒවා තුළින් විමුක්තිය වෙනුවෙන් කිසිඳු රැඩිකල් දාර්ශනික මානයක් දායාද කර නොදේ. ප්‍රති- සන්නිවේදනය කෙරෙන්නේ ව්‍යාජ සංඥා පමණ ය. බ්‍රවුන් පවසන ආකාරයට මාලිමාව අහිමි වූ විමුක්ති සංජානනය සහ බිඳවැටුණු පොරොන්දු කඳු මතින් ශිතල වූ මිනිස් හැඟිම් වෙතින් ප්‍රගතිශිලි දේශපාලන අරමුණු කරා පියනගනවා වෙනුවට අද්‍යතන වාමාංශිකයාට සිදුව තිබෙන්නේ ස්වයං විනාශය දෙසට ගමන් කිරිමය. මෙහි අර්ථය නම්, විධිමත් තැචරියානු සමාජය ගමන් කරමින් සිටින්නේ විසිවන සියවසේ මනෝරාජික දෙසට නොව ෆෙඩ්‍රික් ජෙම්සන්ගේ වචනයකින් සඳහන් කළොත් එය ‘‘යම් මනෝරාජික අතිරික්තයක්’ (Utopian supplement) අරමුණු කරගත් ෆැන්ටසි කලාපයක් වෙත ය. අසීමිත වූ නිදහස තුරුලු කරගත් වෙළෙඳ දැන්වීම්වලින් අපිට කියන්නේ මෙය යි.හොල්මන් චිතුපට, ලෝක විනාශය, අධි-තාක්ෂණික සයිබර් මිනිසා  නම් ව්‍යාජ ලෙස වෙස් ගන්වන්නේ ආශාව අහිමි ෆැන්ටසි කලාපයේ ජීවත්වෙන විසි එක්වන සියවසේ මිනිසාගේ සත්‍යය අඳෝනාව යි.

මතු සම්බන්ධයි

සාකච්ඡාව – ජයසිරි අලවත්ත

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //රාජ්‍යය ව්‍යුහය ආරක්ෂා කර ගතයුතු බවයි. මේ නිසා සිදුව තිබෙන්නේ: නිදහස් අධ්‍යාපනයෙන් බිහිව, රජයේ වැටුප් ලබන වෘත්තික පරිපාලකයෝ පිරිසක් වරප්‍රසාදිත තත්ත්වයට පත්වීම මිස ඒ ඔස්සේ විශේෂ යමක් ජනතාවට ලැබිම නොවේ//මෙන්න මේ අර්ධ සමාජවාදී නිලධාරීන් බිහි කිරමට වම සටන් කිරීම තරම් තවත් විහිළුවක් තිබේද?

Comments are closed.