අප පසුගිය සතියේ සංවාදයට ලක් කරනු ලැබුවේ අරුණ මාස්ටර්ගේ ශරීරයට සහ ආත්මයට අදාළ ඥාන ප්‍රවර්ග දෙක ගැනය. දේශපාලනයට තවදුරටත් සංවේදී අය විසින් මෙම සංවාදය තවදුරටත් විකාශය කරන ලෙස ඉල්ලා සිටින නිසා අපි අද එවැනි ප්‍රවේශයක් කරා යොමු වෙමු.
අපි පළමුවෙන් දර්ශනය සහ ප්රතිදර්ශනය (Anti – Philosophy) අතර වෙනස වටහා ගැනීමට උත්සාහ කරමු. අපි කවුරුත් දන්නව දර්ශනය කියන්නේ දැන ගැනීමට හෝ දැනුමට (Knowledge) ඇති ආලය. මෙයට සරලව කියනව ප්‍රඥාවට ඇති භක්තිය කියලා. නමුත් දර්ශනය යනු හුදෙක් දැනුමට ආලය කිරීමක් නෙවි. එය තරමක් ඊට එහාට ගමන් කරනවා. දර්ශනය කියන්නෙ ‘සැබෑව’ (Real) පිළිබඳව දැනුම අපට ලැබිය හැකිය යන විශ්වාසයයි. මේ හින්දා හැමතිස්සෙම දර්ශනය තුළ සත්‍යය (Truth) කියන චින්තන ප්‍රවර්ගය ඉතිරි වෙනවා. සත්‍යය යන වචනයේ ග්‍රීක[Greek] නිරුක්තියට අනුව එමඟින් අදහස් වෙන්නෙ සැඟවී ගිය දෙයක් යම් මොහොතක දී අනාවරණය වනු ඇත යන විශ්වාසයයි.
ප්රතිදර්ශනය යනු ‘සත්‍යය’ පිළිබඳ අදහස අතහැර දැමීමයි. ඉන් අදහස් වන්නේ කිසිදාක අපට ‘සැබෑව’ අත්විඳීමට නොහැකිය යන අදහසේ එල්බගෙන කි‍්‍රයා කිරීමයි. ඒ අනුව ප්රතිදර්ශනය යනු එක්තරා අන්දමකට ප්‍රතිකාර ක්රමයකි. දර්ශනය නිසා රෝගී වන [දාර්ශනික සත්‍යයන් හරහා] මිනිසුන්ට සහනය සලසන්නේ ප්රතිදර්ශනයයි. නීට්ෂේ සහ විට්ගන්ස්ටයින් යනු ජනප්‍රය ප්රතිදාර්ශනිකයන් යුගලකි.
නමුත් ‘සත්‍යය’ පිළිබඳ ගැටලූව අප සිතනවාට වඩා ගැඹුරුය. මේ හේතුව නිසා ලැකාන් විසින් මනෝවිශ්ලේෂණය හඳුන්වන්නේ එක්තරා ආකාරයක ප්රතිදර්ශනයක් ලෙසින් වුවත්, මනෝවිශ්ලේෂණය යනු ‘සත්‍යය’ නම් චින්තන ප්‍රවර්ගය නම් ආකාරයකට සංරක්ෂණය කරන්නකි. මනෝවිශ්ලේෂණය සහමුලින් ‘සත්‍යය’ විනාශ කරන්නේ හෝ හෙළා දකින්නේ හෝ නැත.
එක පැත්තකින් ගත් විට මිනිසා සම්බන්ධයෙන් ගත් කල [මෙය ගස් ගල්, තාරකාවලට අදාළ නැත] ‘සත්‍යය’ යනු රහසකි. එපරිදිම එය අඥාතය (Unknown) එසේ වන්නේ ඇයි? ඕනෑම මිනිස් ආත්මයක් තමා සම්බන්ධ ‘සත්‍යය’ තමා විසින්ම නිපදවයි. නමුත් එම මිනිස් ආත්මයටම එම ‘සත්‍යය’ ගැන දැනුමක් නොමැත. මේ නිසා සත්‍යය යනු මනෝවිශ්ලේෂණ අර්ථයකින් ගත් විට සවිඥානික දෙයක් නොව අවිඥානික දෙයකි. මනෝවිශ්ලේෂණය විසින් විරුද්ධාභාසී ලෙස උත්සාහ කරන්නේ මෙම ‘අඥාතත්වය’ ගැන දැනුමක් නිෂ්පාදනය කරන්නටය. මේ හේතුව නිසා සත්‍යය පිළිබඳ දැනුමක් නැති බව සැබෑය. නමුත් සත්‍යය ගැන මිනිසාට ඇති මෙම සුවිශේෂ නොදැනුම ගැන යම් ආකාරයක දැනුමක් මනෝවිශ්ලේෂණය නිපදවයි. මනෝවිශ්ලේෂණය සහ අවිඥානය සම්බන්ධයෙන් පවතින විරුද්ධාභාසය මෙම තත්ත්වයයි. මනෝවිශ්ලේෂණයට අනුව ‘කි‍්‍රයාව’ හරහා මිනිසා තමන්ගේ සැබෑව අනෙකාට විදාරණය කරයි.
පසුගිය කාලයේ අපට දකින්නට ලැබුණු විකාර සහගත උදාහරණයක් හරහා මිනිසාගේ ‘සත්‍යය’ විද්‍යමාන වන මනෝවිශ්ලේෂණ රාමුව ඔබට පැහැදිලි කළ හැකිය. එම උදාහරණයෙන් ප්‍රකාශ වූයේ ‘දර්ශනය’ නම් විෂය සහ එහි ගැඹුර [Philosophical Anthropology ] යළි යළිත් ප්‍රති ඉදිරිපත් කරන කෙනෙකුට හදිසියේ වූ ඇබැද්දියයි.
දාර්ශනික අදහස් ඉතා ගැඹුරු ආකාරයට සලකා බැලිය යුතුය යන ස්ථාවරයේ සිටි පුද්ගයෙකු හදිසි බීමත්කමක් හරහා ස්ත්‍රියකගේ පස්ස පැත්ත ප්‍රසිද්ධියේ මිරිකා දමනා ලදී. මෙමඟින් අදාළ පුද්ගලයා හරහා දාර්ශනික දැනුම ලබමින් සිටි පිරිස අන්දමන්ද විය. සියලූ දෙනා ප්‍රකාශ කළේ මෙය නම් බීමත්කම නිසා සිදු වූ අත්වැරැුද්දක් කියාය. සමහර සංකේත පියවරුන් කීවේ ඔහුට වසර දෙකක පරිවාස කාලයක් ලබා දිය යුතු බවය. දැන් ඔහු එම වසර දෙකේ පරිවාස කාලය හමාර කොට යළිත් තම දාර්ශනික දැනුම අන්‍යයාට බෙදීමට පටන් ගෙන ඇත. නමුත් මේ මෑතක දී මේ දාර්ශනිකයා තමාට අහම්බයෙන් හමු වූ FB-තරුණියකට අමුතු යෝජනාවක් කර ඇත. ඒ යෝජනාව නම්
”ඔබගේ නිරුවත් ඡුායාරූප කිහිපයක් මට ලබා ගත හැකිද?” යන්නය. නැවතත් ගැටලූව පුපුරා ගිය තැන ඔහුගේ කටින් පිට වූයේ ෆ්‍රොයිඩියානු සත්‍යයකි. ‘‘මටවත් තේරෙන්නේ නැහැ මා තුළ සිට මේ අශ්ලීල යෝජනාව කරන කෙනා කවුද කියලා. ” ඒ අවිඥානික සත්‍යයේ හැටිය.
මිනිසාගේ ‘සත්‍යය’ පිළිබඳව දර්ශනයට කිව නොහැකි ‘සත්‍යයක්’ [මේ සත්ය්ය අදාළ ආත්මයටම රහසකි] මනෝවිශ්ලේෂණයට කිව හැකිය. එබැවින් මිනිසාගේ ‘සැබෑව’ පිළිබඳ විද්‍යාව මනෝවිශ්ලේෂණයයි. ඉතා දැනුවත් ලෙස අප විවිධ දාර්ශනිකයන් පස්සේ නොයන්නේ මේ නිසාය. මන්ද දර්ශනය විසින් සත්‍යය බලයක් ලෙස සලකන (Truth as WILL To Power) නිසාත්, මනෝවිශ්ලේෂණය විසින් ‘සත්‍යය’ යනු කෙනෙකුගේ දුර්වලකමක් (Weakness) හෝ අවිද්‍යාවක් : (Ignorance) ලෙස සලකන නිසාත්ය. දාර්ශනික තලයේ මායාවන් අපව රැුගෙන යන්නේ ‘අවිද්‍යාවට’ අප තුළ ඇති අනුරාගය දෙසටය. දැන් අපට අරුණ මාස්ටර් වෙතට හැරිය හැකි පදනමක් ඇත. ඔහුට අවිඥානික සත්‍යයක් පැවතුණේ නැද්ද?