ලංකාවේ දේශපාලන සිතියම වෙනස් කරන්නට කවුරු කැමති වුවත් නැතත් දීප්ති විසින් කළ මැදිහත් වීම ඓතිහාසික කාර්ය්‍ය භාරයක් බව අවිවාදිතය. වසර 2004 දී එවකට එක්ස් කණ්ඩායමේ ඛණ්ඩනයෙන් පසු බොහෝ අය සිතුවේ දීප්ති ඉවරයි කියාය. විශේෂයෙන් නිර්මාල් රංජිත් දේවසිරි නැතිනම් එක්ස් කණ්ඩායමේ හිටපු නායකයා අද දක්වාම සිතාගෙන ඉන්නේ දීප්ති කවදා හෝ දවසක ඉවර වෙයි කියාය. නිර්මාල්ට දේශපාලනය කියා දෙයක් අදාල නැත. ඔහුට අදාල එකම දෙය දීප්තිට විරුද්ධ යමෙක් වේද සතුරාගේ සතුරා මගේ මිතුරා කී පරිදි දීප්ති විරෝධි ඕනෑම ගොන් නාමිබෙකු තමන් ගේ මිතුරෙකු සේ සලකා කටයුතු කිරීමය. වසර ගණනාවක් පුරා නිර්මාල් කෙතරම් නම් රැස්වීම් සංඛ්‍යවක මොන තරම් නම් කතා පවත්වන්නට ඇත්ද? අද දක්වා ලංකාවේ දේශපාලනය කරන කිසිම පුද්ගලයෙකු නිර්මාල් විසින් ගොඩ නගන ලද අසවල් න්‍යායික අදහස මත පදනම්ව දේශපාලන කතිකාවක් ආරම්භ කරනවා ඔබ දැක තිබෙනවාද? ගොඩක් අය සවිඥාණකව පිළිගන්නට අකමැති වුනත් අවිඥාණකව දන්නවා දීප්තිට ඇත්තටම මේ සමාජ ක්‍රමය විග්‍රහ කරන්නට තියෙන හැකියාව ගැන. හැබැයි ගොඩක් අය ආසා කරන්නේ ඒක දීප්ති ගේ අදහසක් හැටියට නෙමෙයි තමන් ගේ අදහසක් හැටියට ඉදිරිපත් කරන්නයි.
හරියට සුමිත් චාමින්ද ඒ දවස් වල ලන්ඩන් සගරාවට ලියන ලිපියම තමන්ගේ උපාධි නිබන්ධනයටත් පාවිච්චි කරනවා. ඒ මොකද මේ ගොඩක් අයට දේශපාලනය ගැන තිබුනේ හරිම සිගිති ආතල් එකක්. ඒක අද වන විට 2004 ඒකාධිපති ෆැසිස්ටිවාදී දීප්ති ගේ පාලනයෙන් ගැලවිලා නිදහස සොයා ගිය වාමාංශිකයන් රංචුව කරන කියන දේවල් දැකපුවහම තේරුම් ගන්න පුලුවන්. මේ වෙන විටත් සුමිත් අප සමග දේශපාලනිකව සම්බන්ධ වී සිටිය නම් සුමිත්ට සමහර විට ගොඩක් දේශපාලනික චරිතයක් වෙන්න ඉඩ තිබුනා. හැබැයි ඒක ආතල් වැඩක් නෙමෙයි. සරලව කියනවා නම් අමු කටිටක්. හැබැයි ඒ කට්ට පෞද්ගලික ලාභ ප්‍රයෝජනය තකා නෙමෙයි සමාජ අරමුණක් වෙනුවෙන් කරන සාමුහික අරගලයක් වෙනුවෙන් කරන දෙයක්. ඒක නිසා අපිට සිගිති ආතල් ගන්න අමාරුයි. ඒ වුනාට නිදහස සොයා ගිය සුමිත්ට දැන් පුලුවන් ගෑණු තමන්ට කැමති ගාණක් බදාගෙන අන්තර්ජාලයේ පළ කරන්න. මොකද එයා තව දුරටත් විප්ලවාදී පක්ෂක කාඩර්වරයෙක් නෙමෙයි. නිදහස් මනුසයෙක්. ඒ නිසා එයාට අන්තෝනියෝ ග්‍රම්ච් ගැන කතා කරන ගමන් තමන්ට වඩා ගොඩක් බාල මොඩ් කෙල්ලක් එක්ක අත් අල්ලගෙන විහාර මහදේවි පාර්ක් එකේ ඇවිදින්න පුලුවන්. නිර්මාල් වගේ කෙනෙක්ට අධ්‍යපනයේ ඉදන් ඕල්කට් බුදු දහමට එනකම් ඕනම දෙයක් ගැන කතා කරන්න පුලුවන්. ඒක කාටවත් වැදගත් නැහැ. හැබැයි නිකමට හරි දීප්තිට හයියෙන් පඩයක් ගියත් ඇයි තවමත් ගොඩක් අය ක්ලේමෝ බෝම්බයක් පිපුරුනා වගේ කළබල වෙන්නේ? නිර්මාල් දෙමලා ගේ ප්‍රශ්ණය ගැන ලිපි මාලාවක් ලියා ගෙන ලියා ගෙන ගියා මොකක්ද ඒකෙන් අන්තිමට සිද්ධ වුනේ? ඇත්තටම නිර්මාල් වැරදිලා එක්ස් කණ්ඩායමට සම්බන්ධ වෙලා දීප්තිව හදුන නොගත්තා නම් නිර්මාල් මොන වගේ කෙනෙක් වෙයිද? ( මේ ගැන අවබෝධයක් ගන්න අවශ්‍ය කෙනෙක්ට Blind Chance (1987) චිත්‍රපටිය බලන්න පුලුවන්)
ගොඩක් දෙනෙක්ට ගලගොඩ අත්තේ ඥාණසාර කියන සාධකයට අර්ථකථනයක් දෙන්න බැරි වෙලයි හිටියේ. ඒ නිසා ඒ ගැන එක එක විකාර කියවන්න පටන් ගත්තා. පසුගිය දා දීප්ති විසින් මහජන පුස්තකාලයේ දී කරපු මැයි දින දේශනයේ දී ගලගොඩ අත්තේ ඥාණසාර කියන්නේ කවුද කියන එක හරියටම පැහැදිලි කලා. ඥාණසාර සහ ගෝඨාභය අතර ඇති සම්බන්ධය සහ ඥාණසාර කියන්නේ මේ සිස්ටම් එකෙනේ හදපු කෙනෙක් කියන එක දීප්ති පැහැදිලි කලා. ඒ වෙනකම් ගොඩක් අයට තේරුම් ගන්න බැරි උභතෝකෝටිකයක් වෙලා හිටපු ඥාණසාර ගැන දීප්ති නිසා අලුත් නිර්වචනයක් හම්බ වුනා. දැන් ඒක දීප්තිට අයිති දෙයක් නෙමෙයි. දැන් ඒක අයිති සමාජයට. ඒ නිසා ඒ අදහස ඔස්සේ කැමති කෙනෙක්ට දැන් ඒ ගැන කතා කරන්න පුලුවන්. අලුත් අර්ථකතන දෙන්න පුලුවන්. හැමදාම දීප්ති තමන්ගේ පෞද්ගලික ජීවිතයට වඩා සමාජ ජීවිතය වෙනුවෙන් වැඩ කරපු සහ තවමත් වැඩ කරන කෙනෙක් නිසා ( ඔන්න දැන් දීප්තිගෙ ආගිය කතා මුල ඉදන් අගට ලියන්න කැමති අයට ලියලා දීප්තිව ඉවරයක් කරන්න උත්තසහයක් ගන්න පුලුවන්) ඒ එයා කරපු සහ කරන හැම වැඩක්ම අයිති එයාගේ පවුලට නෙමෙයි සමාජයට.
මේ ගැන කෙටියෙන් මට ලියන්න හිතුනේ මේ දවස් වල අන්තර්ජාලයේ තියෙන ඥාණසාර මහින්ද ගේ මල්ලිද කියන අලුත් විඩියෝ එකක් දැකලයි. ඒ විඩියෝවේ අන්තර්ගතය හෝ ඒ විඩියෝව හොදද නරකද දේශපාලනිකද නැද්ද කියන එක පැත්තකට දාලා මට කියන්න අවශ්‍ය වෙන්නේ මේ සමාජයට තවමත් දීප්ති විසින් කියන දේවල් කොයිතරම් නම් බලපානවද කියන එක මතක් කරන්නයි. අනිත් අතට මේ වීඩියෝ එකට නිර්මාල් ඇතුලු 2004 වෙන්වෙලා ගිය ගොඩක් අය ලයික් කරලා තිබුනා. හොද වෙලාවට අවිඥාණය කියන්නේ මොකක්ද කියන එක දැනගෙන හිටපු නිසා ඒ ගැන ලොකු අවුලක් දැනුනේ නැහැ. ලංකාවේ ගොඩක් අය ආසා කරන්නේ ඉංග්‍රිසි චිත්‍රපට කොපි කරලා හදන හින්දි චිත්‍රපට බලන්න නිසා අපේ රටේ විඥාණය ගැන අලුතින් හිතන්න අවශ්‍ය නැහැ. පහත සබැදියාවෙන් ඥාණසාර ගැන නිර්මාල් ආසා කරන නන්නාදුනන තරුණයන් දෙදෙනෙකු විසින් කළ වීඩියෝව නරඹන්න.
[media url=”https://www.youtube.com/watch?v=jwuUZEdBBqQ” width=”600″ height=”400″]
අදහස් වලට අයිතිකාරයො ඉන්න පුලුවනිද? ඒවා වැට මායිම් ගහලා වෙන් කරන්න පුලුවනිද? අනේ මන්දා.
මේ වගේම අදහස් මමත් මීට අවුරුදු ගානකට පෙර මගේ බ්ලොග් එකේ ලියල තියනවා. නමුත් කවුරුත් ඒවා අස්සෙ මහා දෙයක් තියෙනවා කියල හිතුවෙ නැහැ.
මගේ අදහස වුනේ දේශපාලනයේදී ප්‍රජාවට සතුරන් ඇතිකරගැනීම සහ ඇතිකරගත් සතුරාට පහරදීම මේ ලෝකෙට හඳුන්වාදෙන්නෙ සිංහල බෞද්ධයා හෝ මහින්ද රාජපක්ෂ නෙමෙයි. ඕකම ඇමරිකාවෙදි සිද්ද වෙන්නෙ ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයවිදියට. එතනදි අමරිකානු ජනතාව රජයත් ජනාධිපතිවරයාත් කෙරෙහි පක්ෂපාතීව තබාගන්න මුස්ලිම් රටවල් වලට ඇමරිකාව පහරදෙනවා. ඒ පහරදීම හුදෙක් ආර්ථික ලාබයක් පිණිස කරන දෙයක් නෙමෙයි. ඇමරිකාව ස්ථාවරව තබාගන්න නම් නම් ඇමරකානු ජනතාවට පොදු ත්‍රස්ථවාදින් සහ එයට එරෙහි යුද්ධයක් තිබෙන්න ඕනි කියලා ඒ කාලෙ දේශපාලනය කරපු ඇමරිකානුවන් තීරණය කලා. ඇෆ්ඝනිස්ථානයේ ඉරාකයේ සිටින්නෙ මිනිස්සු නෙමෙයි ඒ අය මුස්ලිම් අන්තවාදීන් හෝ ත්‍රස්ථවාදීන් කියලා ලේබල් කරලා මරලා දැම්මේ මහා ලොකු අලගෙඩියක් වෙනුවෙන් නෙමයි. මිනිසුසුනගේ මානසික සතුට වෙනුවෙන්..
දැන් ඔය අදහස මට ඇතිවුනේ දීප්ති කියෙව්වට පස්සෙද? එහෙම නැත්තං නිර්මාල් කි්වට පස්සෙද? එහෙමත ්නැත්තං ජිජැක්ගේ පොත කියෙව්වට පස්සෙද?
එකම අදහස තැන් දෙක තුනකදි විවිධ ස්වරූපයන්ගෙන් පැන නගින්න හැකියාව තිබෙනවා. එතෙන්දි අපි නිහතමානී විය යුතුයි අදහස් ඇතිවිය හැක්කේ මහා දාර්ශනිකයින්ට පමණක් නොවන බවට. නමුත් අවාසනාවට ලංකාවෙ දි වටිනා අදහස් වලටත් ඔප්පු තිරප්පු පහල වෙනවා. ඒවා දෙසන දෙයියො පහලවෙනවා.
කස්ටියක් නිර්මාල් සාදු ලග, කස්ටියක් දීප්ති සාදු ලග..තව අය වෙන වෙන සාදුලා ලග වාඩිවෙල බණ අහගෙන සාදුකාර දෙනවා.
අදහස් වලට අයිතිකාරයො ඉන්න පුලුවනිද?
Yes. Plato’s idea , Aristotle’s form , Marx’s commodity as religion….
But in sri lanka we do not know who is behind ideas.
දීප්ති සහ නිර්මාල් අතර පවතින වඩාත් හොඳ දාර්ශනික ස්වාමියා කවුද යන ප්‍රශ්නය සහ ඔවුන්ගේ ගෝලයන් අතර පවතින වඩාත් හොද ගුරු කුලය කුමක්ද යන ප්‍රශ්නය අපට අදාල නොවේ. දීප්ති මේතාක් ගෙනාපු මතවාද අපට කිසිම බලපෑමක් කලේ නෑ කියන්න තරම් අපි කුහකයොත් නෙවෙයි. හැබැයි ඔය ගොඩනගන්න උත්සාහ කරන තර්කය හරි ගොං. දීප්තිගෙ මැයි දින දේශනයට කලින් අපි මේ වීඩියෝව කලේ. ඒවාගෙම අපේ ”ඥාණසාර කවුද? ” කියන පලමුවන වීඩියෝව නිකුත් කලේ ඔය දේශනයට සති දෙකකට කලින්. ඒකෙදි අපි පැහැදිලිව පෙන්වා දුන්නා ඥාණසාරව නිර්මාණය කරන්නෙ සමාජය කියලා. ඊට සති දෙකකට පස්සේ දීප්ති ඒකම දේශනයක කිවුවාම අපිටත් උඩ පනින්න තිබුනනෙ ඔය විදිහටම…(නන්නාදුනන තරුණයො දෙදෙනෙක්, දීප්තිව කොපි කලා කියනවාට වඩා දීප්ති, නන්නාදුනන තරුණයො දෙදෙනෙක්ව කොපි කලා කියන එකේ වැඩි වටිනාකමකුත් තියෙනවා) අනික නාදුනන තරුණයො දෙන්නෙක්ගෙ වීඩියෝවකට දීප්තිගේ trademark එක ගැටගහන්න ඔය තරම් උත්සාහ ගන්නේ ඇයි? ඒකෙන්ම ලිපිය මුලදි කරන දීප්ති වරුණාව හෙන බොලඳ එකක් බවට පත්වෙනවා. වීඩියෝ එකට නිර්මාල් සහ ඔහුගේ ගෝල බාල පිරිස වැඩිපුර ලයික් කිරීම අපට අදාල ප්‍රශ්නයක් නොවේ. ඒ අපිට ඔහු සමග ඇරියස් නැති නිසා. එය ප්‍රශ්නයක් නම්, දීප්තිට හා පිරිසට ද වීඩියෝවට වැඩිපුර ලයික් දමා වැඩේ බැලන්ස් කරගත හැක.
ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි අපේ රාජ්ජේ…
රාජ්‍ය සිතනවා කඳු ගැන…ඒත් ඒ කඳු රාජ්‍යයේ සීමාවෙන් සිතනවාද කියන එකත් ප්‍රශ්නයක්…ඒ විදියට ගත්තහම ඔය වර්ගයේ සිතීම් වල සීමාව හරිම සීමාකාරීයි…බොහෝ වෙලාවට කඳු නාය ගිහින් රාජ්‍යයන් වැනසී යනවා..මේවා ගැන හිතන්න රාජ්‍යයන් දන්නේ භූ- විද්‍යාවෙන් පමණයි..ඒත් ඒ නාය යන පස් ගොඩ රාජ්‍යයේ පවුරු වල ගැටෙන එක ඔය සිතීමෙන් තොරව ගත් විට කුමක් වෙයිද ? ඒ නිසා සරලව ගත්තොත් මේ දීප්ති වර්ණාව එයාගේ න්‍යායික ශ්‍රමයේ අතුරු ප්‍රතිඵලය වෙනවා..ඒ නිසා අතුරු ප්‍රතිඵලය නිර්වචනය වෙන තත්වයක් ලෙස ”දීප්ති විසින් නානසාරව අර්ථ කතනය කරන්න කලින් නන්නාදුදන දෙදෙනෙක් විසින් ඒ ගැන නිර්වචනය කර ඇත යන තහවුරුගත සාධකය”අභිමුඛ වීම බැහැර කල නොහැක .ඒ නිසා මෙතැන් සිට, කිසියම් අදහසක මුල්ම ජන ගත වීම පිලිබඳ සතුට දීප්තිගේ ගිණුමට බැර කරන අනුගාමික වතාවත් තාක්ෂණය නිසා වඩ වඩාත් සතුටු වන පිරිස වන්නේ පෙරටුගාමි පක්ෂය ගැන විවේචනාර්තයෙන් බලන පිරිස බව නිරීක්ෂණය කල හැක..
දීප්ති කියන්නෙ ලංකාවෙ සමාජයට පොරක්, ඒකෙ ඔප්පු කරන්න දෙයක් නෑ. ලංකාවේ දේශපාලන සිතියම වෙනස් කරන්න දීප්ති විසින් කළ මැදිහත් වීම ඓතිහාසික කාර්ය්‍ය භාරයක් බව අවිවාදිතයි. ඒත්,
//ගොඩක් දෙනෙක්ට ගලගොඩ අත්තේ ඥාණසාර කියන සාධකයට අර්ථකථනයක් දෙන්න බැරි වෙලයි හිටියේ. ඒ නිසා ඒ ගැන එක එක විකාර කියවන්න පටන් ගත්තා. පසුගිය දා දීප්ති විසින් මහජන පුස්තකාලයේ දී කරපු මැයි දින දේශනයේ දී ගලගොඩ අත්තේ ඥාණසාර කියන්නේ කවුද කියන එක හරියටම පැහැදිලි කලා. ඥාණසාර සහ ගෝඨාභය අතර ඇති සම්බන්ධය සහ ඥාණසාර කියන්නේ මේ සිස්ටම් එකෙනේ හදපු කෙනෙක් කියන එක දීප්ති පැහැදිලි කලා. ඒ වෙනකම් ගොඩක් අයට තේරුම් ගන්න බැරි උභතෝකෝටිකයක් වෙලා හිටපු ඥාණසාර ගැන දීප්ති නිසා අලුත් නිර්වචනයක් හම්බ වුනා. //
මේක ඔබේ මතයක්, ඒක හරි හෝ වැරදි වෙන්නෙ පුද්ගලානුරූපීයව, සාපේක්ෂව. ඔබට අනුව හරි දෙයක් තව කෙනෙකුට විකාරයක් වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න.
මේ අදහස් සමස්ථයක් විදියට ගත්තොත් දීප්තිල අවුරුදු ගානක් මහන්සි වෙලා සමාජය තේරුම් කරන්න, වෙනස් කරන්න ගෙනාපු මතයන්. උදාහරණයක් විදියට මේ වීඩියෝව පටන් ගන්නෙ බාහිර සතුරෙක් වටා සමාජය ගැටගැහිල තියෙන ආකාරය පෙන්නල. ඒ අදහස් මම මුලින්ම ඇහුවෙ ත්‍රිමාණ සඟරාවට රුවන් කුමාර කරපු වීඩියෝ එකකින්. ඒකෙ රුවන් කුමාර කතා කරෙ “විනෝද සමාජය” කියන සංකල්පය ගැන. ඊළඟට බලපුවම ඒ අදහසෙ මුල් අයිතිකාරය ෆෙඩ්‍රික් ජෙම්සන්. ඒක ඒ වීඩියෝ එකේදි කියනව.
ඒ අනුව බලපුවම මේ අය පශ්චාත් නූතන වාදීන් කියල කියන්න පුළුවන් මම හරියට තේරුම් අරන් තියෙනවනම්; නැත්තම් මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනව.
Comments are closed.