[dropcap color=”yellow”]ඔ[/dropcap]බ මේ පහත වීඩියෝවෙන් නරඹන්නේ මහා පරිමාණයෙන් වානිජ අරමුණු සදහා සත්ව ඝාතනය සිදු කරන ආකාරයයි. සත්ව ඝාතනය මෙහිදී කාර්මීකරණය කර ඇත. ලාභය අරමුණු කරගත් සමාජයක යාන්ත්‍රිකව සතුන් ඝාතනය කිරීම ගැන ආධ්‍යාත්මික උත්තරයක් අපට දීමට නැත.

වෝල්ටන් බෙන්ජිමින් විසින් යුද්ධයේ දී සාමුහික වශයෙන් මිනිසුන් ඝාතනය කිරීම සලකන්නේ සෞන්දර්ය ක්‍රියාවලියක් ලෙසිනි. මිනිසාගේ විනාශය මිනිසා විසින්ම සෞන්දර්යකරණය කරනු ලබන්නේ යුද්ධය හරහාය. කුකුලන් සහ හරකුන් යන්ත්‍රාණුසාරයෙන් ඝාතනය කරන ආකාරයට සාමාන්‍ය ලෙස මිනිසුන් යුද්ධයේ දී ඝාතනය කරන්නේ මල්ටි බැරල් රොකට්,ගුවනින් හෙලන අධිබලැති බෝම්බ,කාල තුවක්කු මගිනි. ජර්මානු නාසිවාදයේ උච්චතම අවස්ථාවේ දී යුදෙව්වන් ඝාතනය කිරීම කරන ලද්දේ මහා පරිමාණයෙනි. මාර්ටින් හෛඩගර් නම් ජර්මානු දාර්ශනිකායට අනුව මහා පරිමාණයේ ඝාතනය යනු තාක්ෂණික ලෝකයේ උච්චතම වර්ධනයයි. මහා පර්මානයෙන්  මිනිසුන්ට මරණය අත්පත්කර දෙන කර්මාන්ත ශාලව වනාහි ජාතිවාදයයි.

හනා අරන්ඩේට අනුව ඇඩෝල්ෆ් අයික්මාන් නම් නාසි ඝාතකයා යනු ඉහළින් එන නියෝග ඉටු කළ නිළධාරියෙක් පමණි. අරන්ඩේට අනුව ඔහු බුද්ධිමත්,වැදගත්,ඉතාම සාමාන්‍ය මිනිහෙකි. එසේ නම් එවන් වැදගත් මිනිසුන් පවා ඝාතනය මගින් සතුටු වෙනවද?නැද්ද? යන ප්‍රශ්ණයට අරෙන්ඩේට උත්තරයක් නැත.

සතුන් මරනවා බලාසිටීමට පසු අප තුළ යම් අනුකම්පාවක් ඇති වෙයි. සතුන් මරනවා දැකීමෙන් සතුටු නොවන්නෙකු නැති තත්ත්වයක් තුළ ඒ ගැන පසුතැවිලිවන්‍නෙකු සිටිය හැකිද?  සතුන් මරණ කෙනා ඉන් සතුටක් ලබන පරිදිම අපිත් ඉන් සතුටක් ලබන්නෙමු. කම්පා වන්නන් කල්පනා කළ යුතු වන්නේ එයයි. අප සගවන්නේ ඉන් අප ලබන සතුටයි. සතුන් මැරීම අපේ අවිඥාණක ආශාවකි. සත්ත්ව මාංශ අනුභව කිරීම සමාජ-විද්‍යා සහ ආර්ථික විද්‍යා කටයුත්තකි. මෙම ක්ෂේත්‍ර දෙක බොහෝ දෙනාට පැටලෙයි.

 Click here :- මාංශ පිණිස සතුන් මහා පරිමාණයේ ඝාතනය කරනු ලබන වීඩියෝව බලන්න

 

ඔබේ අදහස කියන්න...