[dropcap color=”green”]කා[/dropcap]ර්ගීල්ස් ෆුඞ් සිටි ආයතනය විසින් කල් ඉකුත් වු සහල් විකිණීම පිළිබඳව එල්ල වී තිබූ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොහුවල සුපිරි වෙළඳසල් නියෝජිතවරියට රුපියල් 25,000 ක දඩයක් නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අජිත්. එම්. මාරසිංහ මහතා නියම කර තිබේ. පාරිභෝගික අධිකාරිය මඟින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ටේ‍්‍රඞ් ලංකා ඇග‍්‍රිකල්චරල් එන්ටප‍්‍රයිසස් හි 2013 අපේ‍්‍රල් මස 04 නිෂ්පාදන කළ දිනය වන  ‘ආරිය’ සූදුරු සම්බා විකිණිමට තිබු බවටයි.

සුපිරි වෙළෙද සැල් වලට යන මධ්‍යම පාන්තිකයන්ට මේ වෙළෙද සැල් මගින් අතිරික්ත විනෝදයක් ලබා දෙන නිසා මේ ආයතන වල විකුණන බඩු වල ප්‍රමිතිය සහ ප්‍රමාණය සම්බන්ධයෙන් බොහෝ අයට පූර්ව විනිශ්චයක් තිබේ. එහෙත් ඇතැමි අවස්ථාවන් වල මේ ආයතන වල භාණ්ඩ වල ප්‍රමිතය සහ ප්‍රමාණය පිළිබදව කිසිවකුත් සැළකිල්ලක් නොදක් වන්නේ මේ ආයතන කියන්නේ පාරිභෝගික භාණ්ඩ විකුණන ආයතනයකට වඩා වැඩි යමක් ඇතැයි සිතන ආගමික සිද්ධස්ථාන යැයි බොහෝ මධ්‍යම පාන්තිකයන් ෆැන්ටසිකරණය කරන බැවිනි. තමන් ජීවත් වන ධනවාදී සමාජ ක්‍රමය තුළ සමාගම් විසින් තම ලාභය උපරිමය කර ගන්නට කටයුතු කරනවා හැර මේ සමාගම් වලට මනුෂ්‍යත්වය පිළිබද නිර්ණායකයන් නැත. මේ ආයතන වලට අපේකම,ගමේ කම,මනුස්සකම ගැන නිර්ණායකයන් ලබා දෙන්නේ වෙළෙද දැන්වීම් නිර්මාණ ආයතන වල ස්ටෙලා නිර්මානකරුවන් විසිනි. මේ ආයතන වල සිටින ක්‍රියේට්ව් ඩිරෙක්ටර්ලා කියන්නේ බොහෝ විට ගමේ වෙල් එළියේ ක්‍රිකට් ගසා කොළඹ ඇවිත් නිර්මාණකරුවන් බවට පත් වූවන්ය. ස්ටෙලා නම් එසේ නොවේ

මේ නිසා මේ වගේ සුපිරි වෙළෙද සැල් කියන්නේ අද වන විට ගෙදර යන ගමන් ඕනෑම අයෙකුට තමන්ට කැමති දෙයක් මිලට ගන්නට තිබෙන මිහිබට පුකට් පාරාදීසයන්ය. මේ නිසා බොහෝ විට මේ වගේ ආයතන තුළ පාරිභෝගිකයන් යැයි කියන මාධ්‍යම පාන්තිකයන් හැසිරෙන්නේ තමන් දේවභක්තිකයන් යැයි සිතාගෙනය.(පාරිභෝගිකයා දෙවියාය, පාරිභෝගිකයා රජුය වැනි සංකල්ප නිර්මාණය කරන්නේ ඉන්දියාවේ මහත්මා ගාන්ධ්ලාය. ) මේ වගේ ආයතනයකින් බිත්තර මිළට ගනු ලබන පාරිභෝගිකයෙකු කල්පනා කරන එකම සත්‍ය වන්නේ මේ බිත්තර කියන්නේ තමන්ට මිලට ගන්නටම කිකිළියන් විසින් දමන ලද ඒවා බවයි. මේ අයට නොපෙනෙන යථාර්ථය වන්නේ ගොවිපලේ සිට ඉහළ ප්‍රමිතියකින් යුතුව පිරිසිදු බිත්තර මේ අයට ලබා දීම දක්වා සංකීර්ණ ක්‍රියාදාමක් ඇති බවයි. ඒ ක්‍රියාදාමය තුළ මිනිස් ශ්‍රමය ඉතා අඩු මුදලට සමාගමේ ලාභ රේට්ටුව වැඩි කිරීම උදෙසා භාවිතයට ගැනෙන අතර ශ්‍රමයට ගෙවන අතිරික්ත ලාභය භුක්ති විදින්නේ ගොවිපළ හිමියා නොව මෙවැනි ආයතන වල හිමිකරුවාය. මේ දක්වා වූ සංකීර්ණ ක්‍රියාදාමයක් පසු පස මිනිස් ජීවිතය මුහුණ දෙන අති සංකීර්ණ ගැටලු විදුලි පහන් ආලෝකය තුළ වායුසමීකරණය නිසා ගත ශීතල වී සිටින පාරිභොගිකයා නොදන්නා අතර ඔහු සුළු මුදලක් වියදම් කර මේ ආයතන වෙනුවෙන් දෛනික කුලී පදනම මත සිය ශ්‍රමය විකුණන කම්කරුවන් ( මේ අය තමන් කම්කරුවන් බව පවා නොදන්නා අතර ඇතැම් අය තමන් හැද සිටින ආයතනයේ නම ඇති ඇදුම නිසා අතිරික්තව ප්‍රමෝදයක් ලබන අතර ඇතැමි අය ටයි පටි පැළද තමන් වැදගත් කළමණාකරණ මහත්වරුන් යැයි අනික් අයට පෙන්වන්නට උත්සහ කරයි.) හට පාටි දමයි. ‍

මේ වගේ සුපිරි වෙළෙද සැල් වල සේවය කරන පහළ මැද පන්තියේ මිනිසුන් දෛනිකව විශාල අතිරික්ත පෝෂණ ආහාර ගබඩාවක් තුළ රැදී සිට නිවසට ගොස් පෝෂණයෙන් තොර සෝයා  ආහාරයක් ගෙන සැනසීමට පත් වෙයි.

මෙවැනි ආයතනයක ඇති මිල දර්ශනකයේ සදහන් මිළ සහ බිලට වැටෙන මිල අතර ඇති පරතරය බොහෝ අයට අවබෝධ වන්නේ නැත. උදාහරණයක් ලෙස තමන් මිළට ගන්නා පැකට් කරන ලද සීනි කිලෝව නිවසට ගොස් යළි කිරා බලන විට ඇත්තටම එහි ග්‍රෑම් 1000ක් වෙනුනට තිබෙන්නේ ග්‍රෑම් 980ක් වන්නට පුලුවන. ඒත් අමතර ග්‍රෑම් 20කට වඩා තමන් විදින උත්කර්ශවත් විනෝදය මිළ වැඩි නිසා බොහෝ දෙනෙක් මේ ගැන වැඩි දුර කල්පනා නොකරයි. ඒත් ග්‍රෑම් 20 බැගින් සීනි කිලෝ ලක්ෂයකින් සමාගම ලබන අතිරික්ත ලාභය ග්‍රෑම් විසි ලක්ෂයකි. මෙය සීනි වලට පමණක් නොව තවත් පාරිභෝගික භාණ්ඩ ගණනාවකට අදාලය.

ධනාවදය දිගින් දිගටම ලාභය අරමුණ කරගෙන පමණක් ක්‍රියා කරනවා යන්නෙහි සරළ තේරුම මෙයයි. ධනපති පංතිය සිය ලාභය වැඩි කර ගන්නා අතරේ පහළ පංන්තියට මන්දපෝෂණයට මුහුණ දෙන්නට සිදු වීම අහම්බයක් යැයි තව දුරටත් සිතන්නේ ද? ඒ අව් අස්සේ ලාල් කාන්ත අමුඩයක් ගසාගෙන කොළඹ ආ විට ලැජ්ජා වන්නේ කවුද?

1477545_628623593869476_1001392095_n

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අමුඩ ගහපු කන්ඩායමේ ඉදිරියෙන්ම යන කන්නාඩි සහිත මනුෂ්‍යයා කන්නාඩි කූට්ටම ඇති නිසා අමුතු ලක්ෂණකින් පෙනේ.

Comments are closed.