[dropcap color=”red”]ප[/dropcap]සුගිය දිනවල වෛද්‍යවරුන් පිරිසක් විසින්  සිය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්  වැඩ වර්ජනයක් දියත් කරන ලදි. ඒ වැඩ වර්ජනයට එරෙහිව නීතිඥයන් පිරිසකගේ මෙහෙයවීම මත රෝගීන් පිරිසක් සහ තවත් අය විසින් අධිකරණයෙන් මේ වර්ජනය තහනම් කරමින් වාරණ නියෝගයක් ගනු ලැබීය. ඒත් වෛද්‍යවරුන් පවසා සිටියේ තමන්ට වාරණ නියෝගය නීත්‍යයානුකූලව නොලැබුන නිසා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. පසුව තත්ත්වය සන්සුන් විය. නමුත් මේ සිදුවීම අපට හිතන්නට කාරණා සමුදායක් ඉතිරි කර ඇත.

වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ රජයේ රෝහල් වල ඔවුන්ට පැවරී ඇති වෘතීමය වගකීම් වලින් මුළුමනින්ම ඉවත් වීමයි. ඒ අනුව ඔවුන් බිල්ලට තබන්නේ පහළ පංතියේ අහිංසක අසරණ දුප්පත් ජනතාවගේ ජීවිතයි. නමුත් ඔවුන් තම පෞද්ගලික ඩිස්පැන්සරි වල සහ පෞද්ගලික රෝහල් වල සේවය වර්ජනය කරන්නේ නැත. ඒ අනුව රජයේ රෝහල් වල වර්ජනය කල් යන්න කල් යන්න මේ වෛද්‍යවරුන්ට තම පෞද්ගලික ආදායම් වැඩිකර ගැනීමේ අතිරේක අවස්ථාවක් හිමිවේ. සාමාන්‍යෙයන් පෞද්ගලික අංශයේ කම්කරුවන් පිරිසක් වර්ජනයකට මුලපිරීම හරහා ස්වාමියාට සේම සේවකයාටත් යම් අවධානමකට මුහුණ දෙන්නට සිදු වෙයි. මේ නිසා දෙපාර්ශවයම සිය කොන්දේසි ඉදිරිපත් කරන්නේ වඩාත් නම්‍යශීලීවය. ඒත් වෛද්‍යවරුන් වැනි වරප්‍රසාදීත වෘත්තිකයන් ගේ වර්ජනයක් නිසා අපහසුතාවයට පත් වන්නේ පුරවැසියන් මිස වෘත්තිකයන් නොවේ. ඒ නිසා වර්ජනය කල් යන්න යන්න එක් පාර්ශවයක් සම්පූර්ණයෙන් අසාධාරණයට ලක් වන අතර අනෙක් පාර්ශවය වරප්‍රසාදිත තත්ත්වයට පත්වෙයි. සාමාන්‍යෙයන් ජනතාවගේ බදු මුදලින් එක් වෛද්‍යවරයෙකුට අධ්‍යපනය ලබා දී පුහුණු කර වෛද්‍යවරයෙක් බවට පත් කරවන්නට රජය විසින් වියදම් කරන අවම මුදල රුපියල් ලක්ෂ පනහකට වඩා වැඩිය. ඒත් ජනතාවගේ බදු මුදලින් උගෙන වෛද්‍යවරුන් වූවාට පසු මේ මැට්ටන් සහ බයියන් හිතන්නේ එය තමන්ට ලැබුනේ පෙර පිනක් නිසා බවයි. පෙර ආත්මයේ කළ පිං වල ආනුභාවයෙන් තමන්ට දොස්තර මහත්තයෙක් හෝ නෝනා කෙනෙක් වන්නට පුලුවන් වුන නිසා හිටි අඩියේ ගමේ ඇසිලින් අක්කා ගේ දුව මධ්‍යම පාන්තික නෝනා කෙනෙක් බවට රූපාන්තරණය වී තමන්ට ඉගෙන ගන්නට මුදල් වියදම් කරන්නට පාන් රාත්තලයක් ගෙන ආණ්ඩුවට බදු ගෙවූ සිරිපාලට පාට් දමයි. මේ වගේ මැට්ටන්ට ග්ලැක්සෝ සමාගමෙන් වාර්ෂිකව විදෙස් සංචාරයක් සහ මෝටර් රථයක් තෑගි දුන් විට රෝගීන්ට හෙණ ගැහුවත් කමක් නැහැ යැයි කියා ඖෂධ සමාගම් පෝෂණය කරන්නට නැති ලෙඩ ඇති බව කියමින් රෝගීන්ට බලහත්කාරයෙන් ඖෂධ මිලට ගන්න යැයි බලපෑම් කරයි.

මේ වගේ මැට්ටන්ගේ වර්ජනයකට එරෙහිව වරණ නියෝගයක් ලබා ගත් නීතිඥයන් යනු ඊටත් වඩා මැට්ටන්ය. මන්ද යත් තමන් විසින් ලබා ගත් වාරණ නියෝගය නියමිත ආකාරයෙන් වර්ජනයේ නිරත වූවන්ට බාරදීමට මේ අය කටයුතු කලේ නැත. එසේ කලේ නම් අධිකරණ නියෝගයට පිටින් වෛද්‍යවරුන් කටයුතු කළා යැයි කියා ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටත් නඩු පවරන්නට අවස්ථාවක් තිබුනි. ඒත් අවසානයේ වාරණ නියෝගය ලබා ගත් පසුත් රෝගීන්ට මිය ඇදෙන්නට සිදු විය. රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්නේ නූගත් මෝඩ දුප්පත් ගැමියන් නිසා ඔවුන් මිය ගියාට කමක් නැත. අඩුම තරමේ ඔවුන් මිනිසුන් ලෙස සිතන්නටවත් අවශ්‍ය නැත.

 

ඔබේ අදහස කියන්න...

24 COMMENTS

  1. සම්පුර්ණ ඇත්ත. මේක නිසාම වෙද සිසුන්ගේ උද්ඝෝෂණ වලට සහයෝගය දෙන්න වත් හිතෙන්නේ නැහැ. දොස්ටරවරු වුනාට පස්සේ මුන් මිනිස්සුන්ට සලකන්නේ ඉන්දියාවේ කුල හිනයන්ට සලකනාවටත් අන්ත විධිහට.

  2. මෙම ලිපිය එක පාර්ශවික ද්වෙශ සහගත එකකි.
    වෛද්යවරුන් කියන්නෙත් වෘතිකයන් පිරිසක් බව මුලින් තෙරුම් ගත යුතුය. එනයින් වැඩ වර්ජන යනු අයිතිවසිකමකි. ඔවුන්ගෙ අයිතිවසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඔවුන්මය. නැතුව ඔවුන් වෙනුවෙන් හෙදියන්ට හෝ පොලීසියට හෝ කළකරුවන්ට පෙනිය සිට්ය නොහැක. අනෙක ඔවුන් එසේ කරනුයෙ හිතු මතයෙ නොවේ. මුලිකවම පාළකයන් දනුවත් කරුනු ඇත, ඉන් පසුව සධරණ කාළයක් ලබා දෙනු ඇත. එසේ තිබියදීත් පාළකයන් කල් මරන විට අවසන් විකල්පය ලෙස වැඩ වැරුම අසධරණ නොවේ යයි සිතමි.
    මෙහිදී වෛද්‍යවරුන් කරණ යම් ක්‍රියා මාර්ගයක් මිනිසුන්ට දැනෙන්නේ ඔවුන්ගෙ සෙවය වඩා මිනිසුන්ට සංවෙදී නිසා වෙනි. නමුත් ඉතිහසයෙ කිසි දිනෙක වෛද්‍ය වැඩ වරුමක් නිසා කිසිදු ජීවිතයක් හානි වී නොමැත. මන්ද එ සැම අවස්තාවකදීම අත්‍යවශ්‍ය සෙවා අඛණ්ඩව පවත්වා ගෙන යන නිස වෙනි.
    අනෙක් කරුණ නම් ඔඹ සදහන් කරන පරිදි වෛද්‍ය වරයෙක් නිර්මණ්යට මිලියන 5 ක් වැය වනව යයි ක්කෙම අසත්‍යකි. 2012 දත්ත වලට අනුව එය මිලියන් 1.5කි.
    අනෙක වෛද්‍ය වරුන්ගෙ පුද්ගලික සෙවා වන් හා වැඩ වරුම අතර ඇති සම්බන්දයක් මම නොදකිමි. මන්ද එය ඔවුන් සිදු කරන අමතර කර්තව්‍යක් මිස රාජකාරියක් නොවන නිසා වෙනි. ඒ ස්දහා ඔවුන් යොද ගන්නේ තමන්ගෙ අමතර කලය හා ශ්‍රමය මිස රාජකරී කාලය නොවන නිස වෙනි. අනෙක එහිදීද ඔවුන් සිදු කරනුයෙ සෙවවකි. අනෙක නීත්යනුකූල දෙයකි. කාගෙන්වත් හොරා කෑමක් නොවෙත්ය.
    මේ කරුණුද සැලකිල්ලට ගෙන ඔබගෙ ලිපිය රචන කලේ නම් මැනවි

  3. This is completely mis leading & false information, it was a nurses strike, not doctors, this website is a crap with very poor low quality and hatred writing

  4. me article eka liyanna kalin karunu soyabaluwanam neda honda,,pasugiya dawaswala warganaya kare nurses,mlt ,x ray and ecg technicianla,,and pharmacistla,

  5. this shows the intelligence of the editor. Matta kauda yanu editor ma penna dee atha. Me wage gon harakunta nadu dammath madiya. Paththara karayo thamun porawal kiya hithuwada ata pass nati arakku bothaleta bath packet ekata kade yana baiyan ralak bawa hamoma dani.

  6. Please be kind enough to retract this news or make the necessary correction. Though the freedom of expression is a guaranteed right, as a part of journalistic integrity, please do your homework. This was not a strike by doctors. It was done by the paramedical staff. And further more, even if there is a strike by medical officers, there are several safeguard the emergency provisions in healthcare, like in the cases of accidents, maternity wards, and ICUs. Please be vigilant on these ground, without purporting false information as gospel.

  7. Shame on u 3mana online news. it seems how u think about mbbs doctors. this stike was done by paramedics MLTS, XRAY TECHNICIANS AND NURSES. but not the mbbs doctors. it is very sad to see media accused mbbs doctors without even a reason. Please know the truth before u publish..

  8. මෙම ලිපියෙහි අන්තර්ගත කරුණු සම්පූර්ණයෙන්ම වැරදියි.රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මැතිතුමා සිටිනතුරු කිසි දිනෙක වෛද්‍ය වැඩවර්ජන සිදුකිරීමට ඉඩක් නැත.රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රතිපත්තිය නිර්මාණය කළේ එතුමාය.අද රටේ සියළුම රාජ්‍ය සේවකයන් ඒ පිළිබඳව එතුමාට ණයගැතියි.එම සේවය වෙනුවෙන් 2012 වසරේ එතුමාට නායකත්ව පුහුණුව පිළිබඳ ඇමරිකාවෙ මාස 2ක් පුහුණු වෙන්න ශිෂ්‍යත්වයක් ලැබුණා.මීලඟ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස වෛද්‍ය පාදෙණිය මහතා ඉතාම සුදුසුයි.
    http://www.efworld.org/download/summaries/12/Anuruddha%20Padeniya%20program%20summary.pdf

  9. What sort of reporter are u ? Pornography?
    I don’t recommend any one striking unnecessarily, but it was not doctors

  10. Shame. Who is this news editor? Doesn’t know who are para medics and doctors. Wonder how these people became news editors. Is this the responsibility of a journalist. Be responsible when you are publishing these sort of things. Is this your so called “shishtathwaye sihinaya”???

  11. Ok To those Doctors, this does not mean all your strikes are reasonable. No they are not. If you strike then you should not attend to your private practices. Can you tell if that is the case? May be in this instance they made a mistake. But generally it’s well know you don’t give a s…t about patients. To be honest we don’t really want to support medical students with their struggle against private medical colleges because of your pathetic behaviour. There are good doctors but very few.

    • Doctors strikes is a different topic and this news is about a particular strike recently done by nurses and paramedics even without attending emergencies in many places. This reporter says that it was a doctors strike. We are talking against this false news. Comment to the topic. And for your information, yes!doctors do not attend private practice during a trade union actions. Few may secretly do so, but that is against GMOA policy. And looks like you are measuring all doctors by some news articles about certain bad behaviours. But there are so many good doctors who aren’t getting any publicity. You better go to some peripheral hospitals and see for yourself.

  12. What everybody have to understand is that, this article is not a mistake. It is deliberately written to tarnish doctors and GMOA. These blog sites inclusing lanka e-news are maintained by same group of ‘ Paid radicals’ The source of e-mails circulating against GMOA are also come from the same group. It is unfortuate that few doctors are also among this ‘ Paid radicals’ . Everybody knows who are they.

Comments are closed.