[dropcap color=”black”]01-[/dropcap]පුද්ගලික ලෝකය
පිරිමියෙක් ස්ත්‍රියකට සමීප වී මෙලෙස කියයි. ‘අපි මේ ලෝකයෙන් පැනලා ගිහින් ආදරයට මුල්තැන දෙන ලෝකයක දී එකතු වෙමු.’ ඉන් මහත් සේ බියට පත්වන ස්ත්‍රිය මෙසේ කියයි. ‘ඔයා කියන කතා වලින් මම හරියට බය වෙනවා. එහෙම ලෝකයක දී මම මියයාවී.පීඩාවක් නැති ලෝකයකට යන්න මම බයයි. ’
02-සමාජයීය ලෝකය
විප්ලවාදී නායකයෙකු තමන් සමග දේශපාලනය කරන සමාජයට මෙලෙස කියයි. ‘අපි මේ ගත කරන ජීවිතය හරිම විඩාබරයි, හිංසාවෙන් සහ වංචාවෙන් මේ ලෝකය උමතු වෙලා. උඩ බලන මිනිස්සු බිම බලන්නෑ, ජීවිතය නිස්සාරයි,හැගීම් බෙදා ගන්න කෙනෙක් නෑ, හුගක් මිනිස්සුන්ට පිස්සු. ඉතිං අපි අලුත් ලෝකයක් හදමු.’ එවිට සමාජය මෙලෙස කියයි. ‘ඒ කතාවට අපිට හරියට බය හිතනෙවා. අලුත් ලෝකයක් ගැන හිතන්න අපිට කොන්ද පණ නෑ. තියෙන ලෝකය හොදයි. කටු ලෙවකෑවත් බය නැතිව පාරේ බැහැලා යන්න පුලුවන්. ප්‍රභාකරන්ට අපි බයයි. වේදනාවක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි දන්නෙ නෑ.’
ඒ නිසා ලෝකය වෙනස් වෙන් නෑ.
ආත්මාර්ථයට නැඹුරු වීම දකුනු ආසියාතිකයින්ට උරුම ගතියක් වගේ..ඒක නැතිකරන්න මාක්ස්ට පුලුවන් වෙයිද? එඒවා වෙනස් කරන්න හේගල්ට පුලුවන් වෙයිද?
මම හිතන්නෙ බැරි වෙයි..දකුනු ආසියාවේ ආගම පවා ආත්මාර්ථයේ මූර්තියක්..
දෙවියන් යැදීම අපි දියිය ලෝකෙ යෑම..
බුදුන් වැදීම මම නිවන් දැකීම..
ලෝකය වෙනස් කල හැකි ප්‍රධාන දෙය අධ්‍යාපනයයි. එහෙම කියන්නේ බදියු. සෑම දෙනාම දාර්ශනිකයින් විය යුතුයි. ඒක නිසා ලංකාවේ දේශපාලන අනාගත මන් පෙත් විවර කරන්නේ විශ්ව ව්ද්‍යාල අචාර්ය සමිති සම්මේලනයේ මග පෙන්වීම යටතේය.
ඒකනෙ මම ආසියාව අතඇරල යුරෝපය හදාගන්න කියන්නේ මේ යක්කුන්ට. කොහෙද ලංකාවෙ උන් විතරයි මම ඉන්නවද මලාද කියලවත් දන්නෙ.
Comments are closed.