මේ ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ “නංගියා සංකල්පය” ලිපිය ලියන ලද්දේ 2014 වසරේදී පමණය. ඒ ත්‍රිමාණ සඟරාවේ පලවූ ලිපියකට ප්‍රතිචාරයක් වශයෙනි. වැදගත් නිසා පල කරමි. පහත කී චර්යාවන් තිබුණ ප්‍රධාන නගරවල විසු තරුණියන්ට මිස ගම්බද තරුණියනට නොවේ. ප්‍රධාන නගරවලද කොටසකට පමණි. නමුත් ඔවුන් ඇතිකළ බලපෑම විශාල විය.
ශ්‍රී ලංකා පෙරටුගාමින්ගේ “නංගියා සංකල්පය” –
ඉන්තර් ද්යෙවුච්කා හි කතාව සැකෙවින් මෙසේය.
ස්වීඩනය එපාවී නැවත රුසියාවට යාමට පිටත්වෙන හෙදිය වාහන නතුරකට ලක්ව මියයයි.
සෝවියට් ආණ්ඩුවේ හා පක්ෂයේ ඇතැම් මර්දනකාරී පිළිවෙත් හා බටහිර සුඛෝපභෝගී භාණ්ඩ හිඟ කම නිසා බොහෝ සෝවියට් තරුණියන් විදේශිකයන් ඇසුරු කිරීමට පටන් ගති. මෙයින් බොහොමයක් අය විදේශ ශිෂ්‍යයන් සමගත්, සමහරු විදේශ වලින් පැමිණෙන වෙළෙඳ නියෝජිතයන් සමගත් ලිංගිකව ඇසුරුකිරීමට පෙළඹුණි. මෙසේ කල සෝවියට් නංගිලා ගෙන් බොහෝ දෙනෙක් නිදා ගත් තැනැත්තා සමග ආදරයෙන් පෙලුනේ නැත. එසේ කල අයද බොහෝ සිටි මුත් ඒ අය ගැන කතා ලියවෙන්නේ නැත.
ඔවුන්ට අවශ්‍ය වුයේ ලිංගික ඇසුර තුලින් හෝ අවශ්‍ය බටහිර භාණ්ඩ ලබා ගැනීමත් (Denim Jeans, Walkman etc) එසේ නැති නම් සෝවියට් ග්‍රහණයෙන් මිදී බටහිර හෝ අඩු තරමේ ශ්‍රී ලංකාව වැනි බටහිර ට ගැති රටකට පන ගැනීමටය. ශ්‍රී ලංකා වෙන් පැමිණි පිරිමි ශිෂ්‍යයනුත් මේ ගැටේට අසු වුයේ සැබෑ භක්තියෙනි.
බොහෝ අය අවසානයේ මෙය වටහා ගෙන නන්ගිලාව UK, Germany වැනි රට වලට ගෙනත් දැම්මහ. තවත් අය ඔවුන් සිංගප්පුරුව වැනි රට වලට ගෙන ගොස් විකිණුහ.
සමහර නංගිලා මුදල් රස්සා හොයා ගෙන සශ්‍රික වුනු අතර අනිත් අය පිම්පියන්ට හා මෝරුන්ට අසුවී නොවිඳිනා දුක් විඳ රුසියාවට නැවත කෙසේ හෝ පැන ගත්හ. සෝවියට් දේශය බිඳ වැටුණු පසු මේ ක්‍රියාවලිය වෙන විදිහකට Dating Agencies හෙවත් මනමාලයන් සොයන ඒජන්සි හරහා ක්‍රියාත්මක වේ.
මට නංගියා සංකල්පය වැදගත් වන්නේ මෙතනය. අපි එදා කතා කලේ තමන්ට පමණක් ආදරය කරන, කොල්ලන්ට ආදරය පෙන්නන , තම වැඩේ කෙසේ හෝ කර ගන්න, ඒ ගමන්ම රති රමණය කරද සතුටු වන සෝවියට් නංගිලා පිරිසක් බිහි වුනු හා එමගින් අසූව දශකය අග භාගයේ සිට සෝවියට් සමාජයේ පිරිහීම හා අවසානයේ බිඳ වැටීමය.