‘ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කොපෝලා’ නම් ඇමරිකානු අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කළ ‘Conversation’ -1974-(සංවාදය) නම් චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව ‘දෘශ්‍යමානය’ කෙතරම් ඝනකම් දැයි විදහා පෙන්වයි. මිනිසුන්ගේ චිත්ත අභ්‍යන්තරය නැතහොත් බාහිරට නොපෙනෙන ලෝකය කෙතරම් ආතතිගත ද, එතරම්ම අපට බාහිරින් නිශ්චිත බාහිරත්වයක් අවශ්‍යය. කුඩා දරුවන්ට පණු බෙහෙත් දුන්විට, මළපහ සමඟ පටි පණුවන් ගුදයෙන් එළියට එයි. තමන්ගේ මළපහ තුළින් එළියට ඇදී යන පණුවන් දුටුවිට, කුඩා දරුවන් දැඩි ලෙස බියෙන් සසළ වෙයි. මන්දයත්, අප්‍රාණික මළපහ තුළින් සප්‍රාණික කෙනෙක් බිහි වූ ආකාරය දරුවාට ඥාණනය කළ නොහැකි නිසාය.
අපගේ මනස අභ්‍යන්තරයට ගමන් කළ විට, එහි මධ්‍යයේ ඇත්තේ කුහරයකි. මළපහ තුළින් පණුවන් එළියට එන්නා සේ මනස බාහිරට බහිෂ්කරණය වන්නට (වමනය මුඛයෙන් එළියට එන සේ) පටන් ගත් පසු එක්තරා මොහොතක් දක්වා එය සහනයකි.
කුඩා දරුවාගේ මළපහ අභ්‍යන්තරයෙන් පණුවන් එළියට ගාටන්නා සේ අපගේ මනස ද බාහිර සංකේත බවට වඩ වඩා පරිවර්තනය වන විට, එක්තරා මොහොතකට පසු ක්‍රියාවලිය ගර්හිත වෙයි. මෙම සුවිශේෂී මොහොතට පසු, ඔබ තුළ සිටින ශීලාචාර මිනිසා අවසන් වී පණුවන් පිටතට ගමන් කිරීමට ගනියි. අපට මෙම තත්වය, මනස තටමන විට අවසන් මොහොතේ දී පිට වන්නේ සංකේත නොව ද්‍රව්‍ය -Bone- බව අවබෝධ වන මොහොතයි. නැතහොත්, ආත්මය තම සාරය වැළඳ ගන්නා මොහොත යනු, ඔබට ඔබේ පණුවන් සම්මුඛ වන මොහොතයි. කුඩා දරුවා මෙන්ම වැඩිහිටියා මෙම පණුවන් හෝ පණුවා අනේකත්වයක්-Otherness– ලෙස වටහා ගන්නවා මිස ඊට අනන්‍ය වන්නේ නැත.
‘Conversation’ චිත්‍රපටය ආරම්භ වන්නේ, මිනිසුන් වැඩ වරණ දිවා භෝජන වේලාවක, නගරයේ කොනක ඇති උද්‍යානයකිනි. උද්‍යානය පුරාම සියලුම සේවකයන් ලහි ලහියේ එහා මෙහා ගමන් කරයි. උධ්‍යානයෙහි බංකුවක් මත යුවලක් එකිනෙකාට කිට්ටු වී ‘සංවාදයක්’ කරගෙන යයි. දෘශ්‍යමානය ඉතාම ඝනකම්ය. ප්‍රේක්ෂක අපට අනුව, උද්‍යානයක මිනිසුන් කඩිසරව එහා මෙහා ඇවිදියි. අපගේ අවධානය යොමු වන්නේ ම කඩිසර ගමනින් එහා මෙහා ඇවිදින මිනිසුන් දෙසටයි. ඒ නිසාම, අපට උද්‍යාන බංකුව මත වාඩි වී සිටින ජෝඩුවට හිත යන්නේ නැත.නමුත් ඒ අසල තිබෙන ගොඩනැගිල්ලක වීදුරු පැල්ම හරහා රහස් පරීක්ෂකවරයෙක් මේ ජෝඩුව දෙස නරඹමින් සිටියි. එපමණක් නොව, මේ ජෝඩුව අසළ සඟවා තබා ඇති කුඩා මයික්‍රෆෝන හරහා ජෝඩුව කතා කරන ‘සංවාද’ රහස් පරීක්ෂකවරයා අසමින් සිටියි. ප්‍රේක්ෂක අපට ඇසෙන්නේ, මෙවන් සංවාදයකි. “ඔහු අපව මරා දමාවි”. ඉන් අදහස් වන්නේ, මෙම ජෝඩුවේ කාන්තාව යනු විවාහක තැනැත්තියකි. ඇය තම විකල්ප පෙම්වතාට පවසන්නේ, තම සැමියා මේ සම්බන්ධය නිසා ඉතා ඉක්මණින් ඔවුන්ව මරා දමනු ඇත යන්නයි.
චිත්‍රපටයේ පසුබිමට එනම්,කඩිසරව ගමන් කරන මහජනයාට අපගේ අවධානය දැඩිව යොමු වන නිසා, ජෝඩුව විසින් කරන සංවාදයේ සැබෑ අභිප්‍රාය වටහා ගැනීමට දීර්ඝ වේලාවක් යයි. චිත්‍රපටයේ අවසන් අදියරට යන විට අපට වැටහෙන්නේ, මේ ජෝඩුව මේ බංකුව මත සාකච්ඡා කරන්නේ තම සැමියාව තොරතුරු වසන් වන ආකාරයට මරා දැමීම ගැනයි. ඒ අනුව, ඇත්තටම සැමියා ඔවුන්ව මරා දැමීම වෙනුවට මෙතන සිදු වන්නේ, ජෝඩුව විසින් ඉතා සූක්ෂම ලෙස ‘සැමියාව’ මරා දැමීමට කරන ‘සංවාදය’ ප්‍රේක්ෂක අප වැරදි ආකාරයට- උඩු යටිකුරු කොට- වටහා ගෙන ඇති බවයි.
ගැටලුව වන්නේ, රහස් පරීක්ෂකවරයා සහ ප්‍රේක්ෂක අප, මිනිසෙක් ඝාතනය කිරීමට කරන සංවාදය අසා සිටීමට මෙතරම් රුචි වන්නේ මන්ද යන කාරණය යි. මෙම තත්ත්වය, හුදු යථාර්ථය වේශ නිරූපණය වීමක් ද නැතහොත් යථාර්ථය සමපේක්ෂණය කිරීමක්ද?
කාමරයක දොරක් අස්සෙන් හෝ යම් පැල්මක් අස්සෙන් බාහිර සිදුවීමක් අප නරඹන විට ඇති වන අභ්‍යන්තර කම්පනය කුමක්ද? ‘ඇස’ යනු, ස්වාත්මයේ ජනේලය යයි අප කියන්නේ නම්, ඇස පිටුපස පවතින්නේ කුමක්ද? මේ ඇසට පිටුපස කිසිවෙකු නොසිටින අතර පවතින්නේ හුදු අන්ධකාරය නම්, තත්ත්වය සූත්‍රගත කළ හැක්කේ කෙසේ ද? එසේ නම්, මිනීමැරුමක් සංවිධානය කරන ජෝඩුව දෙස නරඹමින් සිටින රහස් පරීක්ෂකයා විඳින්නේ කුමක්ද? මිනිස් ඝාතනය රස විඳින ආත්මය, රහස් පරීක්ෂකයාගේ චිත්ත අභ්‍යන්තරයෙන් එන උල්කාපාතයක් ද? නැතහොත් ඔහු වෙනුවෙන් වේදනාවෙන් සතුටු වන පණුවෙක් ද?[enjoying worm] අපගේ දැනුම් පද්ධති වලට මෙම ආත්මමූලික පණුවා වටහා ගත හැකි ද? නැතහොත් එය අපගේ දැනුම මඟ හරිනවා ද?
2004 වර්ෂයේ මැද යුගයක, ගල්කිස්ස මුහුදු වෙරළේ ගල් බංකුවක ආධුනික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් සහ රක්ෂණ සමාගමක එවකට වැඩ කළ ‘ශාන්තිනායක’ නම් පුද්ගලයෙකු සංවාද කරමින් සිටිති. ඊට තරමක් එහා සිට, සුමිත් චාමින්ද සහ වරායේ සුළු සේවකයෙකු සංවාදයට සවන් දෙමින් සිටියි. සංවාදයේ අභිප්‍රාය වන්නේ, කථිකාචාර්යවරිය සහ ශාන්තිනායක අතර පැවැති ප්‍රේම සම්බන්ධය අවසන් කිරීමයි. මන්ද, කථිකාචාර්යවරියට පූර්ණකාලීන දේශපාලනයේ යෙදීම සඳහා ය. මෙම සංවාදයේ දෙවැනි අර්ථය ශාන්තිනායක දැන සිටියේ නැත. එහි දෙවන අර්ථය වන්නේ, ඒ වන විටත් කථිකාචාර්යවරිය සහ වරාය සුළු සේවකයා විවාහ වීමට නියමිත අතර කථිකාචාර්යවරිය ශාන්තිනායකට කියන්නේ බොරුවකි. කථිකාචාර්යවරිය කීවේ බොරුවක් බව අප දන්නේ කෙසේද?
2005 වර්ෂයේ අගදී, අප විසින් සුමිත් චාමින්ද සමඟ මිත්‍ර වීමට රහස් පරීක්ෂකවරයෙකු යවන අතර පසුව ඔහු මේ ගැන චාමින්දගෙන් විමසයි. අපට දැන ගැනීමට අවශ්‍ය වූයේ, කථිකාචාර්යවරිය සහ ශාන්තිනායක අතර ප්‍රේමයට සිදු වූ දෙය යි. එහිදී, චාමින්ද කියන දෙය දැනටමත් හඬ පටයක සටහන් වී අන්තර්ජාලය තුළ සැරි සරයි.
වෙන කවරෙකු කථිකාචාර්යවරිය සහ සුළු සේවකයා අතර ප්‍රේමය උඩ දැම්මත්, චාමින්ද මේ ජෝඩුව රෝමියෝ-ජුලියට් නො කරන අතර ඔහුට අනුව, මේ වනාහි කුඩු චූටාගේ ආත්ම මූලික රංගනයකි. එසේ නම්, ගැටලුව කුමක්ද?
චිත්‍රපටයේ රහස් පරීක්ෂක මෙන් සුමිත් චාමින්ද, බංකුව මත සංවාද කරන ජෝඩුවේ පෙම්වතිය කරන්නේ බොරුවක් බව දැන දැනම එය පසුව වහාම ශාන්තිනායකට නො කියන්නේ මන්ද? කවියට, සාහිත්‍යයට ලැදි මෘදු හදවතක් සහිත, අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ චරිතාපදානය පවා සිංහලට පරිවර්තනය කළ මේ රොමෑන්තිකයා අහිංසක ශාන්තිනායකට ඇත්ත තත්ත්වය පහදා නොදුන්නේ මන්ද? තමන්ගේ ආත්ම මූලිකත්වයේ අතුරු මුහුණක් වූ රහස් පරීක්ෂකවරයාට චාමින්ද සියල්ල කීමට උත්සුක වූයේ මන්ද? එම්මෑනුවෙල් කාන්ට් නම් ජර්මානු දාර්ශනිකයා අපට පහදන එක් සත්‍යයක් ඇත. එය මෙසේය.
“ඔබට ඔබගේම කෙස් වැටියෙන් අල්ලා ඉස්සීමට නොහැකිය”.
චිත්ත අභ්‍යන්තරයෙන් එන උල්කාපාතයක් වන පණුවා ව දැනුමට අවශෝෂණය කළ හැකි කිසිදු විද්‍යාවක් කිසිදා පහළ නො වෙයි. මන්ද යත්, මේ පණුවා විනාශ කිරීමට වඩා මේ පණුවාට අප ආශා කරයි. මේ පණුවා අර්ථයක් නොව විනෝද වන, මිය නො යන අමරණීය පණුවෙකි.
[[[[[[[[[[[[[[[[[[]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]
ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
click..