90 දශකය පුරාම, ඇමරිකානු ඇකඩමියාව තුළ සහ ජනප්‍රිය මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය බුද්ධිමතෙකු වූ ප්‍රංශ ජාතික ජීන් බෝද්‍රිලා වරක් ජනප්‍රිය සංස්කෘතිය ගැන අගනා අර්ථයක් මෙසේ ගොඩනැඟුවේය. ‘සන්ග්ලාස් එක පිටුපස පුද්ගලයෙකු නැත. පවතිනවා නම් පවතින්නේ වේදනාවෙන් සතුටු වන්නකු පමණයි’. බෝද්‍රිලා ඇතුළු ප්‍රංශ බුද්ධිමය පරම්පරාවක්ම උත්සාහ කරනු ලැබුවේ, ධනවාදය සමතික්‍රමණය කිරීමටයි. නමුත් ඔවුන් නොදැන සිටියේ, ධනවාදය ඉක්මවා යෑමට උත්සාහ කරන්නන්ව ධනවාදය යළි අවශෝෂණය කරන බවයි. 21 වැනි සියවසේ දී, බෝද්‍රිලා මිය ගිය බල්ලෙකු වූයේ ඒ නිසාය.

          දැන්, අපි අපේ ප්‍රස්තුතයට එමු. ‘න්‍යායික වශයෙන් සිතන්නට නම්, කෙනෙකු ඇත්ත වශයෙන්ම ප්‍රෙහේලිකාවක විමතියකට පත්විය යුතුය’. මා මෙම අදහස උපුටා ගත්තේ, පර්යේෂණ මාතෘකාවක් නිවැරදිව සකස් කර ගන්නා ආකාරය පිරිමි ශිෂ්‍යයන්ට කියා දීමට ලංකාවේ ඇකඩමික බුද්ධිමතෙකු ලියූ පොතකිනි. මේ පොත ලියු බුද්ධිමතා කවුරුද යන්න සෙවීමට විපරිතයෙකු තුළ උනන්දුවක් ජනනය කරන්නේ නැත.

                  විනෝදයට ප්‍රහේලිකා විසඳීමේ යෙදෙන කුඩා දරුවන්ද දන්නා අයුරින් ප්‍රහේලිකාවක් යනු, පහසු විසඳුමක් නැති ගැටලුවකි. ප්‍රෙහේලිකාව අප විමතියට සහ පුදුමයට පත් කරයි. දේවල් සිදු වන්නේ, අප කලින් සිතා සිටි ආකාරයටම නොවන බව ප්‍රහේලිකා දකින විට අපට වැටහෙන්නට පටන් ගනියි. පර්යේෂණ ප්‍රහේලිකාවක් ද එවැනි විමතියට පත් වීමේ අත්දැකීමකි; එවැනි අත්දැකීමක් ඇකඩමික ප්‍රකාශනයකි. එවැන්නක් තුළ ඇතුළත්ව තිබෙන්නේ, ලිහා බැලිය යුතු උභතෝකෝටිකයක් විය හැකිය. පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය වන ද්වෛතයක් විය හැකිය. එමෙන්ම, ගැඹුරු ගවේෂණයකට ලක් කළ යුතු ‘පවත්නා ඥානයේ’ කෙනෙකුට හඳුනාගත හැකි නොගැළපෙන තැනක් විය හැකිය. විද්‍යාත්මක අර්ථයෙන් බලන විට, ප්‍රහේලිකාවකින් කෙරෙන්නේ ‘බුද්ධිමය දුෂ්කරතාවයන් ඉදිරිපත් කිරීමයි’. මන්දයත්, පවත්නා ඥානයෙන් එය පැහැදිලි කළ නොහැකි නිසාය.

                ආචාර්ය නන්දන වීරරත්න පිළිගත් ඇකඩමික් බුද්ධිමතෙක් දැයි මම නොදනිමි. නමුත් ශාස්ත්‍රීය ගැටලු මතු කිරීම සම්බන්ධයෙන් ඔහු සිටින්නේ, ආචාර්ය හිනිදුම සුනිල්ට හෝ මහාචාර්ය ලියනගේ අමරකීර්තිට හෝ මහාචාර්ය අර්ජුන පරාක්‍රමට හෝ මහාචාර්ය ගණනාථ ඔබේසේකරට හෝ තවත් එවැනිම වර්ගයේ ආචාර්ය මහාචාර්ය පොරවල්වලට හෝ ඉදිරියෙනි. නන්දන වීරරත්න ඉතාම ජනප්‍රිය ආඛ්‍යාන ශෛලියකින් ආසන ‘ශාස්ත්‍රීය ප්‍රශ්නය’ ලංකාවේ සමාජ සහ මානුෂික විද්‍යාවන් අරභයා ඇසිය හැකි තියුණුම ප්‍රහේලිකාවයි. මෙම ‘ගැටලුව’ ලංකාවේ බුද්ධිමතුන් තමන්ගේ අසළටවත් වද්දා නොගන්නේ එය තමන්ගේ ජීවන විලාසය සම්බන්ධයෙන් කරන ‘ලුබිධි-ආර්ථික’ විවේචනයක් නිසා ය. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි; තමන්ට ප්‍රශස්ති ගයනා මහචාර්යවරයා බඩුකාරයෙක් බව හොඳින්ම දන්නා අතර ඔහු තමන්ට කල්පනා ලෝකයේ බඩුවක් ගැසීම සඳහා තම දෙපාර්තමේන්තුවේ ‘ශිෂ්‍යාවක්’ හට කථිකාචාර්ය ධූරයක් පිරිනමා ඇති බව ද හොඳින් දන්නේ ය. ඒ නිසා, නන්දන වීරරත්න කතා කරන්නේ, ලංකාවේ ඇකඩමියාව ‘මෙයිජි ප්‍රතිසංස්කරණයකට’ ලක් විය යුතු බව අපට අවධාරණය කරමින් ය.

=========================+++++++++++++++++++++++

                ‘නන්දන වීරරත්න’ යනු, විශාල කාලයක් මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ පර්යේෂණ  සහායකයෙකි. ඒ නිසා, ඔහු විසින් මතු කරන ‘පර්යේෂණ ගැටලුව’ මානව ශාස්ත්‍ර පීඨවල පිරිමින්ට හොඳ අධ්‍යයන මාතෘකාවකි. විද්‍යාත්මක පර්යේෂණ යන අර්ථයෙන් බලන විට, ගැටලුවක් යනු අප එදිනෙදා ජීවිතයේ අර්ථයෙන් තේරුම් ගන්නා ප්‍රශ්නයක් ද නොවේ. එය වනාහි, ශාස්ත්‍රීය ගවේශණයක් කිරීමට තරම් වැදගත් වන සංකල්පමය විමර්ශනයක් පිළිබඳ ප්‍රකාශනයකි. විද්‍යාත්මක පර්යේෂණයේ අරමුණ වනාහි නව දැනුම සම්පාදනය කිරීමය යන කරුණ සිත තබා ගත්විට, මෙය තේරුම් ගැනීමට වඩාත් පහසුය. මේ අනුව, පර්යේෂණ ගැටලුවක් ගවේෂණය කිරීමෙන් අලුත් දැනුම සම්පාදනය කිරීමත්, එම අලුත් දැනුම මඟින් එම ගැටලුව අයත් වන විෂය ක්ෂේත්‍රයේ පවත්නා දැනුම ඉදිරියට යාමත් සිදු විය යුතුය. එවැනි කාර්යයක් සඳහා අවකාශ සපයන ගැටලුවක් නිසි පර්යේෂණ ගැටලුවකි. 

           එක පැත්තකින් ගත් විට, නන්දන වීරරත්න මතු කරන ‘ගැටලුව’ සංස්කෘතික මානව විද්‍යාවට අයිතිය. සංස්කෘතික මානව විද්‍යාවට අනුව සංස්කෘතිය නිර්වචනය කරන්නේ මෙසේය.

            “මිනිසුන් භාවිතා කරන චින්තන උපකරණ නිසා උපදින සිරිත්-විරිත් සහ ඇදහිලි ආදිය නිසා ඔවුන් අතර ඇති වන ඇබ්බැහිකම, ගති ආදිය ද සංස්කෘතිය නම් වේ. තවත් අය සාහිත්‍ය කලා සහ විද්‍යාව උගැන්මෙන් ලද විචක්ෂණභාවය ‘සංස්කෘතිය’ ලෙස ගනියි. තවත් අය ආගම ධර්මය උගැන්මෙන් හා පිළිපැදීමෙන් ලබන ආධ්‍යාත්මික දියුණුව ‘සංස්කෘතිය’ සේ හඳුන්වති.”

          -මාර්ටින් වික්‍රමසිංහ-

                නන්දන වීරරත්නගේ පර්යේෂණ ගැටලුවට දැන් අපි ප්‍රවේශ වෙමු. ඔහුගේ මානව විද්‍යා ක්ෂේත්‍රය වන්නේ, පොදුවේ ලංකාවේ වාමාංශික දේශපාලනයයි. දැන් අපි සියුම් ලෙස, ඔහු විපරිතයෙක් නොවී නියුරෝසිකයෙකු ලෙස ඉදිරිපත් කරන පර්යේෂණ ගැටලුව සලකා බලමු.

           “ලෙස්ලි ගුණවර්ධනගේ බිරිඳගේ පුද්ගලික පැවැත්ම පක්ෂයේ දේශපාලනයට කිසිසේත්ම අදාළ වූයේ නැත. ඇය දිගු කලක පටන් N.M. පෙරේරාගේ පෙම්වතියව සිටියාය. ලෙස්ලි ගුණවර්ධනගේ ‘ප්‍රතික්‍රියාව’ නැතහොත් තම නායකයා තම බිරිඳ සමඟ පවත්වන ලිංගික සම්බන්ධය ගැන විවේචනය කෙවැනිද? මෙහිදී නන්දන ලෙස්ලිගේ ලිපියක් උපුටා දක්වයි.

           ‘ මම ජීවිත කාලය ද, උරුම වූ ධන සම්භාරය ද, සම සමාජ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැප කළෙමි. පුද්ගලික ජීවිතයේදී ද සියලු සිත්තැවුල් දරා සිටියේ පක්ෂයේ සමගිය වෙනුවෙනි’ ”.

                 නන්දන වීරරත්න අපට පර්යේෂණ මාතෘකාවක් සපයන මුත් නිසි පරිදි පර්යේෂණ ගැටලුවක් ඉදිරිපත් කරන්නේ නැත. සාමාන්‍ය පුද්ගලයෙකු ඉහත උපුටා දැක්වීම කියවූ විට, පහත ආකාරයේ භාෂා ප්‍රතික්‍රියාවක් දක්වනු ඇත.

              ‘ ලෙස්ලි කියන්නේ පොන්නයෙක්’.

              නමුත් අප නිවැරදි ලෙස පර්යේෂණ මාතෘකාව හරහා යමින් ‘පර්යේෂණ ගැටලුවක්’ නිර්මාණය කළහොත් එය පහත පරිදි සකස් කළ හැකිය.

           ‘පක්ෂයේ උන්නතිය සදහා වුවත් සිංහල සංස්කෘතියේ ප්‍රතිඵලයක් වූ ලෙස්ලි ගුණවර්ධන විසින් තම බිරිඳ අනාචාරයේ[?] යෙදීම ඉවසුවේ ඇයි? කුතුහලයට තුඩු දෙන පර්යේෂණ ගැටලුව එයයි. එනම්, සාමාන්‍ය පිරිමියා නොකරන දේ ලෙස්ලි කළේ ඇයි? එවැන්නක් සිදු කළේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් යැයි ගැනීම, 21 වැනි සියවසේ සිටින අපට පෙනෙන්නේ ගතානුගතික අදහසක් ලෙසිනි’.

      එසේ නම් අපගේ ‘පර්යේෂණ ගැටලුව’කුමක්ද?   

          සාමාන්‍ය මිනිසා යනු, සමාජයේ පොදු සංකේත රටාව හෝ සාරය ප්‍රශ්න කිරීමකින් තොරව ”පිළිගන්නාය”. ලංකාවේ සිවිල් නීතිය සහ සදාචාරයට අනුව ගතහොත්, තම බිරිඳ අනාචාරයේ යෙදෙනවා නම් කළ යුත්තේ නීතිය ඉදිරියට ගොස් දික්කසාද වීමයි. දැන් අප ගැටලුවට සමීපය. ලෙස්ලි ගුණවර්ධනගේ පැත්තෙන් ගත් විට, ඔහුගේ ගැටලුව සංකේත නීතිය-SYMBOLIC LAW- උල්ලංඝනය කිරීමට අදාළ නැත. එසේ නම්, ඔහු තම බිරිඳ අනාචාරයේ යෙදීම ඉවසන්නේ මන්ද?

                මහාචාර්ය නිර්මාල් රංජිත් බියගුල්ලෙකු සේ පළා යන විද්‍යාවට අපට අඩගසන්නට වන්නේ මෙතැනදී ය.

               සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාවට සහ සම්භාව්‍ය මාක්ස්වාදයට නව දැනුම නිෂ්පාදනය කළ නොහැකි අන්තයකට අප අවතීර්ණ වී ඇත.

             එක පැත්තකින්,  අප ඉදිරියේ ඇත්තේ තිරසාර මාක්ස්වාදීන්ගේ ජනප්‍රිය සටන් පාඨයකි. එය ඔවුන් හඳුන්වන්නේ, ‘ලංකා සම සමාජ පක්ෂයේ මහා පාවාදීම (1964)’ යනුවෙනි. මේ මහා පාවාදීම ගැන පොත් නොලියපු කිසිදු වාමාංශික සංවිධානයක් ලංකාවේ නැත. විකොස සිට නව සම සමාජය දක්වා සියලු දෙනා ඒ ගැන ලියා ඇත. අනෙක් පසින්, ජාතිකවාදීන් ලංකාවේ වාමාංශික පරාජය ගැන ලියා ඇති දේ හරය කුමක්ද? ‘සභ්‍යත්ව රාජ්‍යය’ නම් පොතෙහි අමරසේකර කියන්නේ, වමට බලය ගැනීමට නොහැකි වූයේ ‘සිංහල-බෞද්ධ’ පොළොව ගැන වැටහීමක් නැති නිසා බවයි. අමරසේකර ඉදිරිපත් කරන මේ ප්‍රවාදයට, සුමනසිරි ලියනගේ තමන්ගේ කෘතියක් වන ‘සභ්‍යත්ව රාජ්‍යය සහ සම සමාජය’ තුළ මෙලෙස බොළඳ තර්කයක් ගොඩනඟා ඇත. ‘අමරසේකරයන් ඉදිරිපත් කරන මේ උපන්‍යාසයන් ඓතිහාසික සම්පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය ඉතිහාසය පිළිබඳ දැනුම මට නැත’. -(පිටුව69)-  නමුත් පිළිතුර සරලය. ලංකාවේ වාමාංශිකයන්ට ‘දෘෂ්ටිවාදය’ ගැන අදහසක් නැහැ. ඒකයි පරදින්නේ. මොකෝ J.R ලංකාවේ පස ගැන දන්නවද? 

             එක පැත්තකින්, ‘සම සමාජයේ’ පරාජය ගැන වාස්තවික දෘෂ්ටිවාදයන් ඕනෑ තරම් ඇත. නමුත් නන්දන වීරරත්න මතු කළ ප්‍රශ්නයට වැඩි ඉතිහාසයක් නැත. ඒ පැත්තෙන්, වමේ ඉතිහාසය ප්‍රශ්න කරන්නන් ඇත්තේම නැත. ජවිපෙ සම්ප්‍රදාය තුළ එවැන්නන් ඇත්තේම නැත. මේ අනෙක් පැත්ත යනු, සම සමාජය ගැන කරන සද්භාවාත්මක අධ්‍යයනයයි (Ontology). වෙනත් ආකාරයකට කියන්නේ නම්, සම සමාජ නායකයන් මධ්‍යම පංතිකයන් ය. ඒ නිසා තමයි, ඔවුන් විප්ලවය පාවා දුන්නේ යැයි සිතන සහරාන්වාදී සන්නද්ධ අරගලකරුවන් මේ රටේ තවම සිටින්නේ. නමුත් ඒ අයට පවා, මැද පංතිකයෙකු නොවන ‘මුක්කුවාර්’ කුලයේ ‘කරුණා’ දෙමළ අරගලය පාවා දුන්නේ මන්ද යන කාරණය පහදා දීමට නොහැකිය. 

              නන්දන වීරරත්න තම ප්‍රහේලිකාව මතු කරන්නේ, සම සමාජ නායකයන්ගේ ‘ආත්මබද්ධය’ නැතහොත් ‘ආත්මීයත්වය’ (Subjectivity) ප්‍රශ්න කිරීමෙනි. සමාජ විප්ලවයක් කරන්න ආපු අවංක මිනිස්සු ටිකක් ”බඩු case” එකක හිර වුණේ ඇයි? 21 වැනි සියවසේදී, මේ case එක පර්යේෂණ ගැටලුවකි යන්න නන්දනගේ ප්‍රවාදයයි. එවිට, ජාතිවාදීන්ගේ බඩු case ද අපට වටහා ගත හැකිය. ‘බඩු case’ මේ කොට්ඨාස දෙකටම සාධාරණය. එසේ වන්නේ, ඔවුන් වර්ග දෙකම පිරිමි නිසා නොව වර්ග දෙකටම පොදු ‘විනෝදයක්’ නිසාය. ලෙස්ලි ගුණවර්ධන සාමාන්‍ය මිනිසෙකු වූවා නම්, ඔහු තම බිරිඳගේ අනාචාරය ඉවසන්නේ නැත. උභතෝකෝටිකය වන්නේ, ඔහු එය ඉවසන්නේ ‘පක්ෂය’ නිසා යැයි සිතීමයි.

             ෆ්‍රොයිඩ්ගේ ‘යථාර්ථය’ පිළිබඳ ලිපියක් උපුටා දක්වමින්; ලැකාන් තම ‘සයිකෝසියාව’ සම්මන්ත්‍රණයේදී කළා යැයි අදහස් කරන ඊර්ෂ්‍යා සහගත සැමියෙකු පිළිබඳ ආප්තෝපදේශයක්, බෲස් ෆින්ක් විසින් තම කෘතියක පහත පරිදි සටහන් කරයි. (මෙය ලැකාන් ඇත්තටම කීවාදැයි ඔප්පු කිරීමට හැකි ජගතෙකු මෙලොව නැත. නමුත් ඔහු පවසන දෙය විශ්ලේෂණය අතින් සත්‍යය.) 

              “එක්තරා, ඉතාම සාමාන්‍ය, කිසිදු සුවිශේෂ මානසික රෝගයක් නැති නමුත් ඊර්ෂ්‍යාව සඟවාගත් සැමියෙකු තම බිරිඳ නිදන කාමරයේ දොර වසන තෙක් ඇයව පස්සෙන් ගොස් ඔත්තු බලයි. ඔහු හොඳටම දන්නා පරිදි, ඇය තම විකල්ප පෙම්වතා සමඟ ඇතුළට ගොස් කාමරයේ දොර වසා ගනී. නමුත් සැමියා තවම සිතන්නේ, ඇය ඔහු සමග රමණය කරා ද යන්න යි. එය ඔහුට අවිනිශ්චිතය.  සයිකෝසිකයෙකුට නම් යථාර්ථය ගැන තීන්දු ගැනීමට කිසිදු සාක්ෂියක් අවශ්‍ය නැත”.

                N.M.පෙරේරා යන ‘යථාර්ථය’ අපගේ ”සම සමාජ සැමියාට” අදාළ නැත. එය බාහිර මිනිසුන් විසින් අල්ලා ගන්නා වැරදි කොණකි. නමුත් නන්දන වීරරත්නට අනුව ‘ලෙස්ලි ගුණවර්ධන’ මෙම කාමරයේ සිදුවන ක්‍රියාව නිසා මහත් සේ වේදනාවට පත්වෙයි. ඔහු ඊට උදාහරණයක් මෙලෙස අපට පෙන්වයි. 

             “ඔහු කිසිදා, තම බිරිඳගේ පෙම් හබය නිසා කිසිම දිනක දුරකථන ඇමතුමක් නොදී තමාගේ ගෙදරට නොගියේය”.

             ලෙස්ලි ගුණවර්ධන තම ප්‍රතිබිම්බය දර්පණයකින් නරඹන විට, ඔහුට ඒ තුළින් තමන්වම නො පෙන්වන ‘පැල්ලම’ කුමක්ද? (මහාචාර්ය දේවසිරි වෙව්ලා යන පැල්ලම?) නන්දන වීරරත්න අපව යොමු කරවන්නේ ද මෙම පැල්ලම දෙසටය. මෙම පැල්ලම ලෙස්ලිගේ පැත්තෙන්, ඔහුට අවිඥාණක ය. නමුත් එම අදහසද ඔහුගේමය. එය ඔහුට වරදකාරී හැඟීමක් ද නොවේ. ඒ අනුව, අප මේ කරන්නට යන්නේ ලෙස්ලිගේ රෝග ලක්ෂණය අර්ථකථනය කරන්නට නොව ඔහු එම රෝග ලක්ෂණයෙන් විනෝද වන බව පෙන්වීමටයි. දන්නා දෙය නොදන්නේ ඇයි ?  එවිට, අපට පහත ආකාරයට වාක්‍යයක් නිර්මාණය කර ගැනීමට හැකිය.

              “ලෙස්ලි ගුණවර්ධනට, තම බිරිද N.M. පෙරේරා සමඟ රමණයේ යෙදීම ලෙස්ලිගේම ෆැන්ටසියකි. ඔහු විනෝද වන්නේ, තම බිරිඳව වෙනකෙකුට පරිත්‍යාග කිරීමෙනි. තමන්ගේ ‘විනෝද වීම’ තමාටම සැඟවිය හැකි එකම ආකෘතිය පහත ආකාරයට යථාර්ථය පිළිබඳ ප්‍රබන්ධයක් ගොඩනඟා ගැනීමයි. එය, තමන්ගේ පැත්තෙන් සහනය දෙන පළා යාමකි.

         ‘මීට පස්සේ මමයි N.M සහෝදරයයි අතර තියෙන්නේ දේශපාලන සහෝදරත්වයක් විතරයි. පුද්ගලික සහෝදරත්වයක් නැහැ’.

 ලෙස්ලි තමන්ගේ ඉහත කතා මඟින් තහවුරු කරන්නේ, තමන්ගේම සත්‍යයයි. ඇත්තටම ඔවුන් දෙදෙනා අතර තිබී ඇත්තේ, දේශපාලන සහෝදරත්වයක් නොව පුද්ගලික සහෝදරත්වයක් පමණි. N.M නොදැනුවත්ව කර ඇත්තේ, ලෙස්ලිගේ ‘වේදනාවට’ ඉන්ධන සැපයීමයි”.

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[=============================

               ලෙස්ලි ගුණවර්ධන නම් ශ්‍රේෂ්ඨ මානවවාදියා තව එක පියවරක් තබා 20 වැනි සියවස මුලදී හේගල් කියවූවා නම්, (හේගල් පොළොව මත දෙපා තබා ඇති බව) ඔහු විඳින වේදනාව තමාගේම ආත්මබද්ධයක්-My Own Idea– බව වටහා ගනු ඇත.

           ඔහු නිශේධනය (Negation) කරනු ලැබුවේ, ඔහුගේම ආත්මීයත්වය නොහොත් ආත්මබද්ධය යි. එවිට, අපට ලැබෙන සූත්‍රය පහත පරිදිය.

1.ලෙස්ලි නම් අහිංසක සැමියා- ප්‍රවාදය.

2.N.M නම් බාහිර කඩා වදින්නා- පවුල විනාශ කරන්නා- ප්‍රතිවාදය.

3.බඩුකාරයෙකු පවුලට කඩාවැදීම සහ තමන්ගේ සම සමාජ දේශපාලනය සංස්ලේෂණය කිරීම- සහවාදය. ( වීරරත්න සහ ලිබරල්වාදීන්ගේ තිසීසය)

                 ලෙස්ලිගේ බිරිඳගේ ආත්මබද්ධය කුමක්ද? මනෝවිශ්ලේෂණ විද්‍යාවේ හරය සැබැවින්ම මුණගැසෙන්නේ මෙහිදීය. එනම්, ආකෘතියේ ස්ථානීය සත්‍යයයි. තම සැමියාගේ විනෝදය දරාගත නොහැකි මට්ටමට ඒමෙන් ඔහුව වැලැක්වීමට ඇති එකම විකල්පය වන්නේ, ඔහු ආදරය කරන කෙනෙක් සමග රමණයේ යෙදීමයි. ඇය කරන්නේ, ඔහුගේ වේදනාවට ව්‍යාකරණයක් සැපයීම පමණි. එය ලිංගික සතුටක් ශරීරයෙන් විඳීම නොවේ. ඇය එය කරන්නේ, තම ආදරවන්තයාට ‘ආදරය’ කරන නිසාය. ‘ඇය’ සියල්ල කරන්නේ, ඔහුගේ මිල කළ නොහැකි උත්කර්ෂවත් වස්තුව  වීමටය. ඔහු (ලෙස්ලි), තමාගේ පරාවර්තිත වස්තුව සොයා ගන්නේ ඇගේ නිදන කාමර දර්ශනයෙනි. එසේ නම්, J.R ගැන කතා කළ යුතු ද? ඇඹලයෙකු සේ ඔහු ද මේ දර්ශනයට වහ වැටී ඇත. ජාතිකවාදීන් දිනුවේ, ‘පස්’ නිසා ද? නැත්නම් ‘ෆැන්ටසිය’  නිසා ද? 

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[++++++++++++++++++++++

                    -නිගමන සටහන් කිහිපයක්-              

යම්කිසි සැමියෙකු/ පෙම්වතෙකු තම බිරිඳගේ හෝ පෙම්වතියගේ විකල්ප සම්බන්ධයක් ගැන අඳෝනාවක් දිගින් දිගටම කරන්නේ නම්, එහිදී ඇයට ඇත්තටම එවැනි සම්බන්ධයක් තිබුණත් එම සැමියා/පෙම්වතා විද්‍යාමාන කරන්නේ, ඔහුගේ විඳවීම මගින් ඔහු ප්‍රමෝදයට පත්වන බවයි. එයට හේතුව වන්නේ, ඔහු එලෙස බාහිරින් පෙන්වන මුවහම නැතිව ඔහුට තම ස්වයං-අනන්‍යතාවය සකස් කරගත නොහැකි නිසාය. ඔහු අපට සඟවන්නේ, ඔහු සැබැවින්ම විනෝද වන මූලාශ්‍රය ඔහුගේම අභ්‍යන්තරය බවයි.             

නමුත් අප අපගේ උදාහරණයේදී ඉහත රෝග ලක්ෂණාත්මක අගය ඉවත් කරන ලද්දේ, සමකාලීන යුගයේ දී මිනිස්සුන්ගේ විදවීම අර්ථකථනය කළ නොහැකි නිසාය. එබැවින්, අපගේ ඥාන-විභාගය යොමු වූයේ කතා නායකයාගේ විනෝද වීම දෙසටය.                                  

වාමාංශික දේශපාලන පක්ෂවල ඉතිහාසය පරීක්ෂා කරන විශ්ලේෂකයන්ට මඟ හැරී යන්නේ ඉහත විනෝද සාධකයයි. තර්ක හේතුවේ මානයෙන් දේශපාලන විශ්ලේෂණ කරන විට මඟහැරී යන්නේ හෝ අසම්පූර්ණ වන්නේ, මිනිස් ශරීරයේ විඳවීම ඊට ඇතුළත් නොවන නිසාය. [‘අර්ථය’ මනසේ ප්‍රපංචයක් වන විට, ‘විනෝදය’ විඳින්නේ අහේතුකත්වය මත පදනම් වූ කාල්පනික ශරීරය යි.] නන්දන වීරරත්න අපට යෝජනා කරන්නේ, දේශපාලනය තුළ ඇති ‘විනෝද සාධකය’ තම තමන්ගේ විශ්ලේෂණය තුළට ඇතුළත් කරන ලෙසයි. 20 වැනි සියවසේ මාක්ස්වාදී ව්‍යාපාරවල පරාජය සටහන් වන්නේ ද මෙම විනෝද සාධකය තුළයි.                                                                 

               ඓතිහාසික වශයෙන් ‘සදාචාරය’ පහළ වූයේ, කතිකාවන් මඟින් නිපදවන ‘අතිරික්තය’ (අතිරික්ත විනෝදය) නිශ්ක්‍රීය කිරීමට විවිධ දාර්ශනික උත්සාහයන්ගේ අසාර්ථකත්වය හමුවේය. මිනිසා නිදහස ලෙස සලකන්නේ, සංකල්පීය නිදහස නොව ශාරීරික[?] විඳවීමට ඇති අයිතිය යි. එය නැති තැන දී, කුරුල්ලන් මෙන් සිටින තැනින් ඉවතට යයි. (මෙම තර්කය ප්‍රාග්ධනයට ද අදාළය. ලාභය පටු වන විට ප්‍රාග්ධනය පියාඹයි.)                        

ඒ අනුව, 2004 දෙසැම්බර් සිදුවීමේ දී මහාචාර්ය නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වීම ගැන බාහිර සමාජයට කීමට විවිධ තර්කාභාසයන් සහ බරසාර විරුද්ධාභාසයන් අනෙකුන් යෝජනා කරද්දී ඔහු එඩිතර ලෙස එම අන්‍යයන්ට මෙසේ කීවේය.

            “මේ සංවිධානයෙන් ඉවත් වෙන්න මොන හේතු ද? හේතු ඕන තරම් දෙන්නම්.  අනිත් අය මෙච්චර පරක්කු වුනේ ඇයි කියන එකයි මම හිත හිතා හිටියේ. හේතුවක් නැතිකම තමයි මෙහෙන් යන්න තියෙන හොඳම හේතුව”.  

[[[[[[[[[[[[[[[[[[[[[[[[+++++++++++         

එමානුවෙල් කාන්ට් නම් ජර්මානු දාර්ශනිකයා, ආත්මබද්ධ මර උගුලක පැටලී සිටින මිනිසාට ඇති එකම විකල්පය ‘සදාචාරය’ ලෙස දැකීම අහම්බයක් නොවේ. වෙළෙඳ තර්කය රජයන සමාජයක ද පිටවීමේ දොරටුව ඇත්තේ සදාචාරය දෙසිනි.

                              එක පැත්තකින්, ලෙස්ලි ගුණවර්ධන සහෝදරයා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ සිට ලංකාවේ සටන් කළ විරෝධාර නිර්ධන පන්ති නායකයෙකි. ඒ ඔහුගේ දේශපාලන-ආර්ථික අක්ෂයයි. අනෙක් පැත්තෙන් ඔහුගේ ලුබිධි-ආර්ථිකය වූයේ, තම බිරිඳගේ ශරීරය හරහා තම ‘වේදනාව’ ව්‍යුහගත කිරීමයි. එය ඔහුගේ ජීවිතයේ ගැඹුරුම, තමන් ගැන තමන්ට කියන කතාවයි. නැතහොත් මූලධාර්මික ෆැන්ටසියයි. එතනදි, ඔහු අවිඥානකව ස්ත්‍රී ශරීරයක් සූරා කයි. මෙම අක්ෂ දෙක කිසිදා යා කළ නොහැකිය. ඒවා අසම්පාතය. මෙතෙක් කල් අප දුටුවේ, අසාර්ථක වාමාංශික ව්‍යාපාරයක් පමණි. නන්දන වීරරත්න නම් පුද්ගලයා ලෙස්ලිගේ නිදන කාමරය යතුරු හිලකින් නැරඹීම නිසා දැන් අපට අසාර්ථක ලිංගික සබඳතාවක් ද හමුවී ඇත. පරිපූර්ණ ලිංගික සබඳතාවයක් බාහිරින් කඩාකප්පල් කළ මේ බාහිර මිනිසා කවුද? යථාර්ථය සමඟ ගනුදෙනු කරන ආත්මබද්ධය පක්ෂයට-reality- භාර දී තමන්ගේ ආත්මබද්ධය -Subjectivity- ෆැන්ටසියට භාර දුන් විට, ‘ඇලන් බදියු’ දාර්ශනිකයාට අනුව ලෙස්ලිගේ දේශපාලනය මියගිය එකක්ය. නමුත් සිංහල ජාතිවාදියාගේ දේශපාලනය   ආත්මබද්ධය. ඔවුන් තම ආත්මීය මර උගුලෙන් ගැලවීමට ආත්මබද්ධව බාහිර සතුරෙකු (දෙමළා, තම්බියා) සොයාගෙන ඇත. ලෙස්ලි තම ආත්මබද්ධය ‘යථාර්ථයෙන්’ –idealism-ඉවත් කර ගන්නා විට, ‘දෙරණ’ නාළිකාවේ චතුර අල්විස් තම ආත්මබද්ධය බාහිරට තල්ලු කිරීමෙන් තම දේශපාලනය ජීවමාන-Materialism– කරයි. තුවාලය සුව කළ හැක්කේ, මෙම ‘විස්ථාපනය’ වෙනස් කිරීමෙන් නොව තුවාලය නිර්මාණය කළ සංකේත පද්ධතිය අහෝසි කිරීමෙන්ය.

LINK – https://nandanaweerarathne.wordpress.com/

DEEPTHI kUMARA GUNARATHNE

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[========================]]]]

 නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මේ සටහන නන්දන සහෝදරයා දැක්කද දන්නේ නැහැ. විශ්ව විද්‍යාල මහාචාර්ය කෙනෙක් ගැන මිට කලින් ලිපියක මමත් ලිව්වා. නන්දන ලෙස්ලි සහ ඇන් ඇම් ගැන කිවූ කතාව මෙපමණ ගැඹුරින් නම් ගත්තේ නැහැ. ලිංගික සම්බන්ධකම් සැලකිය යුතුද කියන ප්‍රශනය මට එනවා මේ වෙලාවේ – ට්‍රොට්ස්කිගේ අනියම් සම්බන්ධතා තිබුන. ලෙනින් ගේ එකක් තිබ්බ. මේවා ව්දගත්ද?

Comments are closed.