ජනමාධ්‍යවේදීන් ආචාරධාර්මික විය යුතු බව මා පිළිගත් නමුත් දිවයිනේ වැඩියෙන්ම අලෙවි වෙන ජාතික පුවත්පතක සේවයේ යෙදී සිටි කාලය තුළ ආචාරධර්ම යනු බිත්තියේ එල්ලා ඇති උපදේශාත්මක වැකි කිහිපයක් පමණක් බව තේරුම් ගත්තෙමි. සමාජය තුළ පවතින අසංගතභාවයන් ලිවීමට මාධ්‍ය ආයතන විසින්ම අපට සීමා පනවා ඇත. නමුත් එකී සීමා එසේත් නැතහොත් මාධ්‍ය ආයතනයේ වැඩ සිදුවන පිළිවෙල කුමක්දැයි අපි කවුරුත් නිශ්චිතව දන්නේ නැත. එම වැඩ පිළිවෙල කිසිදු අවස්ථාවක ලිඛිතව හෝ වාචිකව ඉදිරිපත් වීද නැත. 
උදාහරණයක් මගින් මෙම තත්ත්වය අපි පැහැදිළි කර ගනිමු. එක් මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍ය ආයතනයක හිමිකරුවකුට සම්බන්ධ පුවතක් තවත් මාධ්‍ය ආයතනයක් මගින් ප‍්‍රචාරය නොකර සිටියි. එසේ සිදුකළ යුතු බව අප හට කිසිවකු පවසා නැත.  තවත් උදාහරණයකට යමු. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ කාලයේ ඹහු පිළිබදව සෘණාත්මක ආකල්ප වඩවන පුවත් කිසිදු මාධ්‍ය ආයතනයක් ප‍්‍රචාරය කළේ නැත. එසේ සිදු කරන ලෙස මහින්ද රාජපක්ෂ ද කීවේ නැත. මාධ්‍ය ආයතන විසින්  ස්වයං වාරණයන් පනවා ගෙන සිටියා මිස ඊට අමතර දෙයක් සිදුවූයේ නැත. මේ වියමන හරහා පැහැදිළි කිරීමට උත්සහ කරන්නේ ස්වයං වාරණයන් පනවා ගැනීමට අපට සිදුවන්නේ ඇයි දැයි කියා තේරුම් කර ගැනීමටය.  
අපි සැවොම දන්නා පරිදි සයිබර් අවකාශය යනු නිදහස් කලාපයකි. ජාතික පුවත්පතක ලිපියක් පළ කිරීම යනු ඊට එහා  ගිය තත්ත්වයකි. ජාතික පුවත්පත් වලට අදාළ නීතිරාමූන් සැකසී ඇති අතර ඒවා කඩ කළහොත් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගත හැකිය. සයිබර් අවකාශයේ දී මෙම තත්ත්වය වෙනස්ය. එහි සිදුවන බොහෝ නොපනත් කි‍්‍රයා අපරාධ ලෙස සැළකෙන්නේ නැති අතර සර්ට් ආයතනය හරහා ඒවා යම් තරමකින් පාලනය කිරීම පමණක් සිදුකෙරෙයි. යම් වෙබ් අඩවියක් බෑන් කළ හැකි නමුත් වෙනත් ෆ්‍රොක්සියක් හරහා එයට නැවත නැගී සිටිය හැකිය. මේ අර්ථයෙන් අන්තර්ජාලය භාවිතා කරන පිරිසට නිදහසක් ලැබී ඇත.
වෙබ් කි‍්‍රයාකරුවන්ට තොරතුරු සන්නිවේදනය කිරීමට නිදහස ලැබී තිබුණ ද පුවත්පත් තුළ, රේඩියෝ ස්ටේෂන් හා රූපවාහිනී නිවුස් රූම් මෙන්ම වෙබ් අඩවි වල ද සේවය කරන මාධ්‍යවේදීන් මුහුණදෙන පොදු ගැටලු කිහිපයක් තිබේ. සමාන්‍යයෙන් ඉහත සදහන් කළ කාර්යාල වල ජ්‍යෙෂ්ඨ යැයි කියාගන්නා මාධ්‍යවේදීන් අනෙකුත් මාධ්‍යවේදීන්ව සහෝදරත්වයෙන් පිළිගන්නේද ??? එමෙන්ම කර්තෘවරුන් හෝ සංස්කාරකවරුන් සෑම මාධ්‍යවේදියෙකුටම සමාන අයිතීන් ලබා දෙන්නේ ද?? දක්ෂයන් වෙත සම්ප‍්‍රදායික රාමූන්ගෙන් මිදී ප‍්‍රධාන ලිපි ලියන්න දෙන්නේද?? 
යථාර්තය තුළ මේ කිසිවක් සිදුවන්නේ නැත. එපමණක් නොව ලිංගිකත්වය යනු ස්වභාවික දෙයක් යැයි සිතා සිටින මෝඩ මාධ්‍යවේදීන් රංචුව සිය මාධ්‍ය ආයතනවල සේවය කරන සහෝදර මාධ්‍යවේදිනියන් අනන්තවත් ලිංගික අඩත්තේට්ටම් වලට ලක් කරයි. ඒ සම්බන්ධයෙන් මගේ සහෝදරයකු වන සුනෙත් පෙරේරා බී.බී.සී සංදේශයට සවිස්තරාත්මක ලිපියක් පළ කර තිබුණි. අවශ්‍ය අය එය කියවන්න.
අන්තර්ජාලය මගින් තොරතුරු සන්නිදේනය කිරීම මේ වන විට යම් තාක් දුරකට ප‍්‍රචලිත වී ඇති බැවින් මීට ඉහත අප සාකච්චා නොකළ කරුණු කිහිපයක් උදාහරණ සහිතව ඉදිරිපත් කර වෙබ් මාධ්‍යකරුවන් ස්වයං වාරණයන් පනවා ගන්නා එක් කලාපයක් පිළිබදව විදාරණය කිරීම මෙම ලිපියෙහි මුඛ්‍ය අරමුණයි. මෙම ලිපිය මගින් විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත් පිළිබදව සාකච්චා නොකරන්නේ මීට ඉහතදී ඇති තරම් ඒ ගැන ලියවී ඇති බැවිනි. නමුත් වෙබ් මාධ්‍යකරණයට අදාළව මෙය යම් තරමක් අලුත් තත්ත්වයකි.
මුලින්ම අපි උදාහරණය වෙත පිවිසෙමු.
ලංකාඩේලි කියල වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා යම් පිරිසක් විසින්. ජයසිරි අලවත්ත නම් මාධ්‍යවේදියා ද එහි ප‍්‍රධාන භූමිකාවක් උසුලනවා.  එම වෙබ් අඩවිය මගින් පෙර අවස්ථාවක ස්ලෝවේනියානු ජාතික දාර්ශනිකයකු වන ජිජැක් නැමැත්තා අළලා ජාතිවාදී ඉරිදා දිවයින පත්තරේ ප‍්‍රධාන කර්තෘවරයාගේ පුත‍්‍රයකු වන වංගීස සුමනසේකර කළ දේශනයක් උපුටා සකස් කළ ලිපියක් පළ කරනවා. ඉන් දින කිහිපයකට පසු පසන් කොඩිකාරගේ අවමගුල් උත්සවයට සහභාගි වන වංගීස බොරැුල්ලේ බාර් එකකදි කෙල්ලො දෙන්නෙක්ගෙ පුකවල් සහ තන් මිරිකනවා.   
ඉන් පසු මේ සිදුවීම ගැන ත‍්‍රිමාන ප‍්‍රවෘත්ති සගරාව ලිපියක් පළ කරනවා.. ඊට ප‍්‍රතිඋත්තර සපයන ජයසිරි අලවත්ත නැවත ලංකාඩේලි එකට ලිපියක් ලියනවා. ඊට පසුව ලංකාඩේලි එකේ ඉන්න හිමාෂි කරුණාරත්න පැහැදිළි කිරීමේ ලිපියක් ත‍්‍රිමාන වෙත එවා තිබෙන අතර එය ත‍්‍රිමාන වෙබ් අඩවියෙහි නැවත පල වෙනවා. මේ විදිහට ගිහින් දැන් ඒ කටයුත්ත නතර වී තිබෙන තැන දෙස බලද්දි තමයි වැටහුනේ ජයසිරි අලවත්ත නම් වෙබ් මාධ්‍යකරු ස්වයංවරණයක් පනවා ගෙන ඇති ස්වරූපය කුමක්දැයි කියා.. ඒ නිසා මුලින්ම මා වංගීස සුමනසේකරට ස්තූතිවන්ත වෙනවා කාන්තාවන්ගේ පුකවල් මිරිකීම හරහා වෙබ් මාධ්‍යකරුවන් ස්වයංවාරණයන් සමග අනන්‍ය වන්නේ කෙසේදැයි යන්න අපට අවබෝධ කර දුන්නාට.

අපට අනුව ජයසිරි අලවත්ත විසින් ත‍්‍රිමාන වෙත ප‍්‍රතිඋත්තර සපයමින් අසා තිබුණේ ජිජැක් ගැන වෙන අයට කථා කිරීමට අයිතියක් නැතිද යන්න පිළීබදවය. මෙය හරියට කුකුළාද මුලින් ආවෙ, බිත්තරයද කලින් ආවෙ යන ගැටලුව වැනි දෙයකි..
ජයසිරි අලවත්ත සහ මගේ පරම්පරාව අතර ගැප් එකක් පවතින අතර එම පරතරය තබාගෙනම මම ඔහුගෙන් මෙසේ අසමි.
දීප්ති ඇතුලු පිරිසකගේ මැදිහත්වීම නොමැතිනම් ජිජැක් පිළිබදව ඔබලාට දැන් පවතින අර්ථයෙන් අවබෝධයක් ලැබීමට අවස්ථාව හිමිවන්නේද ???
ජිජැක් ලංකාවට පැමිණියේ ඉතා සරළ ආකාරයකට මිස ඔබ සිතන තරම් අමාරුවකින් නෙවෙයි. මා මිත‍්‍ර ස්කන්ධගේ පියා වන ලක්ෂ්මන් ගුණසේකර මහතා 1993 වසර වැනි කාලයක නිව්යෝක් වල පාඨමාලාවක් හැදෑරීමට ගොස් ලංකාව බලා නැවත එන විට ජිජැක්ගේ පළමු ඉංග‍්‍රීසි කෘතිය රැුගෙන එනවා. ඉන් පසු ලක්ෂ්මන් එවකට මිරිහානේ පැවති විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ දේශනයක් පවත්වන අතර ඉන් පසු ජිජැක්ගේ කෘතිය විභවියෙ පුස්තකාලයට දෙනවා. ඊට පස්සේ  විභවිය පවත්වාගෙන ගිය සුනිල් විජේසිරිවර්ධනයන් එම කෘතිය දීප්තිට දෙනවා.. 
ඉන් පස්සෙ සිදුවන්නෙ ජිජැක්ට නව අර්ථකථනයක් ලැබීම.. එම අර්ථකථනය අනෙකුත් අර්ථකථනයන්ගෙන් වෙනස් බව ඒකෙ දිශානතිය සහ අරමුණ පිළිබදව ඔවුන්ගේ කියවීම දෙස බලන විට අපට තේරුම් යනවා. වෙනත් අරමුණක් ඇතිව ජිජැක්ට දීපු ඒ අර්ථකථනය අල්ලගෙන කවුරු හරි දිව්‍යලෝකෙ යන්න හදනවා නම් මම හිතන් නැහැ දීපිතිවත් ,ඊට සහභාගී වූ අයවත් ඉවසාවි කියා.. ගමයා දිව්‍යලෝකේ ගියා මෙන් වංගීස සුමනසේකරත් කරන්නේ දීප්තිල ජිජැක්ට දීපු අර්ථකථකය නැමැති අලියාගේ නැට්ටේ එල්ලී දිව්‍යලෝකයට යන්න උත්සහ කිරීමයි. නමුත් ලගදීම අලියාගේ නැට්ට කැපීමට නියමිතය.
ජිජැක් සම්බන්ධයෙන්  පවතින බුද්ධිමය සංවාදවලට දීප්තිලාගේ විරෝධතාවයක් ඇතැයි මම නොසිතමි. ඔවුන් පවසන දේ පැහැදිළිය. සමාජ අරමුණු වෙනුවෙන් ඔවුන් සිදු කළ අර්ථකථන ගණිකා වෘත්තියේ යෙදවීම මට අනුව නම් තක්කඩි වැඩකි. මගේ පරම්පරාවේ එකෙකු නොවන ජයසිරි අලවත්තට මෙම අවබෝධය නොමැතිවීම පිළිබදව ඔවුන්ගේ පරම්පරාවේ බොහෝ දෙනා පිළිබදව මා තුළ පිළිකුලක් උපදවාලයි. ඉහත සදහන් කළ සංකේතීය නීතිය එසේත් නැතහොත් ජිජැක් පිළිබද ඔවුන්ගේ අර්ථකථනය අනුගමනය කළ යුත්තේ දීප්ති සමග දේශපාලනය කිරීමට පැමිණෙන අයය. අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි මගින් නිදහස් දේශපාලනය කිරීමට උත්සහ කරන අය එම නීතිය කිසිසේත් අනුගමනය කළ යුතු නැත. එම පිරිස නිදහස් දේශපාලනයක් හොයාගෙන ඇත. නමුත් දීප්ති ඇතුලු පිරිස දේශපාලනය කිරීමට තෝරාගෙන ඇත්තේ සංවිධිත ආකෘතියකි.
ඉහත උදාහරණය අනුව යමින් දැන් අපි ජයසිරි අලවත්ත ස්වයං වාරණය පනවාගෙන ඇති ආකෘතිය විමසා බලමු.
ජයසිරි අලවත්තට අනුව ජිජැක් පිළිබද වංගීස කළ කථාව ප‍්‍රවෘත්තිමය වටිනාකමකින් යුක්තය. නමුත් වංගීස ස්ත‍්‍රීන් දෙදෙනෙකුට ප‍්‍රසිද්ධියේ ලිංගික හිරිහැර කිරීම ප‍්‍රවෘත්තිමය වටිනාකමක් නැත. එම කැටගරිය කුමක්දැයි අපි අලවත්තගෙන් විමසා සිටින්නෙමු???  ජයසිරි අලවත්ත පවසන අයුරින් ඔහුට ජිජැක් පිළිබදව සප‍්‍රමාණික අවබෝධයක් පවතියි. ඒ අනුව ජිජැක්ගේ දර්ශනය අනුගමනය කළ විට ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන පිළිවෙත් හා වංගීසගේ ක‍්‍රියාවන් පිළිබදව ඔහු අවබෝධයකින් සිටිය යුතුය.
නමුත් මාධ්‍යවේදියකු වන ජයසිරි අලවත්තට වංගීස විසින් ගැහැණුන්ට ගහන එක අමතක වෙනවා. මම කියන්නේ ජයසිරි ස්වයං වාරණය පනවාගෙන සිටින මල පුඩුව ඇත්තේ ඒ අමතක වීම තුළ බවයි. එසේත් නැතහොත් ජයසිරි සිය මාධ්‍යකරණයේ ස්වයංවාරණය පනවාගෙන සිටින කලාපය අයිති වන්නේ ලිංගිකත්වය කියන කලාපයට. වංගීස ජිජැක් ගැන කීව ගමන්ම ජයසිරි ඒකට අනන්‍ය වෙලා ඒක ලංකාඩේලි එකේ දානවා. ඒ වගේම වංගීස සමනලීට සහ නදීට බොරැුල්ලේ ලිබර්ටි එකේදි ලිංගික හිරිහැර කරන සිද්ධිය ගත්තහම ජයසිරි එතනදිත් වංගීසට අනන්‍ය වෙනවා. ඒත් එයා ඒක ලංකාඩේලි එකේ දාන්නේ නැහැ.
ලිංගිකත්වය කියන  කලාපයෙදි වංගීස සහ ජයසිරි යන දෙන්නම ඉන්නෙ එකම කුලකයක.
ජයසිරි අලවත්ත යනු දැනුම් පිරුම් ඇති මාධ්‍යවේදියෙක්. අනික එයා වැඩ කරන්නේ කාටහරි පඩයක් ගියත් ඒකත් නිවුස් එකක් බවට පත් කරන පිරිසක් සමග. ඒ නිසා ජයසිරි මේ වන විටත් බුර්ෂුවා නීතියට අනුව ගෘහස්ථ හිංසනය පවා නීතිවිරෝධී බව දන්නවා ඇති. මේ වන විට බොහෝ බටහිර රටවල්වල කාන්තා හිංසනය කියන එක ස්ත‍්‍රී දූෂණ කියන කලාපයෙන් ඉවත් කරල අපරාධ නීතිය යටතට අරගෙන තියෙනවා. ස්වීඩනය වගේ රටකදි වැඩේ කර කර ඉන්න පිරිමියාට ඒක නවත්වන ලෙස කාන්තාව කී විට නවත්වන්නේ නැතිව දිගටම කළොත් ඒක වැටෙන්නෙත් අපරාධ නීතිය යටතේ කළ වරදක් විදිහටයි. මේ සදහා ක්ලැසිකල්ම උදාහරණය තමයි ජුලියන් අසාන්ච්.
ලිංගිකත්වය සම්බන්ධයෙන් ජයසිරිගේ වංගීසානුකරණ පිළිවෙත නිසා අපට පෙනෙන්නේ ඔහු මාධ්‍යකරණයේ යෙදෙන්නේ ස්වයංවාරණයක් සහිතව බවයි. ජයසිරි අලවත්ත උදාහරණයක් ලෙස ගෙන පෙන්වූයේ ඔහුට අදාළ කලාපය පිළිබදව ජනමාධ්‍යයේ උන්නතිය වෙනුවෙන් කථා කරන අපට අලුත් තත්ත්වයක් වන නිසාය. ඒ නිසා මාධ්‍යවේදීන් සිහිතබා ගත යුත්තේ තමා ස්වයංවාරණයේ යෙදෙන සමහර කලාප තමන්වත් නොදන්නා බවයි. ලිංගිකත්වය යනු එහි එක් ස්වරූපයක් පමණි. එය අපගේ සවිඥාණයට ග‍්‍රහණය කරගත හැකි ලිංගික සාධකයක් නෙවෙයි. ඒ නිසා අපි ඒ පිළිබදව වඩාත් අවධානයෙන් සිටිය යුතුය.
සමාජය තුළ මිනිස් අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම්, ප‍්‍රජා අයිතිවාසිකම් මෙන්ම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බොහෝ පුද්ගලයන් මෙම සිද්ධියේ දී පූසන් මෙන් හැසිරෙන්නේ තමන් නොදන්නා මේ ලිංගික කලාපය නිසාය. ඒ වගේම පිරිමින්ට සේම ගෑණුන්ටද රාජකාරි පමණක් නොව අයිතිවාසිකම් ද ලබා දිය යුතු නැතිද?? රාජකාරිය නොව සිය අයිතිය ඉල්ලමින් සිටින ස්ත‍්‍රියකගේ තන් මිරිකීමට යන විට එයට විරුද්ධව එම ස්ත‍්‍රියට වංගීස වෙත බියර් මග් එකකින් පෙරලා පහරදීමට අයිතිවාසිකමක් නැතිද???
 අවසාන වශයෙන් කීමට ඇත්තේ ලිංගිකත්වය යනු ස්වභාවික දෙයක් නොවන බවයි. එය අවබෝධ කරගත් විට ලිංගිකත්වයේ අපට නොපෙනෙන මානය නිසා අප තුළ ස්වයං වාරණයක් හටගන්නේ නැත. මෙය අවබෝධ වූ දිනයක් වේ නම් අපට එතැන් සිට බොහෝ දේ කථා කළ හැකිය.
දසුන් රාජපක්ෂ

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. මේක ලංකාවේ තිබෙන දේශපාලන කුහකත්වය පිලිබඳ ප්‍රශ්නයක්නේ. මෙහිදී ජයසිරි අලවත්තට දෙවෙන සිදුවීම ගැන අවබෝධයක් තිබුණය කියා හිතන්න අමාරුයි. නමුත් පළමුවැන්න ගැන කියනවනම් වන්ගිස ඒ පිලිබන්දමතක් කල යුතුයි. එසේ වතුදු වන්ගිසගේ කතාව ජයසිරි ලේඛකයෙක්ය් හැටියට පල කිරීමක් විතරයි කරලා තිබෙන්න. දෙවන ප්‍රශ්නයට උත්තරය ලෙස නදීක බණ්ඩාර ගේ ලිපිය පලවී ඇත.

  2. හැමදෙනාම අනන්‍ය වෙන්න හදන කලාපය රහසිගත බව මගේ අදහසයි. කෙනෙක් හිතනව තමන් ලේඛකයෙක් බව. තව කෙනෙක් කියනව එයා නිර්දේශපාලනික බව. ගැටලුව මේ අයට සංවිධිත ආකෘතියක් නැතුව හිතුණ හිතුණ දේ කරන්න පුළුවන්ද කියන එකයි. මතවාද දරන්න පුළුවන් කියන එක නිදහස කියලනෙ කියන්නෙ. එතකොට මේ බබ්බුන්ගෙ වැඩක්ද? අර මනුස්සය දන්නෙ නැතුව කරපු වැඩක්. අපි දන්නව මේක තුච්ජ වැඩක් බව. මේ සිදුවීම්වලට ඉතිහාසයක් තිබෙනවා. හිමාෂි මේ අය ගැන දන්නෙ නැති බව ස්තීරයි. මෙයාලගෙ පොදු සතුරා දීප්ති බව මම අවධාරණයෙන් කියනව. පැහැදිලිව මේක හිතල කරපු දෙයක්. ඔය කියන ‘ප්‍රමාණවත් අවබෝධය” වගේ අදහස් ගත්තොත් එහෙම දෙයක් ඔය කියන අය ළග නෑ. හැමකෙනෙක්ගෙම අදහස්වලට ගරුකරන්න ඕන වගේ කතාවල ඇත්ත නම් මේ හැමදෙනාටම තක්කඩි වැඩ කරන්න දීල බලන් ඉන්න කියන එකයි. මේ අයට මානව නිදහස හෝ ලිංගික නිදහස ගැන පංති කිරීම විහිලුවක්. පුකෙත් ඇල පර්ස් එකත් අරන් පනින හොරු එක්ක දේශපාලනය කරන්න බැහැනෙ. මම හිස් තැන් ගොඩක් තියලයි මේ කියන්නෙ. සමාජ ව්‍යාපාර තිබිය යුත්තේ එකක් පමණයි. පළමු කාරණය යම් පිරිමියෙක් ස්ත්‍රීවාදය ගැන සංවාදයකට යන්න කලින් කොණ්ඩමයක් සාක්කුවෙ දාගෙන ගියා. දෙවැන්න තව පිරිමියෙක් පාචිච්චි කරපු කොණ්ඩමයක් බිම තිබිල ඇහිදගෙන එ්ක ඇතුලට මසල වඩයක් දාගෙන යන්න ගියා. සමාජ ව්‍යාපාරවලට අදාල දේවල් පුද්ගලිකව කරන්න ගියාම පුද්ගලික ආතල්වලින් තමයි අවසන් වෙන්නෙ. තමන් සමාජයට වග කියන්නෙ නැත්නම් කතා කරන්න ඕන දත් කැක්කුම වගේ දේවල් ගැනන‍ෙ. මේක අතිශ්‍යය සරල කළොත් මුන්ට දෙන්ඩ ඕනෙ උත්තරේ මේකයි මෙච්චරයි.’කැරි වේසිගෙ පුතාල එනවද මෙතන පකට හුකන්ඩ? තොපෙ පයියවල් කපල පුකේ ගහහනව දැනගනිව්.ගෑනුන්ට බෝල බස්සල උන්ගෙ පුකවල් ලෙවකාල ලෙවකාල, උන්ගෙ බැංකුපොත් උස්සල, දැන් එනව දිව දික්කරන්ඩ.”

  3. විප්ලවවාදින් යනු කල්ලිවාදින්, දෙශපාලන තොරා ගැනිමක් කල අයයි.දිප්ති මෙහෙම කියන්නෙ නිකන් නොවෙ.බාර් එකේ ඇතිවුන සිද්දියෙදි වන්ගිශට,චාපට හයිය ලැබුනෙ කොහොමද?මුන්ව පොරවල් කලේ ඔය දැන් ස්ත්‍රිවදය ගැන මුනුපොතෙ ලොරි ටොක් දෙන එවුන්ම නේද? කල්ලිවදින් නම් හැම එකාම රෙද්දෙ අස්සෙ දාගන්නෙ නැත. දිප්තිල මුන් ගැන කතා කරන්නේ අවුරුදු කියක ඉදන්ද (විපරිත ටින් ටින් ) .ඔය ලොරි ටොක් දෙන එවුන් නරුමවදිව මග හරින්නෙ මෙයයි. අපේ රටෙ එවුන්ට ඉතිහාසය මතක නැත.අර කෙල්ලගෙ ආත්මගරුත්වය විනාශ කලේ වන්ගිශ නොවේ ඔය කියන විප්ලවවාදින්මය .උන්ට නටන්න වෙදිකාව හදලා දැන් ස්ත්‍රිවදය ගැන කතා කරන්නෙය.හිමාශිලට ඇත්ත උවමනාවක් සමාජය සම්බන්දයෙන් ඇතිනම් මුනු පොතෙ ලොකු කම් කතා නොකර තොරා ගැනිමක් කල යුතුය.සන්විදිත,විනයගත පක්ශයක් නොමැතිව තනි පුද්ගලයෙකුට කරන්න පුලුවන් බම්බුවක් නැත.මෙය නොදන්න ජයසිරි බබාද?

  4. දීප්තිට මුවා වී කබ්බන් රජවීම කියන්නෙ මේකට තමයි

Comments are closed.