‘සමබිම පක්ෂය’ විසින් ලබන වසරේ ආරම්භයේ දී ”ෂැංග්‍රිලා හෝටලයේ” ලොබිය කේන්ද්‍ර කොටගෙන චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට අදහස් කරයි. බටහිර චින්තනය තුළ යුතෝපියා අදහසට පෙරදිග චින්තනයෙන් එන අදහස වන්නේ, ෂැංග්‍රිලා ය. (පෙර නොදුටු දසුන) ලංකාවේ සාමාන්‍ය මිනිසාට ධනවාදය යනු, ආර්ථික මොඩලයක් නොව සුද්දා විසින් අපට පටවා ගිය කරදරයකි. 71 වර්ෂයේ සිට අද දක්වා ධනවාදයට එරෙහි වන්නන් හාස්‍යයට ලක් වන්නේ, මේ නිසා ය. ලෝක ක්‍රමයක් ලෙස ‘ධනවාදය’ අවසන්ව ඇතත්, සකර්බර්ග්ගේ වහල් අවකාශය තුළ වහලුන්ට අනුව ඔවුන් ධනපති විරෝධීන් ය. ඒ අර්ථයෙන්, ෂැංග්‍රිලා යනු, ප්‍රතියුතෝපියාවකි. සුද්දා උත්තරාරෝපණය කළ ධනවාදය චීනා විසින් විකාරයක් බවට පත් කර ඇතත්, බහුතරය තවමත් උන්මන්තක පරිභෝජනවාදීන් ය.
පශ්චාත්-නූතනවාදය යනු, නූතනත්වයට එරෙහි වීමක් නොව නූතනත්වයට ඇති නව අනුරාගයකි. සිංහල ජාතික චින්තනය යනු, ගෝලීය ධනවාදයට ඇති නව අනුරාගයකි. එසේ නැතිව, විමුක්ති සටනක් නොවේ. තනි පුද්ගලයන්ගේ සටන් විමුක්ති සටනක් වීමට නො හැකි ය.
ලංකාවේ චිත්‍ර ශිල්පීන් පසුගිය වසර 15 තුළම සිදු කළේ, චිත්‍ර ඇඳීම පසෙක දා චිත්‍ර ගැන දාර්ශනික කතා ගෙතීමයි. අධ්‍යාපනය සඳහා ගමෙන් කොළඹට පැමිණි අයට යළිත් ගමට යාමට නො හැකි ය. ඒ නිසා, ඔවුන් කොළඹට කරදර කරති. ඔවුන් චිත්‍ර ශිල්පීන් වනවාට අමතරව උපාසක මහත්වරු වී ඇත.
සුද්දාට පසුව, තවමත් ස්වදේශිකයෙකුට ලංකාවට ධනවාදය ඉගැන්වීමට නො හැකි විය. කාල් මාක්ස් යනු ද ජර්මානු යුදෙව්වෙකි; සුද්දෙකි. ඔහු දේශපාලන-ආර්ථිකය විචාරය කළ චින්තකයෙකුට වඩා ලංකාවේ දී අධිරාජ්‍යවාදියෙකි.
පෞරාණික යුගයේ සිට ලංකාවේ කලා නිෂ්පාදන කටයුතුවල දී පැවතියේ, ‘ඉඩම්හිමි-ප්‍රවේණිදාස’ සබඳතාවයකි. ඒ නිසා, කලාවට අදාළ දේශපාලනය යනු, ස්වාමි-සේවක සබඳතාවයකි. නැටුම, නාට්‍යය, ටෙලි නාට්‍යය, සිනමාව ආදී සියලුම කලාවන්වල පදනම වැටී ඇත්තේ, ස්වාමි-සේවක සබඳතා හරහා ය. එය, චිත්‍රයට ද අදාළ ය.
pain art
2004 වර්ෂයේ දී, අප මෙම ‘ස්වාමි-සේවක’ බන්ධනය බිඳීමට ගත් උත්සාහය නිශ්ඵල විය. මන්ද, ස්වාමියෙක් නැති වහල් කැරැල්ලක් ඉන් උත්පාද වූ නිසා ය. සමකාලීන චිත්‍ර ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට චිත්‍ර ඇඳීමේ දැනුම සහ තාක්ෂණය ඇත. නැත්තේ, ඇඳිය යුත්තේ කුමක්ද සහ එය ඇඳිය යුතු රාමුවයි. චිත්‍ර ශිල්පියා තමන්ගේ අභ්‍යන්තර මනෝවිද්‍යාව අඳින්නේ නම්, එය රැඩිකල් ය. නමුත්, ඔවුන් ඇඳීමට උත්සාහ කරන්නේ, අනෙකාගේ විඳවීමයි. ඒ නිසා, ඔවුන්ගේ චිත්‍ර කලාව චිත්‍ර කලා ඉතිහාසයට අනුව කුමන ශානරයේ පැවතියත්, ඒවා යථාර්ථවාදී ය. අද කාලයේ ඔබගේ අවිඥාණය ඇඳීම රැඩිකල් නැත. මේ වන විට, ‘මර්ධනය’ යනුවෙන් දෙයක් නැති නිසා ‘අන්තර්ගතය’ අතුරුදහන් වී ඇත.
සමකාලීන කලාකරුවා ”නාස්ති කරන කාලය” සහ ”වටිනා කාලය” අතර බෙදුම්කඩනය හඳුනාගත යුතු ය. අද දවසේ, චිත්‍ර ඇඳිය යුත්තේ ඒවා විකිණීම උදෙසා ය. එසේ විකිණීමට අදාළ නැති චිත්‍ර ඔබ කලාගාරයට රැගෙන නොඇවිත් ඒවා ඔබේ වැසිකිළියේ එල්ලන්න!
ඔබ චිත්‍ර ඇඳ හොඳ පුරුද්දක් ඇති අයෙක් නම්, පහත දුරකථනය අමතන්න. නැතහොත්, Email ලිපිනයට ලියන්න.
අපගේ ‘සායනික චිත්‍ර ප්‍රදර්ශනය’ සඳහා චිත්‍ර අඳින චිත්‍ර ශිල්පීන්ට ‘සංකල්පනා’-concept- දෙන්නේ දීප්ති කුමාර ගුණරත්න විසිනි. ඔබේ සංකල්පනා වලට අනුව ඇඳි චිත්‍ර විකුණාගත නො හැකිව ලතැවෙන බව අපි දනිමු. ඔබ ස්වාමියෙක් නම්, ඔබට තවදුරටත් චිත්‍ර ඇඳීමට නොහැකි ය. නමුත්, ඔබ සංස්කෘතික නිර්ධනයෙක් හෝ වෙනත් කෙනෙකු ඉදිරිපත් කරන ‘සංකල්පයක්’ ආකෘතිගත කිරීමට කැමති වහලෙක් නම්, ඔබට මෙතැන දොර ඇරී ඇත. ඔබ සඳහා විශේෂ වැඩමුළුවක් අප කාර්යාලයේ සංවිධානය කරන අතර ඉන්පසු ඔබට අප වෙනුවෙන් චිත්‍ර ඇඳීමට හැකි ය. චිත්‍ර කලාව සඳහා මෙතෙක් පැවැති ඇකඩමික් ශික්ෂණය සහ NGO ශික්ෂණය සමතික්‍රමණය කරමු.
දෙසැම්බර් 10 වනදාට පෙර අප අමතන්න! වැඩි විස්තර පසුවට.
Nuwan de Siva -0715324110.
Harshana- 0774364118.
sanurankaha.acc@com.
ඔබේ අදහස කියන්න...