දීර්ඝ කාලයක් තිස්සේ විප්රවාසීව සිටින තිලක් කෝදාගොඩ මීට හය මසකට පෙර එක්තරා රාත්රියක දී අපූරු ප්රශ්නයක් මගෙන් අහනවා. ඔහු ප්රශ්නය ගොඩනගන්නේ මෙහෙම.
”යථාර්ථය ප්රබන්ධයක්ය කියන මතය වැරැුදියි. ජිජැක් එහෙම කියල නැහැ. ජිජැක් එහෙම කියල තිබෙන්නෙ කොහේද?”
මේ ප්රශ්නයට පිළිතුරු මා සත්හඬ පුවත්පත ඔස්සේම සැපයුවේ ඒ දවස්වලමයි. පුදුමයට කාරණය තමයි මේ ප්රශ්නයම දැන් නැවත භූපති නලින් වික්රමගේ අහමින් සිටීම. තිලක් ඒ ප්රශ්නය ඇසීම මට දැනුනෙ ඛේදවාචකයක් විදිහට. හේතුව තමයි ප්රශ්නය මට දැනුම් දුන්නේ ඔහු එතෙක් කරමින් සිටි දේශපාලනයෙන් විගලිත වෙමින් සිටින බවයි. එහෙත් ඒ ප්රශ්නය භූපති නැවත මා වෙත ඉදිරිපත් කිරීම මට අනුව විගඩමක්.
මේ ප්රශ්නය මගෙන් ඇසීමට පසුබිම් වූ නිධාන කතාව මෙතනට වැදගත්. පසුගිය දවසක ඩිජිටල් ඇකඩමිය සංවිධානය කළ සාකච්ඡුාවක් පදනම් ආයතනයේ දී පැවතුණා. එහි ප්රස්තුතය වුණේ මනෝ විශ්ලේෂණය සිනමාව කියවීම සඳහා යොදා ගත හැකි ද යන්නයි. මනෝවිශ්ලේෂණය හුදු සායනික ප්රතිකාර ක්රමයක් පමණක් බවට වූ ස්ථාවරය නියෝජනය කළේ රොහාන් පෙරේරා විසින් පුහුණු කළ මනෝ විශ්ලේෂණ අධ්යයන කවය නමින් හඳුන්වාගත් සිව්දෙනෙක්. රොහාන් පෙරේරා ඔවුන්ව මනාව පුහුණු කර නොතිබුණ බවත් විශේෂයෙන් ජිජැක් කියවීම ඔවුන්ගෙන් වහන් කර තිබුණ බවත් එතැන දී පැහැදිලි වීම වෙනම කරුණක්. මේ නිසා එතැන දී අවමානයට ලක් වුණේ පැමිණ සිටි තරුණයන් හතර දෙනා නොව රොහාන් පෙරේරා බව කාටත් පැහැදිලි වුණා.
මනෝ විශ්ලේෂණය සිනමාව කියවීම සඳහා යොදා ගත හැකි බවට ගත් මතය එහි දී නියෝජනය කරන බවට නිවේදනය වුණේ මාත් සමඟ විදර්ශන කන්නන්ගර සහ භූපති නලින් වික්රමගේ යන දෙදෙනා. මගේ මේ ලිවීමට ප්රස්තුත වන්නේ භූපති එතැන දී ප්රකට කළ හැසිරීම . තමාගේ අහංකාර පරවශ හැසිරීමත් කතා විලාශයත් තුළ ඔහු හැමවිටම උත්සාහ කළේ තමා අනෙක් අයගෙන් වෙනස් බව සලකුණු කිරීමට. මෙම ලිපියේ වපසරිය තුළ මා උත්සාහ කරන්නේ මනෝ විශ්ලේෂණයම භාවිත කරමින් මෙම තරුණයාගේ අහංකාර පරවශ හැසිරීම තුළ ඇති ආත්ම මූලිකත්වය විශ්ලේෂණය කිරීමට.
භූපති සමස්ත වැඩ සටහන පුරාම හැමවිටම උත්සාහ කළේ තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට වඩා අනවශ්ය ලෙස තම කට හඬ තිව්ර කරමින්
පේ්රක්ෂකාගාරය පිරිසැර වීමට නැතහොත් තමා වෙත නතු කර ගැනීමට. කොටින්ම ඔහුට අවශ්ය වුණේ තමා අනෙකාගේ විනෝද සාධකය බව තහවුරු කිරීමට. අප ඔහු හඳුනන්නේ පුවත් පත් සඟරා ආදියට ලියන සිනමා විචාරකයෙක් ලෙස. එලෙස ලිවීම සහ මෙබඳු රැුස්වීම් සහ සාකච්ඡුාවලට සහභාගී වීම හැර ඔහු මෙරට සංස්කෘතියට කර ඇති කැපී පෙනෙන සම්ප්රදානය කුමක්ද? මෙවැනි ප්රශ්නයකට කෙනෙකු වෙත ඉතිරි වන එකම පිළිතුර වන්නේ ”කිසිත් නැත” යන්නය.
මේ කතා බහ තව දුරට ප්රසාරණය වීමට නම් එදා එතන සිදු වූ දේ මා ඔබට හරියටම වාර්තා කළ යුතුයි. මනෝ විශ්ලේෂණ අධ්යන කව්යය පළමුව තමන්ගේ මතය අතිශ්යය දුර්වල ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් පසු කතා කිරීමට අවස්ථාව ලැබුණේ මටයි. මා පළ කළ මූලික අදහස සැකෙවින් දක්වතොත් මෙපරිදිය.
මෙය මුළුමනින්ම සායනය පිළිබඳ කාරණයක්. විශේෂයෙන්ම වෛද්ය සායනය – Medical clinic- සහ මනෝවිශ්ලේෂණ සායනය අතර වෙනසක් තිබෙනවා. වෛද්ය සායනය කිසියම් ඵලදායී -positive- ප්රතිඵලයක් අපේක්ෂා කරනවා. මන්දයත් එය ප්රතිකාර කරන්නේ ශරීරයට නිසා. නිදසුනක් ලෙස තුවාලයකට බෙහෙත් දැමීමෙන් එම තුවාලය සුව වෙනවා. පිත්තාශයේ ගල් ශල්ය කර්මයකින් ඉවත් කරන්න පිළිවන්. හැබැයි මනෝ විශ්ලේෂණ සායනයේ දී ප්රතිකාර කරන්නේ බාධිත ආත්මයට – science of subject- මේ නිසා බොහෝ විට මනෝ විශ්ලේෂණ සායනය ලබා දෙන්නේ ඍන ප්රතිඵල -negative- නිදසුන් විදියට ෆ්රොයිඞ්ගේ Dora ,Irma,Rat Man ආදී වූ රෝග විනිශ්චයන් අසාර්ථක වෙනවා. කෙසේ වෙතත් ලංකාවේ මනෝ විශ්ලේෂණ සායන පවත්වන්නට මනෝ විශ්ලේෂකයන්- Psychoanalysts- නැහැ. ඒ වෙනුවට මෙහි සිටින්නේ මනෝ චිකිත්සකයන් – psychiatrist’s- මනෝ චිකිත්සිකයන් යනු මෝඩයන් රැුලක්. (ඉන් අදහස් වන්නේ ඔවුන් ඉතා මුග්ධ ලෙස ආත්මයට ප්රතිකාර කිරීම පසෙක ලා ශරීරයට ප්රතිකාර කිරීමයි. එනම් ඖෂධ නියම කිරීමත් ස්නායු අඩපණ කරන එන්නත් ලබා දීමත් ආදියයි.]
ඊළඟ කාරණය තමයි මනෝ විශ්ලේෂණය සිනමාව කියවීම පිණිස භාවිතා වන්නේ කෙසේද යන්න. සිනමාව කියන්නෙම ෆැන්ටසියක්. අප චිත්රපටයක් බලන්නෙ අඳුරු සිනමා හලක් තුළ. අපේ හිසට ඉහළින් ආලෝක කදම්බයක් ගොස් සුදු තිරය මත හැපී පින්තූර මවනවා. හඬ, රූප ආදී වූ සියල්ලම පටිගත කළ දේවල්. සජීවී කිසිවක් නැහැ. එතන තිබෙන්නේ ප්රබන්ධ කළ යථාර්ථයක්. යථාර්ථය යනු ප්රබන්ධයක් තමයි. හුදු සත්භාවමය තත්ත්වයක් – ontological condition- වන මනෝ විශ්ලේෂණය සිනමාව කියවීම තුළ ලබා දෙන්නේ දාර්ශනික ප්රවේශයක්.
අනතුරුව භූපති වහාම නිවේදනය කළේ මනෝ විශ්ලේෂණය පිළිබඳ තමාගේ මතය අනෙක් අයට වඩා වෙනස් බවයි. දේශපාලනිකව ඔහු අප සමඟ නැති බව ඒ සමඟම ඔහු අවධාරණය කළා. ඔහුට අනුව ලැකාන් තමා වෙත පැමිණි රෝගීන් මනෝ චිකිත්සනය සඳහා යොමු කළ තැන් ඇත. අප ඇසිය යුතු ප්රශ්නය නම් ලැකාන් එලෙස කි්රයාකළ බව සඳහන්ව ඇත්තේ කොහේද යන්නය. ෂාක් ඇලන්මිලර්ගෙන් නොව ලැකාන්ගෙන්ම එය පෙන්වා දිය යුතුය. ආත්මයට ප්රතිකාර කළ යුතු විටෙක කිසිවකු ශරීරයට ප්රතිකාර කිරීමට ගත් විට ඔහු කරන්නේ දෘෂටිවාදී කි්රයාවක්. එහි මුග්ධ බව මතු වන්නේ එතැනින්. භූපති එහිදී පැහැදිලිව ප්රකාශ කළේ තමා මනෝ විශ්ලේෂණයෙන් බැහැරව ද සිනමා විචාරයේ යෙදෙන බවය. නිදසුනක් ලෙස [ඔහුම සඳහන් කරන පරිදි] සක්කාරං පිළිබඳ රාවයට ලියන ලිපියේ මනෝවිශ්ලේෂණය ගෑවුණ තැනක් නැත.
මනෝවිශ්ලේෂණය අත්හැරීමත් සමඟ ඔහු කලා කෘතියක් කියවීමේ දාර්ශනික ප්රවේශයක්ද අත් හරී. එවිට අපට හසුවන්නේ දෘෂ්ටිවාදය නොමැති පූර්ව මාක්ස්වාදී යුගය දක්වා පල්ලම් බැසීමයි. (භූපති රාවයට ලියා තිබූ සක්කාරං විචාරය පුෂ්පජිත් සත්හඬට ලියා තිබූ කියවීම සමඟ සසඳන්න] රාවය විචාරය තුළ ඔහු යථාර්ථය සක්කාරං තුළ නිරූපණය වෙනවාදැයි සොයන්නට වන්නේ එබැවින්.
දීප්ති 2013 ජනවාරි – මාර්තු 14 ප්රකාශනයට කිසලොව්ස්කිගේ සිනමාව පිළිබඳ ලියන ලිපියක මෙලෙස සටහන් කර තිබීම යළි කියවීම වැදගත්.
”ඉදිරියට අපගේ කලා විචාර න්යාය දිශානත විය යුත්තේ කලා කෘතිය මඟින් ඉන් බාහිර යථාර්ථය නිරූපණය වනවාද යන විමර්ශන න්යාය මත පදනම්ව නොවේ. ඊට විකල්පව අප ඉදිරිපත් කළ යුතු නව කලා විචාර න්යාය විය යුත්තේ ‘කලා කෘතිය’ යන්නම අසම්පූර්ණ යථාර්ථයක් බව පෙන්වීමටයි.” දීප්ති කුමාර ගුණරත්න – 2013 ජනවාරි – මාර්තු 14 ප්රකාශනය අපගේ සමාජ යථාර්ථය පෝෂණය වන්නේ සංකේතික ප්රබන්ධ හෝ ෆැන්ටසි ගොඩනැගීම මඟින් එබැවින් නිර්මාණ කරණයේ පරම කාර්ය යථාර්ථය නැවත නිර්මාණය කිරීමවත්, ප්රබන්ධයක් යථාර්ථයක් ලෙස [වරදවා] ගැනීමට පෙළඹවීමවත් නොවේ. සිදු විය යුතු දේ නම් යථාර්ථය[reality] තුළ ඇති ප්රබන්ධමය බව ග්රහණය කර ගැනීමට සැලැස්වීමයි. නැතහොත් යථාර්ථයම ප්රබන්ධයක් ලෙස අත්දැකීමයි. එම අදහස මා
පෙළගස්වන්නේ ජිජැක්ගේ The Fright Of Real Tears කෘතිය ඇසුරින්. කෝදාගොඩට මා උපුටා දැක්වූයේ එයයි.
භූපති නලින් අනියම් ලෙස සිනමා විචාරයෙන් මනෝවිශ්ලේෂණය අත්හැරීමට යෝජනා කිරීමෙන් සහ එය භාවිතාවට ගැනීමෙන් (සක්කාරං විචාරය] සිනමා විචාරය අතිශය ඕලාරික වූ සමාජ විද්යාත්මක ඌනතා කියවීමක් බවට පත් කරනවා.
මෙහිදී සිහිපත් කළ යුතු දේ නම් මනෝ විශ්ලේෂණය පිළිබඳව මෙලෙස විවාද කරමින් සිටින්නේ විශ්වවිද්යාල ඇකඩමියාවෙන් පිටත දී බවයි. (අපේ රටේ ඇකඩමියාවේ බංකොළොත් බව වෙනම දෙයකි.] එහෙත් ලැකාන්ම කියන පරිදි ඇකඩමියාවෙන් පිටත දී එය සාකච්ඡුා කිරීම අවසන් වන්නේ සයිකෝසියාවෙන්ය. මෙයට හේතුව අන් කිසිවක් නොව තමාට රිසි පරිදි මනෝ විශ්ලේෂණය පිළිබඳ බේගල් (නිර්වචන] ඇදබෑමට ඇකඩමියාවෙන් පිටත දී අවකාශ ලැබෙන බැවින්.
භූපති එතැන දී පළමුව ප්රකාශ කළේ ජිජැක් ප්රධාන කොට නොගන්නා බවයි. ඉන් ඔහු සලකුණු කළේ අප අතර ඛණඩනයයි. (එහෙත් මනෝ විශ්ලේෂණය දාර්ශනික ප්රවේශයක් ලෙස ගැනීමේ දී මට ජිජැක් ප්රධාන වන බව කිව යුතුයි.] ඒ වෙනුවට ඔහු මිෂෙල් ශියෝන්, ජුවාන් ඬේවි නාසියේ වැනි නම් කිහිපයක් සඳහන් කළේ තමා මනෝ විශ්ලේෂණය කියවන්නේ ඔවුන්ව අත්වැලක් කොට ගනිමින් බව හඟවමින්. හබෑව නම් මිෂෙල් ශියෝන් විචාරකයකු මිසෙක මනෝ විශ්ලේෂකු නොවන බවයි. ඔහු ෂාක් ඇලන් මිලර් ගැන ද සඳහන් කළ බැවින් අවධාරණය කළ යුත්තේ මිලර් යනු ලිබරල් දෘෂ්ටිවාදයේ ප්රකාශකයකු බවයි. මිලර්ගේ මනෝ විශ්ලේෂණ සහ චිකිත්සනය ගැන ඔහු කියූ බේගල් අහුලා ගත්තේ කොහෙන්ද?
මා ඉහත අවධාරණය කළේ ඇකඩමියාවෙන් පිටත මේ දේවල් කතා කිරීමෙන් සිදු වන හානියයි. විශ්වවිද්යාල ඇකඩමියාව පිරිහී ඇති තැනෙක ඒ සඳහා වූ ආදේශනයක් මහජනතාව තුළින් මතුවිය යුතුය. ක්රමවත්ව ලැකානියානු මුල් කෘති අධ්යයනය කරන අතර එහි දාර්ශනික ප්රවේශ ගවේෂණ නොකිරීම නිසා චින්තනමය වශයෙන් අයාලේ යාම වළක්වන්නට බැහැ.
මේ ඊනියා තරුණයා ගෙදරින් බත් මුලක් බැඳගෙන විත් අග නගරයේ අතන මෙතන රස්තියාදු වෙමින් සිටින්නකු මිස පොත පත එළඹ සිටි සිහියෙන් කියවන්නකු නොවන බව පැහැදිලිය. පොත් තබා ඔහු මෙබඳු කරුණු සාකච්ඡුා කිරීම සඳහා කදිම වේදිකාවක් වී තිබෙන සත්හඬ පත්තරයවත් කියවන්නේ නැත. එසේ කියවනවා නම් යථාර්ථය යනු ප්රබන්ධයක් යයි සමන් වික්රමාරච්චි පළ කළ අදහස සමඟ මම එකඟ නැහැ යනුවෙන් වූ අහංකාර ප්රකාශය කරන්නේ ද නැත. මනෝ විශ්ලේෂණය වෙනුවෙන් පෙනී සිටීම සඳහා තවත් දෙදෙනෙකු සමඟ එක පෙළට හිඳගත් විට පොළා පැනීම -interpellation- යන අල්තුෂරියානු යෙදුමෙහි අර්ථය ඔහු දන්නේ නම් තමා එතැන more- than- භූපති කෙනෙකු ලෙස නැගී සිටීමේ අර්ථය කුමක්ද? යථාර්ථය ප්රබන්ධයක් ලෙස නොගන්නේ නම් ඔහු මනෝ විශ්ලේෂණය වෙනුවෙන් පෙනී සිටින්නේ කෙලෙසද?
තිලක් කෝදාගොඩ සමඟ මෙම ප්රශ්නය පැන නැගුන වේලෙහි යථාර්ථය ප්රබන්ධයක් බව ලැකානියානු මනෝ විශ්ලේෂණය තුළ පැහැදිලි වන්නේ කෙසේ දැයි සත්හඬ මඟින් එළිදරව් කර තිබුණත් සත්හඬ නොකියවන භූපතිට එය මඟ හැරී තිබීම මගේ වරදක් නොවේ. ඇසිය යුතු ප්රශ්නය නම් ලැකාන් මඟහැර මනෝ විශ්ලේෂකයන් නොව හුදු විචාරකයන් උපුටා දැක්වීම තක්කඩිකමක් නොවේ නම් අන් කුමක්ද? යන්නයි.
ඍජු ලැකානියානු මනෝ විශ්ලේෂණය අනුව යථාර්ථය යනු ප්රබන්ධයක් තමයි. (කෙනෙකුට මෙය පැහැදිලි කර ගැනීමට අවශ්ය නම් ලැකාන් තම සයිකෝසියාව පිළිබඳ සම්මන්ත්රණයේ දී කියා ඇති දේවල් අධ්යයනය කළ යුතුය. සයිකෝසියාව යන්න සාරාංශ ගත කරන්නේ නම් එය පුද්ගලික සංකේත ලෝකය පිළිබඳ කතාවකි. shruberගේ ජීවිත කතාව යනු එහි විපුල ඵලයයි. අවශ්ය වන තරමින් ඉදිරියේ දී මේ ගැන කතා කළ හැකිය. ජිජැක් යථාර්ථය ප්රබන්ධයක්ය යන්න වඩාත් සිත් ගන්නා ලෙස විස්තාරණය කර තිබෙන්නේ real tears නමැති වියමනෙහි කිසලොව්ස්කිගේ සිනමාව තියුණු ලෙස කියවමින්. තිලක් කෝදාගොඩ වෙනුවෙන් එම පොතින් කොටසක් සිංහලට නගන්ට මට සිදු වුණා. මෙම ජිජැකියානු වියමන පිළිබඳ මා එදා සඳහන් කරද්දී විදර්ශන එය තම ගමන් මල්ලෙන් එළියට ගෙන පෙන්වන විට මා පැවසුවේ ඒ පොත ඔහු කියවා තිබේ නම් මා කියමින් සිටි කරුණු ඔහුට මනාව වැටහෙනු ඇති බවයි. සිනමාවේ විජයග්රහණය වන්නේම එමඟින් යථාර්ථයේ ප්රබන්ධමය බව පෙන්වා සිටීමයි.
භූපති එහි කරමින් සිටියේ ලැකාන් කියා තමාගේ හිතට එන හැම විකාරයක්ම වමාරන එක. මේ නිසා මගේ මතකයට නැගුණේ තමා මාර්ග ඵලලාභියකුයි කියා ගන්නා සමන්ත භද්ර බුදුන්ගේ බණ, බුදුන් වදාළේ යැයි කියමින් දෙසන තමන්ගේ දම් දෙසුම්වලට ඔහුට ති්රපිටකය අවශ්ය නොවන්නා සේ භූපතිටත් ලැකාන් කියුවේ යයි කියා දැමීමට ලැකාන්ගේ හෝ ජිජැක්ගේ පොත් කියවීම අවශ්ය නැහැ. ඉන් උපුටා දැක්වීමත් අවශ්ය නැහැ. මෙය ඇකඩමියාවෙන් පෝෂණය වී එයටම ගැරහීමක්.
මෙහිදී අප නැගිය යුතු ප්රශ්නය නම් ජිජැක් යථාර්ථය ප්රබන්ධයක් බව පැහැදිලි කර තිබිය දී [Real Tears] එය එසේ නොවේ යයි කියන ලෙස ඔහුට කිව්වේ කවුද යන්නය. ඔහු මේ සාකච්ඡුාවට එන්නේ ම මට විරුද්ධ වන බවට කල් තියාම සිත්හි තබාගෙනය. සැබැවින්ම ඔහු විරුද්ධ වන්නේ මට ද? නැතහොත් වෙන කෙනෙකුට ද? මේ ප්රශ්නයට පිළිතුරු සෙවීම කල් දැමීමට සිදුවේ.
මතු සම්බන්ධයි
සමන්
saman methanadi samanthabadra upama karmin karan prakashaya thakkadiprakasayak wagema karunu nodana kiyawanna nomaga yawimata karana uthasahayak ohu balanna one samanthabadra karana prakasa harida waradidda kiyala kiyanna tharam budu dhama nodanna modayek vidiyata mama dakinne budun kiyanne darshanikayek wagema mano prathikara niyama vidiyata dunna kenek kisagothamita dunna padama aba ata tikka hoyagena enna ..patachara niruwathin damsaba mandapayata awama ayata dunna padama laknla jijakla mokkuda ? pandithamani wenna ona nisa jijak lakanlage udaharana genawa darshanika udaharana budu dhama thul ona tharam thiuyenawa ..oya pandithayanta kiyanne puluwannam samanthabadra ashramayat gihilla vada karala samnthabadra parajaya karanna api balagena innawa ehama ekek bihivenakan nathi thana kaywaru gahan ponnayo hama thanama innawa .deepthi saman yamuda samanthabadra ashramaya paththe darshanika vadayakata mokada kiyanne ?
Comments are closed.