දේශපාලනික වශයෙන්, වාමාංශය ඉතාම අර්බුදජනක සමයක ‘න්‍යාය කතා කිරීම’ යුගයේ විලාසිතාව නොවේ. සමකාලීනත්වය අපට යෝජනා කරන්නේ, හැකිතාක් විනෝද වන්න! යන නියෝගයයි. ඊට එරෙහිව, අප ඔබට යෝජනා කරන්නේ, විනෝදය විවේචනය කරන්න යන සටන් පාඨයයි. සමස්තය විනෝද සාගරයක් වී ඇති නිමේෂයක, ඔබට විශ්ලේෂකයෙකු වීමට අවශ්‍ය නම්, අර්ථය හෝ අර්ථකථනය වෙතට නොව හැඟවුම්කාරකය වෙතට අවධානය යොමු කළ යුතුය. (තේරුමක් නැති දෙය)
සුමිත් චාමින්දගේ ”ග්‍රාම්ස්චි පොත” මඟින් මේ දක්වා අප ඔප්පු කිරීමට උත්සාහ කරන ලද්දේ, විනෝද සමාජයකදී ග්‍රාම්ස්චි පවා විනෝදය කරා ගමන් කිරීමයි. චාමින්දගේ පොත අප සංවිධානය හැර වෙන කිසිවෙකු සිහියකින් නොකියවන තතු යටතේ, අර්ථය හෝ වටහා ගැනීම වෙනුවට හැඟවුම්කාරකයේ තර්කය අප සටහන් කළේ මේ නිසාය. මීට වසර 15කට පමණ පෙර, සුමිත් චාමින්ද විසින් සටහන් කරන ලද ඌනිත කියවීමක් හරහා සමකාලීන යුගයේ ජනප්‍රියවාදී දේශපාලනයට ආලෝකයක් සැපයීමට හැකිය.
විසංයෝජනයෙදී පළමුවෙන්ම විසංයෝජනය කරන්නේ, පොත (Book) යන ඝනීභූතයයි. ලංකාවේ මිනිසුන් තවමත් කියවන්නේ පොත්ය. නමුත් විසංයෝජනයට අනුව පොත වෙනුවට වියමන (Text) යෝජනා කරනු ලැබේ. සාමාන්‍යයෙන්, පොත යන්න මෙසේ නිර්වචනය වේ. “මහා බුද්ධිමතා පොතක් ලියයි, පොතක් කියවයි, පොතක් විචාරය කරයි”. නමුත් විසංයෝජනයේ දී කියවෙන්නේ, පොත යන්නට පෙර යමක් ලියැවී-Arche–writing refers to a kind of writing that precedes both speech and writing– ඇති බවයි. උදාහරණයක් වශයෙන්, මේ වන විට, ‘ග්‍රාම්ස්චිගේ සිරගෙදර සටහන්’ යනුවෙන් ඉංග්‍රීසි පරිවර්තන දෙකක් ඇත.මේ දෙකෙන් කොයි පොතේ මූලාශ්‍ර වඩා නිවැරදි ද? ඒ අනුව, පොතක් සන්දර්භය සහ සිදුවීම යන සංකල්ප වලට යටත්ය. චාමින්දට තම පොතේ පෙරවදන තුළ X කණ්ඩායම ගැන නොලියවීම, අහම්බයක් නොව අන්තර් වියමන්භාවයකි. ඔහු තම පොතේ අර්ථයට චලනය වීමට ඉඩ දීමේදී යම් තිරිංග ක්‍රමයක් යොදාගනී. එහිදී, ඔහු පාඨකාවියට හඟවන්නේ, තමන්ට ග්‍රාම්ස්චි හමුවූයේ ඕපපාතිකව බවයි. ලංකාවේදී, ග්‍රාම්ස්චිගේ පීතෘ හැඟවුම්කාරකය තමා බවත්,එහි සංරක්ෂණ අයිතිය තමා සතු බවත් හඟවයි. මෙය, ග්‍රාම්ස්චි නම් හැඟවුම්කාරකය ‘අර්ථය’ තුළ අඩස්සිගත කිරීමකි. මීට පෙර, ග්‍රාම්ස්චි ගැන හැඳින්වීමක් ලියා ඇති නිව්ටන් ගුණසිංහගේ කෘතිය පවා මර්දනය කිරීමකි.
චාමින්දට මෙය කළ හැක්කේ, ඇකඩමියාවට සහ විචාරක බුද්ධියට පිටතින් පවතින සයිකෝසික අවකාශයක සිට (psychotic space) පමණි. X කණ්ඩායම එහි දැනුම සමාජයට සම්ප්‍රේෂණය කරන ලද්දේ ද, සයිකෝසික අවකාශයක සිටයි. ගම්ලත් වැනි වාම බුද්ධිමතෙකු වැඩ කළේ විචාරක බුද්ධි අවකාශයකයි. අනෙක් අතට, ලෙස්ලි ගුණවර්ධන වැනි මාක්ස්වාදියෙකු වැඩකළේ ඇකඩමික් අවකාශයකයි. බටහිර සහ ලතින් ඇමරිකානු වාම බුද්ධිමතුන්, ඉහත සම්ප්‍රදායන් දෙක සමඟ නිරන්තර අරගලයක නිරත විය. නමුත් ශ්‍රී ලංකාවේදී, 90 දශකය මැද සිට සිදුවන බුද්ධිමය ගැටුම සන්දර්භගත වන්නේ, සයිකෝසික අවකාශයකයි. සයිකෝසිකයා යනු, නියුරෝසිකයාට සහ විපරිතයාට එරෙහිව සංකේත ප්‍රබන්ධය ඉතා සාරාත්මකව වගවිභාග කරන්නෙකි. සයිකෝසිකයාට තම දැනුම තුළ අඩුවක් නැත. සයිකෝසිකයන්ට සමාජය ගැන ඇත්තේ පුද්ගලික අර්ථයන් ය. වෙනත් තලයක සිට ප්‍රකාශ කරන්නේ නම්, වචනය හෝ සංඥාව හෝ හැඟවුම්කාරකය යනු, සයිකෝසිකයාට මානසික සංකල්පයක් නොව දෙයකි (Thing). X කණ්ඩායමේ තාර්කික ඥානය ලංකාවේදී වඩා ජනප්‍රිය වූයේ, සයිකෝසිකයන් අතරයි. ඔවුන් දීප්ති විසින් ප්‍රකාශ කරන වචන වලට සන්දර්භ, අර්ථ, අර්ථවිවරණ සැපයීම වෙනුවට, ඒවා දේවල් (ගස්,ගල් මෙන්) ලෙස විභාග කරයි. දීප්ති ඉදිරිපත් කරන්නේ, කතිකාවක් යන්න ඔවුහු වගවිභාග නොකරයි.
කතිකාව (Discourse) යන සංකල්පයේ අර්ථය කුමක්ද? මේ, ඒ සඳහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ සංස්කරණය කරන පිළිතුරයි.
“මිචෙල් ෆුකෝගේ අර්ථයෙන් ‘භාෂාව’ යනු, හුදෙක් ශබ්දකෝෂයකට එක්තැන් කළ හැකි වචන මාලාවක් හෝ ඒ වචන, කිසියම් අර්ථයක් ගෙන දෙන පිණිස හැසිරවීමට ආධාර කරන ව්‍යකරණ න්‍යාය පද්ධතිය හෝ නොවේ. (සටහන– ගම්ලත්ගේ භාෂා විවරණය) වචන වලින් සෘජුව දෙන අර්ථයට වඩා වැඩි දෙයක් භාෂාවේ ඇත. එනම්, එය බලය වෙතට ගමන් කිරීමේ ආශාවෙන් ප්‍රකාශනයක් වීමයි. අප වාස්තවිකත්වය ගැන සිතන්නේ, කතා කරන්නේ, විස්තර කරන්නේ, සමාජයේ පවතින අධිපති බලය විසින් අර්ථ නිර්ණය කරන ලද භාෂාවකිනි. අප අදහස් ප්‍රකාශ කරන්නේ සහ විවාද කරන්නේ, එලෙස බලය විසින් නිශ්චය කරන ලද වාග් මාලාවක් සහ භාෂාවක් මාධ්‍ය කොටගෙනයි. ෆුකෝ විසින් බලය අනුදත් එම භාෂාව හඳුන්වන්නේ, ‘කතිකාව’ (Discourse) නමිනි. මනුෂ්‍යයන් වස්තුකරණය කරන්නේ, බලයේ මෙම කතිකාව විසිනි”.
කල්පනාකාරීව නැවත කියවන්නකු නොවන –re reader- චාමින්ද විසින් දීප්තිගේ ‘හිස් හැඟවුම්කාරකය’ (Empty Signifier) පිළිබඳ කියවීම, (ඔහුගේ ලිවීම නොවේ) ඉතා පහසුවෙන් පහත් ආකාරයට ඛණ්ඩනය කරයි.-London magazine-2005-1,2 vol 5 no 1-
“සංවිධානයේ නායකයා යනු , හිස් හැඟවුම්කාරකය බව, සෙසු හැඟවුම්කාරකය හැඟවුම්කරණය වන්නේ කේන්ද්‍රය සමඟ දක්වන සම්බන්ධය මඟින් උගන්වන ලදී. මෙය, ‘හැඟවුම්කාරකය’ පිළිබඳ දේශපාලන න්‍යාය තුළ ලැක්ලාව් විසින් කළ ඉගැන්වීම් වලට අනුව වැරදි න්‍යායගත කිරීමකි. ලැක්ලාව් විසින් හැඟවුම්කාරකය යන්න කිසිසේත් පුද්ගලයකුට අදාළව නොයොදන අතර එය අදාළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, ස්ත්‍රී විමුක්තිය යනාදී හැඟවුමක් නොමැති, හැඟවුම්කාරකයක් වීමක් ගැනය. එසේ සිතිය හැක්කේ නාසිවාදී සංවිධාන ආකෘතියක් තුළ යි”.
අප කලින් කී පරිදි, සුමිත් චාමින්දට ව්‍යුහවාදය හෝ ‘සාධාරණ වාග් විද්‍යාව’ ගැන හෝ ගැඹුරු වැටහීමක් නොමැත. අපි සෝෂියර් විසින් භාෂාවේ ව්‍යුහය යනුවෙන් අදහස් කරන ලද ‘දෙය’ ගැන විස්තරයක් කරමු.
“සෝෂියර්ට අනුව, වචනවල අර්ථයන් රඳා පවතින්නේ භාෂාවේ ව්‍යුහය මත මිස ඒ වචන තුළ සාරාත්මක අදහසක් ඇති නිසා හෝ ඒ වචන තුළින් හඳුන්වා දෙන්නට උත්සාහ දරන වස්තූන් (objects) මත නොවේ. ‘ගස’ යන වචනයේ අර්ථය, ඒ වචනය මඟින් හඳුන්වා දෙන්නට උත්සාහ කරනු ලබන පත්‍රවලින් සමන්විත වස්තුව යැයි යමෙකුට තර්ක කිරීමට හැකිය. නමුත් සෝෂියර්ගේ න්‍යායට අනුව, මේ තර්ක කිරීම සාවද්‍ය වේ. (සටහන- මේ අනුව, සමාජවාදය සහ පුද්ගලයා/ නායකයා යන වචන දෙක අතර ඇත්තේ වෙනසක් මිස සාරයක් නොවේ. චාමින්ද වචනවලට පාරභෞතික උප්පත්තීන් සටහන් කරයි). ඔහු පෙන්වා දෙන ආකාරයට, සෑම භාෂාවකම කිසිම වස්තුවක් විමර්ශකය නොකරන වචන විශාල සංඛ්‍යාවක් ඇත. සිංහලය ගත්විට, ‘නමුත්, ඊනියා, කෙසේදයත්, සහ, එසේම’ යන වචන මීට උදාහරණ වශයෙන් ගෙන හැර දැක්විය හැකිය. මෙහිදී, මතු වන මූලික ප්‍රශ්නය නම්, වචනයක අර්ථය ගොඩනැගෙන්නේ ඒ තුළින් හඳුන්වා දෙන්නට උත්සාහ කරන වස්තුව තුළින් නොවේ නම්, ඒ අර්ථ ගැන්වීම සිදු වන්නේ කෙසේද යන්නයි. සෝෂියර්ට අනුව, මේ සිදුවන්නේ ශබ්ද-ප්‍රතිරූප අතර වෙනස මඟිනි. මෙම වෙනස භාෂාවේ නීතිරීති මඟින් පිළිගනු ලැබේ”.
සුමිත් චාමින්ද වැනි පුද්ගලයන්ට ‘විප්ලවවාදී අධ්‍යාපනය’ යන්න අර්ථ ගැන්වෙන්නේ ‘උන්නතීකාමයක්’ ලෙසිනි. අලුත් යමක් ඉගෙන ගැනීම ඔවුන්ට පෙනෙන්නේ, සමාජ ඉනිමගේ ඉහළට නැඟීමක් ලෙසිනි. මෙම ක්‍රියාවලියේදී, තමන්ට බාධාවක් වන අයව කපා දැමීම ද මේ අයගේ සමාජ චාරිත්‍රයකි. එනම්, තම සමීප අනෙකා තරඟකරුවෙක් ලෙසින් ආරෝපණය වීමයි. චාමින්ද දීප්තිව සලකන්නේ, තම උන්නතිකාමී ගමනේදී හමු වූ න්‍යායික තරඟකරුවෙකු ලෙසිනි. මේ වන විට, වසර 7ක් පමණ රහසින් කඩේ යන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වන ‘කුමාර් ගුණරත්නම්’ පිළිබඳව අබ ඇටයක දෙයක් චාමින්ද නොලියන්නේ අහම්බයකින් ද? චාමින්දට ගුණරත්නම් මහතාව හිස් හැඟවුම්කාරකයක් බවට අවිඥානිකව පත් වී නැතිද? (චාමින්දට ‘බුද්ධිමතා’ යන නම දුන් තැනැත්තා?)
දැන් අපි ගැටලුවෙන් මුඛ්‍ය කේන්ද්‍රය වෙතට ප්‍රවිෂ්ට වෙමු. චාමින්ද වැඩිදුර නොසිතා ලියන වාක්‍යයක් නිසා, ඔහු වෙතින් පෙරදිග දේශපාලන සංස්කෘතිය පිළිබඳ බටහිර අගතියක් අනාවරණය වෙයි. එම වාක්‍යය මෙසේය.
“පුද්ගලයෙකු හිස් හැඟවුම්කාරකයන් වීමක් ගැන සිතිය හැක්කේ (ජාතිවාදී)නාසිවාදී සංවිධාන ආකෘතියක් තුළදීය”.
බටහිර ඥාන-විභාගය (Epistemology) තුළ පෙරදිග පාලකයා පිළිබඳ “අත්තනෝමතිකයා” (Despotism) යන අදහස පැනනඟින්නේ මන්ද? (බටහිර අනෙකා) සුමිත් චාමින්ද හෝ අන් අය, X කණ්ඩායම කිසිදු ආකාරයක ජාතිවාදයකට සම්බන්ධ නැති තතු යටතේ එහි සංවිධාන ව්‍යුහයක් ඒකාධිකාරී යයි උපකල්පනය (නිවැරදි වචනය- ෆැන්ටසිකරණය) කරන්නේ මන්ද යන්න ගැටලුවකි.
අපගේ පර්යේෂණ මාතෘකාව වන්නේ, එය යි. මෙම පර්යේෂණ මාතෘකාව අරනෙස්ටෝ ලැක්ලෝ නම් දේශපාලන දාර්ශනිකයා සහ න්‍යායවේදියා ඉදිරිපත් කළ ප්‍රවාද සමතික්‍රමණය කරයි. ඩෙනිස් පෙරේරා ඉදිරිපත් කළ ‘ගෝඨයිම්බර කෝලම’ නම් නාට්‍යයේ මුඛ්‍ය තේමාව වන්නේ, ”ඇයි පෙරදිග පාලකයන්ව බටහිර දේශපාලන න්‍යායිකවේදීන් අශ්ලීල අත්තනෝමතික පාලකයන් ලෙසින් සංකල්පගත කරන්නේ?” යන්න යි. මේ මාතෘකාව පුළුල් කළ විට, රාජපක්ෂවාදයේ ජනප්‍රියභාවය අපට විසංයෝජනය කිරීමට හැකිය.
නැවත කෙටියෙන් සාරාංශගත කළහොත්, කොළඹින් සැතපුම් 100කට එහා තැනක, සමාජ විද්‍යාව යටතේ වැඩුණු මිනිසෙකු (වැලි රාජුලා සිටින තැනක) කොළඹ නගරයේ හැදී වැඩුණු දීප්ති වැනි පුද්ගලයෙකු, ඔහු නොලබන ඒකාධිපති සතුටක් ලබනවා යනුවෙන් නිගමනය කරන්නේ ඇයි? මෙම තත්ත්වය එඩ්වඩ් සයිදගේ ‘පෙරදිගවාදය’ ඉක්මවා යා යුතු මාතෘකාවකි. සංවිධානය තුළ විනය විරෝධී සහ සදාචාර විරෝධී වැඩ කළ චාමින්ද, පෙරටුගාමී සමාජවාදීන්ට සහ කොළඹ පදිංචි වූ ”ගම් බොයිස්ලාට” (Gam Boys) සහ හිස්ටරිකයන්ට වීරයෙක් වන්නේ මන්ද ?
– Party Team