මේ දවස් වල රටේ බොහෝ දේශපාලන පක්ෂ වල නායකත්වය සම්බන්ධයෙන් ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතව තියෙනව. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ගනු ලබන උත්සහයන් සේම ජනතා විමුක්ති පෙරමුණ තුලත් නව නායකත්වයක් සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබෙනව. මහින්ද රාජපක්ෂගේ නායකත්වයට කිසිවකුත් මතුපිටින් අභියෝග නොකළාට එම පක්ෂය තුළත් මේ අර්බුදය අලුයට ගිණි පුපුරු මෙන් හොල්මන් කරනු දක්නට ලැබෙනව. එ.ජා.පය සහ නිදහස් සන්ධානය සම්බන්ධයෙන් ගත් කළ මේ පක්ෂ දෙකම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත පක්ෂ වන නිසා අප ඒ ගැන කිසිවක් කියන්නට කල්පනා කරන්නේ නැහැ. නමුත් වාමාංශික පක්ෂ වල ඉතිහාසය පුරාම නායකත්වය සම්බන්ධයෙන් ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂණයක් කරන්නට අපි කල්පනා කලා.

මේ කාලායෙ අපේ ජීවිත කියන්නේ පාවෙන ජීවිත වලටයි. ඒ කියන්නේ අපේ අනන්‍යතාවය කියන්නෙම පාවෙන එකක්. මේක අපි මේ විදිහට තේරුම් ගමු. මීට කලින් සමාජයේ තිබුනේ පාවෙන අනන්‍යතාවයක් නෙවි. බහුවිධ අනන්‍යතාවයක්. ඒ කියන්නේ ගමේ වෙළදමත්තයා කියන්නේ එක වෙලාවක ගමේ පන්සලේ ප්‍රධාන දායකයා. ඔහුට මුදල් නොතිබුනාට ලොකු සමාජ තත්ත්වයක් තිබුනා. ලොකු ඉස්කෝලේ මහත්තයා කියන්නෙත් එහෙම චරිතයක්. නමුත් වර්ථමානනය් අනන්‍යතාවය කියන්නේ පාවෙන එකක්. උදාහණයක් විදිහට කියනවා නම්, හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙක් රටේ ආණ්ඩුකාරවරයා වනවා ඊට පස්සේ ඔහු ආයෙමත් නිකම්ම නිකම් මිනිහෙක් වෙනව. දයාසිරි ජයසේකර තමයි මේ යුගයේ පාවෙන අනන්‍යතාවයේ සංකේතය. ඔහු එකවර නීතිඥයෙක් සිංදු කියන මහඇමතිවරයෙක් වගේ විවිධ අනන්‍යතාවයන් ගන්නව.

ඒ කියන්නේ මේ කිසිමදේක මාස්ටර් හැගවුම්කාරකය නැතිනම් නියමු හැගවුම් කාරකය කියන එක මේ වෙනකොට නැති වෙලා තියෙනව. නායකයා හිටපු තැනට අදේශ වෙන්නේ පාවෙන හැගවුම් විතරයි. මේ හැගවුම් අතමන් ඉන්න ඉන්න තැනේ හැටියට මාරුවෙන. ඒත් මාස්ටර් හැගවුම්කාරකය කියන්නේ මේ වගේ හැගවුම් වලට නෙවි. ඒක හරියට බෝතලයක මූඩියක් වගේ බෝලයෙන් බාහිරව මූඩියටම කියලා අනන්‍යතාවයක් නැහැ. ඒත් බෝතලයේ සමස්ථ සාරය ආරක්ෂා කරන හැගවුම්කාරකය වන්නේ මූඩියයි.

ඒ නිසා තමයි අපි කියන්නේ නායකයෙක් නැති සමාජයක් සයිකෝසික වෙනව කියල. ඒ කියන්නේ එවැනි සමාජයක තියෙන්නේ පෞද්ගලික සත්‍යයන් විතරයි. එවැනි සමාජයක සමාජ සත්‍යයන් කියලා දෙයක් නැහැ. ඒ නිසා මේ යුගයේ හැමෝම ආශා කරන්නේ රියදුරෙක් නැති වාහන වල යන්නයි. මොකද රියදුරෙක් ඉන්නව කියන්නේ වාහනයට ගමනාත්තයක් තියෙනව කියන එකයි. ඒත් අපි ජීවත් වන මේ යුගයේ දෘෂ්ටිවාදය කියන්නේ විනෝදයට මිසක් අර්ථයට නෙවි. ඒ නිසා කාලෙන් කාලයට මාරුවෙන රියදුරන් ඉන්න වාහන ඉස්සරහ  සහ පිටිපස්සේ තමන් කැමති වීරයව අලවගෙන ( සමහර විට ඒ චේ වෙන්න පුලුවන්) කැමති තැනක යන්න පුලුවන් යන්නේ කොහොද කියලා කවුරුවත් දන්නේ නැහැ. දැන ගන්න උවමනාවකුත් නැහැ. රියදුරා තැනින් තැනට මාරු වෙන නිසා අලුත් රියදුරාගේ තාලයට සහ වේගයට හැමෝටම යන්න පුලුවන්. මේ ගමනේ අවසානය කවුරුවත් දන්නෑ. නමුත් අද වන විට හැමෝම ආශා කරන්නේ මේ වගේ ගමන් යන්නයි.

අපි දැන් බලමු සමාජ ප්‍රපංචයක නායකයාගේ භූමිකාව ව්‍යුහග වන ආකාරයන් තුනක් ගැන

 

01-   නායකයා සංඥාවක් හැටියට ( ආරක්ෂණවාදී නායකයා)

මේ වගේ නායකයෙක් කියන්නේ හැම වෙලාවකම සංඥා මගින් තමන්ගේ සාමාජිකයන් ගේ ගමන් පථයට අදාලව සංඥාවන් ලබා දෙනව. හරියට මාර්ග සංඥා පද්දතියකින් කරනව වගේ යන්න ඕන වෙලාව, නතර කරන්න ඕන වෙලාව, සූදානම් වෙන්න ඕන වෙලාව සම්බන්ධයෙන් සංඥා ලබාදීම මගින් සමාජය සංවිධානය කරන එක තමයි මේ වගේ කෙනෙක්ගේ අතින් වෙන්නේ

s14-pf4-480

 

02-   නායකයා හැගවුම්කාරකයක් ලෙස

හැගවුම්කාරකයක් විදිහට ක්‍රියාත්මක වන නායකයා හැම විටම අපේ ජීවිතයට අර්ථයක් ලබා දෙනව. මෙහි විශේෂත්වය තමයි නායකයා හැගවුමක් නෙවි. හැගවුම්කාරකයක් විතරයි කියන එක. හරියට නායකයා කියන්නේ අපි කලින් කතා කරපු බෝතලේ මූඩිය වගේ. මූඩියට තනි අනන්‍යතාවයක්වත් අර්ථයක්වත් නැහැ.ඒකයි අපි හැගවුම්කාරයක් විදිහට නායකයෙක් සහ හැගවුම් විදිහට තියෙන නායකයන් අතර වෙනසක් තියෙනව කියන්නේ

6782250826_1570026f13_z

03-   නායකයා විනෝදය සහතික කරන්නෙක් ලෙස

මෙහිදී නායකයා විසින් සියළු තහංචි ඉවත් කරනු ලබනව. කන්න,බොන්න, බඩු ගහන්න, මේ ඕනම දෙකට කැමති අකාරයකට නිදහසක් තියෙනව. නායකායා හැම විටම දෙන ආදර්ශය තමයි හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියන එක.අපි මුලින් කතා කරපු රියදුරන් මාරුවන බස්රථවල නායකයන් කියන්නේ මේ විනෝදය සහිතක කරන පුද්ගලයන්ටයි.

Sunil-Perera

අද සමාජය වඩාත් ආශක්ත වෙන්නේ සංඥා නායකයන්ට හෝ හැගවුම්කාරයක් විදිහට ඉන්න නායකයෙක්ට නෙවි.අපි කියපු විනෝදය සහතික කරන නායකයන්ටයි.

 

 

 

 

ඔබේ අදහස කියන්න...