[dropcap color=”black”]‛ජෙ[/dropcap]රමි අයන්ස්’ කියන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සහ දක්ෂ චරිතාංග නලුවෙක්. ඔහු මෑතක සිට පල කරන අදහස් සම්බන්ධයෙන් ලිබරල් නෝනා-මහත්වරුන් (Colombo Telegraph නම් වෙබ් අඩවිය යනු මෙවැනි නෝනා-මහත්වරුන්ගෙන් පිරී ගිය සංකලනයකි. එහි ප්‍රධානියා 90 දශකය මැද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියේ ගැටවරයෙක් මෙන් කොට කලිසම් ඇඳගෙනය. මොහුගේ මෙම කොට කලිසම් දේශපාලනය ඔහු හැඳින්වූයේ නවක වදයට එරෙහි දේශපාලනය ලෙසිනි. මෙම කොට කලිසම් කෙරුවාව නිසා ජවිපෙ ශිෂ්‍ය සංවිධානයේ බලය ප්‍රශ්න කෙරුණු අතර කොට කලිසම් හැඳි තරුණයා විශ්ව-විද්‍යාල පරිපාලනයේ මිතුරෙකු විය. කවදත් කුමන හෝ ක්‍රමයකින් ජනප්‍රිය වන කොල්ලන්ට කුඩය ඇල්ලීමට කැමති අමාරිස් අයියා එවකට ෆෝම් කරන ලද්දේ මෙම කොට කලිසම් තරුණයාවය) තම අපුල ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත.

ජෙරමි අසන්නේ අමු ප්‍රශ්නය. ‛ඇයි මට ප්‍රසිද්ධියේ සිගරට් බොන්න බැරි?’ ‛ඇයි මම කැමති වෙන ගැහැනියකට කම්මුල් පාරක් දීල Sex කරන්න බැරි?’ ‛මෙහෙම ගියොත් තව ටිකක් කල් යනකොට තාත්තලා පුතාලත් කසාද බඳීවිද?’ (ඔහු එතනදී විරුද්ධ වන්නේ සමලිංගික විවාහවලටය)

දේශපාලනය වාෂ්ප වී ගිය ලෝකයක ජීවත් වන අපට තව කෙනෙකුට ආදරය කළ හැකිද? එය ඉතා අපහසුය. මේ අපහසුව නිසා සමාජයට සිදුවී ඇත්තේ කුමක්ද? එකවරම වාගේ මුලුමහත් සමාජයම සංස්කෘතිකව සහ බුද්ධිමය වශයෙන් නිසරු වෙලා තියෙනව. මෙම නව තත්ත්වය නිසා මිනිසුන්ට හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ල උපදෙස් අවශ්‍ය වෙලා තියෙනව. මේ නිසා අප ජීවත් වන සමාජය විශේෂඥයන්ගෙන් පිරිල ඉතිරිලා ගිහිල්ල. මිනිස්සු මොනවා කළ යුතුද? මොනවා සිතිය යුතුද තීන්දු කරන්නේ මෙම විවිධ විශේෂඥයෝ. මිනිස්සු මේ විවිධ විශේෂඥයන් දෙසට ආකර්ෂණය වීම මගින් කියාපාන්නේ ඔවුන් කෙතරම් දෘෂ්ටිවාදයන්ට බැඳී ඇත්ද යන කාරණාය. කොණ්ඩය කැපීමේ සිට ආදරය කළ යුත්තේ කෙසේද දක්වා වූ සංස්කෘතික ප්‍රශ්න වෙනුවෙන් ඔවුන්ට විවිධ මුලාවන් අවශ්‍ය වෙලා තියෙනව. සමාජයේ විවිධ න්‍යායවේදීන්, දාර්ශනිකයන්, ක්‍රීඩකයන් වැනි අය ජනප්‍රිය වීම තුළින් හැඟවෙන්නෙ සරල කාරණයක්. මෙතෙක් අප පිළිගත් ලෞකික දෘෂ්ටිවාදයන් මිය යමින් ඒ තැනට විද්‍යාව පත්වෙමින් යනව. සරලව කිව්වොත් අපි ජීවත් වෙන්නෙ විද්‍යාව ආගමක් වෙච්ච ලෝකයක. සමකාලීන ගැඹුරු පාරභෞතික ප්‍රශ්නවලට පිළිතුරු දාර්ශනිකයන් ළඟ ඇතැයි යන විශ්වාසයක් බහු ජනයාට ඇතිවෙමින් යනව. පැරණි ලෝකයේ ‛ප්‍රඥාව’ නමින් හැඳින්වූ දෙය අද ජනප්‍රිය සංස්කෘතිය බවට පරිවර්තනය වෙමින් යනව. හොලිවුඩ් චිත්‍රපටි ඉතාම වේගයෙන් බටහිර විශ්ව-විද්‍යාලවල පාඨමාලාවලට ඇතුළත් වෙමින් යනව. මේ නව තත්වාරෝපිතයේ ප්‍රතිඵලයක් හැටියට ජනප්‍රිය බටහිර දාර්ශනිකයන් ජනප්‍රිය මාධ්‍යවල ස්ත්‍රීන් ආලය කළ යුතු ආකාරය, මිනිස්සු කන්න ඕනෙ මස් වර්ගය කුමක්ද?, මිනිස්සු දුම්පානය කළ යුතුද?, විශ්වාස කළ යුත්තේ කාවද වගේ ප්‍රශ්නවලට පල්ලම් බැහැල තියෙනව. අන්තර්ජාලයට ගිහිල්ල Blue Film බලන ලිබරල් බුද්ධිමතුන් දවල්ට L.T.T.E යේ ත්‍රස්තභාවය ගැන විශාල ලිපි Colombo Telegraph වෙබ් අඩවියට ලියනව. මේ තමයි අපගේ සමකාලීන විරුද්ධාභාසය.

ඉතින් මෙම සන්දර්භය හරහා ජෙරමි අයන්ස් මෙහෙම කියනව. ‛ස්ත්‍රියකට කම්මුල් පහරක් ගහන්නෙ නැතිව කොහොමද ආදරය පටන් ගන්නෙ? එහෙම නම් පටන් ගත යුත්තේ දාන්තේගේ කවි කියවීමෙන්ද?’ සමහර විට ජෙරමි සමග බොහෝ සමකාලීන ගැටවර විපරිතයන්ද එකඟ වනු ඇත. කොට කලිසම අඳින්නේ විරෝධය පෑමට අමතරව කාට හරි කියා අත ගාවන්නද කියා ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු අසනු ඇත. ∎

Read More : Jeremy Irons

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙම නව තත්ත්වය නිසා මිනිසුන්ට හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ල උපදෙස් අවශ්‍ය වෙලා තියෙනව. ඒක මරු!

Comments are closed.