හිසක් නැති කඳන්වල දේශපාලනය විසින් මේ වන විට දශක හතක් කාදමා ඇත. අවම වශයෙන් මෙහි ප්රධාන ජාතික අනන්‍යතාවයේ ගැටලුව නිම කරන ගම සහ නගරය අතර භේදයවත් අප තවම විසඳාගෙන නැත.
ලංකාවේ වාම දේශපාලනය පටන් ගත්තේ පැරණි වාමාංශයෙනි. නිදහස් අධ්‍යාපනයේ සිට හාල් පොත දක්වා දෙවල් ඔවුන් අපට උරුම කළහ. අරගලයේ අක්ෂය වූයේ අධිරාජ්‍යවාදයයි. 
ඊළඟට වාම දේශපාලනය ලෙස පටන් ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් අපට කැප වුන කාඩර්වරයාගේ සිට ත්‍රස්තවාදය දක්වා උරුමයන් එකතු කළහ. අරගලයේ අක්ෂය වූයේ සමාජවාදයයි. කාඩර්වරයා රාත්‍රියට නිදා ගැනීමට ගියේ නායකයාගේ නිවෙසටය. කාඩර්වරයා ඉන් පසු නායකයාගේ මැදිවියේ බිරිඳ සමගත් , ගැටවර දියණිය සමග ත් හිස්ටරික රෝමියෝ- ජුලියට් කතාවක් පටන් ගත්තේය. එය අවසන් වූයේ බේකරිය හන්දියේ නිල්- පාට- රතු- පාට- දම්- පාට ලෝකයෙනි. ආශාවට එයම සම්මුඛ වීම විපරීතභාවයයි.
දැන් අපගේ කාලය එළඹ ඇත. විනයගත, රහසිගත, ප්‍රවීණ, විශ්වාසවන්ත කාඩර්වරයා අතුලින් දෙකට පැලී නරුමයකු වී ඇත. එළිපත්තට විත් ඇත්තේ දෘෂ්ටිවාදී විශ්ලේෂණයයි.[ Ideological Critique ] මානව වර්ගයාගෙන් භාගයක් ස්ත්‍රීන්ය. මෙයින් එක් කොටසක් Kill Bill සිනමා පටයේ “බියට්රිස්ලා” වී ඇත. අනෙක් වර්ගය Volver සිනමා පටයේ “රෙයිමුන්දලා” වී ඇත.
ඉගෙන ගැනීමට ඔබ කැමති නම් පහත ඊ මේල් ලිපිනයට ඔබේ විස්තර එවන්න.

a2zmovement@gmail.com

 

 

 

http://goo.gl/forms/IHgVRL3JFJ

ඔබේ අදහස කියන්න...