විශ්ව විද්‍යාප ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහේස්ත‍්‍රාත්වරයෙක් ද ?

 

x සුමනසේකර විසින් ඊ.ඒ.පී  එකේදී ස්ත‍්‍රීන් දෙදෙනෙකුට කළ ලිංගික අඩත්තේට්ටම්  යනු පැහැදිළිවම නීතිමය වරදක් වන අතර, තවත් පැත්තකින් සදාචාරාත්මක වරදක් ද වේ. අපට මෙම පාර්ශව දෙකම අදාළ වන්නේ නැත. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ දේශපාලන විවේචනයකි. එමෙන්ම මෙම සිද්ධියට මුහුණ දුන් ස්ත‍්‍රීන් දෙදෙනාගෙන් එක් අයෙකු x සුමනසේකර කළ ලිංගික බලහත්කාරකම් පිළිබදව පැහැදිළිව සදහන් කර තිබුණි.

අපි ඉදිරිපත් කළ දේශපාලන විවේචනය මැදට පැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරයේ ප‍්‍රධානියෙකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් දේවසිරි ස්ත‍්‍රීන්ට ලිංගික අඩත්තේට්ටම් කළ පුද්ගලයාට පරිවාස කාලයක් ලබා දිය යුතු බව පවසයි. මෙම ප‍්‍රකාශය කරමින් නිර්මාල් කළේ  සිය විපරිත ගෝලයා වන x සුමනසේකරව නීතියේ වරදකාරිත්වයෙන් මුදවා ගැනීමටය.
පසුගිය වසර 10 පුරා නිර්මාල්ගේ විපරිත ගෝලයා වන x සුමනසේකර දිගින් දිගටම ස්ත‍්‍රීන්ට මේ අයුරින් ලිංගික හිරිහැරයන් කළේය. එවැනි පුද්ගලයකුට පරිවාස කාලයක් ලබා දිය යුතු බව නිර්මාල් පවසයි. මීට ඉහතදී මේ අයුරින්ම  x සුමනසේකරට නිර්මාල් විසින් පරිවාස කාල ලබා දුන් නමුත් සුමනසේකරගේ විපරිත ක‍්‍රියා නතර වූයේ නැත. ශිෂ්ඨ යැයි කියන සමාජයක ස්ත‍්‍රීන්ට දිගින් දිගටම ලිංගික හිරිහැරයන් සිදු කරන පුද්ගලයකු සිටිය යුත්තේ සමාජය තුළ නිදැල්ලේ නොව හිරකුටියකය.
මේ පරිචය තුළ සිටිමින් නිර්මාල් ස්ත‍්‍රී දූෂකයකු බේරාගැනීමට උත්සහ කරනවා පමණක් නොව අපේ දේශපාලනයටද විවිධ කෝචොක් දමමින් සිටියි. තව දුරටත් නිර්මාල් මෙම ක‍්‍රියාවන්හි නිරත වන්නේ නම් ස්ත‍්‍රී දූෂකයාව පොලසියට අල්ලා දීමට අපට පාර්ශවීය මැදිහත්වීමක් සිදුකිරීමට වුව හැකියාව පවතින බව ඔහු තරයේ මතක තබා ගත යුතුය.
ඒ වගේම අපි නිර්මාල්ට යෝජනා කරන්නේ තමා දිගින් දිගටම ස්ත‍්‍රී දූෂකයා වෙනුවෙන් පෙනී සිටින්නේ නම් ඔහුව සිය නිවසේ නතරකරවාගෙන පරිවාස කාලයක් ලබා දෙන ලෙසය. එවිට ඔහුට සිය ගෝලයාව බාහිර උපද‍්‍රව වලින් බේරා ගත හැකිය. x සුමනසේකරට ස්ත‍්‍රීන්ගේ තන් හෝ පුකවල් මිරිකීමට නොහැකි වනු ඇත. බාහිර සමාජයට නිරාවරණය නොවී සිටින තම ගෝලයා නිර්මාල්ගේ බිරිදට හෝ දියණියට ලිංගික අඩත්තේට්ටමක් සිදුකළහොත් නිර්මාල් පොලිසි නොයා තවදුරටත් තම විපරිත ගෝලයාට පරිවාස කාල ලබා දෙන්නේ දැයි විමසීමට අපි කැමැත්තෙමු ?
තවත් ගැටලුවක් තිබේ. විශ්ව විද්‍යාලයක ඉගැන්වීම් කටයුතු කරන මෙම ස්ත‍්‍රී දූෂකයා තවදුරටත් එම විශ්ව විද්‍යාලයේ තබා ගන්නවාදැයි කියා එහි කුලපතිවරයා කල්පනා කළ යුතුය. මොවුන් අපගේ දේශපාලන කටයුතු වලට අනවශ්‍ය මැදිහත්වීම් කරන්නේ නම් ඉදිරියේ දී විධිමත් අයුරින් මහජන පෙත්සමක් සකස් කර අදාළ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ අදාළ අමාත්‍යවරිය, ස්ත‍්‍රී කි‍්‍රයාකාරිනියන්,, මෙන්ම විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමය සහ සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරයේ මාදුලුවාවේ සෝභිත හිමි ඇතුලු පාර්ශව වෙත ඉදිරිපත් කිරීමට අපි පැකිලෙන්නේ නැති බව මතක් කර දෙන්නෙමු. අපගේ සංවිධානයේ දේශපාලන කටයුතු නැවත ආරම්භ කරන පළමු අවස්ථාව එය විය හැකි බව ප‍්‍රකාශ කළ යුතුය.. 

පැරිස් එකමුතුවෙන් අපි විමසා සිටින්නේ ඔහෙට ගෙන්වන ගොවියා කොළඹ සිදුවෙන සහ කරන දේවල් ගැන දන්නවාද කියායි?? ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප‍්‍රසිද්ධියේ ස්ත‍්‍රී දූෂකයකු නීතියේ වරදින් බේරා ගැනීමට පෙනී සිටින නිසා පැරිස් එකමුතුව වෙත අපගේ පිළිකුල ප‍්‍රකාශ කරන්නෙමු. මින් ඉදිරියට ලංකාවේ සිදුවන ස්ත‍්‍රී දූෂණවලට වරදකරුවන් වන පුද්ගලයන් නීතියෙන් වරදකරුවන් නොකර පරිවාස කාල ලබා දීම සදහා ද සාධාරණ සමාජයක් ගොඩනැගීමට උත්සහ කරන්නේ යැයි නිර්මාල්ගෙන් අසා සිටින්නෙමු.. අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන් සෝභිත හිමියන්ගෙන් ද අපට විමසිය හැකිය.
සැවොම මතක තබාගත යුත්තේ අපි පංසලක සුභසාදක සමිතියක් නොව දේශපාලන පක්ෂයක් වන බවය. ඒ පිළිබදව නිර්මාල් ඇතුලු පාර්ශව අවබෝධයකින් සිටිය යුතු බව අවසාන වශයෙන් මතක් කරන්නෙමු.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. “x සුමනසේකර විසින් ඊ.ඒ.පී එකේදී ස්ත‍්‍රීන් දෙදෙනෙකුට කළ ලිංගික අඩත්තේට්ටම් යනු පැහැදිළිවම නීතිමය වරදක් වන අතර, තවත් පැත්තකින් සදාචාරාත්මක වරදක් ද වේ“.
    මේ ප්‍රකාශය ගැන මම සීයට සීයක් එකඟ මෙන්ම මේ ගැන කිසිම විවාදයක්ද මාහට නොමැත.

    “නිර්මාල් ස්ත‍්‍රී දූෂකයකු බේරාගැනීමට උත්සහ කරනවා පමණක් නොව අපේ දේශපාලනයටද විවිධ කෝචොක් දමමින් සිටියි. තව දුරටත් නිර්මාල් මෙම ක‍්‍රියාවන්හි නිරත වන්නේ නම් ස්ත‍්‍රී දූෂකයාව පොලීසියට අල්ලා දීමට අපට පාර්ශවීය මැදිහත්වීමක් සිදුකිරීමට වුව හැකියාව පවතින බව ඔහු තරයේ මතක තබා ගත යුතුය.“
    යනුවෙන් ලිපියේ තවත් තැනක සඳහන් වනවා.

    ස්ත්‍රී දූෂණයක් හෝ ලිංගික බලහත්කාරයක් හෝ සිදුවු විට එය කිසිසේත් යටපත් නොකල යුතු වෙනවා මෙන්ම අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිම මට අනුව ඉතා වැදගත් ය.

    එහෙත් මෙම ලියුම් කරුගෙන් මට ඇසීමට දෙයක් ඇත.
    එනම්
    සාරුවා සුනිල් ගැහැනුන් නොව ලාබාල දැරියන් සිය ගනණක් දූෂණය කොට සිය වැනි දැරිය දූෂණය කිරීමේ ප්‍රීතිය නිමිතිකොට ගෙන සාජ්ජයක් දැමූ බව ප්‍රසිද්ධ කාරණයකි. එසේ දූෂණය වූ අහිංසක දැරියන් ඔවුන්ගේ පාසල් වලින් නෙරපා හැරි විදුහල්පතිවරුන් ගැන ද අපි දනිමු. එමෙන්ම සිය පාසලේ විදුහල්පතිවරුන්ගෙන් දූෂණය වූ දැරියන්ගේ ගනණද සුළුපටු නොවේ. නීතිය ක්‍රියාත්මක කරනවා යයි කියා ගන්නා පොලීස් නිලධාරීන්, නඩුකාරයින්, නීතිඥයින් වැනි අයද කෙතරම් ගැහැණුන් හා දරුවන් අපයෝජනයට ලක් කර ඇති ද?

    තත්වය එසේනම්
    1. සුමනසේකර හෙලිදරව් කිරීමට දාන බර සහ ඔහු පොලීසියට අල්වා දීමට (ලියුම්කරුට අනුව පොලීසිය යනු ඉතාම නීතිගරුක ස්ථානයක් බව පෙනේ) පාර්ශවීය මැදිහත්වීමක් කිරීමට අනතුරු අඟවන ඔබ ඉහත මා සඳහන් කළ කාන්තා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ ගැන පාර්ශවීය මැදිහත් වීමක් නොකර මුනිවත රැකියේ මන්ද?

    “විශ්ව විද්‍යාලයක ඉගැන්වීම් කටයුතු කරන මෙම ස්ත‍්‍රී දූෂකයා තවදුරටත් එම විශ්ව විද්‍යාලයේ තබා ගන්නවාදැයි කියා එහි කුලපතිවරයා කල්පනා කළ යුතුය. මොවුන් අපගේ දේශපාලන කටයුතු වලට අනවශ්‍ය මැදිහත්වීම් කරන්නේ නම් ඉදිරියේ දී විධිමත් අයුරින් මහජන පෙත්සමක් සකස් කර අදාළ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ අදාළ අමාත්‍යවරිය, ස්ත‍්‍රී කි‍්‍රයාකාරිනියන්,, මෙන්ම විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමය සහ සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරයේ මාදුලුවාවේ සෝභිත හිමි ඇතුලු පාර්ශව වෙත ඉදිරිපත් කිරීමට අපි පැකිලෙන්නේ නැති බව මතක් කර දෙන්නෙමු. අපගේ සංවිධානයේ දේශපාලන කටයුතු නැවත ආරම්භ කරන පළමු අවස්ථාව එය විය හැකි බව ප‍්‍රකාශ කළ යුතුය.“

    පහුගිය කාලයේ ජයවර්ධනපුර වි.විද්‍යාලයේ කුලපතිවරයා විසින් කන්‍යා පටලය ඇතිදැයි සොයා බැලීමට වෛද්‍ය පරීක්ෂණ කිරීම සඳහා යයි කියමින් වි.වි ශිෂ්‍යාවන් බලහත්කාරයෙන් වාහන වල පටවා රෝහලක් වෙත යොමු කිරීම ප්‍රකට කරුණකි.

    2. එහිදී ඔබ විසින් සුමනසේකරට මෙන් මෙහිදී පාර්ශවීය මැදිහත් වීමක් නොකලේ කුලපතිවරයා විසින් ශිෂ්‍යාවන්ට එසේ කිරීම සාධාරණයි කියා ඔබ අනුමත කරන නිසා ද? එය ලිංගික බලහත්කාරයක් යයි ඔබ නොසිතන නිසාද?

    අනෙක් කාරණය
    “ . මොවුන් අපගේ දේශපාලන කටයුතු වලට අනවශ්‍ය මැදිහත්වීම් කරන්නේ නම් ඉදිරියේ දී විධිමත් අයුරින් මහජන පෙත්සමක් සකස් කර“ යනුවෙන් ලිපියෙහි සඳහන්ව ඇත.

    මෙහිදී ඔබ කියන්නට උත්සාහ කරන්නේ “ අපි කරන දේශපාලනය ගැන විවේචන එපා. එහෙම විවේචනය නොකරනවනන් එසේ නොකර සිටින තාක්කල් අපි උඹලට මුකුත් කියන්නෙ නෑ, අපෙන් උඹලට ප්‍රකිසිම ප්‍රශ්නයක් නෑ, උඹල කරන ඕනම පාහර වැඩක් නොදැක්ක වගේ ඉන්නන්. ඒත් හැබැයි අපේ දේශපාලනය විවේචනය කරන්න ආවොත්, අපි කරමින් හිටිය වැඩ උඹල කරන්න ආවොත් උඹලව නැත්තටම නැතිකරනව, එහෙම උනොත් උඹලට දෙනව බැටේ.“ වගේ චන්ඩි පාට් එකකින් අනෙකා නිහඬ කිරීමට උත්සාහ කිරීම විනා වෙන යමක් මෙම ලිපියෙන් ගම්‍ය වේද?

    මම මෙම කමෙන්ටුවෙන් සුමනසේකර කළ ක්‍රියාව අඩු තක්සේරුවකින් නොසැලකූ අතර ඔහු කළ වරද කිසිසේත්ම සාධාරණීකරණය කිරීමක් නොවන බව මතක් කර දීමට කැමති අතර මෙම ලිපිය කියැවීමේ දී මට හැගුනු කාරනා ගැන කතා කිරීමක් පමණි.

  2. දිප්ති මෙ විවෙචනය කරන්නෙ නිර්මාල්ගේ නරුමවදි භාවිතාවයි. Idunil ඔය කියන විදිහට සරුවා සුනිල් ගැනත් තව එක එකා ගැනු දුශනය කරන එවා ත්‍රිමානයෙ දාලා මෙකත් ගොසිප් සයිට් එකක් කරපුවහම හරිද?මෙ කාලකන්නි සමාජය වෙනස් වෙයිද?දිප්තිලා කණ්ණාඩියක් හදලා නරුමවදින්ට බලන්න සලස්වනවා.නරැමවදින් කණ්ණාඩිය බලලා බයවෙනවා මොකද උන්ට පෙනෙන්නෙ උන්ගෙම නරුමවදි භාවිතාවයි.දිප්තිලට වන්ගිශගෙන් ඇති වැඩක් නැත.ඔවුන් කියන්නේ නරැමවාදි භාවිතාව අත්හරින ලෙසය.එහෙම නොවෙ නම් තව තව කණ්ණාඩි සැපයිමට ඔවුන් සැදි පැහැදි ඉන්නවා. මම හිතන්නෙ දිප්තිලා යම් කිසි දෙශපලන අවකාශයක් සාදමින් සිටිනවා එයට විරැද්ධ වුවාට කම් නැත (ජ.වි.පෙ,පෙ.ස.ප ).නමුත් දැන දැනම එය නරුමවදිව මගහරියි නම් (නිර්මාල්) හොද කණ්ණාඩියක් නොමිලේම ලැබෙන්න සලස්වයි.එ වගෙම මෙම අවකාශය මග හරින අවන්ක මිනිස්සුන්ට පවා(හදගම ) දිප්ති ගහන්නෙය. නිකමට හිතන්න ෆෙස් බුක් නැත්නම් ඔය චණ්ඩින්ට මොකද වෙන්නෙ කියල. හැම එකාම තුරුලු කරගෙන විප්ලවාදි දෙශපාලනයක් කිරිමට බැරිය.

Comments are closed.