civilization and its paradoxes.

 විවෘත ආර්ථිකය නම් සංසිද්ධියට පසුව ලංකාව තුළ ‘ධනවාදය’ නම් හෙජමොනික අදහසට එරෙහිව ගොඩනගන ලද දැනුවත් නොදැනුවත් සියලුම දේශපාලන ව්‍යාපාර මේ වන විට තාර්කික අවසානයකට පැමිණ ඇත. මින් අදහස් වන්නේ, දශක හතරක් තිස්සේ අත්හදා බලන ලද- සන්නද්ධ අරගලය ද ඇතුළත්ව- සියලුම විකල්ප මේ මොහොත වන විට අසාර්ථක වී ඇති බවයි.

                        ගෙවී ගිය දශක හතරක කාලයෙන් දශක දෙකක කාලය තුළ අප විසින් හඳුන්වා දුන් අලුත් අදහස වූයේ, ‘ධනවාදය’ අභ්‍යන්තරයෙන් වෙනස් වී ඇති බවයි. මෙම ව්‍යුහාත්මක වෙනස 80 දශකයේ දී ම දාර්ශනික නොවන මාක්ස්වාදී අදහසක් ලෙස සංවේදනය කරනු ලැබුවේ ෆ්‍රෙඩ්රික් ජෙම්සන් විසිනි. ඔහුට අනුව ධනවාදය තමන්ගේ ඊළඟ සංවර්ධන මාවත ලෙස තෝරා ගත්තේ, ‘ශ්‍රමය’ නොව ‘සංස්කෘතියයි’. මෙම ඛණ්ඩනය පැහැදිලි කළ හැක්කේ, ‘ලාභ ශ්‍රමය’ නම් සංකල්පයෙන් නොව ”සංස්කෘතිය” නම් සාධකයෙනි. [UNPය අර්බුදයට යන විට, ජවිපෙ තිරසාර වන්නේ ඔවුන් සංස්කෘතිය මත දරණ පරාධීනත්වයෙනි – culture will fight for us.]

                      ධනවාදය පිළිබඳ යම් අවබෝධයක් ලබා ඇති අය නිගමනය කොට ඇත්තේ, ඇමෙරිකාවේ සහ යුරෝපයේ පැවති කර්මාන්තශාලා චීනයට විතැන් වූයේ ‘ලාභ ශ්‍රමය’ උදෙසා බවයි. නමුත් නික් බීම්ස්ගේ ‘ගෝලීයකරණය’ නම් සිංහලෙන් ද පළ වී ඇති කුඩා පොත ඔබ කියවන්නේ නම් තත්ත්වය අප හිතනවාට වඩා උන්මුලය; රැඩිකල්ය. නික් බීම්ස් කියන්නේ මෙහිදී සිදු වී ඇත්තේ, ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර පැවැති ‘ස්වාමි-සේවක’ සමාජ සම්බන්ධය ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් බිඳ වැටී ඇති බවයි. මෙම තත්වය ඔහු මෙසේ පහදයි. දෙවන ලෝක යුද්ධයට පසුව විප්ලවවාදී වර්ධනය පිළිබඳ මාක්ස්වාදී දැක්ම ද “පන්ති අරගලය සහ විප්ලවයේ සැබෑ ගමන් මාර්ගය ද” අතර තිබූ සංගතභාවය බිඳ වැටී ඒවා එකිනෙකින් වෙන් වීමයි. 

                       නික් බීම්ස් පහත පරිදි රැඩිකල් අදහසක් ප්‍රකාශ කරයි.

            “ප්‍රාග්ධනයේ වියරු ක්‍රියාකාරීත්වය ගෝලීය මට්ටමකින් ව්‍යුහගත වන විට ධනවාදය නිෂ්පාදන විධිහක් ලෙස බිඳ වැටේ”.

                       නමුත් නික් බීම්ස් නොසිතූ පරිදි ධනවාදය ගෝලීයකරණය හරහා පුනර්ජනනීය වීමක්ද සිදු විය. අස්ථායිකරණය එන්නේ ආත්මීය කාරණාවලින් නම් ස්ථායිකරණය ආදේශ විය යුත්තේ ද ආත්මීයත්වය දෙසින්මය. ‘විනෝදය’ දේශපාලන සාධකයක් වන්නේ මෙම නිමේෂයේ දී ය. සරලව කිවහොත්,  ‘නිෂ්පාදන ප්‍රාග්ධනය’ විසින් අතිරික්ත වටිනාකම් උපුටා ගනු ලැබීමේ ක්‍රියාවලිය සිදු වන්නේ, භූගෝලීය පරිමාවකිනි. මෙම ගුණාත්මක පරිවර්තනය අප සිතනවාට වඩා වැඩි දේශපාලන ගම්‍යතාවයකින් යුක්තය. ඉහත ක්‍රියාවලියේ මුඛ්‍ය ප්‍රකාශනයක් ඇත. ධනවාදී රාමුව තුළ වැඩකරන පන්තීන්ගේ සමාජ තත්වය රැකගත හැකිය යන ජාතිකවාදී රාමුව බිඳවැටේ. නමුත් මෙය අදහසක් ලෙස ප්‍රතිජනනාත්මක ය. ජාතිකවාදයට කළ නොහැකි දෙයක් වෙනුවෙන් එය පෙනී සිටියි. මින් අදහස් වන්නේ, ෆැක්ටරි චීනයට පැමිණියාට ඉන් ධනවාදයට ගුණාත්මක වෙනසක් නොවන බවයි.  මන්ද, චීනය නිෂ්පාදනය කරන මිල අධික භාණ්ඩ පරිභෝජනය කරන්නේ චීනුන් නොව ඇමරිකානුවන් ම නිසාය. වටිනාකම් නිපදවන්නේ එක් තැනක වුවත්, එය තහවුරු වන්නේ වෙන තැනක ය. (ප්‍රාග්ධනය එකතු කිරීමට යන වියදම කෙතරම් අඩු කළත්) නික් බීම්ස් කියන්නේ මෙතැනදී ධනවාදය බිඳ වැටෙන බවයි.

                       නමුත් ෆ්‍රෙඩ්රික් ජේම්සන් විසින් මැන්ඩෙල් නම් මාක්ස්වාදී ආර්ථිකවේදියා අනුගමනය කරමින් කියන්නේ, පාරිභෝගිකයා භෞතික භාණ්ඩ හරහා නොව සංස්කෘතික භාණ්ඩ හරහා ධනවාදයට යළි අවශෝෂණය කරගත හැකි බවයි. එමගින්, පාරිභෝගිකයා හුදු පරිභෝජනය කරන්නෙකු පමණක් නොවී ඔහු හෝ ඇය එමඟින් විනෝද වීමක්ද සිදු වෙයි. පශ්චාත්-නූතන මොහොත යනු, මෙම හැරවුමයි.

                 උදාහරණයක් ලෙස, ගෝලීයකරණය තුළදී සංස්කෘතිය ද පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයට ඇතුළත් වෙයි. මේ මොහොතට පසුව, සංස්කෘතියට ඇතැයි අප අපේක්ෂා කරන ප්‍රතිශක්තිය සහ විකර්ශනය (විරෝධය පෑමට ඊට ඇතැයි අප සිතූ නෛසර්ගික මානය) විසංයෝජනය වෙයි. සාම්ප්‍රදායික මාක්ස්වාදයේ අර්බුදය මතු වන්නේ මෙතැනිනි. ඉන් අදහස් වන්නේ, එය පැටලී සිටි පූර්ව-අගතියකි. මාක්ස්වාදයේ අවිඥාණය වූයේ, සංස්කෘතිය දේශපාලන බලයක් කියාය. නමුත් එය අද වන විට වෙළඳපොල බලවේගයකි. ලාභය සඳහා ශ්‍රමය සංවිධානය කරන ප්‍රපංචයකි. ජාතික සංස්කෘතීන් තුළ පැවැති ‘ස්ථායි අදහස්’ ගෝලීයකරණය තුළ අනිශ්චය මූලධර්මයට යටත් වෙයි. පුළුල් අර්ථයෙන්, පශ්චාත්-නූතනවාදය යනු, මෙම දේශපාලන හැරවුම සංයුක්ත ලෙස න්‍යායගත කිරීමයි. ඒ අර්ථයෙන් ගත් කළ ගෝලීයකරණය යනු, නූතන අධිරාජ්‍යවාදී සැකැස්මයි. එහි සංස්කෘතික තර්කය පශ්චාත්-නූතනත්වයයි.

                       නූතන ගෝලීයකරණය තුළ පුද්ගලයෙකු තමන් සතු ශ්‍රමය ක්‍රමය වෙනුවෙන් විකුණන අතර පෙරළා ක්‍රමය විසින් ඔහුට ඇයට ‘යමක්’ යළි ලබා දෙයි. ඒ අනුව, ගෝලීයකරණ යුගයක ශ්‍රමය ද්විමාණය. ශ්‍රමය මතම පරපෝෂිත විනෝදයක් ද ඔබට යළි ලැබෙයි. ඔබ දවසේ දැඩි ලෙස වෙහෙසෙන්නෙක් නම් රාත්‍රියට ඔබට නිල් චිත්‍රපට ලැබෙනු ඇත.

                 ඇත්තටම, ඔබට ගෝලීයකරණය තුළ කිසිදු සාරවත් අනන්‍යතාවයක් නැත. නමුත් ඔබ ඉන් කම්පා විය යුතු නැත. මිතුරන් 4000ක් සිටිනා සමාජ ජාලා වෙබ් පිටුවක ඔබ අයිතිකරුවෙකි. ඔබව ඔවුන් සමාගම්වලට විකුණන බව ඔබට වැඩක් නැත. ඔබ කැමති ‘අනන්‍යතාවය’ ඔබට පිටුපස දොරෙන් පැමිණ ඇත. ඔබේ ‘සත්තාවට’ වඩා ඔබ මෙම ‘විනෝදයට’ අනුරාගිකය. ධනවාදය මෙකල ඔබව පාලනය කරන්නේ භාෂාව මගින් නොවේ. එය අසමත් වන නිමේෂයෙනි. ජීවත්වීමේ මූලය ඇත්තේ, මිනිස් ජීවිතය පිළිබඳ ජීවන විලාසය (සාරංග නම් සාර්ථක නළුවාගේ අසාර්ථක විවාහය) තුළ නොවේ. ඒ පිළිබඳ ෆැන්ටසි මානය (සාරංග) අද ඔබ ඉදිරියට එන්නේ ‘වැරදීම’ මිනිස් ගුණයක් ලෙසිනි. (සාරංග දැන් අප ඉදිරියට එන්නේ දිනක්ෂි සමඟ බිස්කට් පුඩිමක් හරහා ය). අසාර්ථකත්වය යනු, සාර්ථකත්වය නම් මුදුණට යන පඩි පෙළක් පමණි. අසාර්ථක බව යනු ද සාර්ථකත්වයකි. 

                   එසේ නම්, ධනවාදය  පිළිබඳ විද්‍යාව වූ මාක්ස්වාදය පුනර්ජීවනය කරන්නේ කෙසේද? එය සිදු කළ හැක්කේ,විනෝදය නම් සාධකය දේශපාලනීයකරණය කිරීමෙන් පමණි. දෛවය එය අපට උරුම කර ඇත්තේ, ඇකඩමික් නොවන විලාසයකිනි. එවිට, අපගේ අධ්‍යාපනය සයිකෝසිකකරණයට ලක් වෙයි. නමුත් සයිකෝසියාව තරණය කළ විට මනෝවිශ්ලේෂණය අපට කියා දෙන ඇකඩමික දැනුම ඔබටත් වැටහේවි.

සංවාදය ඇසීමට පහත LINK එකට යන්න.

+++++++++++++++++++++++++++++++++++++

නැවත රටට දේශපාලන පක්ෂ අවශ්‍ය නම්, නැවත පක්ෂ, විපක්ෂ භේදය තහවුරු කිරීමට අවශ්‍ය නම්, මහින්ද රනිල් සුසංයෝගයෙන් ගැලවීමට අවශ්‍ය නම්,

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඉහත විනෝදය කියන්නෙ අපේ අභ්‍යන්තරයෙන් පැන නගින යම් කිසි දෙයකට නේද?
    අපි කියන්නේ ” හෙන කික් එකක් ආව කියල”
    උදාරණයක් විදිහට ලංකාවේ ගිටාර් ගහන සජි නාලක නැත්නම් බිලි ප්‍රනාන්දු වගේ කෙනෙක් ප්ලේ කරනකොට එයාලා දිලා තියන නෝට් වලින් පිට පැනල එයාලගෙම විිදිහකට ගහනවා මේක එයාලගේ මුහුනු වලින් පේනවා එක එයාලගේ මුුලු ආත්මයම ගිටාර් එකට සම වෙනව ඒ සුලු මොහොතකට
    එතකොට ඔය කියන විනොදය ලබන්න අපිට ඒ මොහොත තියෙන අදාල නිතිය බිදින්නම ඕනෙද? (දිල තියෙන නෝට් වලින් පිට පැනල ගහන එක) ? පිලිතුරක් ඕනේ

Comments are closed.