ජීවිතය තරම්ම මටින
මම නිරුවත චිත්‍රපට වෙනුවෙන් කැප කළා
– ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී

ඇතැමුන් චරිතයන්ට ජීවය මවද්දී ඇය චරිතය තුළ ජීවත්වන්නියක බව වේදිකාවේ පුංචි තිරයේ සහ රිදී තිරයේ දී පෑ රංගන ප්‍රතිභාව මතින් විදහා දැක්‌වූවියකි. මේ සෑම තැනකදීම කඩඉම් සනිටුහන් කළ කතා නායිකාවක්‌ වීමටද ඇය සමත් වන්නීය. මේ අතර ඉකුත් කාල වකවානුවේදී ඇගේ රංග කලාව වඩාත් ප්‍රසාරණය වූයේ ලේඛන කලාව දෙසට බවද නොලියා සිටිය නොහැක. සිය ජීවිත කතාව නොවලහා පවසමින් පාඨක සමාජය එමගින් තුෂ්ණිම්භූත කරන්නට ඕ සමත් වනුයේ ආත්ම භාෂණයේ නව සීමා මායිම්ද බිඳ දමමින්ය.
කලා ක්‌ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රවීණ කලාකරුවන් පවා ඇගේ මේ ව්‍යායාමය එදා හැඳින්වූයේ ආවේගශීලී පළිගැනීමක්‌ ලෙසටය. එහෙත් කලා ක්‌ෂේත්‍රයෙන් පිටස්‌තර පොදු පාඨක සමාජයේ ඇතැමුන් වඩාත් උත්සුක වූයේ ඇගේ ජීවිත කතාව හරහා ඇය විසින් විදාරණය කරනු ලැබූ ඒ කතාව තමුන්ගේ ජීවිත කතාව හා සංසන්දනාත්මකව විමසීමටය. ඒ කතාව “පුනරුක්‌තිය”. එය ඇගේ ආත්ම භාෂණය රැගත් ආන්දෝලනාත්මක සහ දැඩි කතාබහට නතුවූ ග්‍රන්ථයයි. 2011-2012 වසරවලදී පොත් වෙළෙ¹මේ අලෙවි වාර්තා බිඳ දැමූ මේ ග්‍රන්ථයේ රචිකාවිය වනුයේ සිය චරිතාපදානයේ ෂෂ හා ෂෂෂ වෙළුම් රැගෙන අනිද්දා (15 දා) ප්‍රේක්‌ෂක පාඨකයන් අභිමුවට පැමිණෙන ප්‍රවීණ සහ ජනප්‍රිය රංගවේදිනී අනෝමා ජනාදරී ය. මතු දිග හැරෙන කතාබහට නිමිත්ත වනුයේ “පුනරෝපකථන” සහ “පුනරාගමන” ලෙසින් නම්කර ඇති ඇගේ නවතම කෘති ද්වය එළිදැක්‌වීමය.

“පුනරුක්‌ති” සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයත් එළිදැක්‌වූ ඔබ, ඔබේ ආත්ම භාෂණයේ තවත් පැතිකඩක්‌ වෙත අප රැගෙන යන බව පැවසුවා…

ඇත්තටම ඔව්. මගේ “පුනරුක්‌ති” කෘතියේ එළිදැක්‌වීමත් සමග ඇතිවූ ආන්දෝලනයේ ගිනි පුපුරු නිවී යන්නටත් මත්තෙන් තමයි එහි ෂෂ සහ ෂෂෂ වෙළුම් පාඨකයාට රැගෙන එන්නේ “පුනරෝපකථන” සහ “පුනරාගමන” ලෙසින් මෙය නම්කොට තිබෙනවා. අනිද්දා (15 දා) කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පෙ.ව. 10.00ට උත්සවය ආරම්භ වෙනවා. ආරාධිත දේශකයන් ලෙස මහාචාර්ය තිස්‌ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්‌කාර, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය ඩියු ගුණසේකර, චම්පික රණවක, නාට්‍යාචාර්ය ඩග්ලස්‌ සිරිවර්ධන, සාහිත්‍යධර පරාක්‍රම කොඩිතුවක්‌කු යන මහත්වරුන් එක්‌වීමට නියමිතයි. සියලු ප්‍රේක්‍ෂක පාඨක සහෘදයන්ටත් විවෘත අවස්‌ථාවක්‌ වන මෙහිදී දිවා ආහාරයද පිරිනැමීමට අපේ සංවිධායක මණ්‌ඩලය බලාපොරොත්තු වෙනවා. 15 වැනි දිනය විශේෂයෙන් යොදා ගත්තේ සරසවි ශිෂ්‍ය නායකයකු වූ දයා පතිරණ ඝාතනය අනුස්‌මරණ කිරීම වෙනුවෙනුයි.

2011.04.29 වැනි සිකුරාදා දිනය ඔබට මතකද…?

සත්තකින්ම ඔව්. ඔබේ පුවත්පතේ සිනමා කලා විශේෂාංගයේ මගේ “පුනරුක්‌ති” කතාව ගැන පළමුවරට ප්‍රේක්‌ෂක පාඨකයාට කළ හෙළිදරව්ව. තනි තටුවෙන් චිත්‍රපටයට ලැබුණු ප්‍රේක්‌ෂක ප්‍රතිචාර වගේ දස ගුණයක ප්‍රතිචාර එදා මේ පොතට ලැබුණා. පුවත්පත මුද්‍රණයෙන් එළියට ආ දා පාන්දර ඉඳන් දුරකථන ඇමතුම් ගංගාවක්‌ ගලන්නට පටන් ගත්තා. ඒක මාස තුනක්‌ යන තුරුම තිබුණා. “පුනරුත්ති” දෙවැනි මුද්‍රණයට ගියේ පළමු මුද්‍රණයෙන් පැය හැත්තෑදෙකක්‌ ගෙවී යන්නටත් මත්තෙන්.

“නිරුවත” කියන්නේ ගැහැනියකගේ ජීවිතය කියලා එදා ඔබ පැවසුවා. වර්ථමානයේත් ඔබ ඉන්නේ එතැනමද…?

පැහැදිලිවම මම කියනවා ආසියාතිකද, බටහිරද, යුරෝපීයද, අප්‍රිකාවේද, කියන දේශසීමාවලින් තොරව ගැහැනියකගේ වටිනාම වස්‌තුව ඇයගේ ශරීරයයි කියලා. ආගම්වලින් සංස්‌කෘතියෙන් ඒ වටිනාම වස්‌තුව වටිනාම ආභරණ, සළුපිළි, වර්ණාලේප එකතු කිරීමෙන් ගැහැනිය දිව්‍යාංගනාවකගේ තත්ත්වයට පත් කරනවා. ඒවගේම මගේ මතකයට එනවා හොලිවුඩ් පුරයේ නිපදවුණු චිත්‍රපට කිහිපයක්‌. ස්‌ත්‍රී ශරීරය කේන්ද්‍ර කරගෙන එහි රඟපෑ බ්‍රිජට්‌ බ්‍රාඩෝ, සොµsයා ලොරේන්. ඒ චිත්‍රපට සදාතනික වුණේ ඒ ශිල්පිනීන්ගේ ස්‌ත්‍රී නිරුවතේ වටිනාකම නිසා. එදා ඒ වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක සමාගම් මේ නිළියන්ට ඩොලර් දශලක්‍ෂ ගණනින් ගෙව්වා.

ගැහැනියකගේ නිරුවත ජවිතය තරම්ම වටිනවා නම් ඔබත් ඒ වටිනා වස්‌තුව චිත්‍රපට වෙනුවෙන් කැපකළා කියන්නට සතුටුද…?

ඔව්…මම ඔබට ඒකට හොඳ නිදසුන් දෙකක්‌ කියන්නම්. එදා ‘දිවයින’ පුවත්පතේ මගේ ලිපිය පළවෙලා පැය දෙකක්‌ ගත වෙන්නටත් කලින් මහත්මයෙක්‌ මට කතා කලා. ඔශු කිව්වා මම ඔබේ රඟපෑම්වලට ආදරෙයි. මම දැන් කොළඹ එන ගමන් ඉන්නේ. ඔබේ අව්‍යාජ අදහස්‌ කියවූ මං ඔබට උදව් අවශ්‍ය යෑයි හැඟී ගියා කියලා. ඒ නිසා මම ඔබට මෝටර් රථයක්‌ පරිත්‍යාග කරන්නම් කියලා. තවත් මහත්මයෙක්‌ කතා කරලා කිව්වා ඔහු සම්බන්ධීකරණ කටයුතු කරන ජාත්‍යන්තර චිත්‍රපටයක සාකච්ඡා අතරතුරේ මේ ‘දිවයින’ පුවත්පත දැකලා මාව ඒ සඳහා තෝරා ගත්තා කියලා.

තනි තටුවෙන් චිත්‍රපටයට පසු නිරුවත් ජවනිකා ඇතුළත් චිත්‍රපට කීයකට ඔබට ඇරැයුම් ලැබුණාද..?

දේශීය සහ විදේශීය චිත්‍රපට තිර නාටක 15-20 ක්‌ අතර ප්‍රමාණක්‌ ලැබුණා. අවසානයට ලැබුණු චිත්‍රපටයේ දී මට කරන්නට තිබුණේ, මවක්‌ තමන්ගේ දරුවන් හදා වඩා ගන්න තමුන්ගේ ශරීරය උගසට තියන චිත්‍රපටයක්‌.

අපේ රටේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ට ස්‌ත්‍රී ශරීරයේ නිර්මාණශීලී භාවිතය ගැන නිවැරැදි වැටහීමක්‌ තිබෙන බවක්‌ ඔබ දකිනවද…?

නැහැ. කොහෙත්ම නැහැ. ඔය අධ්‍යක්‍ෂවරු හැම කෙනකුටම මම ප්‍රසිද්ධියේ අභියෝග කරන්න කැමැතියි. මා එක්‌ක රූපවාහිනි විවාදයකට එන්න කියලා. මම බය නැතිව කියනවා ඔවුන්ගේ එකම යටි අරමුණ ස්‌ත්‍රී ශරීරය සූරාකමින් බඩ වඩාගෙන ඒ චිත්‍රපටය අරගෙන ලෝකය පුරා රවුම් ගසමින් ඒ නිළියගේ ජීවිතයට, වෘත්තියට, ආත්මයට අගෞරවයක්‌ වෙන විදිහට අමානුෂික ලෙස හැසිරීම හැර වෙන කිසිවක්‌ නැති බව. ඒ අයගේ යටි අරමුණට ඇස්‌ නැහැ. ඒ වෙනුවෙන් තමුන්ගේ බිරිඳ වේවා, අම්මා වේවා, පෙම්වතිය වේවා, දුව වේවා කියා කිසිම ප්‍රශ්නයකුත් නැහැ. ධනපති සමාජයේ පිරිමියාගේ විදිහ තමයි ඒක.

“තනි තටුවේ” රංගනයෙන් පසු ඔබ කැරැළිකාර චරිතයක්‌ වූ බවකුයි මා දකින්නේ…?

නැහැ. මගේ අරගලයට ඔය චිත්‍රපටය කුඩා වැඩියි. මගේ දෙමාපියෝ, බාප්පා අතින් අතවරයට ලක්‌වෙනකොට ඉන් ගැළවෙන්න මං කළ අරගලය නිසා අවු. 15 දී මාව ගෙදරින් පිටමං කළා. වෙන දරුවෙක්‌ නම් මැරිලා. ඊළඟ අරගලය උසස්‌ පෙළ සමත්වෙලා විශ්වවිද්‍යාලයට යැම. මං ඒකත් දිනුවා. විශ්වවිද්‍යාල අවසානයේ දී ස්‌වාධීන ශිෂ්‍යාවක්‌ විදිහට මං වැඩෙද්දී පෙම්වතාගේ අතකොලු දේශපාලනය විසින් ඩැහැගෙන අවසානයේ බිලිවීමට නියමිතව සිටියදී ඉන් නිවැරැදි මාවතට ආවා. පෙම්වතාගේ අදූරදර්ශී පරාජිත දේශපාලන කුරුසියට කරගහන්න ඔහුව විවාහ කරගෙන, ළමයි හදාගෙන අරගලයක්‌ කළා. සමාජවාදී කලාවක්‌ කියලා ප්‍රචාරකවාදී දේශපාලනයක්‌ කළා. මගේ වෘත්තීයට අගය නොලැබී වෙළෙන්දන් අතට හුවමාරු වෙනකොට ඔක්‌කෝම භාරදීලා එදා පාරට බැස්‌සා. මේක තමයි මගේ ජීවිතයේ සැබෑ අරගලය.

ඔබ වටා සිටින රසික ප්‍රජාව, පසුගිය කාලයේ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ ගෙන ගිය අරගලය ගැන හොඳින්ම දන්නවා. ඒ අරගලකාරී සටනින් ඔබ මේ වන විට ලද ජයග්‍රහණ මොනවාද?

කලාව සාමුහික ප්‍රයත්නයක්‌. විශ්වවිද්‍යාල සමයේදීම වෘත්තීය කලාවට පිවිසි මමත්, මගේ පෙම්වතාත් එදා එකතු වුණේ “සමාජවාදී කලාව” කරමු කියලා. ඒ වෙනුවෙන් දරදිය ඇදලා ජීවිතයම කැප කරලා නිර්මාණ කිහිපයක්‌ සංතේකීය ප්‍රාග්ධනයක්‌ රැස්‌ කළා. කොළඹ කලාව කරන්න ගිහින්, විදෙස්‌ උත්සව වලට යන්න ගිහින් වෙළෙන්දන් අපේ අරමුණු කුඩුපට්‌ටම් කළා. ඒ විතරක්‌ නොවෙයි පවුල විනාශ කළා. දෘෂ්ටිය අවුල් කළා. අවසානයේ කණ්‌ඩායමේ සාමාජිකයන් සියල්ලම දමලා ගහලා ගියා. මම විතරයි ඉතිරි වුණේ. අවසානයට මාවත් එළෙව්වා.

ඔය කියන්නේ… ජීවන ගමනේ දී දෙදෙනාම පරාද වූ බවක්‌…?

ඇත්ත. හමුවෙන හැම කෙනාම කියන්නේ අපි ඔය දෙන්නටම ආදරය කරපු බව. ඒත් ඒක අපිට නොතේරීම ඔවුන්ට පුදුමයක්‌. දෙන්නගේම පසුගිය නිර්මාණ මොන තරම් අසාර්ථකද කියලත් කියනවා. දෙන්නගේම පැවැත්ම තියෙන්නේ සාමුහික වුණොත් විතරයි කියලා කියපු අයත් ඒ අතර ඉන්නවා.

ඔබේ ජීවිත කතාව ග්‍රන්ථගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සිතේ සැහැල්ලුවද..?

නැහැ…· මගේ ජීවිත ගමන් මඟ ගැන සාමූහික වග විභාගයක්‌ පවත්වනවා. ඒක සමාජ දේශපාලනික පරීක්‍ෂණයක්‌ වගේ දෙයක්‌.

ඔබේ දියණිය පසුගියදාක විදෙස්‌ සිනමා උත්සවයක ස්‌තුති කතාව කළා. ඇය ඔබ පසුපස ඒමටද බලාපොරොත්තුව සිටින්නේ…?

ඇගේ තීරණය ඇය සතුයි. ඒත් ඇය පසුපස සිටින්නෙත්, අප අතර භේද වපුරපු වෙළෙඳ සමාජයමයි. ඒ නිසා ඇය ගැනත් මට බයයි. මොකද… මට සිදුවුණු දේ අමතක කොට නැති නිසා.

“දේශපාලනයට එන්න නම් බොරු කියන්න වගේම, මුදල් වියදම් කරන්නත් හැකියාව තිබිය යුතුයි. ඇත්ත ඒක නොවුණත් විෂමතාව ඒකයි. පක්‍ෂ පාට නොසලකා මමත් කැමැතියි කාන්තාවන් වෙනුවෙන් ගෙන යන මේ අරගලය පාර්ලිමේන්තුව දක්‌වා ගෙන යන්න. ඒ අපේ රටේ නිර්ධන පංතියේ කාන්තාව වෙනුවෙන් එහි සිට මගේ අරගලය දියත් කරන්න” යෑයි වරක්‌ මේ ලියුම්කරු සමග ඇය පැවසූ අදහස්‌ නැවත මෙලෙස සටහන් කරනුයේ ඇගේ ආත්ම භෘෂනයේ ෂෂරැෂෂෂ “පුනරෝපකථන” සහ “පුනරාගමන” එළිදක්‌වන අනිද්දා (15 දා) කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ දී එක්‌වන ලෙසට ඔබට නැවත ඇරයුම් කරමිනි. දුරකතන අංක 0778208839 ඇමතීමෙන් ඔබට ප්‍රවීණ කලා ශිල්පිනී අනෝමා ජනාදරී සමග කතා කළ හැකිය. නිසැකවම අනෝමාගේ මේ කෘති ද්වය ද සමාජය තුළ නැවත උණුසුම් කතිකාවකට මඟ පාදනු නොඅනුමාන බව ලියා තබමි.

සංවාද සටහන – සුජීව තත්සර

Wing 2

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. පොන්නයින්ට සිංහල පත්තර ඇයි මෙච්චර Love?
    ළග ළග දෙකයි
    1. නෙත්තිකුමාර මහතා
    2. ජිනාදරී මහත්මිය
    3. …………?
    ඇයි මේ අය ප්‍රභාකරන්ට love නැත්තෙ?

Comments are closed.