1989 අග තායිලන්තයට පසුබැසු මා එහිදී මුණගැසුන එගොදබැද්දේ ගුණසිරි හිමි සහා මහින්ද සමග එකතු වී ජවිපෙ සගයන් විශාල ගනණකගේ ජිවිත බේරාගැනීමට හැකි විය , 1990 මුල ලංකාවෙන් ජිවිත ආරක්ෂාව සදහා ආ දෙදෙනෙක් bangkok වලින් බැහැර අනාථ ළමා නිවසක නතර වී සිටින බව සුලක්*( තමසාන් විස්ව්විද්යාලයේ මහාචාර්‍ය)ගෙන් දැනගන්නට ලැබුණි ඒ අනුව ක්‍රියාත්මක වූ මා සහා මහින්ද ඔවුන් දෙදෙනා bangkok වලට ගෙන්වා සාකච්ඡා කරන ලදී එක් අයෙක් සමන් ප්‍රියංකර වූ අතර අනෙක් කෙනා මහී (වර්තමාන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහීපාලගේ සහෝදරයා) විය.සාකච්චාවෙන් පසු සමන් ජවිපෙ අප සමග ඉදිරියට වැඩකිරීමට එකඟ වූ අතර ඔහු අප නතර වී සිටි තැනට විත් නතර වූ අතර මහී වෙනත් ස්ථානයක නතර වුනි , පසුව අප එවකට රට තුල සිදුවූ මර්දනයට විරුද්දව විශාල වැඩකොටසක් කල අතර ලංකාවේ මරණයට තීන්දු වී සිටි සගයන් කොටසක් තායිලන්ත ට රැගෙන විත් බේරාගැනීමට හැකිවුණි . 1990 මුල සෝමවංස ඉංදියාවේ සිට එහි ආ අතර එහි සිටි දුර්වලයන් සමග ගනුදෙනු කර අප මුණ නොගැසීම ඉතාලියට පිටවීම නිසා කළකිරුණු අප වෙනත් රටවලට යන්න තීරණය ගත් අතර , ඒ අනුව ගුණසිරි හිමි ඔස්ට්‍රේලියාවටත් , මහින්ද රුසියාවටත් , සමන් ඇතුළු පිරිසක් ජපානයටත් , මා නැවු මගින් යුරෝපයටත් යෑමට තීරණය ගෙන ක්‍රියාත්මක විය. සමන් ඇතුළු පිරිසට ජපන් විසා ගැනීමට වෙහෙස වූ මහින්ද ඒවා ලබා දුන් අතර පළමුව සමන් සහා තවත් අයෙක් ජපානයට යැවීමටත් එහිදී අප හඳුනන ජපන් භික්ෂුවක් ඔවුන් බාරගැනීමට සැලසුම් කරන ලදී . සමන් ජපන් යාමට දින දෙකකට පෙර මා නැවතී සිටි ස්ථානයට තනිවම පැමිණ තමන්ට එහි යාමට බිය බවත් ඔහුට පෙර මහින්දව එහි යවන ලෙස මගෙන් ඉල්ලීමක් කරන ලදී .( සමන්ට සිහිය තිබේනම් මෙය මතක් විය යුතුය ) මා ඔහු සමග දීර්ගව කතා කර , අප සියල්ලම කරන්නේ ලංකාවේ විප්ලවය සහා පක්ෂය වෙනුවෙන් බවත් අපට ඒ වෙනුවෙන් කල නොහැකි දෙයක් නැති බවත් දැනට විසා ලබා ඇති අයගෙන් නායකත්වයට සුදුසුම පුද්ගලයා ඔහු බව පවසා ඔහුගේ කඩා වැටි තිබු මනස හදා ඔහු ගමනට සුදානම් කලෙමි . ඔවුන් ජපානයට ගිය අතර මා නැවු මගින් ඉතලියටත් , එතැනින් දර්මේ සහෝදරයා මගින් 1991 ජුලි මස ස්විට්සර්ලන්තයට පැමිණි අතර (එදිනම එවකට ඉතාලියේ රෝමයේ සිටි සෝමවංස මා පැමිණි වාහානයෙන්ම දර්මේ සහෝදරයා විසින් ටොරිනෝ කිට්ටුව ප්‍රංශ දේශසීමාවට ඇතුල් වී දුම්රියෙන් ඔහුව පැරිසියට යවන ලදී) මා එවක සිට අමරසිංහ සමග ගනුදෙනු කල අතර එතෙක් කිසිදු දේශපාලන සම්බන්ද කමක් නොතිබුන ජපානයේ සමන් ලාට සෝමවංශගේ සම්බන්ද කම් හදා දුනි.සෝමවංශ ගේ පංතිසහයෝගීතා දක්ෂිණාංශික දේශපාලනය මා විවෙච්නය කල අතර එම නිසා මා ඔහුට ද්‍රෝහියෙක් විය , නමුත් සමන් සමග ගනුදෙනුව මා දිගටම කරගන යන ලදී ඔහුව ජවිපෙ මධ්‍යම කමිටුවටද තෝරාගෙන තිබුණි, මේ වනවිට ජපානයට ගිය පක්ෂ සගයන් පක්ෂ අරමුදල් තර කිරමට සමන්ගේ සහා අම්පාරේ අය්යියාගේ මුලිකත්වයෙන් කාර් සෙල් එකක් පටන් ගෙන තිබුණි( අද ඔය තමන්ගේ එකක් ලෙස කරගෙන යන්නේ එය බව ජපානයේ ගිය අනෙක් සගයන් මට පවසන ලදී) මා සෝමවංශ වැරදි බව කියන විට ඔහුට කේන්ති යන ලදී , 1994 (මගේ මතකය අනුව) පක්ෂ අභ්‍යන්තරයේ සිට නායකත්වය දුන් රහුණු විශ්වවිද්යාලය කොඩිතුවක්කු සහෝදරයා දකුණේදී ඝාතනය කර තිබුණි ( කොඩිතුවක්කු ඉතාමත් දක්ස නායකයෙකි වැලිසර නාවික හමුදා කදවුරේදී සහා මැගසින් බන්දනාගාරයේදී අප එකට සිටි කාලයේදී මගේ දෑසින්ම දැක්කෙමු) ඒ ගැන ලංකාවේ පුවත් පත් වල පලවී තිබුණි , ඒ සමග ඒ ගැන ප්‍රකාශයක් කල ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා එවැනි කෙනෙක් පක්ෂයේ නොසිටි බව ප්‍රකාශ කර තිබුණි . මා ඒ ගැන සමන් ගෙන් ඇසු කල ඔහු පැවසුවේ කොඩිතුවක්කු රහසිගතව මංගල සමරවීර සමග ගනුදෙනු කර ඇති නිසා ඔහුව ඝාතනය කල බවත් කලකදී විප්ලවාදීන් ද්‍රෝහීන් වෙන බවත් ,ද්‍රෝහීන් විප්ලවාදීන් වන බවත් මාද පක්ෂයේ ද්‍රෝහියෙක් ලෙස සලකන්න සිදුවෙන බවත්ය . යන එනමන් නැතිව අතේ පිච්චිය නැතිව අනාථ නිවාසයක හිටපු එකාට , ඉංග්‍රීසි දැනුම , කොම්පුටර් තාක්ෂණය ලබාදීලා , දැනුම හැකියාව වර්ධනය කරලා , නායකත්වයට අරගෙන ඉදිරියට දලා පසුව ජපානයට යන්න උපකාර කල මට, මහින්දට , ගුණසිරි හිමිට ජවිපෙ වැරදි පෙන්නු නිසා මොහුට අප ද්‍රෝහියෙක් විය. එදා කතාකළ සමාජවාදය මනුස්ස කම මුදල් ඉදිරියේ දියකරගත් මොහු විමල් වීරවංශ සමග එකතු වී party එකට විරුද්දව කටයුතු කරයි .

Australian and  Swiss Saman ලා ගැන බලාපොරොත්තු වන්න!

ඔබේ අදහස කියන්න...