මුලින්ම මරික්කාර් කියලා කෙනෙක් මල් පාරට  එනවා.

ඊළගට රනිල් ගිහිල්ලා ‘සිරසේ’ තොරණක් විවෘත කරනවා

ඊටත් පස්සේ රනිල් මුහුණට මුහුණ හම්බ වෙනවා

අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදය නහුතෙටම ඉස්සෙනව

‘රාජා’ තමන්ගේ යාළුවන්ටත් මේ විස්තරේ කියනව. ඊට පස්සේ  ‘මව්බිම’ පත්තරේ කොළපාට වෙන්න ගන්නවා.

උපුල් ජෝසපුයි, තුෂාරයි නන්නාපෝල් වෙනව.

ආයෙමත් ප්‍රජාතන්ත්‍රවාදය දුනුගමුවට යනව. බඹරය කැරකෙන්න පටන් ගන්නවා.

පෙරහැර වහාම පිටුපසට හැරෙන්නවා. එතකොට ඉස්සරහම හිටපු කෙනා අන්තිමයා වෙනවා. අන්තිමට හිටපු කෙනා පළවෙනියා වෙනවා.

සීනුවටත් කලක් යයිද?

 

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන තේමාව වන “ශිෂ්ටත්වයේ සිහිනය” යන්න 3මාන වෙබ් අඩවියේ කුඩාවට සඳහන් කොට ඇත්තේ ඇයිද යන්න ගැටලුවකි. 2004 පෙර X කණ්ඩායම ලෙස සංවිධානය වී තිබුන සමයේදීද එහි දේශපාලන අරමුණ වුයේ ශිෂ්ට සමාජයක් සාදා ගැනීමය. එනම් බටහිර සහ යුරෝපා දියුණු ශිෂ්ට රටවල “ප්‍රශ්න” විසඳාගෙන ඇත්තේ “බටහිර ශිෂ්ටත්වය” තුල බවත් “එහේ” “දිවුණු” බවත් “මෙහේ” නොදියුණු බවත්ය.

    3මාන වෙබ් අඩවියට කමෙන්ටු යොමු කරන්නේ එය නිරන්තරයෙන් කියවන ප්‍රමුඛතම පාඨකයින්ය. ඒ අනුව 3මාන වෙබ් අඩවියේ අරමුණ පිලිබඳ විමර්ශනාත්මක දර්ශකය එම කමෙන්ටු යොමු කරන්න්නන්ය. 3මාන වෙබ් අඩවියට නිරන්තරයෙන් කමෙන්ටු යොමු කරන්නන් අතර gamaya1, තාත්තා, Ajith වැනි අය කිහිප දෙනෙකු සිටී. 3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම යුගයේ ප්‍රගතිශීලීම කටයුත්ත බවය. මාගේද දේශපාලන ස්ථාවරය එය වේ.

  2. මගේ දේශපාලන ස්ථාවරය කිසි සේත්ම එජාපය බලයට ගෙන ඒම නොවේ. ඔබ මිට වැඩ හොඳින් කොමෙන්ටු හෝ ලිපි කියවීමට පුරුදු විය යුතු බව මගේ හැඟීමයි. “read between the lines” යන්න අසා තිබෙනවාද ? යුරෝපා දියුණු රටවල සියලු ප්‍රශ්න විසඳා නැත. නමුත් නිතිය පිළිපදින පොලිසියක් , හමුදාවක් , ජනතාවක් හා දේශපාලකයන් ඒ රටවල් වල සිටිති.

  3. […] දැන් රනිල් ඇතුළු විපක්ෂේ ඔය කියන තරම්ම හොඳ නැහැ. පුබුදු ජයගොඩ කියනවා වගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව රනිල් ගේනවා මටත් මතකයි. එහෙම කෙනෙක් මැරිලා උපදින්න විධිහක් නැහැ. රනිල් කවදාවත් පන්ති අරගලයකට සහයෝගය දෙන්නෙත් නැහැ. ඒ නිසා මම එජාපය බලයට ගෙන ඒම  හෝ රනිල් සජිත් බලයට ගෙන ඒම  ප්‍රගතිශීලි කියල කවදාවත් හිතන්නේ නැහැ.නමුත් පවතින අසාමාන්‍ය ලෙස බෙලහීන විපක්ෂයේ බෙල්ලට පොලුපාරවල්  දෙන්නත් මට ඕන කමක් නැහැ. ගහ මරා  ගන්නේ නැතුව ඕන දේශපාලනයක්. ත්‍රිමාණ යේ කොමෙන්ටුව: http://104.244.127.152/~mana/%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B7%83%… […]

Comments are closed.