වසර 15ක පමණ දීර්ඝ කාලයක් ඔස්සේ කරන ලද දීර්ඝ අධ්‍යනයක පාර්ශ්වීය න්‍යායික උත්තර කිහිපයක් ඉදිරිපත් කිරීමට කාලය පැමිණ ඇත. අජිත් ධර්මකීර්ති සහෝදරයා විසින් වියුක්ත ලෙස ලිංගිකය සහ මානව ලිංගිකත්වය අරබයා පහත අසන ප්‍රශ්න වලට X කණ්ඩායමට පිළිතුරු නොතිබූ මුත් ‘සමබිම’ පක්ෂයට ඇත.

              අපි පළමුව අජිත්ට සවන් දෙමු.

 

“ සුමිත්, වසන්ත සහ වසන්තගේ පෙම්වතිය යන තිදෙනාම වැඩිහිටි අය යි. ගැටලුව ඒ හින්දා සුමිත්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් දීප්ති එයාගේ පියා නොවේ. ඒ හින්දා මට තේරෙන්නේ නැහැ දීප්තිට මේක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියලා. සංවිධානයේ පැත්තෙන් ඕනේ නම් හැමෝම රැස් කරලා අදහස් විමසන්න පුළුවන්. ඒ හැරෙන්න පක්ෂයවත්, දීප්තිවත්, X කණ්ඩායමවත් ඒක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. මොකද අපි සදාචාරාත්මක විචාරකයන් නොවන නිසා. ඒක පුද්ගලානුබද්ධ දෙයක්”.

                   

                         බොහෝ කාලයක් තිස්සේ මා කල්පනාවෙන් බලා සිටියේ, සුමිත්ගේ ගැටලුව හෝ වෙනත් ‘X අයගේ’ ගැටලු ගැන මගේ පර්යාවලෝකනය නො අසන්නේ මන්ද යන්න ය. උදාහරණයක් ලෙස, අජිත් මගේ ලිපි සහ න්‍යායික අදහස් ඉතා හොඳින් කියවන නිසා මා සදාචාරවාදියෙක් හෝ ගතානුගතිකවාදියෙක් නො වන බව ඔහු හොඳින් දනියි. නමුත් අජිත් මෙසේ අසන්නේ නැත. ‘සුමිත්ගේ ලිංගික ගැටලුව පිළිබඳ දීප්ති ඔයාගේ න්‍යායික අදහස කියන්න’. 

නමුත් අජිත් ද අසන්නේ, සුමිත් අසන ප්‍රශ්නයම ය. 

‘මගේ ගම මින්නේරිය වීම මාක්ස්වාදී නූතන කියවීම් වලට අදාල වන්නේ කෙසේ ද? නැතහොත්, මගේ පුද්ගලික ලිංගික ජීවිතය ගැන දීප්තිට තිබෙන අමාරුව මොකක්ද?’ බාහිරින් සිටින බහුතරය නොදන්නා කරුණ වන්නේ, වසර 7ක් සුමිත් කවුද කියා දෛනික ජීවිතය තුළ මා දන්නා බවයි. එය, පුබුදු ජාගොඩ වැනි වංචනික වාමාංශිකයෙකු නොසිතා අහක දමන පැත්තකි. අනෙක් අතට, සුමිත් ද පුද්ගලිකව මා කවුද කියා හොඳින් දන්නා පුද්ගලයෙකි. නමුත් ඔහුගේ ලිවීම් වලට එන විට ඔහුට මා අඥාත ය; අපතයෙකි. මගේ යෝජනාව වන්නේ, මේ ‘අපත විඥාණයේ’ මූලය ලිංගික එකක් බවයි. එය, සුමිත් හෝ ඒ වර්ගයේ අන්තරාභවියන් න්‍යායගත නො කරන ක්ෂේත්‍රයකි. සුමිත් කෙසේවත් ‘ලිංගිකය’ (Sex) න්‍යායගත කරන්නේ නැත. එය, ඔහු රහසක් ලෙස පවතින්නට ඉඩ දෙයි. ඔහු රුචි කරන්නේ, ලිංගිකත්වය නැතහොත් ‘ලිංගිකය’ වසා දමන දෘෂ්ටිවාදයට යි. ඔහු ප්‍රංශ ශිෂ්‍ය අරගලය, හිපියන්, එකට වැසීම -Living Together- යනාදිය කතා කරත් තමන්ගේ ජුන්ඩා කෙලින් වන්නේ කුමන හේතු-ඵල ධර්මයකට අනුව ද කියා කියන්නේ නැත. කොළඹ ආ ගැමියන් හැමෝම එහෙම ය. වෙනත් දේශපාලන සංවිධානවල ලිංගිකය (Sex) සහ ලිංගිකත්වය (Sexuality) ගැන කතා කරන්නේ නැත. නමුත් අපගේ සංවිධානය ලිංගික සංස්කෘතිය ගැන දේශපාලනිකව කතා කර ඇත. සුමිත් චාමින්ද දැන් හැසිරෙන්නේ ඒ ගැන නො දන්නා බබෙක් සේ ය. ලිංගික දේශපාලනය -Sexual politics- කියා දෙයක් පවතින බව ඔහු නො දන්නා සේ ජීවත් වෙයි.

                    පළමුවෙන්ම, අපි අපගේ සංවිධානයේ ලිංගික දේශපාලනය- Sexual Politics- පිළිබඳව කතා කරමු. ලිංගික දේශපාලනය පිළිබඳව ගෙතිය හැකි සාරාංශගත ප්‍රවාද කිහිපයක් පහත දැක්වේ.

1.ලිංගිකත්වය යනු, ස්වභාවිකත්වයට හෝ සංස්කෘතියට අනාවරණය වීමක් නොවේ. එය සිදු වන්නේ, හැඟවුම්කාරකය විසින් ශරීරය සොබාදහමෙන් වෙන්කොට භාෂාවේ ව්‍යුහගත වීමක් ලෙසින් යළි සකස් කිරීම තුළ ය. එය, මේ නිසා ම අත්දැකීමක් නොව හැඟවුම්කාරකයේ ස්වාධීනත්වය ප්‍රකාශ වීමකි. උදාහරණයක් වශයෙන්, මුස්ලිම් ලබ්ධිකයෙකු හොරකමක් කරන අතර ඊට ටික කාලයකට පසුව ඔහුගේ අතක් පණ නැති වෙයි. කෝරාණයේ සඳහන් පරිදි [?], හොරකමට දෙවියන්ගේ දඩුවම අත ශරීරයෙන් වෙන් කිරීමයි. මුස්ලිම් ලබ්ධිකයාට කලින් එන්නේ, භාෂාවයි. අත්දැකීම එන්නේ භාෂාවේ පෙරහනය තුළින් ය.

          ස්ත්‍රී-පුරුෂ භේදය සලකුණු වන්නේ, සොබාදහමෙන් හෝ සංස්කෘතියෙන් නොව භාෂාවට කෙනෙකු ක්ෂතිමය ආකාරයකට මුහුණ දීම තුළිනි. උදාහරණයක් වශයෙන්, ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයේ මුල් කොටස තුළ කුඩා දරුවෙකු රාත්‍රී නින්දෙන් ඇහැරී තම දෙමාපියන්ගේ නිදන කාමරයට ඇතුල් වෙයි. 

එහි දී ඔහු දකින්නේ, තම දෙමාපියන්ගේ රමණ දර්ශනයකි. ඔහුට කිසිදු අපත්තියක් සිදු නොවේ. නමුත් ඔහු වැඩුමහල් වී තරුණ දිවියට ලං වූ විට ඔහු ලිංගික වශයෙන් අකර්මණ්‍ය වෙයි. එසේ වන්නේ, පළමුව ඔබ දුටු දර්ශනය ‘ලිංගික දර්ශනයක්’ නිසා බව දෙවැනි වරට හමුවන භාෂාව මගින් අර්ථකථනය වන නිසා ය. ඒ අනුව, භාෂාව එනතුරු අත්දැකීම පවතින්නේ පූර්ව-දැනුමක් ලෙසිනි.

            ඉහත උදාහරණයෙන් වැටහෙන්නේ මිනිසාගේ ලිංගික විනෝද වීම් පදනම් වන්නේ, සොබාදහම හෝ සංස්කෘතිය මතින් නොව හැඟවුම්කාරකය විසින් ශරීරය හිල් කරන තැනේ දී බවයි. ඉන්පසු, එසේ හිල් කරන ලද හැඟවුම්කාරකය පුනරාවර්තනය වීමෙන් විනෝදය සංවිධානය වෙයි.

 

2. ප්‍රමිතිගත ලිංගික සබඳතා යනුවෙන් දෙයක් තිබේ ද? දැනට සමාජයේ මේ ගැන ඇති ස්වභාවික ප්‍රමිතිය වන්නේ, විෂම-ලිංගික සබඳතා ය. ලිංගික අධ්‍යාපනය මගින් ලිංගික සබඳතා පරිපූර්ණ කිරීමේ රාජකාරිය භාරගෙන ඇත. ලිංගයේ ප්‍රමාණය, සංසර්ග කාලය, ඉරියව් මේ ලිංගික අධ්‍යාපනයේ ප්‍රමිතිය තීන්දු කරයි. මෙම ලිංගික අධ්‍යාපනයේ මිථ්‍යාව වන්නේ, දැනුම හරහා පරිපූර්ණ ලිංගික සබඳතා වලට යා හැකි ය යන මිථ්‍යාවයි. (උදා:- කාමසූත්‍රය, පෙරදිග ගුප්ත ලිංගික මිථ්‍යා කතා, ආහාර වර්ග….)

 

3. ලිංගිකත්වය යනු, ‘පරම රහසක්’ ලෙස සලකා එහි රහස පරිකල්පනය කිරීම. මෙමගින්, ස්ත්‍රී ලිංගිකයේ තෘප්තිය අභිරහස්කරණය කරනු ලැබේ. ‘ලිංගිකත්වයට’ කතා කරන්නට ඉඩ දීම ප්‍රතිශෘංගාරකරණයක් මිස ලිංගික සබඳතා නොවේ. 

 

4.‘සමාජයේ ලිංගිකත්වය’ (ගණිකාව විඳීම, Spa, සම්භාහනය) පිරිමින් විතරක් භුක්ති විඳ ස්ත්‍රීන්ව පවුල් ලිංගිකත්වයට සීමා කිරීම.

 

5. ලිංගිකත්වය යනුවෙන් දෙයක් ‘සීමා’ කිරීම් හැර ස්ත්‍රිය උදෙසා නො පවතී.

 

6. ලිංගිකත්වයට අභිමතාර්ථ හෝ සාර ගවේෂණ ඉදිරිපත් කිරීම. ‘ලිංගික සතුට’ පමණක් විඳීම පාපයකි. ක්‍රිස්තියානිය තුළ ලිංගික සබඳතා පැවැත්වීම කළ යුත්තේ, දරුවන් වැදීමට පමණි. ඒ අනුව, ක්‍රිස්තියානිය ලිංගිකත්වය පාරභෞතික කිරීමට විරුද්ධ ය. සමලිංගිකත්වය රජ කළ ග්‍රීක් සමාජය තුළ පවා ලිංගික සබඳතාවලට තෘප්තියෙන් ඔබ්බෙහි වූ පරමාදර්ශ නියම කරනු ලැබීය. ලිංගික සබඳතා පවත්වන දෙදෙනෙකු අතර බන්ධනය ‘දර්ශනය’ නො වන්නේ නම් එය ආධ්‍යාත්මික වශයෙන් කාමුක ගනුදෙනුවක් පමණි.

 

7. ලිංගික විප්ලවීය අදහස– අප ඉහත දී සාකච්ඡා කළ සියල්ල ලිංගිකත්වය පිළිබඳ පූර්ව-දේශපාලනික අදහස් ලෙස සැලකිය හැකිය. නමුත් 60 දශකයේ යුරෝපයේ හටගත් ශිෂ්‍යයන් පාදක කොටගත් ලිංගික විප්ලව මගින් අපට යෝජනා කරන ලද්දේ, එහි මුඛ තේමාව වූ ‘නිදහස් ආලය’ බවයි. 70 දශකය පුරාම බටහිර සමාජවල පවුල මූලික කොටගත් මර්ධිත සමාජ බල රටාව නමින් විශාල විරෝධයක් බිහි වුණි. ඒ නිසා, ලිංගික විප්ලව මඟින් ඉල්ලා සිටියේ මෙම සමාජ මර්ධනය පෙරළා දමන ලෙසයි.

 

8. විල්හෙල්ම් රයික් නම් ජර්මානු මනෝවිශ්ලේෂකයා ලියූ පොතක නම වූයේ, ‘ලිංගික විප්ලවය’ (1963) යි. ඔහු ගැන දැන් වැඩි අවධානයක් සමකාලීනයන්ට නැති වූවත් ලිංගික විප්ලවයක දී මතු වන සාධක ඔහු හොඳින් වටහාගෙන තිබුණි. ඔහුගේ මූලික හරයාත්මක අදහස වූයේ, ලිංගික විප්ලව මඟින් ‘ලිංගික සම්මුඛ’ වීම් වල ක්ෂතිමය ස්වභාවය තනුක කර දමන බවයි. ලිංගික විප්ලව මඟින් ස්ත්‍රී-පුරුෂ ලිංගික සම්මුඛ වීම් වල ඇති ත්‍රාසජනක සහ ඉරා දමන සුළු ක්ෂතිමය අත්දැකීම තනුක කරනු ඇතැයි රයික් විසින් යෝජනා කරන ලදී. නමුත් ලිංගික හමුවීම් වල බිහිවන ක්ෂතිය මෙම විප්ලව වලට අතුරුදහන් කිරිමට නො හැකි විය. ලිංගික සබඳතා යනු, සුසංවාදී බන්ධනයක් යන සාරාත්මක අදහස සමාජමය වශයෙන් විසංයෝජනය කිරීමට කිසිදු ලිංගික හෝ ආධ්‍යාත්මික විප්ලවයකට නො හැකි විය. ලිංගික අරමුණු ඉලක්ක ගත වන්නේ, ඉන්ද්‍රිය ගෝචර සතුටක් වෙතට යන ප්‍රවාදය මෙහි දී ප්‍රශ්න කළ හැකි ය.

                මෙම සතුට ධනාත්මක -Positive- ප්‍රපංචයක් ලෙසින් ගත් විට එය අපට අහිමි කරන බාහිර බාධාවන් ඉවත් කිරීම යනු, ලිංගික විප්ලවවල නිෂ්ටාවයි. සමාජය සතුව ඇති වාරණය සහ වෙනත් මර්ධන නීති මඟින් සිදු කරන්නේ මේ ධනාත්මක ජීවය මරා දැමීමකි. හර්බට් මාකූස විසින් මතු කරන්නේ, ‘සමාජ මර්ධනය’ සහ ශෘංගාර ජීවිතය අතර ඇති දයලෙක්තික නිශේධනය යි.

 

9. පශ්චාත්-නූතන ධනවාදය එනතුරු , නිෂ්පාදනය ගුරුත්ව කේන්ද්‍රය කොටගත් (දේශපාලන- ආර්ථිකය මෙහි අතිරික්තය නිපදවන යාන්ත්‍රණය යි. ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර අසමමිතික ගැටුම) නූතන ධනවාදය තුළ ‘ලිංගික සතුට’ බලවත් පන්තිවල සාමාජික සාමාජිකාවන්ට හැර අන් අයට පවුල තුළ දී පමණක් ලබාගත හැකි දෙයක් විය. ඉන් අදහස් වන්නේ, ‘ලුබ්ධි-ආර්ථිකය’ නිපදවන ‘අතිරික්ත විනෝදය’ ධනවාදය තමා තුළට එකල අවශෝෂණය නො කරගත් බවයි. නමුත් 80 දශකයට පසුව මෙම ‘අතිරික්ත විනෝදය’ ද සුපිරි අහම හරහා එකතු කිරීම ධනවාදය පටන් ගත් අතර එහි ඵලය වූයේ, ‘ලිංගික තෘප්තිය’ මුළු මහත් සමාජ දේහය වටාම පරිවහණය වීමයි. කාර්යාල, ගමනාගමනය, පොදු ස්ථාන වැනි සෑම තැනකම තිබූ පොදු බව අස්ථානගත වී එතැනට පුද්ගලික ලිංගික තෘප්තීන් ඇතුල් විය. මෙම නව සන්දර්භය තුළ ලිංගිකත්වයේ ප්‍රාසාංගික බව මතු වූ අතර පිරිමින් ස්ත්‍රීන්ට ලිංගික පාඩම් කියාදෙන ගුරුවරුන් බවට පත් විය. කෙටියෙන් කිවහොත්, ලිංගික සබඳතා ද ‘වැඩ කිරීමක්’ බවට පත් වූ අතර ඔවුන් ඒ නයින් ලිංගික ශ්‍රමිකයන් බවට පත් විය. මෙය නැවත ලිංගික සබඳතාවල නිෂ්ටාව සතුට බවට සූත්‍රගත වීමක් විය. පාඩම්වලට ගෙවිය යුතු මිල ද තීරණය විය.

                ඉහත සමස්ත ලිංගික සමාජ විපර්යාස සලකා බැලූ විට ඉන් අදහස් වන්නේ, ලිංගිකත්වය බැඳී ඇත්තේ ධනාත්මක තෘප්තියක් වටා බවයි. එපමණක් නොව, ලිංගික තෘප්තියේ ධනාත්මක නළුවන් ලෙස සලකා බලන ලද්දේ ද අධිපති ලිංගික සංස්කෘතියේ ප්‍රකාශකයන් ය. (විජය, ගාමිණී, සර් ජෝන්, ලලිත් ගාමිණී) මෙහි දී ලිංගික ආශාවන් සලකා බැලුවේ කෝප්පයක දමා පියනකින් වසා ඇති දෙයක් ලෙසිනි. පියන ඉවත් කළ වහාම ලිංගික ආශාවන් ඉන් නිදහස් වී තමන් කැමති ආකෘතිය බාහිරින් ලබා ගනියි. ලිංගික විප්ලවයක් මේ අර්ථයෙන් ගත් විට, ස්වාභාවික ශක්තීන් මුදා හැරීමට යෝජනා කරන ලද ව්‍යාපෘතියකි. එය, යථාර්ථවාදී ව්‍යාපෘතියක් වන අතර එහි විමුක්තිය යනු අවසානයේ සතුට සමඟ බද්ධ වීමයි. එමගින්, යෝජනා වන්නේ විමුක්තිකාමයේ ස්වභාවික මූලධර්මය යි. මන්ද, අවිඥාණය නිර්මාණශීලී අඩවියක් වන නිසා ය.

 

10.  අපගේ ලිංගික විමුක්තිකාමීන්ගේඅවාසනාවකට මෙන් ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරන ලද සහ ලැකාන් විදාරණය කරන ලද ලිංගිකය සහ ලිංගිකත්වය පිළිබඳ ප්‍රවාද ඉහත අදහස්වල ප්‍රතිපක්ෂය යි; ප්‍රතිවාදය යි. ඔවුන් කතා කරන්නේ, ඉහත සම්මතයේ දයලෙක්තික උඩුයටිකුරු කිරීමකි. ඔවුන්ට අනුව ලිංගිකත්වය නිශේධනයකි. ෆ්‍රොයිඩ්ට අනුව මිනිසාව ලිංගිකත්වයට ඇද දමා ඇත්තේ ස්ව කැමැත්ත නිසා නොව බලහත්කාරයෙනි. මිනිසා සංස්කෘතිය සහ ආදරය හරහා සෑම විටම උත්සාහ කරන්නේ, මේ බලහත්කාරයෙන් ගැලවීමට ය. ෆ්‍රොයිඩ්ට අනුව ‘ලිංගිකය’ තුළ කිසිදු ස්වභාවිකත්වයක් නොමැත. ලැකාන්ට අනුව ලිංගික සතුට යනු, නිශේධනයක් වන අතර එය සොබාදහම සහ සංස්කෘතිය මුණගැසෙන උන්මන්තක ස්ථානයකි. එබැවින්, ලිංගික දේවල් ස්වභාවික පිළිවෙලකට අසම්බන්ධ අතර එය සම්බන්ධ වන්නේ භාෂාවේ අතිරික්ත ආර්ථිකයට ය.

            මනෝවිශ්ලේෂණයට අනුව ලිංගික සබඳතා යනු, අපගේ වහල් බැමි ගලවා දමන තැනක් නොව වහල් බන්ධන ස්ථාපිත කර ගන්නා තැනකි. සතුට සොයා යන්නන් ධනවාදයට ආශිර්වාද කරන්නන් ය. කතා කරන ජීවියා තම කතාව තුළ අහිමි කරගන්නා යථක් මිස ලිංගිකය තුළ ‘සිතන දෙයක්’ නොමැත. ආත්මීයත්වය තුළ නැතහොත් හිතන ක්‍රියාවලිය ඇතැයි අනුමාන කරන මෙම ‘සැබෑව’ අප බාහිර යථාර්ථය තුළ ලිංගික සබඳතා ක්ෂේත්‍රය තුළ අත්විඳීමට උත්සාහ කරයි. ලිංගික සබඳතා වලට සැබෑ පැවැත්මක් නැත. එයට ඇත්තේ, තථ්‍යසමාන යථාර්ථයක් පමණි. බොහෝ දෙනා chat කාමරවලට ඇතුළු වන්නේ, සැබෑ ජීවිතය තුළ නැති දෙය තථ්‍යසමානව ලබා ගැනීමටය. නමුත් මේ තත්වය නව ඇබ්බැහිකමකට එහා දෙයක් නොවේ. සැබෑ ලෝකය තුළ නැති මිනිසුන් ස්වර්ග ලෝකයක දී අපට හමුවන්නේ යක්ෂයන් ලෙසිනි.

11. අප සිතනවාට වඩා ලිංගික සම්මුඛ වීම් යනු, එකවර ආකර්ෂණය සහ විකර්ශණය යෝජනා කරන ව්‍යාපෘතියකි (Exciting and Repulsive). ලිංගික අත්දැකීමක දී එය කෙනෙකු අශ්ලීල, නරක් වූ, ජරා, කුණුහරුපමය, අශිෂ්ට දෙයක් ලෙසින් එක අතකින් හඳුනා ගනියි. (ෆැන්ටසිය 1) අනෙක් පසින්, ඉහත ජරා ගොඩට වෛර කරන, හෙලා දකින ජාතිකත්වය මත පදනම් වූ දෙයක් ලෙසින් ද හඳුනා ගැනේ. එය සදාචාර විනිශ්චය යි. ඒ අනුව, කෙනෙකුගේ අනුරාගයට ලක්වන ලිංගික වස්තුව විරුද්ධාභාසයකි. එය ඒ නිසාම චින්තනය තුළ ද හඳුනා ගැනෙන්නේ ස්වයං විරෝධයක් ලෙසිනි. තම ලිංගික ආකර්ෂණ වස්තුවට ලංවන විට බාහිර බාධා දිය වී ගොස් ස්වයං බාධා සම්මුඛ වෙයි. ආදරය පවා මෙවන් ක්‍රියාවලියක් තුළ මුල් පිටපත අහිමි වූ පිටපතක් බවට පත් වෙයි.[Simulacrum] ආදරයට තවදුරටත් පරම විමර්ශකයක් නොමැත.

                 අපට ‘අනෙකාගේ ලිංගය’ (Other Sex) හමුවන්නේ ම භාෂාවේ ක්ෂතිමය අත්දැකීමක් ලෙසිනි. භාෂාවේ වචනයක් හෝ වචන එක්වරම ආත්මය තුළට කඩා වැදීම මගින් උත්පාද වන ලිංගික අතිරික්තයක් අපගේ ගුරුත්ව කේන්ද්‍රය පිටතට තල්ලු කරයි.

“Sing. Don’t cry.”

“You know, I sure do like a girl with nice tits like yours who talks tough and looks like she can fuck like a bunny. Do you fuck like that? Because if you do, I’ll fuck you good. Like a big old jackrabbit bunny, jump all around that hole. Bobby Peru doesn’t come up for air.”
Bobby Peru

 

                    ඩේවිඩ් ලින්ච් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Wild at Heart’ නම් චිත්‍රපටයේ ‘බොබී පේරු’ නම් පිරිමියා ‘ලුලා’ නම් තරුණියගේ කාමරය තුළට අනපේක්ෂිතව ගමන් කිරීම ඉහත අදහස් විදාරණය කිරීමේ උදාහරණයක් ලෙස ගනිමු. අපි මෙතැන දී ගතානුගතික සමාජ-ක්‍රමයක ජීවත්වන ලිංගික විප්ලවවාදියෙකුගේ මූලික ප්‍රවාද දෙක මතක් කර ගනිමු.

Monster.

Bobby Peru: “I gotta take a piss bad, can I use your head?”

 

1.ලිංගික සබඳතා දිශානත වන්නේ සතුට දෙසටය.

2. ලිංගික සබඳතා හරහා මිනිසා ස්වභාවික විමුක්තියක් අත්පත් කරගනී.

 

                    බොබී පේරු කාමරයට ගොස් මුලින්ම ලුලාගෙන් අසන්නේ, ‘මට ඔබගේ ඔලුවට චූ කළ හැකි ද’ කියා ය. ඉන්පසු, ඇය ඔහුට ඇගේ පුද්ගලික වැසිකිළිය පෙන්වයි.චූ කිරීමෙන් අනතුරුව නැවත ලුලා අසලට පැමිණෙන ‘බොබී පේරු’ නැවත ඇයගෙන් මෙසේ අසයි.”Say , Fuck me”- ‘මට ඔයාට කරන්න පුළුවන්ද?’ [ There’s a similar scene between myself and Bobby Peru, Willem Dafoe’s character, in Wild at Heart. In Cannes, people kept comparing those two scenes and asking why I’m always half-seduced and half-raped in my movies. I’m sure I don’t know.] එවිට ලුලා පිළිකුලෙන් ඉවතට යන අතර බොබී පේරු ඇය අසලට පැමිණ බෙල්ලෙන් අල්ලා මෙසේ කියන්න යැයි තර්ජනය කරයි. ”මට හුකපං”‘. 

‘Fuck Me’.

ඇය එම වාක්‍යය අමාරුවෙන් තටම තටමා කියයි. එමගින්, ඇගේ අත්‍යන්ත අභ්‍යන්තරය පිටතට ගමන් කරයි.[ Her Fundamental fantasy]

මොහොතක් නිශ්ශබ්දව ගතවන අතර එකවරම බොබී පේරු ලුලාව අතහරින අතර මහ හඩින් සිනා සී මෙසේ කියයි. ‘ස්තුතියි, වෙන වෙලාවක’. මින්, ලුලා තවදුරටත් ලැජ්ජාවට පත් වෙයි. බොබී පේරු කරන්නේ, ගැහැණියක් සතු ෆැන්ටසිය ඉවතට ගෙන එහි උච්ච අවස්ථාව දක්වා ඉහළට ඔසවා එකවර අතහැර දැමීමකි.

ඉහත දර්ශනයේ සුවිශේෂය කුමක්ද?

Fuck Me.

 

           ඉහත දී බොබී පේරූ විසින් ලුලාට ශාරීරික බලහත්කාරයක් කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඇයට කියන්නේ, ‘Fuck Me’ යනුවෙන් තමන්ටම කියන ලෙස ය. එය, ඔහුට අනුව සුහදත්වය සහ සමීපත්වය පළ කරන භාෂාවකි. මෙතැන දී, මනෝවිශ්ලේෂණයට අනුව ස්ත්‍රී ශරීරය හිල් කරන්නේ පුරුෂ ලිංගයක් නොව ‘වචන’ ය. ඒ අනුව ‘වචන’ යනු, ලිංගිකත්වයේ ඉතාම ප්‍රාථමික ආකෘතිය යි. ලිංගික ඉන්ද්‍රියයන් එතැන දී ද්වීතිකය. වචන වලට ස්ත්‍රී දූෂණයක් කළ හැකි අතර එම වචන කියන්නාව ස්ත්‍රී මනස තුළ විරුද්ධාභාසයක් ජනනය කරයි.

            එක පැත්තකින්, මෙම ‘වාග්-බලහත්කාරය’ විසින් ඇයව කප්පාදුවකට ලක් කරන අතර අනෙක් පසින් තම ආත්මය විසින්ම නිපදවන අශ්ලීල විනෝදයකට අභ්‍යන්තරිකව මුහුණ දීමට ඇයට සිදු වෙයි. එබැවින්, එකවර ඇයට දූෂකයෙකු සහ විමුක්තියේ සුභාරංචිය රැගෙන එන්නෙකු හමු වෙයි. පිරිමියා අසන්නේ ඔබ මගේ වචන නිසා විනෝද වූවා නොවේ ද යන්න ය. අනෙක් පසින්, ඔහු ඇයව සැබවින්ම දූෂණය නො කරන නිසා ආත්මීය තලයේ දී යහපත් කෙනෙක් ලෙසින් ද විද්‍යාමාණ වෙයි. මෙය භාෂාව මගින් ව්‍යුහගත වන අවිඥාණයේ ආචාර ධර්මීය ගුණය යි.[Ethical Content] ඔහු අපරාධ වැඩක් කරා වෙනුවට යහපත් මිනිසෙක් ලෙසින් ව්‍යුහගත වෙයි.

            මනෝවිශ්ලේෂණයට අනුව ‘ලිංගික විනෝදය’ යනු, භාෂාවේ වචන ශරීරයට සම්මුඛ වීම නිසා ලබන විනෝදය යි. එය සංස්කෘතික හෝ ස්වභාවික එකක් නොවේ. සංසර්ගය පවා මෙම වාගීශ්වර විනෝදය ඉදිරියේ ද්විතීයික ය. මෙහි දී අපට හමුවන ලිංගිකයේ දෙවන මානය වන්නේ, එය වේදනාවෙන් සතුටු වීමක් මිස සතුටට කොහෙත්ම සම්බන්ධයක් නැති බවයි. ලිංගික සතුට යනු, දෘෂ්ටිවාදයකි.

 

            අපට ඊළඟට- Next Turn- සුමිත්ගේ ලිංගිකත්වයට යොමු වීමට හැකි ය.

 

            අනාගත කොමියුනිස්ට් විප්ලවයක් මෙහෙයවීමට අවශ්‍ය නම්, එය ‘දේශපාලන-ආර්ථිකය’ සහ ‘ලුබ්ධි ආර්ථිකය’ යන තල දෙක තුළම සතුට නම් ‘නිෂ්ටාව’ අතහැර ඒ සඳහා නිශේධනය නම් විකල්පය තෝරා ගත යුතු ය. ‘වේදනාවෙන් සතුටු වීම’ – Pleasure In Pain-නම් නිම්නයෙන් මිනිසා නෛෂ්ක්‍රමණය කිරීමට අවශ්‍ය නම් ‘භාෂාව’ අප අලුතින් ලිවිය යුතු ය. පසුගිය වසර 20 පුරා මා වැඩියෙන්ම වෙනස් කළ දෙයක් ඇත්නම් ඒ භාෂාවයි.

            අමල් අල්විස්ගේ ‘කෝපි සහ වයින්’ අරභයා මහේෂ් හපුගොඩ මතු කළ ‘ධනාත්මකය’- Positivity- මෙලෙස විවේචනය කිරීමට හැකි ය. අප ඉදිරියේ ඇත්තේ විරුද්ධාභාසයක් ද? නැතහොත්, දයලෙක්තිකයක් ද? කෙනෙකු තම මුල් සංස්කෘතික විඥාණය සහමුලින් වාෂ්ප කර අලුතින් ගැටගැසුණු භූමියට පූර්ණ ලෙස ඇද වැටුණු පසු කලිසම් හැඳ සිටි ‘ගැහැණියක් සිංහල ගවුමක් ඇන්දේ ඇයි?’ ගවුම මාස්ටර් හැඟවුම්කාරකයන් ද? නැතහොත්, ආශාව කුළුගන්වන වස්තුව වටා භ්‍රමණය වීමෙන් නිෂ්පාදනය වෙන පාර්ශ්වීය විනෝදයක් ද? [ගවුම විරුද්ධාභාසයක් ද? නැතහොත් දයලෙක්තික තර්කනයක් ද?] අපට ගවුම දෘශ්‍යමාන වන්නේ, බටහිර මිනිසා විසින්ම මේ ‘ගවුම’ සොයා දුන් නිසා නොවේ ද? එය අර්චන වස්තුවකට වඩා අප නිදහස් කරන දිශානතයක් ද? කාගෙන් ද? සුදු මිනිසාගෙනි. මන්ද, ඔහු සිය පරමාදර්ශ අතහැර ගොස් ඇති නිසා ඒවා කර ගසාගෙන යාම පැවරී ඇත්තේ යටත් විජිත වැසියන් වූ අපට ම නොවේ ද? මන්දයත්, අප ප්‍රාර්ථනා කර නිදහස තුළ ප්‍රතිවිරෝධයන් මැකී ගිය ශුද්ධ භූමියක් නැති නිසා ය. පශ්චාත්-යටත්විජිත ඉන්දියානු බුද්ධිමතා සුද්දන් ඉන්දියාවට ඒමට පෙර පැවති ”ඉන්දීය සාරය” ගවේෂණය කරයි. යම් මොහොතක දී මේ පශ්චාත්-යටත්විජිත බුද්ධිමතාට වැටහුණොත් සුද්දා ඒමට පෙර ඉන්දියාව කියන්නේ සුද්දාගේම ඉන්දියාවක් කියලා [0] , එතැන දී අපට නැති වූ ඉන්දියාවත් නැති වේ. [New dialectical thinking – 1  2  3 0 ] මේ ගවුමත් දයලෙක්තික චින්තනය තුළ එසේ නො පවතින ගවුමක් ද?[Fictional]

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

 

ඔබේ අදහස කියන්න...