[dropcap color=”red”]අ[/dropcap]පේ වෙබි අඩවිය පටන් අරගෙන දැන් අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. අඩුම වියදමක් දරා ඉතා වැඩි ජනගහණ ගණත්වයක් කරා අප ලඟා වෙලා තියෙනවා.

අපි එක්ස් කණ්ඩායම හැටියට වැඩ කරන යුගයේ London සගරාව හරහා උපරිම මට්ටමේදීත් ලඟා වෙන්න පුලුවන් වුනේ 1500 ක පමණ පිරිසකට. නමුත් මේ වන විට අපගේ වෙබ් අඩවිය සමඟ දේශීයව සහ විදේශීයව සම්බන්ධ වන පිරිස 20,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අපි අපේ අරගලය පටන් ගත්තේ 1996 වසරේ සිට කියලා බැලුවොත් වසර 2004 අග වනතුරු අපගේ වපසරියේ ඝණත්වය දාහකට අඩු පිරිසක්. ඒ සඳහා ගත වෙච්ච කාලය වසර 08 ක්. 2005 ට පසු කාලය කියන්නේ දේශපාලනයට ඉතාම අහිතකර කාලයක් උදාවුණ මොහොතක්. යුද්ධය අපගේත් බොහෝ දෙනාගේත් කාලය කාවෙකු මෙන් විනාශ කළා. අන්තිමට දැන් ලංකාව කියන්නේ සෙල්ලකාරයන් ගේ දඬබිමක් විතරයි.

අන්තර්ජාලය හරහා අප අපගේ අදහස් විධිමත් ප්‍රචාරය කිරීම අරඹන ලද්දේ වසර 2011 දීය. 90 දශකයට වඩා දෙදහා දශකය වෙනස් වූ අතර එයට වඩා දෙදහස් දහය දශකය වෙනස් වෙනස් වී ඇත. ක්‍රමක්‍රමයෙන් ලංකාව තුළ සමාජශීලී මිනිසුන් අඩුවන අතර වේගයෙන් බෝවෙමින් වැඩී යන්නේ ‛නාස්මික පුද්ගලයන්ය’ නාස්මික පුද්ගලයා යනු අන් අයට නොව තමන්ටම ආලය කරන්නාය. සාම්ප්‍රදායිකව සමාජය මෙහෙය වූ මාස්ටර්ලා ( ගුරුවරයා, වෙදමහත්තයා, විශ්ව විද්‍යාල බුද්ධිමතා, භික්ෂුව… ) දිනෙන් දින ආතාර්කික වන අතර ඒ තැනට අද දවසේ ආදේශ වන්නේ වාස්තවිකරණය වූ දැනුම සහිත විවිධ විශේෂඥයන්ය. ඔවුහූ කොන්ඩය සකස් කිරීමේ සිට භාවනාව දක්වා පුළුල් අඩවියකට පැතිර ගොස් ඇත.

ඉහත අර්ථයෙන් ගත්විට 90 දශකයේ අප සමඟ සිටි දහසක පිරිස අද දවසේ අපට සිටින විසි දහසට වඩා ගුණාත්මකව පොහොසත්ය. මේ වන විට අපගේ පාක්ෂිකයන් ගුණාත්මක තත්ත්වයක සිට ප්‍රමාණාත්මක තත්ත්වයකට දයෙලෙක්තිකව වර්ධනය වෙමින් පවතියි. 89 වසරේ දී ජ.වි.පෙ දුර්වල වූයේ ගම් වලින් කොළඹට කේන්ද්‍ර වූවාට පසුවය. එවකට කොළඹ නායකයා වූයේ කඳුරුපොකුණය. ඔහුව අල්ලා ගත් තැන සිට සියල්ල විනාශ කිරීමට ගත වූයේ මාස කිහිපයකි.

මෙතනින් එහාට එක්කෝ අප බොල්ශෙවිකයන් මෙන් තහවුරු විය යුතුය. නැතහොත් විනාශ වී අපට වඩා ඉදිරිගාමී පිරිසකට ඉඩ දී ගෙදර යා යුතුය. නැතහොත් මිය යා යුතුය. එබැවින් අරගලයේ ඉදිරිය යනු එක එක ලපයි සිපයි සමග හන්දියේ කඩයේ මරා ගැනීම නොවේ. 90 දශකයට වඩා දැන් සමාජයේ උමතු ජනගහණය ස්‍රීග්‍රයෙන් වර්ධන වී ඇත. අපට ඒ අය මඟහැරීමේ පහසු මාවතක් නැත. මින්පසු අපගේ උත්සහය වන්නේ අපගේ දේශපාලන වැඩසටහන සඳහා මිනිසුන් දිනා ගැනීමට උත්සහා කිරීම මිස පංච කෙලීම නොවේ. ගුණය ප්‍රමාණය බවට පත්වීමේ භයානක ආනිශංස ගැන අප දැනුවත්ය. නමුත් කයිවාරු කෙළිනවාට වඩා අවශ්‍ය වන්නේ සමාජ යථාර්ථය පක්ෂ ව්‍යුහයක් මගින් වෙනස් කරන්නේ කෙසේද යන්නය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ‘මල් කැකුළු’ තුලින් පලකරන ලිපි අන්තර්ජාල පුවත් සේවා, රූපවාහිනි වැඩසටහන්, සඟරා, පොත් පත් සහ අපගේ අත්දැකීම් ඇසුරින් අප විසින් තොරතුරු එක් රැස්කර සකසන ලිපි වේ. ළමයින් විශේෂයෙන් ඉලක්ක කර ගත්තද මෙහි එන දැනුම සියලූ වයස්වල පාඨකයන්ට එකසේ ආස්වාදජනක ලෙස ඉදිරිපත් කිරීමට හැම විට ම අපි අපේක්ෂා කරමු.

Comments are closed.