කතිකාව යනු, කතා කිරීම හෝ ලිවීම නොව සමාජයට පැමිණ සමාජ සබඳතා නිෂ්පාදනය කිරීමට මිනිසා භාෂාව හා දරණ වෑයමයි. ජාක් ලැකාන් විසින් 1968 ප්‍රංශ ශිෂ්‍ය අරගලයේ දේශපාලන අත්දැකීම් වලට පසුව කතිකාව (Discourse) යන සංකල්පයට නව අදහසක් නිෂ්පාදනය කළේය. ඔහුට අනුව, 60 දශකය වනතුරු මිනිසා සමාජ සබඳතා වලට එළඹුණේ තමාට බාහිරින් මර්ධනයක් පනවා ගැනීමට ය. නමුත් ශිෂ්‍ය අරගල වලට පසුව මිනිසුන් සමාජ සබඳතා වලට ගාල් වන්නේ වේදනාත්මක සතුටක් සඳහාය. 

                 ලැකාන් ඉහත සුසමාදර්ශී ඛණ්ඩනය 1972දී මිලාන් හි පැවති සම්මන්ත්‍රණයකදී, අලුත් කතිකාවක් හඳුන්වා දෙමින් ධනවාදය සඳහා නව මැදිහත්වීමක් සිදු කළේය. ඔහුට අනුව, ෆ්‍රොයිඩ්ගේ යුගයේ දී ධනවාදය වර්ධනය කිරීමට අවශ්‍ය වූයේ, නියුරෝසිකයන්ය. එනම්, සම්භාව්‍ය ධනවාදයට අවශ්‍ය වූයේ, මර්දනය කරන ලුබ්ධිමය ආශාවකි. 19 වන සියවස අග සහ 20 වන සියවස මුල බිහි වූ ඩෝරා වැනි හිස්ටෙරිකයන්ගේ කතිකාව තුළ, ඔවුන් තෘප්තිය මර්දනය කළේය. නමුත් 68 වර්ෂයට පසු, ධනවාදය විසින් මිනිසාට අනවරත නිදහසක් යෝජනා කරයි. මහා අනෙකා සහ මාස්ටර්වරයා දුර්වල වී සංකේතීය කාර්යක්ෂමතාවය අවම මට්ටමක පැවතෙද්දී, සමාජ බලවේග විසින් කිසිවෙකු මර්දනය කරන්නේ නැත. එනම්, ප්‍රතිධනවාදී ෆැන්ටසිය වඩාත්ම සාරවත් ධනවාදී ෆැන්ටසියයි. එබැවින්, නව ධනවාදී කතිකාව මිනිස් සබඳතා වෙනුවට වස්තූන් අතර සබඳතා ගොඩනඟයි. නිදහස අපගේ යුගයේදී පුළුල්ම මායාව වී ඇත. ස්වාත්මයේ ස්වාමියා තමා වී ඇත.

                  එබැවින්, නූතන ධනවාදී කතිකාව මෙතෙක් පැවැති අන් කතිකා හතරම- විශ්වවිද්‍යාල , හිස්ටෙරික, ස්වාමි, විශ්ලේෂී-පාරිභෝගික අර්චනකාමය හරහා සමතික්‍රමණය කර ඇත. එවිට, මිනිසා තුවාලය හොඳ කරගන්නවා වෙනුවට තුවාලය රසවිඳීමක් බවට පෙරළා ගනී. මානසික රෝගීන් කොටු කිරීම නූතන ධනවාදය අත්හිටුවා, ඔවුන් සමග එකට ජීවත් වීමට අපට උගන්වා ඇත. නූතන සංදර්භය තුළ ධනවාදී සමාජ සම්බන්ධය නියුරෝසියාවෙන් විපරිතභාවයට සහ සයිකෝසියාවට මාරු වී ඇත.

ගෝලීය ධනවාදය තුළ පියා නමින් ඉතිරිව පවතින්නේ කුමක්ද යන්න සොයා බැලීමේ දී පියාගේ ආධිපත්‍යය අහිමිවීම මත අනන්‍යතා අර්බුදයට ලක්ව සිටින දරුවන් ධනවාදී මාධ්‍ය ආර්ථිකය තුළ ඉතා සුලබ ව කටයුතු කරන ආකාරය දකින්නට ලැබේ. අනන්‍යතා අර්බුදයකට ලක්වී සිටින ඇතැම් දරුවන් පියා ප්‍රතික්ෂේප කරන බව දැකිය හැකි සේම තවත් දරුවන් පියාගේ උරුමය පාවාදෙමින් ම එම උරුමය සඳහා බලහත්කාරයෙන් අයිතිවාසිකම් කියන ආකාරය ද දකින්නට ලැබේ. මෙම පූර්විකාව ලියන්නට සිදු වූයේ ධනවාදී මාධ්‍ය ආර්ථිකය තුළ සුමිත් චාමින්ද හා කල්‍යානන්ද පෙරේරාගේ හැසිරීම විමසා බැලීමේදීය. චාමින්ද පියාගේ නාමය ප්‍රතික්ෂේප කරන අතරම 2004 වසරේදී ඔහු සමඟම X කණ්ඩායමෙන් වෙන් ව ගිය කල්‍යානන්ද පෙරේරා පියාගේ නාමයට ආශක්ත වන බව දැකිය හැකිය. මෙම විරුද්ධාභාසය අප තේරුම් ගන්නේ කෙසේද?

මේ සඳහා X කණ්ඩායම ආරම්භයේ සිට වර්තමාන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දක්වා වර්ධනය වීමේ දී ලාංකේය සමාජයට සිදු කළ මැදිහත්වීම හඳුනා ගැනීම වැදගත්ය. ධනවාදය වටහා ගැනීම සඳහා දැනුම හා පශ්චාත් නූතන පවුල් ආකෘතිය හෙවත් වර්තමාන පවුලේ ව්‍යාකරණ වටහා ගැනීම සඳහා දැනුම ලාංකේය සමාජයට සම්පාදනය කිරීමේ මූලික ගෞරවය හිමිවිය යුත්තේ දීප්තිට ය. සංකේත අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ දැඩි අභිලාශයෙන් පසුවන හා ස්ත්‍රි ආශාව ලුහුබැඳ යන සුමිත් චාමින්ද අනන්‍ය වන්නේ දීප්ති විසින් ධනවාදය වටහා ගැනීම සඳහා සම්පාදනය කරන දැනුම සමඟය. ලැකානියානු කතිකා න්‍යායට අනුව විශ්ලේෂණය කරන විට ඔහු සම්බන්ධ වන්නේ විශ්වවිද්‍යාල කතිකාවටය. ඊට අදාළ සමීකරණය පහතින් දැක්වේ.

මෙහි S2 යනු දැනුම ය. S1 යනු ස්වාමි හැඟවුම්කාරකය. a යනු ආශා කරන වස්තුවය. $ යනු බෙදුනු විෂය වේ. ලැකාන්ට අනුව ස්වාමි කතිකාව, විශ්වවිද්‍යාල කතිකාව, හිස්ටරික කතිකාව හා විශ්ලේෂක කතිකාව යන සිව් කතිකා න්‍යාය පිළිබඳ පොදු ආකෘති දෙකක් ගොඩනැගිය හැකිය. ඒවා පහතින් දැක්වේ.

මෙම පොදු ආකෘති අනුව විශ්ව විද්‍යාල කතිකාවේ නියෝජිතයා (S2) වන සුමිත් චාමින්ද අමතක කරන්නේ ඔහුගේ සත්‍යය වන ස්වාමි හැඟවුම්කාරකය (S1 – දීප්ති) ය. ඔහුගේ ලිවීම් උපදවන්නේ එම සත්‍යය මඟිනි. එම සත්‍යය ඔහුගේ ලිවීම් වල අර්ථය පිළිබඳ වගකීම දරන යමක් වේ. මෙම සත්‍යය ඔහු සවිඥානක ලෙස අමතක කර දැමීමට උත්සාහ කළත් නොගැලවිය හැකි ලෙස ඔහු තුළ අඩංගුය. ඔහුගේ ලිවීම් තුළ මෙම සත්‍යය ආකාර දෙකකින් අඩංගුය. එක් ආකාරයක් නම් එම සත්‍යයේ සමරූපය (3 වන රූප සටහන අනුව නියෝජිතයා යනු සත්‍යෙය් සමරූපයකි.) හෙවත් දීප්ති ධනවාදය වටහා ගැනීම පිළිබඳ සම්පාදනය කළ දැනුමේ නියෝජිතයෙකු ලෙස ඔහු තමා පිහිටුවා ගැනීම. දෙවැන්න නම්, එම දැනුම අනෙකාට සම්බන්ධ වීම මඟින් ලබන විනෝදය (දීප්ති ලැබුවා යැයි ඔහු සිතන විනෝදය – 3 වන රූප සටහන අනුව අනෙකා සම්බන්ධ වන්නේ විනෝදයටය.). සුමිත් චාමින්ද තමන් පවතිනවා යැයි තහවුරු කර ගන්නේ මෙම විනෝදය මඟිනි.

ඔහුගේ ලිපි තුළ ඔහු දේශපාලනය තුළ පවතින යථ හෙවත් පසමිතුරුතාවය අර්ථකථනය කිරීමට උත්සාහ කරයි. නමුත් යථ යනු සෑම විටම අප වෙතින් ගිලිහී යන යමකි. වැල්වටාරම් සහිත ලිපි සතිපතා ලියමින් එම ගිලිහී යන යථ නැවත නැවත අර්ථකථනය කිරීමට උත්සාහ දරයි. යථෙහි ගිලිහී යාම පෙන්නුම් වන්නේ ඔහු නැවත නැවත ලියන භාෂාව තුළින්මය. සැබැවින්ම ඔහු මෙම විනෝදය මඟින් ඉවත් කර තිබෙන්නේ ඔහුගේ ම ආත්ම මූලිකත්වයයි. විශ්ව විද්‍යාල කතිකාවේදී චාමින්ද නමැති නියෝජිතයා (S2) ආමන්ත්‍රණය කරන අනෙකා (a) ට ස්වාමි හැඟවුම්කාරකය හෙවත් සත්‍යය (S1 – දීප්ති) ට සම්බන්ධතාවයක් පවතියි (2 වන රූප සටහනේ සත්‍යයේ සිට අනෙකා වෙතට යොමු වුණ විකර්ණාකාර ඊ තලය). ඒ අනුව චාමින්ද නැමැති බැලුම පිම්බෙන්නේ ඔහු විසින් ලියන්නේ යැයි ඔහු සිතන දැනුම නිසා නොව දීප්ති එම අනෙකාට කර ඇති බලපෑම නිසාය. ඔහු විශ්ව විද්‍යාල කතිකාව තුළ දීප්තිට සමරූපයක් ලෙසින් ඉදිරිපත් වෙමින් සමාජය වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ (අතිරික්ත විනෝදය) බෙදුණු විෂය හෙවත් හිස්ටෙරික ස්ත්‍රියකි ($). ඒ නිසා ඔහුගේ කිසිදු ලියවිල්ලකින් සමාජය වෙනස් වීමට නියමිත නැත.

X කණ්ඩායමේ සිටිය දී පවා කිසිදු හැදෑරීමක් නොකළ කල්‍යානන්ද පෙරේරා ට ද විටින් විට ධනවාදී මාධ්‍ය ආර්ථිකය වෙත X කණ්ඩායමේ ඉතිහාසය, ඛණ්ඩනය ආදිය ලියන්නට සිදු වන්නේ ද චාමින්දට මෙන්ම ඔහුට ද තමන් පෙළෙමින් සිටින අනන්‍යතා අර්බුදය විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙන් ය. ලැකාන් පසු පසුකාලීනව හඳුන්වාදෙන ධනවාදී කතිකාව කල්‍යානන්දගේ ක්‍රියාව වටහා ගැනීමේදී වැදගත්ය. ඊට සම්බන්ධ සමීකරණය පහත දැක්වේ.

මෙහි විශේෂත්වය වන්නේ ලැකාන් හඳුන්වා දුන් අනෙක් සිව් කතිකා තුළ සත්‍යයේ සිට නියෝජිතයා වෙත ඉහළට යොමු වුන ඊතලය (වම්පස ඊතලය) නියෝජිතයාගේ සිට සත්‍යය වෙත (4 වන රූප සටහන $ සිට S1) පහතට යොමු වී තිබීම ය.

මෙම ධනවාදී කතිකාවට අනුව කල්‍යානන්ද පෙරේරා නැමැති නියෝජිතයා ($) දිශානත වන්නේ ස්වාමි හැඟවුම්කාරකය (S1 – දීප්ති, X ඉතිහාසය ආදිය) වෙතය. ස්වාමි හැඟවුම්කාරකය (S1) දැනුමට (S2) සම්බන්ධයක් පවතින අතරම එමඟින් නිෂ්පාදනය වන්නේ පාරිභෝගික භාණ්ඩයක් බඳු වස්තුව (a) කි. එනම්, ඔහු X ඉතිහාසය පාරිභෝගික භාණ්ඩයක් බවට පත් කරයි. එය නැවත ඔහුටම සම්බන්ධ වේ (a සිට $ වෙත යොමු වන විකර්නාකාර ඊ තලය). ඒ තුළ යථ යනුවෙන් දෙයක් නොපවතියි. ඔහුගේ ලියවිලි තුළ X ඉතිහාසය හා ඛණ්ඩනය ඉතා පහසුවෙන් වචන බවට පත් කරයි. ඔහු ප්‍රකාශ කරන දේ හොඳින් විමර්ශනය කරන විට වැටහෙන්නේ මා සමඟ X කණ්ඩායමේ අතීතය සම්බන්ධ සියලු දේ පවතී යන අදහසයි. දීප්ති ලාංකීය සමාජයට හඳුන්වා දුන් ධනවාදය වටහා ගැනීම සම්බන්ධ දැනුමට වඩා ඔහු ආශක්ත වන්නේ දීප්ති හඳුන්වා දුන් පවුලේ ව්‍යාකරණ සම්බන්ධ දැනුමටය. ඔහුගේ ලියවිලි තුළ “ධනවාදය, හෙජමොනිය, පශ්චාත්නූතනවාදී“ වැනි වචන නැත. මෑතකදී X කණ්ඩායම පිළිබඳ ඔහු සම්බන්ධ වූ ලිපියකට ඔහු අතින් “අපට ඕනෑ වුණේ සංස්කෘතික දේශපාලනය ගැන වැඩි වශයෙන් කතා කරන්න……“ ආදී ලෙස සඳහන් වීම ඒ නිසා අහම්බයක් නොවේ. ඒත් ඔහු නොදන්නේ එවැනි ලියවිලි මඟින් නිෂ්පාදනය වන්නේ කසල ගොඩක් බව ය. එය ඔහුට හැර වෙනත් කිසිවකුට වැඩක් නැත.

දීප්ති මෙරටට හඳුන්වා දුන් දැනුමට ආශක්ත වන කණ්ඩායම් දෙක සුමිත් චාමින්ද හා කල්‍යානන්ද පෙරේරා ආශ්‍රයෙන් ද හඳුනාගත හැකිය. එක් කණ්ඩායමක් ධනවාදය වටහා ගැනීමට අවශ්‍ය දැනුමට ආශක්ත වී ඇති අතර අනෙක් පිරිස පවුලේ ව්‍යාකරණ අවබෝධ කර කර ගැනීම මූලික කරගත් දැනුම නිසා ඊට ආශක්ත වෙයි. අප දෝලනය වන්නේ මේ දෙපිරිස අතර ය. මේ සියළු දෙනා දීප්තිට එරෙහි බව බැලූ බැල්මට පෙණුන ද ලැකානියානු කතිකා න්‍යාය පෙන්වා දෙන්නේ ඔවුන්ට දීප්ති නැතුව බැරි බව ය. ඉහත දැනුම් ප්‍රභේද දෙකම දීප්ති හඳුන්වා දුන්නේ සමාජය වෙනස් කිරීම අරභයා මිස එකිනෙකාගේ අනන්‍යතා අර්බුද විසඳා ගැනීමට හෝ ධනවාදී මාධ්‍ය ආර්ථිකය තුළ කරණම් ගැසීමට නො වේ. එබැවින් දීප්ති සම්පාදනය කළ එම දැනුම පිළිබඳ දෘෂ්‍යමානය ඔවුන් සතුය. ඊට අදාළ දේශපාලන විභවය තවමත් අප සතු බව සඳහන් කරන්නේ අභිමානයෙනි.

Party Team

ඔබේ අදහස කියන්න...