අපි මුලින් කීවේම අපේ දෑත් අතහැර ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරගත හැක යන්නය. නමුත් රණබාහු මල්ලී අපිවත් දන්නේ නැති කරුණු ගැන ලියා ඇත. තවමත් අපට විනය ඇත. ඇත්තටම වූ දේ පුලුවන් නම් මල්ලී ලියන්න. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පිටරට සාමාජිකයන්ගේ මුදල් වලින් යැපෙන රණබාහු මල්ලී අප ගැන කතා නොකර සිටියා නම් ඉතා හොදය. පිරිත් ගෙවල් වල්,දානේ ගෙවල් ඇල දොලවලින් නාලා පොටෝ ෆේස්බුකියේ දාන රණබාහු මල්ලී අපට වඩා විප්ලවවාදියෙක් බව නම් පැහැදිලිය.

අපි ඊළගට කතා කරන්නට යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කුරුනෑගල දිස්ත්‍රික් ලේකම් වන කළු කුමාර ගැනය. කුරුණෑගලත්, දෙහිඅත්තකණ්ඩියේත් ගොවිපලවල් දෙකක් සමාජවාදී ක්‍රමයට නඩත්තු කරමින් සිටින මේ මහතා මේ දිනවල විප්ලවය කරන්නට පාරිශ්‍රද්ධ සීරියස් පොරවල් සොයමින් සිටියි. අවශ්‍ය අයට එම ඇබෑර්තු පිරවිය හැක. විප්ලවය කෙසේ වෙතත් විටින් විට අඹ,කොමඩු සහ කුකුල් මස් කෑල්ලක රසය විදගැනීමට අවශ්‍ය අයට කොළඹ සිට එම ගොවිපලවල් කරා ගමන් කළ හැක.

නමුත් ප්‍රශ්ණය වන්නේ මාස කිහිපයකට සැරයක් කළු කුමාර මහත්තයා බංකොලොත්වීමයි. එවිට කොළඹ සහෝදරවරු ඔහුට මුදල් තැපැල් කර යැවිය යුතුය.

කළු කුමාර මහත්තයා සහ සිඩිනි නුවර සිටින කුමාර මහත්තයා අතර වැඩි වෙනසක් නැත.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අල්ලලා දාන්ට අයියා , හිච්චන් මල්ලිලානේ තවම.

Comments are closed.