රොහාන් ප‍්‍රමුඛ 80 දශකයේ ‘‘ ස්ත‍්‍රීවාදී නවසමාජ ව්‍යාපාරයෙන් ’’ [ X as a New social Movement ] ඛන්ඩනය වී X ව්‍යාපෘතිය ආරම්භ වූයේ 93 වර්ෂයෙන් පටන් ගෙන 96 වර්ෂයේ දී ස්ථාවර වීමෙනි. ‘ ව්‍යුහවාදය ’ සහ ‘ පශ්චාත් -ව්‍යුහවාදය ’ යනු එහි ආරම්භක විෂය නිර්දේශයයි. දළ වශයෙන් වසර 20ක ට පසු ධනවාදයේ විජයග‍්‍රහණය නිසා ව්‍යුහවාදය සහ පශ්චාත් ව්‍යුහවාදය අලුතින් ඉගෙනගත යුතු වන්නේ මන්ද ? ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා ගැනීමට නොහැකි වූයේ ව්‍යුහවාදය නොදත් නිසාද ? ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ සියලු දේශපාලන ක‍්‍රියාකාරිකයන් තමන්ගෙන්ම ඉහත ප‍්‍රශ්නය ඇසිය යුතුය.
‘ව්‍යුහවාදය’ අප ඉගැන්වූයේ ඇයි දැයි අද වන විට අපවත් දන්නේ නැත. එය අප වෙත ආවේ රොහාන්ගෙනි. ඔහු එය අප වෙත ඉගැන්වූයේ මන්දැයි ඔහු දන්නේ ද නැත. ඉතාම සරළ ලෙස අද දවසේ අපගේ අවබෝධය හරහා ‘ව්‍යුහවාදය’ නිර්වචනය කරමු. 
ව්‍යුහවාදය යනු අවිඥාණිකව අපව පාලනය වන ව්‍යුහයන් අධ්‍යනය කිරීමයි. උදා – ‘‘භාෂාව’’ නම් ව්‍යුහය අපගේ සිතුම් පැතුම් අපටත් නොදැනී පාලනය කරන්නේ කෙසේද ? මෙය සෝෂියර් විසින් භාෂා විශ්ලේෂණවාදය හරහා උගන්වන ලදී. ඊළගට පිළිවෙලින් ‘බලය’  ‘සංඥාව’ ‘ඥාතීත්වය අපව පාලනය කරන්නේ කෙසේ ද?’ යන්න මිචෙල් ෆුකෝ, රෝලන්ඩ් බාත් සහ ලෙවී ස්ටුවස් විසින් උගන්වන ලදී. ඩෙරීඩා විසින් අපට ඉගැන්වූයේ මේ ලෝකයේ උත්තරීතර හැගවුම්කාරකයන් (දෙවියන්, සංඥාව, හේතුව, කර්තෘ …..) විසංයෝජනය කරන ආකාරය නොහොත් ඒවායේ ආධිපත්‍යයන් ප‍්‍රශ්න කිරීමයි.
වසර 2004 ට පසු ඉහත ‘විෂය නිර්දේශය’ අප විසින් අතහැර දමන ලද අතර ඒ වෙනුවට අලුත් එකක් ගැන පර්යේෂණය කරමින් සිටියෙමු. ඊළග පෝස්ටුවෙන් අපි ඒ ගැන සාකච්ඡුා කරමු.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දෙවන පෝස්ටුවට පෙර කළ යුතු අනිවාර්ය වැඩ

    …..ට මෙවර (මාස දෙකකට පෙර) නිවුන්නු ලැබී ඇත. මරිමෝඩ මාක්ස්වාදියෙක් වන අහිංසක පෙරේරා මේ දරුවන් දෙනොගෙන් එකෙක් දීප්තිට ද අනෙකා රොහාන්ටද බාර දිය යුතුය. සමාජවිද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝ විශ්ලේෂණය, ව්‍යුහවාදය, වාග්විද්‍යාව මේ කිසිවක් විද්‍යාවන් නොවන බව චන්දන විසින් ඔප්පු කිරීම නිසා ඇයට සම්මානයක් දිය යුතුය. 1984 සිට අද දක්වා බිහිවූ සියලුම පිස්සන් සායනික පරීක්ෂණයකට භාජනය කළ යුතුය. පිස්සන් නිසා විපතට පත් වූවන්ට ගංවතුර ආධාර මගෙන්. පියදාස සිරිසේනගේ ‘යන්තම් ගැලවුණා” කෘතිය නැවත අරවින්ද විසින් ලියනු ඇත. සිසැක් යනු ලැකාන්ගේ ගරිල්ලා යෝජනාවයි.

Comments are closed.