ඉදිරියේදී පැමිණීමට නියමිත යැයි අපේක්ෂා කරන ජනාධිපතිවරණයේ දී වාමාංශිකයන්ගේ හැසිරීම ඉතා නිශ්චිත ලෙස න්‍යායගත කළ හැක. මෙම මැතිවරණයේ දී සෝභිත හිමියන් සහ උන්වහන්සේගේ උපදේශකයන්, රාජපක්ෂ සහ ඔහුගේ උපදේශකයන්, රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ උපදේශකයන් කළ යුතු දෙය ගැන නිශ්චිත අවබෝධයක සිටිති. සරලවමතිකව කිවහොත් මේ මොහොතේදී කළ යුත්ත ගැන දක්ෂිණාංශිකයන් හොද වැටහීමක සිටිති. කළ යුත්තේ කුමක්දැයි ඔවූහූ දනිති.

නමුත් වාමාංශිකයන් මේ මොහොතේ සිටින්නේ වික්ෂිප්තවය. ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි ඔවූහූ නොදනිති. මේ වන විට කළ යුත්තේ කුමක්දැයි ප්‍රකාශ කර ඇති වාමාංශිකයන්ගේ අදහස් බොහෝදෙනා සළකන්නේ අප්‍රයෝගික, විසිළු අදහස් ලෙසය.

එසේ නම් අප මේ අත්විදින ඓතිහාසික මොහොත විග්‍රහ කරන්නේ කෙසේද? එක පැත්තකින් ගෝලීය ධනවාදී සමාජ-ක්‍රමය ඇත. අනෙක් පැත්තෙන් ඇත්තේ එයට විසදුම ලෙස ඉදිරිපත් වී ඇති දේශීය-ආගමික-වාරිගික මූලධර්මවාදයයි. මේ මංසන්ධියේදී  වාමංශිකයන්ට උත්තරයක් නැතිවීම ඉතා  යහපත්ය. දැනට සමාජයීය වශයෙන් අප මුහුණ දෙන ප්‍රශ්ණ වලට වමට උත්තර නැතිවී අන් සියළුදෙනාට විසදුම් තිබීම යහපත්ය. මන්දයත් පසමිතුරුභාවයන් සිටින්නේ වාමාංශය පැත්තේ නිසාය. අනාගතයේදී වාමාංශිකයන්ට යථාර්ථවාදීන් වීමට අවශ්‍ය නම් ඒ අය ශ්‍රේෂ්ඨ මිනිසුන් යන ලේබලය ගැලවිය යුතුය. ජ.වි.පෙන් ගැලවී ධනවාදී සමාජය තුළ මේ දවස්වල ලොකු ළමයින් වෙමින් යන අයට තමන්ට පරිබාහිරින් ශ්‍රේෂ්ඨ මිනිසුන් අවශ්‍ය බව අපි දනිමු. කෙටියෙන් අපට කීමට ඇත්තේ මෙපමණකි. ඩී.එම් ආනන්දගේ සොහොන හාරා ඔහුගේ මිනී ඇටකටු විශ්ලේෂණය කරන්න. වාමාංශික දේශපාලනයේ දී ශ්‍රේෂ්ටයන් සෙවීමට යන අයට අවසානයේ හමු වන්නේ මිලේච්ඡත්වයයි.

ඔබේ අදහස කියන්න...