The right of reply.

3 mana වෙබ් අඩවියේ ‘‘ජයසිරි අලවත්ත තක්කඩියා’’ යන මැයෙන් පුවතක් පළ කොට ඇත. එවන් පුවතක් පළ කිරීමට පෙරටුගාමී පක්ෂය පෙලඹී ඇත්තේ මීට සතියකට පමණ පෙර වංගීස සුමනසේකර විසින් පවත්වනු ලැබූ දේශනයක් ම’විසින් lankadaily වෙබ් අඩවියට වාර්තා කිරීම හේතුවෙන් යැයි විශ්වාස කරමි. 
 
ශ්‍රි ලංකා පෙරටුගාමි  පක්ෂයේ දේශපාලන සතුරන් අපගේ දේශපාලන සතුරන් වන අවස්ථා මෙන් ම නොවන අවස්ථා ද ඇත. දේශපාලන සතුරකු වුව ද ඔහු හෝ ඇය විසින් යම් සාධනීය කටයුත්තක නියැළෙන්නේ ද එය අගය කිරීම අප සතු අයිතියකි; යුතුකමකි; අදාළ පුද්ගලයන් සහ කණ්ඩායම් යම් සමාජ විරෝධී හෝ දේශපාලන විරෝධී අකටයුත්තක නියැළෙන්නේ ද එය හෙළා දැකීම සහ එයට විරුද්ධ වීම ද අපගේ අයිතිවාසිකමකි; වගකීමකි. එය පෙරටුගාමී පක්ෂයේ සිට පෙරටුගාමි සමාජවාදී පක්ෂය හරහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්වා ද ඒක රේඛිය තලයක ගමන් කරන්නකි.
 
අනෙක අප මෙම දේශනය පිටපත් කොට පළ කළේ මීට සතියකට පමණ ඉහතදී ය. 3 mana වෙබ් අඩවිය විසින් එයට එරෙහි මඩ ප්‍රහාරය දියත් කරන්නේ සතියක් ඉක්ම යාමෙන් අනතුරුව ය. මේ සම්බන්ධයෙන් ද අපට ගැටලුවක් ඇත. කෙසේ වෙතත් පෙරටුගාමී පක්ෂයේ දේශපාලන සතුරන් සැවොම අපගේ දේශපාලන සතුරන් හෝ මිතුරන් නොවන බව ද එසේ වුව ද අදාළ චරිත හෝ කණ්ඩායම් හෝ ඔවුන්ගේ කාර්යයන් අගය කිරීම හෝ හෙළා දැකීම පෙරටුගාමී පක්ෂයට අවශ්‍යය ආකාරයට සිදු නොකරන බව ද සහෝදරත්වයෙන් පවසන්නෙමු. අප පෙනී සිටින්නේ පුද්ගලයන් හෝ කණ්ඩායම් වෙනුවෙන් නොව කිසියම් දේශපාලනික අවශ්‍යතාවයක් වෙනුවෙනි. 
 
එහෙයිනි වංගීස සුමනසේකරගේ දේශනය පිටපත් කොට පළ කළේ. එහි දී වංගීස පෙර X කණ්ඩායම හෝ එහි නිර්මාතෘවරුන් අමතක කිරීම ඔහුගේ දෝෂයකි. නමුත් ජයසිරි අලවත්ත යන පුද්ගලයා ස්ලැවෝයි ජිජැක් හඳුනා ගන්නේ පෙර X කණ්ඩායම හරහා බව පවසන්නට කිසි සේත් ම මැළි නොවන බව ද මෙහි දී ප්‍රකාශ කළ යුතු ය. නමුත් අදාළ දේශනය පුද්ගලිකව ජයසිරි අලවත්ත ගේ හෝ lankadaily වෙබ් අඩවියේ නොව වංගීස සුමනසේකර ගේ ය. එහෙයින් තම දේශපාලන සතුරාගේ සතුරකු නොවන කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් තමන්ගේ දේශපාලන සතුරකු ලෙස සැලකීමෙන් වැළකි සිටින මෙන් පෙරටුගාමී පක්ෂයෙන් ඉතා සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.
 
 – ජයසිරි අලවත්ත
………………………………………………………………………….
ස්ති්‍රන්ට කල අපහරණ ගැන කතා නැත්තේ ඇයි?

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Wangeesata kelin gahanna. Ahinsakayin alla noganna. Eka uge rassaawa. Ehema beluwoth gahanna one kee denek party eka athulema innawa neda kiyala hithaa balanna. Ex – Athata ahu wena onema rassawak karana DAMINDAYAA.

    • නරක මිනිස්සු තමයි ලෝකය වෙනස් කරන්නෙ.දමින්ද ට වඩා තක්කඩි පක්ෂය තුල ඉන්නවා.ලෝකය වෙනස් කිරීමට බාධාව එන්නෙ ඇතුලෙන්.
      බාහිර බාධා දෙවනුයි.

Comments are closed.