[dropcap color=”purple”]කු[/dropcap]මන හෝ ක්‍රමයකින් මුදල් හොයා ගත් යම් සමාජ ස්ථරයක සාමාජිකයන් සහ සාමාජිකාවන් තමන්ගේ විනෝදය සදහා තෝරා ගන්නා ප්‍රධාන අගනගරයක් ලෙස ‘ඩුබායි’ හැදින්විය හැක. ඩුබායි යනු ‘අල්මක්ටුම්’ නම් දෙවියාට අයිති නගරයකි. එම නගරයේ ක්‍රියාත්මක වන නීතියට අනුව යුරෝපීය සංචාරකයන් පහත චර්යාවන් අනුගමනය කළ යුතුය.

01-ඔබ අවිවාහක නම් ඩුබායි හෝටල්වල කවුන්ටරයේ දී ඔබගෙන් විවාහ සහතිකය ඉල්ලන්නේ නැත. නමුත් හෝටලය තුළ සිදු වන ඕනෑම හදිසි පරීක්ෂාවක දී ඔබ විවාහක මෙන් හැසිරිය යුතුය. ඩුබායි පොලීසිය අනුගමනය කරන්නේ මකියාවෙලී ගේ දර්ශණයයි.

“ ඔබ විවාහ වී තිබීම අනිවාර්ය නැත. අප ඔබව පරීක්ෂා කරන විට ඔබ විවාහක සේ හැසිරිය යුතුය.( මකියාවේලීට අනුව ඔබ ආගමික වීම අනිවාර්ය නැත. නමුත් පාලිතයන්ට පෙනෙන්නට එසේ හැසිරිය යුතුය) “

02-ඔබ කොටට හෝ ශරීරය නිරාවරණය නොවන පරිදි ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරීය යුතුය. එසේම පාරේ ගමන් කරන විට අත් අල්ලා ගෙන යාම සහ සිප ගැනීම තහනම්ය.( හෝටලයේ දී මේවා තහනම් නැත.)

03- ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම්ය. හෝටලයේ දී තහනම් නැත.

04-ඔබ විවාහකයෙකු නම් ඔබ ඩුබායි වලට එන්නේ ඔබේ සැමියාට හෝ බිරිදට හොරෙන් නම් ඔබ කල්පනාකාරී විය යුතුය. මන්ද යත් ඔබේ විනෝදයට ඊර්ෂ්‍යෙකාට ඔබේ බිරිද හෝ සැමියා ඩුබායි පොලීසියට පැමිණිලි කළ හොත් ඔබේ විකල්ප පෙම්වතා හෝ පෙම්වතිය සමග හිරේ තැපීමට ඔබට සිදු වන නිසාය. ඔබේ බිරිද හිස්ටෙරික නම් හෝ ඔබේ සැමියා සයිකෝසික නම් තවත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු සමග ඩුබායි යාම අනතුරුදායකය.

සියල්ලට ඉඩ දෙන ලෝක සමාජ-ක්‍රමයක් පවතින යථාර්ථයක දී සීමාසහිත විනෝදයක් සහතික ඩුබායි නගරයට සීමා මායිම් නොදන්නා මිනිසුන් සමහර විට කැමති වන්නේ ඉහත සදහන් සීමා නිසා විය හැක. ඔබත් ඊලග වසන්තය ඩුබායි හී ගත කරන්න! හත්ටින්ටන් පුරෝකථනය කළාට වෙනස්ව ශිෂ්ඨාචාර අතර නව සංහිදියාවක් බිහිව ඇත. ඒ ධනවාදය නම් නව ශිෂ්ඨාචාරයට ඉඩ දෙන්නටය.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. කතාවක් තිබේ. එනම් සෝවියට් හමුදා බර්ලිනයට ඇතුළුවන විට ඔවුන්ගේ සොල්දාදුවන් බොහෝමයක් අත් ඔරලෝසු පැලද සිටි බවයි. මෙහි අරුමයක් තිබේදැයි ඔබ සිතන්නට පුළුවන. මෙයයි එයට හේතුව එකල එම හමුදාවේ අත් ඔරලෝසු පැලද සිට ඇත්තේ ඉහලම නිලවල හමුදා නිලධාරීන් පමණක් බව පැවසේ. ඉතින් එම හමුදාවේ සොල්දාදුවන්ට අත් ඔරලෝසු ලැබී ඇත්තේ ඔවුන් අල්ලා ගන්නා ලද හෝ මරාදමන ලද ජර්මානුවන් පැලද සිටි ඒවා බව පැවසේ. එම කරුනේදී එම හමුදාවද “අහිංසක” ෙනාවූ බව පවසන්නට සිදුවන්නේ මෙහි දැක්වෙන හිට්ලර්ගේ බංකරය තුල තිබෙන වටිනා හා අතේ ගෙන යා හැකි සියල්ලක්ම පාහේ ඔවුන් ගෙන ගිය නිසාය.

  2. හෙනගසා ඇති සහ දිනෙන් දින අභාවයට යමින් පවතින ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට ආදර්ශයක් වෙමින් හොද යයි කිව හැ‍කි ටෙලි නාට්‍ය මාලාවක් ගිය ඉරිදා එනම් 2011 ඔක්තෝබර් 30 වන දා නිමාව දකින අයුරු කණගාටුවෙන් මෙන්ම සතුටකින්ද නැරඹුවෙමි. කණගාටුව ඇතිවූයේ හොද නිර්මාණාත්මක කලා නිර්මාණයක නිමාව දුටු හෙයිනි. නැත්නම් පැහැදිලිව කියන්නේ නම් සෙනසුරාදා හා ඉරිදා රෑ නවයට නැවත හොද නිර්මාණයක් බලන්නට නොහැකි වන හෙයිනි. සතුට නම් අවසානයක් නොපෙනෙන, හරි තිර රචනයක් නැති බාල ගණයේ මෙගා ටෙලි නාට්‍යයක් මෙන් කොටස් සිය ගණනක් හෝ ආසියාවේ හෝ ලෝකයේ වැඩිම වාර ගණනක් පෙන්වූ ටෙලි නාට්‍යයක වාර්තා පොත් අතරට එක් නොවී කොටස් 42 ක් වැනි අද කාලයේ හැටියට සුළු සංඛ්‍යාවකින් නිමා කරනු දැකීම නිසාය. මේ ටෙලිනාට්‍ය නම් නදීශා හේමමාලි නම් යොවුන් රංගන ශිල්පිනය විසින් නිෂ්පාදනය කරන ලද ඇත්කඳ ලිහිණියා ටෙලි නාට්‍යයයි.

Comments are closed.