තනූජා ජයවර්ධන ට මානවහිමිකම් සංවිධානයෙන් පසුගියදා විශේෂ කැඳවීමක් කර තිබුණි. ඇය විසින් පසුගිය කාලයේ කරන ලද කටයුතු රාශියක් නිසා මෙසේ ඇයට මානවහිමිකම් සංවිධානයෙන් කැඳවීම ට හේතුවී තිබුණි .

 

සිරස ටෙලි විෂනය මෙරට ආරම්භ කිරීමෙන් පසු තනූජා උසස් පෙළ අධ්‍යාපනය අවසන් වීමත් සමගම විනෝදාත්මක වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ‘රස රිසි ගී’ සංගීතාත්මක වැඩ සටහන ඉදිරිපත් කරමින් නිවේදන වාත්තීයට පිවිසියාය. තනූජා සහ නාරද මෙරට සම්ප‍්‍රදායික වැඩ සටහන් ඉදිරිපත් කිරීමේ කලාව නවමු මාවතකට අවතීර්ණ කරමින් ලංකාවේ ලොකු කුඩා කාගේත් ආදරයට පාත‍්‍ර විය.

එතැක් පටන් තනූජා වසර 15ක් තිස්සේ අඛණ්ඩව’රසරිසි ගී’ වැඩ සටහන ඉදිරිපත් කරමින් වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් විසින් එකම වැඩ සටහන මෙතරම් දීර්ඝ කාලයක් කරන්නියක ලෙස වාර්ථාවක් ද තබන්නට සමත් ව තිබේග නිවේදන වාත්තියෙන් කලා ක්‍ෂෙත‍්‍රයට පැමිණි තනූජා අනතුරුව එෆ්එම් නාලිකා අතර ලංකාවේ තරුණ තරුණිියන් වෙනුවෙන් yF.M. ආරම්භ කරන ලදී. එෆ්එම් රේඩියෝ රටාව වෙනස් කරමින් තරුණ ආකර්ශණය රේඩියෝව වෙත සමීප කරන්නට නායකත්වය දෙන්නට තනූජාට හැකිවිය.

තනූජා ඉන් අනතුරුව ගුවන් විදුලියෙන් සිරස ටෙලිවිෂනයට නැවත ප‍්‍රවිශ්ටව සුවිිශේෂීී වැඩ සටහනක් වූ “තනූජා සමග ජීවිතය” අරඹන ලදී. වානිජත්වය මුල්කරගත් ටෙලිවිෂන් මාධ්‍ය ලෝකයක ටෙලිවිෂන් මාධ්‍යයෙන් සමාජයට වැදගත් මෙහෙවරක් ඉටු කරන්නට එම වැඩසටහනට හැකියාවක් ලැබුණි.

 

ප‍්‍රවෘර්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කරන තනූජා රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක ලෙස විවිධ ඉසව් ඔස්සේ සිය දක්‍ෂතා දක්වා තිබේ.තනූජා ජයවර්ධන මෙරට සිටින ප‍්‍රවීණ සහ ජනප‍්‍රියම වැඩ සටහන් ඉදිරිපත් කරන්නිය ලෙස සම්මානයට ද පාත‍්‍රවී ඇත.

විනෝදාස්වාදය සපයන ටෙලිවිෂන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කලාලොවට පිවිසි තනූජා වැඩ සටහන් නිෂ්පාදිකාවක ලෙස ද සිය දායකත්වය ලබාදී ඇත.මේ වනවිට සිරස මාධ්‍ය ජාලයේ වැඩසටහන් කළමණාකාරිණියක ලෙස ඉහළ තනතුරක් හොබවන තනූජා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරණ අතර ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා ධාරිණියකද වන්නීය.

ජාති ආගම් කුල බේධයකින් තොරව සියලූ මනුෂ්‍යයන් එකහා සමාන ලෙස සළකා ගර්භාෂයේ සිට චිතකය දක්වා වූ මේ ජීවිත කාලය තුළ මිනිස්කම් වලට ගරු කරමින් ඔවුන්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කරමින් මාධ්‍යකලාවේ නිරතවීම උදෙසා තනූජාගේ කලා ජීවිතයේ විශිෂ්ටත්වය ගෞරවණීය බව සහ ඇය කළ කැපවීම් වෙනුවෙනුත් තනූජා ජයවර්ධන කලාකාරිණියට පසුගිය 30දා මානවහිමිකම් සංවිධානයෙන් ජාත්‍යන්තර වටිනාකම් ඇති මානවහිමිකම් ‘Excellence Achivements Award’ සහ රන් සම්මානයෙන් පුදනු ලැබීය.

 

වර්තමානයේ වැඩ සටහන් ඉදිරිපත් කරන තරුණ පරම්පරාවට ඇයගේ මාධ්‍ය මෙහෙවර තුළින් ලැබිය හැකි පූර්වාදර්ශයන් බොහෝය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.