වසර හයක් තිස්සේ ‛රයිට්ස් නව් සාමූහිකයෙහි’ තුන් මාසික සීමාවාසික පුහුණුව නිම කළ තරුණ විද්‍යාර්ථීන්ගෙන් සමන්විත රයිට්ස් නව් ආදි සීමාවාසිකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ රයිට්ස් නව් තරුණ සමුළුව ජනවාරි 24, 25, 26 දිනවල පවත්වන ලදී. ‛වෙනසක් සඳහා අපි කැපවෙමු’ යන තේමාව ඔස්සේ පවත්වන ලද මෙම සමුළුවට සීමාවාසික කණ්ඩායම් 15ක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වූහ.

================================================

නැවත සිතීම උදෙසා – අපි පටන් ගත් මෙම ව්‍යාපාරය විනාශ කරේ කවුද ? මොකකට ද? -2018-

From 2012 – 2014 –Rights Now = Manori , Manori = Rights nowBy So called SUDARSHANA – who cares about it ? EU ?/US AID?/Any other local or INGO ? NOBODY CARES /Now all are fucking- So called Gender balance?

=======================================================

 

එම සමුළුවේ ආරාධිත දේශනය දීප්ති කුමාර ගුණරත්න මහතා විසින් පවත්වන ලදී. එම දේශනය සහ ඉන් අනතුරුව පැවැති සංවාදය ඇසුරෙන් සකස් කළ විශේෂාංගයක් මෙවර ‛සමබිම’ ඉරිදා සංග්‍රහය ඔබ වෙත ගෙන එයි.

මෙතන ඉන්න හැමදෙනාම සමාජ වැඩවලට කැමතිද නැද්ද කියන එක ගැන නිගමනේකට යද්දි, මම හිතන්නෙ එහෙම අකමැති අය ඇති. මම යථාර්ථවාදියෙක් වෙන්නෙ මම කරන වැඩ ගැන මට reflection  (අන්තරාවලෝකනය) එකක් තියෙනවනම්නෙ. එහෙම නැතුව නිකම් මෝඩයෙක් වගේ වැඩ කරගෙන යනව නම් ඒකෙ තේරුමක් නෑ. මේ වගේ තරුණ වයසෙ ඉන්න අයගේ ප්‍රධාන ප්‍රාර්ථනාව තමයි සුඛපරමවාදය. ඒ කියන්නෙ අපගේ ජීවිත අවසාන විග්‍රහයෙදි සතුට කරා යමින් තියෙනවා. මේ වනාහි අනුන්ගේ chance (අවස්ථාව) එකත් අරගෙන ඉස්සරහට යන්න තියෙන කාලෙනේ. අද සමාජයේ තරුණ අය හැමෝටම Game plan එකක් තියෙනවා. ඒකෙදි අනෙක් කෙනාව සලකන්නෙ, මගේ මේ දුර යන්න මෙයාව Instrument (උපකරණයක්) එකක් විදිහට කොහොමද මිල කරන්නෙ කියන කෝණයෙනුයි. ඒ අය හේතුව (reason) පාවිච්චි කරන්නෙ තමාගේ වාසියට.

ඇත්තටම මේ කාලෙ හරි සාමකාමී යුගයක්, හැමෝම හැමෝවම බදාගන්නවා, ඉඹිනවා. මෙතන ඉන්න කට්ටිය තව අවුරුදු 5කින් කොහෙදි හම්බවෙයිද කියලවත් හිතාගන්නවත් බෑ. අපි තේරුම් ගත යුතු දේ තමයි ඒ Harmony (සුසංයෝගය) එක, ඒ කියන්නෙ අපි එකිනෙකා ලොකු බැඳීමක වගේ ඉන්නව නම් ඒ කොච්චර දුරකටද? අපේ ඇත්ත ජීවිතේ ඒකද?

අපිට අපේ අම්මල තාත්තල උගන්නල තියෙන්නෙ ‛‛අනිත් අය දිහා බලන්න එපා, ගේම හරියට දෙන්න, වැඩේ හරියට කරගන්න” කියල නෙවෙයිද? ප්‍රශ්නෙ තියෙන්නෙ ගේම හරියට දීලා දැන් හැමෝම එක තැනකට ඇවිත් ඉන්නෙ, රටේ ජනාධිපතිත් ඇතුළුව. මම දන්නව මම මේ කියපු දේට බහුතරය විරුද්ධයි කියල. ඒ නිසා පෙරලා ප්‍රතිමතයක් මට ඉදිරිපත් කරන්න. අපි සංවාද කරමු.

කවුරුත් පුද්ගලික දේවල් විතරක් කරගන්න යුගයක සමාජ වැඩ නොකළොත් අපේ අනාගතය අඳුරු වේවි. ඒකට අවශ්‍ය කරුණු ටිකක් තමයි මම කතා කරන්නෙ. අනාගතයෙදි හරියටම වැඩ කරන අය හම්බවෙයි. ඉස්සරහට සීරියස් වැඩ කරන්න රයිට්ස් නව් එකට යාථාර්ථවාදී මිනිස්සු ඕනෑ. මම හිතන්නේ මේ කටුක ඇත්ත නොකියා කිසිම සීරියස් වැඩක් අපිට කරන්න බෑ.

රයිට්ස් නව් සංවිධානයේ අවුරුදු ගණනක් තිස්සේ පුහුණු කටයුතු භාරව කටයුතු කරපු සම්පත් පසුගිය දෙසැම්බර් මාසෙ මට මේ වගේ දෙයක් කිව්වා. රාජ්‍යයයි සිවිල් සමාජයයි දෙකක් කියන එක පැහැදිලි කරලා එයා කිව්වලු රාජ්‍යයට අයිතියක් නෑ කියලා නීති විරෝධීව මිනී මරන්න. ඒ වගේම එයා කියල තියෙනව, රාජ්‍යයට විරුද්ධව කවුරුහරි අවිගත් කණ්ඩායමක් හෝ අවි නොගත් යම් දේශපාලන අරගලයක් කරන කණ්ඩායමක් යම් කිසි හිංසනයක් කරනවා නම්, ඒ් අය මොනවා කළත් ඒ අයට විරුද්ධව නීතිය ඉක්මවා වැඩ කිරීමට රාජ්‍යයට සුජාතභාවයක් නෑ කියලා. ඒක උගන්නලා මාස කිහිපයක් ගියාට පස්සේ එයාට හම්බවෙන සමහරු අහනවලු, ‛‛සර්, අරහෙම කිව්වා වුණාට දෙමළු ගැහුවොත් අපිත් ගහන්න ඕනෑ නේද?” කියලා. සම්පත් ඒක කිව්වේ හරි කලකිරීමෙන්. එයා කිව්වෙ මේ ලංකාවේ මිනිස්සුන්ට කොච්චර ට්‍රේනිං කළත් කොච්චර theory  (සිද්ධාන්ත) ඉගැන්නුවත් අවසානෙදි Reflect (පරාවර්තනය) කරන්නේ අර කලින් හිටිය දැනුමෙන්මයිලු. සරලව කිව්වොත් පාඨමාලාවට එන්න ඉස්සරලා කෙනෙක් ජාතිවාදියෙක් නම් සම්පත් උපකල්පනය කරනවා මේ පැත්තෙන් ජාතිවාදියා ඇතුළට දැම්මම මගේ බටේ ඇතුළෙන් ගියාට පස්සේ එහා පැත්තෙන් filter  වෙලා ජාතිවාදයට විරුද්ධව විශ්වාන්තරවාදියෙක් වෙනව කියල. එයා කියනව එහෙම දෙයක් වුණේ නෑලු. ඒත් මම කියන්නෙ මම ට්‍රේනින් කළොත් එහෙම වෙන්න දෙන්නේ නෑ. ඒ කියන්නෙ එයාගෙ Training method (පුහුණු ක්‍රමවේදය) එක වැරදියි. අපට හම්බවෙන්නේ ජාතිවාදින් නම්, අපේ පාඨමාලාවෙ අරමුණ ඒ ජාතිවාදය නැති කරල ඉවරවෙල ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න, සුළු ජන අයිතීන් පිළිගන්න සමාජයක් හැදීම නම් ඒක සිද්ධ වෙන්නෙ නැත්නම් වටේ ඉන්න මිනිස්සුන්ට බැණල වැඩක් නෑ. තමන්ගෙ වගකීම භාරගන්න ඕන.

කාංචන (තරුණ නීතිඥයෙක්) – මෙතන ඉන්න ගොඩදෙනෙක් තමන්ගෙ අරමුණක ඉලක්කය කරා ගිහින් තමයි මේ තැනට ඇවිත් ඉන්නෙ. මෙතනදි අපි ආකල්පමය වෙනසක් තුළින් මීට වඩා උසස් තැනකට යන්න කතා කරනවා. නමුත් මේ වෙනස මීට අවුරුදු 5-6කට කලින් මට වුණානම් මම අද කොහෙද නෑ. මම අද යම් තැනක ඉන්නවා නම් ඒ තැනට ඇවිත් තියෙන්නෙ යම් යම් අවස්ථාවලදි මගේ නිශ්චිත ඉලක්කයක් තියාගෙන ඒ තැනට ගමන්ගත් නිසා. මම හිතන්නෙ මෙතන ඉන්න වැඩි දෙනෙක් එහෙමයි. අපට A/L කරන කාලෙදි වගේ මේ වගේ චින්තනයක් තිබුණනම්, මේ වගේ සාකච්ඡාවකට මේ වගේ දායකත්වයක් දෙන්නවත් එන්න බැරිවෙයි නේද? ඒක එහෙම වෙලා තියෙන්නෙ ඇයි? අපි ඕකෙන් survive (නොනැසී පැවතුනොත්) වුණොත් ඊට පස්සෙ හැදෙන්නෙ කොයි වගේ එකක්ද? හැමෝටම සමාජ වැඩ කර කර ඉන්න පුලුවන් ලෝකයක්ද?

දීප්ති – අපි කෙනෙකුට ප්‍රේම කරනකොට ගණිතමය සමීකරණයක් වගේ තෝරාගැනීමක් කරනවද නැත්නම් අපි අවිඥානිකවද තෝරා ගන්නෙ? අපි පස්සෙ නේද හිතන්නෙ මෙයා මට ගැලපෙනවද කියල. අපි නොදැන කෙනෙකුට ආදරය කිරීම, තෝරා ගැනීමක් නෙමෙයි. එතකොට මට හිතෙන්නෙ, මෙතන ඉන්න අයගෙන් බහුතරයක් දෙනා රයිට්ස් නව් එකට ඇවිත් තියෙන්නෙ දන්නෙ නැතුව. අපි දැනගෙන ආවා නම් ඉක්මනට යනව, නොදැන ආපු නිසා නේද ඉන්නෙ? ඒත් දැන් ඇවිත් ඉඳල තව මොනා හරි කරන්න ඕනි කියල හිතෙන්නෙ rational  (සබුද්ධික) නිසාම නෙමෙයි කියල මට හිතෙන්නෙ, ඒක තමන්ගෙ ආත්මීය වශයෙන් ඔයාගෙ තෘප්තිය සඳහා කරන දෙයක් විතරයි. අපි මෙන්න මේ හේතු මත රයිට්ස් නව් එකත් එක්ක ඉන්නව කියන හේතුව හොයාගන්නෙ ආවට පස්සෙ කියලයි මම කියන්නෙ.

නදීශානි (තරුණ උපාධිධාරී ගුරුවරියක්) – විශ්ව විද්‍යාලෙ ඉන්න අතරේ රයිට්ස් නව් එකට එද්දි මට නිශ්චිත අරමුණක් තිබුණේ නෑ, රයිට්ස් නව් Internship  (සීමාවාසික පුහුණුව) එකට විශේෂයෙන්ම සම්බන්ධ වුණේ රු.6000ක් ලැබෙනවා. Experience (අත්දැකීම) එකකුත් ලැබෙන නිසා, ඊට පස්සෙ කාලයක් වැඩ කරගෙන යනකොට මට හිතුණා මං කැමති පැත්තක් ගැන වැඩකරන්න මට තැනක් ලැබුණා කියල.

අශෝක (තරුණ රාජ්‍ය සේවකයෙක්) – රයිට්ස් නව් එකත් එක්ක යම් කිසි ආකාරයකට මම වෙනස් වුණා. නමුත් මම හිතන්නෙ නෑ කවුරුත් තමන්ගෙ target (ඉලක්කය) එක සහ පෞද්ගලිකත්වය කැපකරගෙන සමාජ වැඩ වලට මුල්තැන දෙයි කියල. මොකක් හරි වෙනස් කරන්න ඕනෑ නම් අපේ වෙනසකුත් වෙන්න ඕනෙ.

රමිඳු (තරුණ නීතිවේදියෙක්) – ඉස්සර සමාජ වැඩ කරනවා කියල දේශපාලන පක්ෂ වැඩනෙ කරන්නෙ. දැන් මෙතන තියෙන්නෙ උපයෝගීතාවාදී සම්බන්ධයක්, මාත් ඇතුළුව හුඟදෙනෙක් මෙතනට සම්බන්ධ වෙන්නෙ රු.6000 කියන කාරණෙත් එක්ක. ගෙවීමකුත් වෙනවා, අනෙක් අතට සමාජ වැඩක් කරනවා කියල හිතට සතුටක් ගන්නත් පුළුවන්. මට හිතෙන විදිහට රාජ්‍ය නොවන සංවිධානවල ආකෘතියේ මේ ප්‍රශ්නෙ තියෙනවා. දේශපාලන ව්‍යාපාරයකින් කරන වැඩේ මේකෙන් කරන්න බෑ කියන එක තමයි මගේ අදහස.

දීප්තිලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මතය හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙවත්, එක්සත් ජාතික පක්ෂෙවත්, ලිබරල් පක්ෂෙවත්, දෙමළ පක්ෂෙවත් නෙමෙයි JVP එකනෙ. හැමෝම ආවේ රු.6000 හින්දා නෙමෙයිනෙ. මම අහන්නෙ ඇයි ඔයාලා මෙතන රැඳෙන්නෙ. ඔයාට ඕනි නම් ඒ මාස 03න් පස්සෙ පැත්ත පළාතක එන්නෙ නැතුව ඉන්න පුළුවන්නෙ. ආයෙ එනව නම් එන්නෙ ඇයි කියන කාරණයයි මම අහන්නෙ. අපේ ජීවිතේ පස්සට යම් දෙයක් ඉතුරු වෙලා තියෙනවද මෙතන එකතු කරගත්ත. අපේ පාසැල් කාලෙ හරි විශ්ව විද්‍යාල මිතුරන් හරි මඟහැරෙනවනෙ රැකියාවට ආවට පස්සෙ, ඒත් අපි පස්සෙ කාලෙදි දාගන්නවනෙ get together කියල එකක්. එතනදි පැරණි අයත් එක්ක එකතුවෙල ඒක සමරනවනේ. අන්න ඒ අර්ථයෙන් මම අහන්නෙ මෙතන එහෙම මනුෂ්‍ය බැඳීමක් තියෙනවද? දේශපාලන බැඳීමක් නෙමෙයි.

රමිඳු – මම එක උදාහරණයක් දෙන්නම්, මේ දවස්වල වනාතමුල්ලේ ගෙවල් ටික කඩලා අයින් කරනවනෙ. මම කිව්වොත් මෙතන ඉන්න කට්ටියට ගිහිල්ලා ඒ මිනිස්සුන්ගෙ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න කියල, මෙතන ඉන්න අයගෙන් කී දෙනෙක් ඉදිරිපත් වෙයිද?

දීප්ති – ඔන්න ඔය හින්දා තමයි මම අර මුලින් කතාව කීවේ. ඒ වගේ අය නේද පුහුණු කරගන්නෙ? ඒකෙන් කියන්නෙ අපි සියලු දෙනාම හෙට වනාතමුල්ලටගිහින් පෙනී සිටින්න ඕන කියන එක නෙමෙයි. අපි කොහොමද ඒකට මිනිස්සුන්ව පුහුණු කරගන්නෙ? ඇත්ත එයාලට ජීවත්වීමට තියෙන අයිතිවාසිකම උල්ලංඝනය කරද්දි කවුද යන්නෙ? මම හිතන්නෙ, මමත් ඇතුළුව කවුරුත් යන එකක් නෑ. හැබැයි අපි කවදහරි යන්න ඕනෑ කියන මතය හදාගන්න ඕනි කියන එකයි මම කියන්නෙ. මේ දැන් යන්න බෑ. ඒක හරි. ඒත් අපි ඒ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. අපිට සටන් කරන්න හැකියාවක් තියෙන්න ඕනෙ අනිත් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන්. කයිරෝ නගරෙ ඊයෙත් මම දැක්ක මේ වගේම තරුණ තරුණියන් එක්ක ගහගන්නවා. තුවක්කු නෑ, ගල් ගහනවා. මම කියන්නෙ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කවදහරි සටන් කරන්න වෙනවා. ඒ අවධානම, ඒ අභියෝගය තියෙනවා.

සුදර්ශන – රමිඳු ගෙනාව වගේම අභියෝගයක් ගෙනාවා බ්‍රිටෝ ප්‍රනාන්දු. බ්‍රිටෝ කිව්වෙ ඔයගොල්ලො මානව හිමිකම් ආරක්ෂා කරනව නම් එන්න මගෙත් එක්ක පාරට බහින්න කියලා. මම හිතුව කිසිකෙනෙක් ඉදිරිපත් වෙන එකක් නෑ කියල. නමුත් නදීෂාණි පාරට බැස්සා. ඒ කියන්නෙ සටනට එකතු වුණා.

2009දී කුරුණෑගල නිදහසේ වේදිකාව රැස්වීමට ගහන්න ආවා. එතකොට අපේ සාමාන්‍ය කට්ටිය ඒක ආරක්ෂා කළා. ඊට වඩා දෙයක් අම්පාරෙදි වුණා. අම්පාරෙදි ගැටුමක් ඇතිවුණා, ඒත් අපි පත්තරත් වික්කා. අපි පුහුණුවලදි කිව්වෙ නෑ මෙන්න මේ වෙලාවෙදී බොදු බල සේනාව ගහන්න එනවා කියලා.

දීප්ති – ගොඩක් රටවල් වල Human Rights Defendersල (මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන්නො) තමයි දේශපාලනඥයන්ට වැඩිය ඉස්සරහින් ඉන්නෙ. ඒ ගැන දේශපාලනය කරන අපි බයවෙන්න ඕනෙ නෑ. එහෙම අය මෙතන ඉන්නවා සහ හිටියා. ඒක පරණ ජනතා විමුක්ති පෙරමුණේ වගේ උද්ඝෝෂණ ආකෘතියෙන් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් මේක විරෝධය පාන්න යම් ආකාරයක ආකෘතියක්. හැබැයි ඔබ කියනව වගේ ඒක මහා සටන්කාමී එකක් නොවෙන්න පුළුවන්.

ධනුෂ්ක (තරුණ නීතිඥයෙක්) – ප්‍රශ්නෙ තියෙන්නෙ අවසාන වශයෙන් අපි ක්‍රමය වෙනස් කරන්න ඕනිනෙ. මොකක්ද ඒකෙ ක්‍රමවේදය. අපි දකින විදිහට එළියෙ ඉන්න පුද්ගලයන් එකිනෙකා වෙනස් කිරීමෙන් තමයි සමාජ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ. අපි violence විදිහටද යන්නෙ, ගල් අතට අරගෙනද යන්නෙ මොකක්ද ඒ ක්‍රමවේදය?

දීප්ති – අපි බලමු ලංකාවේ විපක්ෂ නායකතුමා මොකක්ද යෝජනා කරන්නෙ කියල. මම එතනින් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පටන් ගන්නම්. එයා කියන්නෙ ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් මෙතෙක් කල් තිබුණු සියලුම සම්ප්‍රදායන් ඉවරයි. දැන් අපිට අවස්ථාවක් ඇවිත් තියෙනව අලුතින් හදන්න. රනිල් වික්‍රමසිංහ කියන්නෙ, Legalist  කෙනෙක්. එයා මේ ගැටළුව වටහාගෙන තියෙන්නෙ නීති ප්‍රශ්නයක් විදිහට. ඔන්න ඕක වටහා ගත්තට පස්සෙ නේද ඉතිරි අයට දේවල් කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අපිට යම් මතයක් ඉදිරිපත් කරනවනෙ. ලංකාවෙ වෙන කවුරුත් මත ඉදිරිපත් කරන්නෙ නෑ. දෙමළ පක්ෂ ඉල්ලන්නෙ බලය විමධ්‍යගත කරන්න කියන එකනෙ. පොදුවෙ අපේ සිංහල මිනිස්සුන්ගෙ දේශපාලනය ඇතුළේ ධනවාදය තමයි මේකට හේතුව. මෙන්න මේක අපි challenge කරන්න ඕනෙ කියන එක කවුරුවත් කියනවද? ලාල් කාන්ත ඇතුළු කවුරුවත් ඕක කියන්නෙ නෑනෙ, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකරන්න ඕනෙ කියන්නෙත් ඒකම තමයි.

අපේ රටේ දැන් තියෙන්නෙ ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි, ඒකෙන් කියන්නෑ බඩගින්නෙ ඉන්න මිනිස්සු නෑ කියල, පළවෙනි දේ දේශපාලන දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒක ගල්ගහල කරන්න බෑ. සංවාද කරල ඡන්දදායකයා වෙතට යන පණිවිඩයක් මෙතන තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ හැමෝම දැනගන්න ඕනෙ J.R. ව්‍යවස්ථාව හැදුවේ තනියෙන්. චන්ද්‍රිකා බලය විමධ්‍යගත කරන්න ගියේ තනියෙන්. ගොඩක් දේශපාලනඥයෝ හිතාගෙන ඉන්නෙ මහජනයාට හොරෙන් වැඩකරන්න පුළුවන් කියල. දැන් මහින්ද රාජපක්ෂත් හිතාගෙන ඉන්නෙ කල්ගත්තම සිංහල මිනිස්සුන්ට අමතක වෙනව කියල. අඩුම ගානේ දැන් මෙතන ඉන්න පිරිස තුළ මේ පිළිබඳ සාක්ෂරතාවක් තියෙනවනෙ LLRC  කියන්නෙ මොකක්ද කියලා. ඒ වාර්තාව දන්නෙ නැති අය තමයි ඒකට විරුද්ධ වෙන්නෙ. නිදසුනක් විදිහට ස්වයං නිර්ණය අයිතිය ගැන දන්නෙ නැතුව ඒකට විරුද්ධ වෙනවා. මම හිතන්නෙ පළමුවෙන්ම දේශපාලන සහ සිවිල් සංවිධාන එකතුවෙලා ව්‍යාපාරයක් හදන්න ඕනෙ. ඒක තමයි මමත් මේ ඇවිල්ල උත්සාහ කරන්නෙ.

සකස් කළේ: දිලක්ෂි හේරත් සහ චතුරිකා ධර්මදාස

Feb 14th, 2014

ඔබේ අදහස කියන්න...