මාටින් හෛඩගර් යනු, 20 වැනි සියවසේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ ජර්මානු දාර්ශනිකයෙකි. ‘මිනිසාගේ පැවැත්ම ඔහුගේ/ ඇයගේ සාරයට වඩා ප්‍රාථමික ය’ යන සාංදෘෂ්ටික අදහසට මුල පෑදුවේ, ඔහු ය. ඔහුගේ තවත් අදහසක් වූයේ, මිනිසාගේ හුදෙකලාව නැසීමේ විකල්පය ඇත්තේ ප්‍රජාව තුළ බව ය. නූතනත්වය සහ ධනවාදී සමාජ සබඳතා තුළ නෛසර්ගික උරුමය වන්නේ, පරාරෝපණය යි. මේ පරාරෝපණය ස්වයං-පරාරෝපණය දක්වා දිගු වූ විට දී, විපරිතභාවයෙන් කෙළවර වෙයි.

                    හෛඩගර්ගේ මූලික ප්‍රවාදයට අනුව, ‘මිනිස් සත්තාව’ සුවපත් වන්නේ, පරිසමාප්ත ගැමි ප්‍රජාවකිනි. සරලව කිවහොත්, ‘සත්තාව’ (සාරයට එරෙහිව කාලය) නම් ආකෘතියට වඩාත්ම උචිත අන්තර්ගතය ජාතිය යි. හෛඩගර්ගේ නිශ්චිත ආකෘතියට ගැළපී ගිය අන්තර්ගතය ‘‘ජර්මානු ගැමි ප්‍රජාවයි”. මෙය නලීන් ද සිල්වාට එන විට, සිංහල ගැමි ප්‍රජාවයි. මේ ප්‍රවාදය ජනතා විමුක්ති පෙරමුණ සිට බොහෝ දේශපාලන සංවිධාන වලට ද අදාළ වේ. ඒ අනුව, කතාවේ ව්‍යුහයට පිටින් සිටින මිනිසුන් එහි සතුරන්ය.

                    මහේෂ් හපුගොඩ සිය ‘බුදු දහම, සිංහලකම සහ ශුන්‍යතාව’ කෘතියේ දී ඉහත සත්‍තාවේ ස්ථානයට ආගම (බුදු දහම) සවි කරයි. ඔහුට අනුව, ධනවාදය සහ නූතනවාදය නම් බටහිර අසනීප දෙකට ප්‍රතිකාරය ඇත්තේ, බුදු දහමේ ආචාර ධර්ම තුළ ය.

                   ‘හැනා අරෙන්ඩ්’ නම් යුදෙව් දාර්ශනික ස්ත්‍රිය බටහිර නූතනත්වය ගැන අලුත් අදහසක් ප්‍රකාශ කරයි. ඇයට අනුව, ආදරයට මිනිසුන් වෙනස් කළ හැකි ය යන ප්‍රවාදය මුලාවකි. මෙම ‘ප්‍රවාදය’ සහතික කරන කෙටිකතා ගොනුවක් සුරේඛා සමරසේන නිර්මාණය කර ඇත. එය, ආදරය පිළිබඳ පිරිමි ප්‍රවාදය විසංයෝජනය කරයි.

                   ආදරය පිළිබඳ බොහෝ පිරිමි ප්‍රවාද වලට අනුව, එය දේශපාලනික ය. නමුත්, සමකාලීන ආදර සම්බන්ධතා යනු, කලින් තීරණය වූ දෙයකි.[predetermined]අද දවසේ, ආදරයට පෙර තම ආදරවන්තයා හෝ ආදරවන්තිය ගැන පන්ති අදහසක් සියලු දෙනාටම ඇත. එම නිසා, නව තත්වය සමීප වන්නේ යෝජිත විවාහ ප්‍රභේදයට ය.

                   වරක් මගේ මිතුරෙකු කීවේ, තමන් විවාහ වූයේ හෝටල් වලින් කෑම කා එපා වූ නිසා බවයි. නූතන ධනවාදය තුළ මෙම ‘ප්‍රති-ප්‍රේම ප්‍රවාදයට’ සහතික ඇත්තක් ඇත. ධනවාදය අවිඥාණක වූ සමාජයක තම සමීප අනෙකා යනු ද පන්ති මානයකින් තෝරා ගන්නා කෙනෙකි. එතැන දී, බහුතරය එකිනෙකා රවටා ගනිති. තමන්ට අවශ්‍ය නැති නමුත් සිවිල් මහා අනෙකාට අනුව, බහුතරය තම සමීප අනෙකා ආදරය සහ විවාහයට තෝරා ගනිති. පන්ති සමාජය තුළ ‘ආදරය’ සහ ‘විවාහයට’ පිටුපසින් ඇත්තේ, හිස් බව සහ ඒකාකාරීත්වය පමණි.

                 14 වැනි දා හවස, අපි ඒ ගැන කතා කරමු! 

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0777189471.

Nuwan – 0715324110.

Buddika – 0777189506.

Mihiran – 0777189465.

ඔබේ අදහස කියන්න...