දීප්ති විසින් අභියෝගයට ලක් කරනු ලබන ‘විනෝදයේ’ ප‍්‍රවර්ග දෙකකි. ලාංකික අර්ථයෙන් බොහෝ අයට දීප්ති සතුරෙක් නැත්නම් පිටසක්වළින් පැමිණි ආගන්තුත විදේශිකයෙක් ලෙස පෙනෙන්නා වූ හේතුව ඉහත විනෝද ප‍්‍රවර්ග විචාරය කිරීම ලෙස අප පසුගිය සතියේ පෙන්වා දුන්නෙමු. මෙම විනෝද ප‍්‍රවර්ග නම්;

 1.යටත්විජිතකරණය තුළ සුදු ස්වාමියා අප වෙත ශේෂ කළ අපගේම සාරය යැයි හඳුනා ගන්නා දෙය ‘ස්වභාවිකකරණය’ වීමෙන් හටගත් එකතැන පල්වෙන අනන්‍යතාවයයි.

 2.ඉහත ස්වභාවිකකරණය වූ ග‍්‍රාමීය සාරයේ සිට නාගරිකත්වය වෙත සංක‍්‍රමණය වූ විෂය නැවත ධනවාදය තුළම උත්කර්ෂකරණය කළ (ස්වභාවිකකරණය කළ* අනන්‍යතාවයක සිරගත වීමයි.

 ඉහත (a) නම් තත්ත්වය පශ්චාත්-යටත්විජිත ලිබරල්වාදය විසින්ද, මාක්ස්වාදය විසින්ද, ජාතිකවාදය විසින්ද විචාරය නොකරන ලද කිසිදා නොවෙනස් ආත්මීය ගුප්ත අන්තර්ගතයයි. (a) නම් තත්ත්වය අපටම අපගේ දර්පණය අහිමි වීම නිසා හටගත් සයිකෝටික තත්ත්වයයි. (එමෙන්ම පළමු තත්ත්වය අපට භින්නෝන්මාදය කියාද හැඳින්විය හැකියි). ලාංකික විෂය මේ අර්ථයෙන් අතීතයේ සිහිනය තුළ මෙන්ම ධනවාදයේ තෙරක් නොපෙනෙන විනෝද අතිරික්තය තුළ ද සිරගතව ඇත. දීප්ති විසින් විශාල දුරකට උත්සාහ කරන ලද්දේ ඉහත සිහින ද්වයිතය තුළ සිරගත ලාංකික මිනිසා අවදි කිරීමටයි.

අනෙක් අතට ‘සාම්ප‍්‍රදායික නායකයා’ වෙතින් ඉවත් වන ග‍්‍රාමීය තරුණ ප‍්‍රජාවට නැවතත් මුණගැසෙන්නේ වාමවාදය තුළින්ම උත්කර්ෂණයට පත් කළ ‘සමස්තතාවාදී නායකයන්ය’ නමුත් අවශ්‍ය වන්නේ ප‍්‍රබුද්ධ – නූතන ව්‍යාපෘතියක් සහිත සංකේතීය පියෙකි. අනෙක් අතට එය ලිබරල් බුර්ෂුවා නූතනවාදයෙන් ඛණ්ඩනය වන්නා වූ සාර්වත‍්‍රික මාක්ස්වාදී එකක් ද විය යුතුය. පැහැදිලි ලෙසම එම මාක්ස්වාදී කතිකාව 20 වන සියවසේ අප අත්දුටු සමස්තතාවාදය වෙත නැවත නොයන බවට වන සද්භාවී විශ්වසනීයත්වය ද රැුගෙන ආ යුතු බවට දීප්ති තරයේ විශ්වාස කරයි. එනයින් පැරණි වාමවාදියාට එක එල්ලේ දීප්තිගේ දේශපාලනය තේරුම් යන්නේ නැත. එවැන්නකුට දීප්ති පෙනෙන්නේ එක්කෝ මධ්‍යම පාංතික ඇසක් (Gaze) තුළිනි. නැත්නම් කිසිම ‘ජවයක්’ නැති (සටන් පාඨ නැති, වීදි සටන් නැති, කළු පීත්ත පටි බැඳගත්, පොලු මුගුරු අතින් දරාගත්) ඇල්මැරුණු (න්‍යාය පමණක් කතා කරන) විචාරකයකුගේ ශරීරයක් ලෙසිනි. නමුත් සත්‍ය ස්වාමි-හැඟවුම නිර්මාණය වන්නේ ද අනෙකා කුළුගැන්වීම වෙනුවෙන් බාහිරට ප‍්‍රක්ෂේපණය කරන ‘අතිරික්තය’ (සටන් පාඨ, පොලූ මුගුරු, වැඩවර්ජන, පා ගමන්, සත්‍යග‍්‍රහ) නිශ්ක‍්‍රීයකරණය (Neutralization of the Supplement) කිරීම ඔස්සේමය. අප අනෙකා විශ්වාස කරන්නේ අපගේ නිශ්ක‍්‍රීයභාවය අනෙකා විසින් යථක් ලෙස පිළිගන්නා මොහොතේදීය.

 කියවන්න: Metastases of Enjoyment කෘතියේ 196 වන පිටුව.

ඔබේ අදහස කියන්න...