ස්ත්‍රියක් බුද්ධිමය සංවාදයක් කරා ගමන් ගන්නා විට පිරිමින් බිය වෙන්නේ ඇයි? 2021 අවසාන කාලෙයේ ලංකාවේ තවමත් මෙකී මාතෘකාව කතා කිරීම පිලිබඳව මට ඇත්තේ ඉතා අලසකමකි.එය අලසකමටත් වඩා අපුලක් ගෙන ඒයි. හෝද හෝදා මඩේ දානවාක් ලෙස මෙකී මාතෘකාව සම්බන්ධයෙන් මා බොහෝ වාරයක් ලියා ඇත.ඒසේම ලංකාවේ ස්ත්‍රීවාදීන්ගේ නරි නාටක පිළිබඳවත් එකී ස්ත්‍රීන් වන්දනාමාන කරන පැරණි පිරිමින් සම්බන්ධයෙන්ද මා ලියා ඇත.ඒ ලිපි කියවූ කේ කේ සමන් කුමාරත් නදී බණ්ඩාරත් මා දීප්තිගේ ඔඩොක්කු කික්කියක් ලෙස හැඳින්වුවා මතකය. ඒවා පිළිතුරු දීමටවත් වටිනාකමක් නොමැති බඩ තඩි ගෑනු පිරිමින්ගේ ස්වයං දුක්විලාපයන් ය.

ලංකාදීපයේ මංගල කිංකිනි බලන පිරිමි අත් වැරදීමකින් අප පක්ශ කාර්‍යලයට ගොඩ වැදුන අවස්ථා ඇත. තමන්ව කියවීමට පිරිමියෙක් නොමැතිව පය පැටලී අප පක්ශ කාර්‍යාලය තුලට විසික් වූ ස්ත්‍රීන්ද සිට ඇත.ප්‍රභා මනුරත්න එසේ විසික් වී තල්ලු වී ආ ස්ත්‍රියකි.මේ කිසිවෙකුත් දේශපාලනය කිරීමට පැමිණි අයවලුන් නොවේ. තවදුරටත් එසේ අප පක්ශය තුළට වැරදීමකින් කඩන් වැදීමේ හැකියාව නොමැත. අතීත සිදුවීම් නැවත නැවතත් රිපීට් වීමේ ඉඩකඩ අප හසුරා ඇත.

රෑට බාර් එකේ ගල් අරක්කු බෝතල් ඉවර වෙනකල්ම ගෑනුන්ව බයිට් එකට ගෙන කැත පිරිමින් ඉර පෑයූ පසු ස්ත්‍රී නිදහස සහ අයිතිවාසිකම් ගැන කතා කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ” ස්ත්‍රීවාදිනියන්” ගේ අදහස කුමක්ද? ඔබ පසෙක හිඳගෙන ඔබගේ ස්ත්‍රී කතිකාවතට මුවා වී සිටින මේ කැත පිරිමින් ගැන ඔබගේ සවිඥානික බව පිළිබඳව මට දැනගැනීමට අවශ්‍ය වන්නේ එය මොඩර්න් ස්ත්‍රිය හා ස්ත්‍රී කතිකාවතට ඉතා වැදගත් හෙයිනි.

”සමබිම” පක්ශය තුළ සිටින පිරිමින් ගැහැනුන්ව ව ඔඩොක්කු තුළ දමා නළවන්නේ නැත. එහෙම නැළවූ පිරිමින් සිටියා නං ඔවුන් අද පක්ශය තුළ නැත. ඔවුන් අද කරමින් සිටින්නේ ගැහැනුන්ගේ යට ඇඳුම් සෝදමින් වැලේ වනා වේලෙනකල් දීප්ති පිළිබඳව ඇඟිළි කැඩෙනකල් ෆේස්බුක් පිටු පුරා ලිවීමය. මේ කැත පිරිමින් ආශා කරන ස්ත්‍රියන්ගේ ආශාව ඔවුන් නොවී දීප්ති කුමාර ගුණරත්න යැයි ඔවුන් තරයේ සිතා සිටින අතර එයින් එය ඔවුන්ගේ ” පිරිමිකම” ට තර්ජනයකි. එහෙම පිරිමින් මට හමුවී ඇත.

ඔවුන්ගෙන් මට යොමු වූ නිරන්තර ප්‍රශ්න,අවවාද ගොන්න මා අංක පිළිවෙලට මෙහි සටහන් කරන්නෙමි
1) දීප්ති මොකෝ කියන්නේ
2) ඉතිං ඔයා මොකද දීප්ති ගැන හිතන්නේ
3) ඔයා දීප්තිට ඕනවට වඩා ඔයාගේ දේවල්     කියන්න එපා
4) ඔයා දැන් මොනවද ඉගෙන ගන්නේ ?
5) දීප්තිට ඔයා කතා කරන්නේ “අයියා ” කියලද?
6) දීප්තිගේ අතීතේ ගැන මරු කතා තියනවා.ඒවා කතා කරන්න අමුවෙන් බෑ.බොන්නම වෙනවා.එනවද ඩ්‍රින්ක් එකක් දාන්න.
7) ඕකා බඩුකාරයා..

මේ කිසිවෙකුටත් මා පිළිතුරු දී නැත.හේතුව ඒවා පිළිතුරු බලාපොරොත්තු වන ජාතියේ ප්‍රශ්ණ නොවන නිසාය.ඒ සෑම වචනයම පිටිපස ඇත්තේ “කැත පිරිමින්ගේ” ආත්මීය දුකය. සියදිවි නසා ගැනීමට නොහැකි බැවින් ජීවත් වීමට උත්සාහා ගන්නා සෙවනැලි නොමැති ශරීරයන් ය.මේ පිරිමින් සිතන්නේ ” ස්ත්‍රිය හා ස්ත්‍රියගේ ආශාව ඇත්තේ ඔවුන්ගේ බඩවල් යට සැඟවී සිටින කුඩා පුරුෂලිංග තුළ කියා ය . මෙවැනි පිරිමින්ගේ විද්‍යාගාර තුළ ගෙම්බන් වන ස්ත්‍රියන් පසු කාලීනව පිරිමින් ඉතා පිළිකුල් කරනා ස්ත්‍රී වාදීන් වුනු අතර සමහරක් සමලිංගික ස්ත්‍රියන් බවට පත් විය.

ගැහැනිය බලාපොරොත්තු වන්නේ ඇයව වචනින් ( භාශාවෙන්)  උත්කර්ෂයට පත් කරනා පිරිමියෙක් ය. ස්ත්‍රිය ‘ ස්ත්‍රියක් බවට පත් වන්නේ පිරිමියාගේ භාශා ලෝකය තුළය. කිසිම තේරුමක් නැතුව තත්පරයෙන් තත්පරය “ඔයා මට ආදරේදැයි ” ගැහැනිය පිරිමියාගෙන් අසන්නේ ඔහුගේ කටින් ඒ වචන පේළියට ඇසීමට ඇයට අවශ්‍ය නිසාය. එවැනි ගැහැනුන් මට හමු වී ඇත. ඔවුන් මෙසේ කියයි. ” මම ආසයි කළු පාටට.ඒත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ආසම රෝස පාටට.එයා කියන්නේ ඒ පාට මගේ සුදු හමට ගැළපෙනවා කියලා.මම ලස්සනම කොන්ඩේ කඩලා දැම්මම කියලා එයා කියන්නේ.මම කැමතියි ඔෆිස් ට්‍රිප් එක යන්න.ඒත් එයා කියන්නේ ඔෆිස් එකේ පිරිමි විශ්වාස කරන්න එපා කියලා.”
  රුපියල් පන්දාහට ගත් ලැගුම් හල් කාමරයේ සිට රුපියල් ලක්ශයට ගත් සුඛෝපභෝගී කාමර ඇඳවල් මත ස්ත්‍රියන්ව තෘප්තිමත් කිරීමට හති හලනා පිරිමින්ගෙන් ස්ත්‍රියකට බුද්ධිමය සංවාදයක් බලාපොරොත්තු විය නොහැක.එවැනි පිරිමින්ට අනුව ස්ත්‍රියක් දේශපාලන කිරීම යනුම විහිළුවකි. කෝපය දනවන දෙයකි. ඔහු ඔබගේ පියයුරු හැඩය ගැන කතා කිරීමට උත්සාහා ගන්නා විට ඔබ ඔහු සමඟ හේගල් හෝ ලැකාන් ගැන කතා කිරීමෙන් පළක් නැත. එහෙත් මේ පිරිමින්ම දවසේ වැඩි හරියක් කරන්නේ ස්ත්‍රීවාදය පිළිබඳවත් ලැකාන්,හේගල් ගැන කතා කිරීමත්‍ ය.

ස්ත්‍රී ආශාව ඇයටම ප්‍රෙහෙලිකාවකි.පිරිමින්ට එය කූළු කුහරයකි.. ස්ත්‍රිය පිළිබඳව වටහා ගැනීමකින් තොරව එයට ඇතුළු වන පිරිමින්ට සිදු වන්නේ එකී කළු කුහරය තුළ සදාකාලිකව අතුරුදන් වීමට ය.
මා එක් පසෙකින් ස්ත්‍රීවාදිනියකු ( මොඩර්න් ස්ත්‍රියගේ අවශ්‍යතාව වටහා ගැනීම හා ඒ පිළිබඳව අධ්‍යනය කිරීම) සේම ස්ත්‍රී විරෝධිනියක්ද වන බව මට වැටහී ඇත.මේ දෙක අතර මැදි තැනක මා සිටිනවා විය හැකිය. මගේ අවිඥානය මට වැටහෙන්නේ නැත. මා මෙසේ කියන්නේ මට මා පිළිබඳව පවා ඇත්තේ විවේචනාත්මක අදහසකි.දැන් ඔබට ආයේ මා කියූ දෙය තහවුරු වනු ඇත. ස්ත්‍රියගේ ආශාව ඇය දන්නේ නැත.

අතීතයේ යම් කාලයක මා එකම පිරිමියා සමඟ තුන්වරක් ප්‍රේම සබඳතාවක් පටන් ගත්තෙමි.ඔහුගේ ආරාධනය පිළිගැනීමත් සහ අනෙක් පසින් නැවත තුන් වරක් ඔහුව ප්‍රතික්ෂේප කිරීමද සිදු විය. ඔහුට මා කැමති වූවාට වඩා වැඩි වේගයකින් මට ඔහුව පිළිකුල් විය.මාගේ ආශාව මටද ප්‍රෙහෙලිකාවකි වී තිබියදී එය සොයා දීමට පැමිණි ඔහු නතර වූයේ තුවාල රැසක් සමඟිනි.
ඔබට ඒ සම්බන්ධයෙන් පසුතැවීමක් තිබේදැයි යමෙකු ඇසූ විට මා පිළිතුරු දෙනුයේ කිසිසේත්ම නැත යන්නයි. වේගයෙන් ධාවනය වන දුම්රියක් ඉදිරියට යමෙකු ස්ව කැමැත්තෙන් පනිනවා නම් එයින් ඔහුට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔහු සවිඥානික නොවන්නේද?

Unknown Woman නැතහොත් “නොදන්නා ස්ත්‍රියට” අවශ්‍ය වන්නේ තම ආශාව නිරන්තරයෙන් සජීවී ව තබා ගැනීමට ය. නිරන්තරයෙන් දැල්වෙන උඳුනක් මත තිබෙන සුප් හැලියක් කාර ගානවාක් මෙන් තමන්ගේ ආශාව උණුසුම්ව නොමැරී තබා ගැනීමට ඇයට අවශ්‍ය වේ.මෙහිදී පිරිමියාට සිදු වී ඇත්තේ ඇයව කුමන මොහොතක තමන්ට අහිමි වේ දැයි අනියත බියෙන් සිටීමය.

ඒ වගේම මට හිතෙන්නේ ස්ත්‍රිය කිව්වම පිරිමින්ගේ ඔලුවට කිසිම සංඥාවක් එන්නේ නෑ කියන එක.ඒ කියන්නේ ස්ත්‍රිය පිළිබඳව ෆැන්ටසිය නැති වෙලා තියෙන්නේ.ඒ කියන්නේ  කිසිම Source එකක් ( මූලාශ්‍රයක්) නෑ මේ ෆැන්ටසිය හදාගන්න.මේකෙන් වෙන්නේ ස්ත්‍රිය අහෝසි වෙලා ඔක්කොම පිරිමි වෙන එක.අනික් පැත්තෙන් කිසිම සංඥාවක් ,ෆැන්ටසි එකක් නැති නිසා ගෑනු හොයන් එහෙන් මෙහෙන් කපලා කොටලා ඔබලා බලනවා.මූණ නිල් වෙන්න ගහලා බලනවා. scream තුලින් තෘප්තිමත් වෙන පිරිමි.

එතකොට මේ එලියේ ඉන්න වාමාංශික කියලා කියාගන්න නළු පිරිමි  එක්ක බුද්ධිමය සංවාදයකට එන්න නං ඒ පිරිමින් වෙනුවෙන් පෙනී සිටින්න ඕන,ඒ පිරිමින්ගේ ප්‍රේමවන්තියෝ වෙන්න ඕන,ඒ පිරිමි එක්ක බොන්න ඕන,ඒ පිරිමින්ට වියදං කරන්න ඕන.ඒක නිකං වෙනම Cult එකක් වගේ. එයාලම ජෝක් කරන් එයාලම හිනා වෙනවා. එතකොට මේ පිරිමි ටික නඩත්තු කරන ස්ත්‍රීවාදිනියන්ට පිටත සිටින ඕනෑම තලයක දේශපාලන මතයක් අදහසක්  ඉදිරිපත් කරන ගැහැනියක්ව පේන්නේ කාගේ හරි පිරිමියෙක්ගේ ඔඩොක්කුවේ ඉන්නවා වගේ.
”සමබිම” පක්ශය ඇතුලේ ස්ත්‍රීන්ට වෙනම මුලු වලට කතා කරන පිරිමි නෑ.එලියේ එහෙම එකෙක් ඉන්නවා නං මම සමබිම පක්ශේ කියලා ගැනුන්ට වෙනම උගන්නන කව්රු හරි ඒ පිරිමි නළුවා කරන්නේ මුලාවක්. ඒවගේම අපේ පක්ශේ අතුලේ ඉන්න ස්ත්‍රීන් ඒක ඇතුලේ ඉන්න පිරිමින්ව නඩත්තු කරන්නේ නෑ.අපිට දේශපාලනය කරන්න විස්කි බෝතල් එක්ක රවුම් මේස අවශ්‍ය නෑ.විරුද්ධ ලිංගිකයන් එකිනෙකාට තර්ජනයක් වෙන්නෙ නෑ

දීප්ති කුමාර ගුණරත්න බඩු කාරයා, දීප්තිගේ පක්ශේ පුරුශ මූලිකයි,දීප්තිගේ මැජික් එක මොකක්ද වගේ ප්‍රශ්න ඇහෙනකොට මට හිතෙන්නෙම මුන් මේ කතා කරන්නේ දීප්ති කුමාර කියලා නමකට කියලා.මුන්ට පේන්නේ නිකං නමක් සහ පිරිමි ශරීරීයක්.මේක හරි සීරුවෙන් මට පැහැදිලි කරන්න ඕන දැන්. දීප්ති කියන්නේ Origin ( මූලාශ්‍රයක් ) එකක්.ජෙන්ඩර් එක,ශරීරය,නම මේ ඔක්කොම අමතක කරලා මෙන්න මේ Origin එක විතරක්ම අරගන්න.එතකොට මේ මම කියන්න යන එක තේරෙනවා.මේ මූලාශ්‍රය කියන්නේ සෑහෙන්න වටින දෙයක්.සම්පුර්ණ දැනුමක්.එතකොට අපි කරන්නේ මේ මූලාශ්‍රයෙන් දැනුම ලබා ගැනීම. එතනින් එහාට දීප්තිගේ ශර්ට් එකේ පාට ,කොණ්ඩේ, ඇවිදින විදිය, කටහඩ,අංග චලනය, හැඩහුරුකම මේවා අදාළම නැති කාරණා බවට පත් වෙනවා.

මම කියන්නේ පුළුවන් තරම් දීප්තිගෙන් දැනුම ලබා ගන්න ඕන.ඒ Origin එක නැති වෙන්න කලින් අපි ඒ දැනුම අපේ ඔලු ගෙඩි වල Install කර ගන්න ඕන.එතකොට අපිට පුළුවන් අපෙන් පස්සේ එන පරම්පරාවට වැරදීම් නැතුව හරියට කියලා දෙන්න.

එතකොට මෙන්න මේක තේරුම් ගත්ත යමෙක් ඉන්නවා නං අපිත් එක්ක එකතු වෙන්න.අපිට පුළුවන් එතකොට දේශපාලනික සංවාදයක් ගොඩ නඟා ගන්න.ගෑනු,පිරිමි මල් පළතුරු සෙල්ලම් කරන්න ආස අය යන්න ඕන අර මම මුලින්ම කිව්ව ලිඳවල් අස්සට..

Harshani Siriwardana

ZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ

මෙහෙණි සසුනේ නො හැකියාව

 

              පසුගිය වසරක පමණ කාලය තුළ අපගේ තියුණු නිරීක්ෂණයට ලක් වූ කරුණක් වූයේ, X දේශපාලනය අතිශයින් ස්ත්‍රීවාදී වුවත් ඊට ස්ත්‍රීන්ව දේශපාලනිකව රැකීමට නො හැකි වූයේ මන්ද යන්න කාරණය යි. පසුගිය දශකයකට වැඩි කාලයක් මේ තීරණාත්මක ගැටලුව අභ්‍යන්තර සාකච්ඡාවක් ලෙස මේසය මතට ගත්තත්, ගැටලුව සූත්‍රගත කර ගැනීමේ බුද්ධිමය නො හැකියාවක් පැවැතිණි. සරලව කිවහොත් ගැටලුව අපට ඇති තරම් අනුභූතික තලයේ ප්‍රකාශ වූවත් එහි ආත්මීය තලය විදාරණය කර ගැනීමේ පොහොසත් බවක් අපට නො තිබුණි. අපගේ සංවිධානයට දේශපාලනය කරන්නට ආ ස්ත්‍රීන්ට අත් වූයේ කුමන දේශපාලනික ඉරණමක් ද?

            80 දශකයේ සුනිලා අබේසේකරගෙන් පටන් ගත් මධ්‍යම පන්තික ස්ත්‍රීවාදය දශක තුනක් පමණ ගෙවී ගොස් දැන් නතර වී ඇත්තේ, අනන්‍යතා කේන්ද්‍රීය ලිබරල් ස්ත්‍රීවාදයක් තුළ ය. එය කෑගසන්නේ ගොදුරක් නොවී සිටීමේ ලතෝනිය වුව ද ඒ තුළ ඇත්තේ ම බල ධුරාවලියට පැන ගැනීමයි. සුනිලා ස්ත්‍රීවාදී සංකල්ප රැගෙන ගමට ගිය අතර ඉන් ගමේ ස්ත්‍රීන් කොළඹ පැමිණ අනන්‍යතා අර්බුද වලින් වෙලී ගිය වාමාංශික පිරිමි රංචුවක් සමඟ විවාහ විය. එය ස්ත්‍රීන්ගේ පැත්තෙන් පහසු දෛනික ජීවිතයකට ඉණිමඟක් විය. එවකට අධිපති කතිකාව වූයේ, වමේ චින්තනයේ පුරුෂ විඥාණ රටාව (පුරුෂාධිපත්‍යය) ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින් ප්‍රශ්න කිරීමයි. 80 දශකයේ අග වන විට ලංකාවේ ස්ත්‍රීවාදි කතිකාව වූයේ, සුනිලාගේ මැද පාන්තික ස්ත්‍රීවාදි කතිකාව සහ රොහාන් පෙරේරාගේ රැඩිකල් සමාජවාදී ස්ත්‍රීවාදි කතිකාව අතර පැවති පසමිතුරුභාවය යි.[antagonism]

            90 දශකය මැද වන විට පටන්ගත් ‘මාතොට’ සහ නව සහශ්‍රකය ආරම්භ වන විට පටන්ගත් ‘ලන්ඩන්’ සඟරාවත් යනු, ඉහත පසමිතුරුභාවයේ දෘෂ්ටිවාදාත්මක ප්‍රකාශනයන් වේ. ඇත්තම කිවහොත්, X දේශපාලනයට කිසිදා තමන්ගේ කියා ස්ත්‍රීවාදී අදහසක් හෝ දේශපාලනයක් තිබුණේ නැත. එයට පැවතියේ, තියුණු නිරීක්ෂණ සමූහයක් පමණි. එය රොහාන්වාදී ස්ත්‍රීවාදයේ අනුකරණයක් පමණි. ඉහත දෘෂ්ටිවාදී ආචරණය නිසා X දේශපාලනයට සිදු වූයේ කුමක්ද?

          90 දශකයේ අග සිට, ස්ත්‍රීන් X දේශපාලනයට ඇතුළු වීමක් සිදු විය. නමුත් සංවිධානයට ස්ත්‍රීවාදී ස්වකීය න්‍යායක් තිබුණේ නැත. මේ නිසා, X සංවිධානයට ඇතුල් වූ ස්ත්‍රීන්ට සිදු වූයේ ඒ තුළට විත් ‘පිරිමි දේශපාලනයට’ ඇතුල් වීමට ය. නායකත්වය ඔවුන්ව ‘ලිංගික උපකරණ’ ලෙස නො සැලකූ නිසා (ටිල්වින් සිල්වා, කුමාර් ගුණරත්නම් සහ තවත් වමේ නායකයන් මෙන්) ඔවුන්ට සිදු වූයේ, භික්ෂු ශාසනයට ඇතුළු වූ මෙහෙණියන්ට අත් වූ ඉරණමයි. බුද්ධ යනු ද පිරිමියෙකි. බුද්ධ ධර්මය ද පිරිමි දර්ශනවාදයකි. ස්ත්‍රියකට මෙවැනි පිරිමි දර්ශනයක් තුළ හඳුනාගත හැකි විමුක්ති මූලධර්මය කුමක්ද? මෙතැන දී, වැදගත් පරිවර්තනයක් ස්ත්‍රියට සිදු වෙයි. එනම්, නෛෂ්ක්‍රමණය යි. පවුලෙන් සහ පුරුෂ විඥාණ බල රටාවෙන් විචාරාත්මකව නෛෂ්ක්‍රමණය කිරීම ස්ත්‍රීවාදයේ ප්‍රථම පියවරයි. එනම්, පවුල් ව්‍යුහය සහ ලිංගිකය යනු ප්‍රජාතන්ත්‍රකරණයේ පටන් ගැනීමයි.

‘බුද්ධ ශාසනය’ සහ ‘X දේශපාලනය’ යන දේශපාලනික ආයතනගත වීම් තුළ ‘ස්ත්‍රිය’ නිර්භයව සහ විමුක්තිකාමීව පුරුෂාධිපත්‍යයෙන් විනිර්මුක්ත විය. ගැටලුව වන්නේ, දෙවැනි පියවර ඉහත ‘විකල්ප සංවිධාන’ දෙකම තුළම දකින්නට නො ලැබීමයි. එනම්, තමන්ගේ විඥාණ බල රටාවක් ගවේෂණය කරන පාරභෞතික මානයක් ඉහත විකල්ප බල රටාවන් දෙකම තුළ නො තිබීමයි. මන්ද, ස්ත්‍රී විඥාණය පුරුෂත්වය සමඟ දෙමුහුම් වන නිසා ය.

             උදාහරණයක් ලෙස, X වෙත ආ ස්ත්‍රීන් බහුතරය බොහෝ කාලයක් ඒ තුළ ලැග්ගාට සැකයක් නැත. ඔවුන්ගේ ‘කිතිකවන ආත්මය’ නිශේධනය වෙනුවෙන් බොහෝ කාලයක් මිඩංගු කළ බව ද සත්‍යය. ඔවුන් කිසිවෙකු නායකත්වයේ ලිංගික උපකරණයක් වූයේ ද නැත. නමුත් ‘කිතිකවන ආත්මයකට’ ඊළඟ පියවර නො මැතිව බොහෝ කාලයක් මිඩංගු විය නො හැකිය. එවිට, සිදු වන්නේ X දේශපාලනයට පස්සා දොරෙන් පුරුෂාධිපත්‍යය යළි ඇතුල් වීමයි.

             ලාංකීය ස්ත්‍රීවාදී දේශපාලනය කිසිදා පුරුෂාධිපත්‍යය සතු ”ආත්මීය මානය” [Subjective point]  සාකච්ඡා කර නැත. සුනිලාගේ සිට රොහාන් දක්වා වූ ප්‍රකාශිත ස්ත්‍රීවාදයේ මුඛ්‍ය ගැටලුව වූයේ, ගැටලුවේ රෝග ලක්ෂණ කතා කිරීම මිස එහි ව්‍යුහය කතා නො කිරීමයි. ඔවුන්ගේ ස්ත්‍රීවාදී සාහිත්‍යය තුළ ස්ත්‍රී විරෝධී අන්තර්ගතයන් ඕනෑ තරම් සාකච්ඡා කළත්, ස්ත්‍රී විඥාණයේ නිශේධනීය පැත්ත නැතහොත් එහි දයලෙක්තික මානය ගැන දැඩි ලෙස නිශ්ශබ්ද ය. උදාහරණයක් ලෙස ගතහොත්, 90 දශකයේ අග අප සංවිධානයේ පදිංචිව සිටි ‘සිරිමලී ලියනගේට’ ඇයගේ පෙම්වතා වූ පුද්ගලයා පහර දුන් අතර එය ඔහු මා සමඟ ද ප්‍රකාශ කරන ලදී. ඔහුගේ අදහස වූයේ, ඇයව ඇගේ මානසික අවපීඩනයෙන් ඇහැර වීමට එවැන්නක් කළ යුතු බවයි. ඩේවිඩ්ගේ ලින්ච්ගේ ‘Blue Velvet’ චිත්‍රපටයේ ‘ඩොරති වැලන්ස්’ නම් මානසික අවපීඩනයට ලක් වූ චරිතය යථාර්ථයට රැගෙන එන්නේ, පාතාල චණ්ඩියෙකු වූ ‘ප්‍රෑන්ක් බූත්’ විසිනි. මේ තත්වය අපට ස්ත්‍රී විඥාණයේ විරුද්ධාභාසය ලෙස සැලකිය හැකි ය.

               X දේශපාලනයට පැමිණි ‘සිරිමලී’ නම් මෙහෙණිය ඒ තුළ බොහෝ කාලයක් ලැග සිටින ලදී. නායකත්වය මේ මෙහෙණියන්ට ඊළඟට දිය යුතු මාර්ගෝපදේශ නොදැන සිටියේ ය. ඇත්ත වශයෙන්ම, මෙම දෙවැනි පියවර අයත් වන්නේ ස්ව අධ්‍යනයට ය. පසුව හදුනාගත් පරිදි, (2001 අග) එම ස්ව අධ්‍යනයට අදාළ විෂය වූයේ, මනෝවිශ්ලේෂණය යි. ‘ධනපති-විරෝධී’ පිරිමි රංචුවක් මනෝවිශ්ලේෂණය ද පාවිච්චි කරන්නේ, ස්ත්‍රියගේ ‘වේදනානෝදය’- Pleasure in Pain– යළි පැහැර ගැනීමට ය.

             සුනිලා අබේසේකර සහ රොහාන් පෙරේරාගේ ස්ත්‍රීවාදය තුළ ඉහත සිරිමලීගේ පසමිතුරුභාවයට පිළිතුරක් නැත. එනම්, සිරිමලීට අනුව එක පැත්තකින් පිරිමියා සතුරෙකි. අනෙක් පසින්, මේ පීඩකයාම තමන්ගේ මිතුරෙකි. මේ උභතෝකෝටිකයට ”සුනිලා-රොහාන් ස්ත්‍රීවාදයට” පිළිතුරක් ගොනු කළ නො හැකිය. අවශ්‍ය නම්, මනෝවිශ්ලේෂණය ද පිරිමි විද්‍යාවක් ලෙසින් කෙනෙකුට ගර්හා කළ හැකි ය. නමුත් මනෝ විශ්ලේෂණයට අනුව, කෙනෙක් ස්ත්‍රීයක් ද පුරුෂයෙක් ද යන්න තීන්දු වන්නේ පුරුෂාර්ථ වලින් නොව ඒවා අසමත් වන ආකාරයන් දෙකක් හරහා ය. සරලව කිවහොත්, තමන්ගේ ‘වේදනානෝදය’ මානසිකව සංවිධානය කර ගන්නා ආකෘති දෙකක් ලෙස ස්ත්‍රිය සහ පුරුෂයා හඳුනා ගැනේ. 

‘සුනිලා-රොහාන්’ ස්ත්‍රීවාදය විසින් ස්ත්‍රිය නාමකරණය කරන්නේ, හැඟවුම්කාරකයේ තර්කනයෙනි. නමුත් මනෝවිශ්ලේෂණය ස්ත්‍රිය හදුනා ගන්නේ, හැගවුම්කාරක අසමත් වන තැනේදී ය. එනම්, වේදනානෝදයේ මානයෙනි. සිරිමලී තමන්ට පහර දෙන පිරිමියා සමඟ විවාහ වන්නේ, ඇගේ අවිඥාණක ආශාව ඇයටත් රහසක්- ප්‍රහේලිකාවක්? ස්ත්‍රිය යනු, ඇයවත් නොදන්නා ප්‍රහේලිකාවේ ප්‍රබන්ධ මානය යි- වන නිසා ය.

                   ඉහත 21 වැනි සියවසේ නව මනෝ-ලිංගික ආත්මීය තර්කනයට අනුව පුරුෂාධිපත්‍යට විමුක්ති මාර්ගයක් ඇති බව අප කලින් නො දැන සිටියේ ය. එහි සරල අදහස වන්නේ, ස්ත්‍රී-පුරුෂ භේදය හුදු අනන්‍යතා වෙනසක් නොව පසමිතුරුභාවයක් ලෙස ගන්නේ නම් අපට පුරුෂාධිපත්‍යයේ විපරිත තර්කය අවබෝධ වන බවයි.

                  X කණ්ඩායම තුළ කාලය මිඩංගු කරමින් නිෂේධනයට ඉඩ දෙමින් සිටි මෙහෙණියන්ට ඒ තුළ සිටි අවස්ථාවාදී පිරිමින් සිදු කළේ කුමක්ද? විය යුතු පරිදිම ඔවුන් ස්ත්‍රීන්ට පෙන්වූයේ, තමන්ගේ පුරුෂාධිපත්‍යය යනු ‘පුරුෂත්වයක් නැති පුරුෂාධිපත්‍යයක්’ බවයි. එනම්, නරුමවාදය යි. ඔවුහු බාහිර සමාජයේ සිටින පිරිමින්ටත් වඩා තියුණු ලෙස පිරිමින් බව මේ මෙහෙණියන් දුටුවේ නැත. දීප්තිගේ න්‍යායික භාෂාවේ වචන සමඟ සෙල්ලම් කරමින් ‘නව ස්ත්‍රී දූෂකයන්’ බවට ඔවුන් පත් විය. මේ අය ස්ත්‍රීන්ව දූෂණය කරන්නේ, පොල්ලෙන් නොව වචන වලිනි. එනම්, ස්ත්‍රී විරෝධයේ අවසන් මර්ධන ආකෘතිය යි. අද අපට සංවිධානයක් ලෙස සම්මුඛ වී ඇත්තේ, වචන වලින් සෙල්ලම් කරන, එමගින් තත්‍යසමාන අවිඥාණයක් ස්ත්‍රීන්ට බිහි කර ඒ හරහා ඔවුන්ව වසඟයට ගන්නා පිරිමින්ය. මේ නව පුරුෂත්වය විසංයෝජනය කිරීමේ යතුර ඇත්තේ ද වචන තුළමය.

අප ස්ත්‍රී දේශපාලනයට අදාළ දෙවැනි පියවරට යන්නේ නම්, ‘රමේෂා සිරිවර්ධන’ මතු කරන ස්ත්‍රී සිතේ විරුද්ධාභාසය පිරිමි එකක් බව වටහා ගත යුතු ය. නව යුගයේ දී ස්ත්‍රී දූෂකයා එන්නේ, ආදරයේ වචන සමඟ මිස නග්න පුරුෂාධිපත්‍යය හරහා නොවේ. අද ලංකාවේ ඇති පුරුෂාධිපත්‍යයක් නැත. ඇත්තේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ නග්න නරුමවාදය යි. රමේෂාගේ ලිපියට මේ ලියන පිළිතුර අවශ්‍ය නම් ඇයට සංවාදයක් දක්වා සංකීර්ණ කිරීමට හැකි ය.   

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඒ කියන්නේ ඉතින් ප්‍රභාකරන් , විජේවීර වගේ ප්‍රේම සම්බන්ධතා තහනම් කරන්න කියන එකද? නැත්නම් ස්ත්‍රීන් බෙර ගන්නේ කොහොමද? දර්ශනවාදය ඉගැන්නුවා කියල වැඩක් වෙන්නේ නැත්ද?

Comments are closed.