ගොඩක් ස්තුති අජිත්.
අජිත් කියල තියෙන දේවල් ගොඩක් වටිනවා වමේ අයට. මම ගොඩේ ද ඔයා නාගරික ද වගේ කතා වලින් එතරම් සමාජයට වැඩක් නැති නිසා අපි දෙන්න ඒ කතාව දැන් පැත්තකින් තියමු.
ඒ ඇරුනහම අජිත් කියන ව මෙහෙම. ‘නලින් ගේ මාළු එයාගේ ඇඟේ තියල කපනවා නම් මහේෂ් යොදා ගත යුතුව තිබුණේ ජිජැක් ගේ Parallax View කියන කෘතිය සහ අසමාන්තර දැක්ම කියන එක’.
පලවෙනි දේ තමයි අජිත් මම ජිජැක් කියෙව්වට මම ඔහුගේ අදහස් ඒ විදියටම පාවිච්චි කරන්නේ නැහැ. මම ඒවා මගේම විදියකට තමයි කියවන්නේ. අනික මම භෞතික විද්‍යාව කරලා නැහැ. ඒ නිසා මම අමාරුවෙන් මනෝ විශ්ලේෂණය ඇතුලේ තමයි වැඩේ කරන්න හැදුවේ. මොකද නලින් ගේ බලපෑම ලංකාව ඇතුලේ භෞතික විද්‍යා ප්‍රශ්නයකට වඩා දේශපාලන එකක්. සිතීම පිළිබද ගැටළුවක්. නොස්ටැල්ජික එකක්. Neurotic එකක්. Anxiety එකක්. වෙනස් වීමට තියෙන බිය සහ මෙලන්කොලික එකක්.
අර ජ. වි. පෙ. කරපු මුල් පොත (ක්වොන්ටම්) වැඩක් නැති වුනේ ඒකයි. මට ඕනි වුනේ එයා එක්ක තර්ක වල පැටලී පැටලී ඉන්නවට වඩා එයාගෙන් ඉස්සරහට යන්න පාරක් හොයන්න. නූතන ලෝකය ට තියෙන බය නැති කරන්න. නූතන ලෝකයේ තියෙන හිස් බව ට මුහුණ දෙන්න.
දෙවැන්න තමයි නලින් ගේ වැඩේ ඇතුල් උනත් යම් සප්‍රමානික කරුණු තියෙනවා. භෞතික විද්‍යාව නොවුනත් ඒවා ජාතික දේශපාලනය ඇතුලේ වැදගත්. මොකද නුතන විද්‍යා ව්‍යාපෘතිය ඇතුලේ පවා සමස්තතා ගැටළු තියෙනවා. මම හිතන්නේ අපි ඇත්ත කතා කරන්න ඕනි.
නමුත් මම ඉන්නේ ‘විරුද්ධාභාෂ සහිත නුතන ව්‍යාපෘතිය’ ඇතුලේ (විවේචන සහිතව) (paradox of modernity). යුරෝපීය ආලෝකය ඇතුලේ. ඉතාම පැහැදිළිව අපි මේ මොහොතේ අපි ඉන්නේ කොතනද කියල සමාජයට කියන්න ඕනි. මොකද යම්කිසි එකතුවීමක් (solidarity) ගැන කතා බහක් මේ මොහොතේ යන නිසා අපේ තැන අපි කියන්න ඕනි (මේ වෙනකොට අපි ඒක කියල ඉවරයි. මම ලිවිම නතර කරන්න හදන්නෙත් ඒකයි). එතකොට අනික් අයට පුළුවන් එයාල ඉන්න තැන කියන්න. එතකොට ‘වෙනස’ ඇතුලේ එකට වැඩ කරන්න පුළුවන් වෙයි (වෙනසට ගරු කරමින් ම).
නැවතත් ගොඩක් ස්තුති අජිත්. හැබැයි මම ඔයාට කිව්ව තමන් වැටුණු තැන අලුත් එකක් හදන්න කියන එක අපි දෙන්න මැරෙනතුරු වලංගුයි හොඳේ ! ජය.
මහේෂ්

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. බොහොම ස්තූතියි කොමෙන්ටුවට
    //මට ඕනි වුනේ එයා එක්ක තර්ක වල පැටලී පැටලී ඉන්නවට වඩා එයාගෙන් ඉස්සරහට යන්න පාරක් හොයන්න. නූතන ලෝකය ට තියෙන බය නැති කරන්න. නූතන ලෝකයේ තියෙන හිස් බව ට මුහුණ දෙන්න.// මම හිතන්නේ මෙතනට එන අපි හැමෝටමත් ඕනේ ඒක.

Comments are closed.