ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම සම්බන්ධ වන පුද්ගලයන් ඊට සම්බන්ධ වන්නේ මුදල් සොයාගැනීමට බව අද කිසිවකුට රහසක් නොවේ. නමුත් බොහෝ දෙනා නොදන්නේ වාමාංශික පක්ෂ වලටද මෙම සත්‍යය අදාළ  බවය. පක්ෂ නායකත්වය හෝ පක්ෂයේ බහුතර ශ්‍රමය යොදවා පොදු සමාජ කටයුතු වෙනුවෙන් නිර්මාණය කරන විවිධ ආයතන අහේතුක කරුණු පෙන්වමින් එක්වරම තම පුද්ගලික අභිලාෂ සඳහා යොදා ගැනීම අද ප්‍රකට ලක්ෂණයකි. ධනවාදය ස්වභාවික වී ඇති නිදහස් ලිබරල් සමාජයකදී සෑම දෙනාම කියන්නේ තම තමන්ගේ පුද්ගලික වැඩ වලට මුල් තැන දෙන්න කියාය. පොදු වැඩ සඳහා අපගේ පක්ෂය නිර්මාණය කළ ආයතනයක මනෝ-ලිංගික පැටැලවිල්ලක පසුගාමී ආර්ථිකය පාවිච්චි කරමින් කෝචොක් දමන විට වසන්ත ප්‍රේමරත්න වැනි අපට හිතවත් සහෝදරවරු කියා පාන්නේ පාත්තයන් මෙන් නිහඩ වන්න කියාය.

deepthi k
පුද්ගලිකව හරි හම්බ කරගැනීමේ විභවය අපටද තිබේ. නමුත් අප අපගේ අදහස් පොදු වැඩ වලට යොදවන්නේ එය අපගේ ආශාව නිසාය. අප කිසිවකුට චන්ඩි පාට් දමන්නේ ද නැත. අප සමාජයට කියන්නේ පොදු වැඩ වලට අප ඉතිරි කළ දේවල් පුද්ගලිකව පරිහරණය කරන්නේ නම්, එයට අපි සපුරා විරුද්ධ බවයි. මේ මොහොතේ දිය යට සිදුවන අවලස්සන ජවනිකා නිසා මේ බව අනාවරණය කිරීමට ඉඩක් අපට නැත. නමුත් අපට නින්දා කිරීමට තිබෙන අවස්ථාව දැන් අවසන් වෙමින් තිබේ. 

most-interesting-marx

M16 – Audio – පහත හඞ පටයට සවන් දෙන්න.

 

ඔබේ අදහස කියන්න...