විවර ඊ නිවිස් වෙබ් අඩවියේ පසුගිය දා කොටි ඉසිප්‍රියා නිරුවත් කර මරාදැමූ රණවිරුවෝද නිරුවතින් යන ශීර්ෂය යටතේ ලිපියක් පල වුණා. මේ ලිපිය මේ අයට පල කරන්නට සිදු වන්නේ ලිපි නැති කාලවල මොනයම් හෝ ලිපියක් පළ කළ යුතු වන බැවිනි. මේ ලිපිය පලකරනු ලැබ තිබෙන්නේ ජාතිවාදි පිස්සෙකු ගේ වෙබ් අඩවියෙහිය. දේශපාලනික වශයෙන් අන්තජාතිවාදී ස්ථාවරයක සිටින පිස්සෙකු විසින් තම සිතට නැගෙන සිතිවිලි ලිපියක් ලෙස පල කල පසු එය වගකිවයුතු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙබ් අඩවියක් ලෙස කිසිදු වග විභාගයකින් තොර එම ලිපිය පල කරන්නේ ඇයි?

අරගලය සහ රාජ්‍ය අතර වෙනස පැහැදිලිව හදුනාග ගන්නට බැරි පිස්සන් විසින් ලියන පිස්සු කතා බැරෑරුම් සේ සළකා පළ කරන්නට වීම මේ අයගේ දේශපාලන බංකොලෝභාවය ද නැතිනම් වෙබ් අඩවියේ සංස්කාරකවරයාගේ නොසැලකිල්ලද? ඕනෑම අයෙකුට වරදින්නට පුලුවන. එල්.ටී.ටී.ඊ සංවිධානය සහ රාජ්‍ය යන දෙකම එක සමාන ලෙස සළකමින් ලියන මෙවන් ලිපි පොඩි එකාගේ ලියුමට වැඩි යමක් නොවන බව අපට නම් පැහැදිලිය.

රාජ්‍ය සහ විමුක්තිය උදෙසා සටන් කරන සංවිධානයක් අතර ඇති වෙනස අවබෝධ කර නොගෙන සැමරුම් උත්සව සමරන්නට ඇති හදිස්සියට නිසා මෙවන් අත් වැදරදීම් සිදු වීම දේශපාලනිකව හොද නැත. ගමේ ගොඩේ කසිප්පුකාරයන් සේ හැසිරෙන පිස්සන් යනු අතීතයේ තම පක්ෂයේ සාමාජිකයන් මරා දමන්නට දේව සරණට දක්වන්නට උපකාර කළ අය බව මේ පිරිස නොදනිත් ද?

පොදු අපේක්ෂයන් කරළියට ගෙන එන්නට වෙර දරන විවිර ඊ නිවිස් වැනි වෙබ් අඩවියක් වැට් බදු වංචාකාරයන් ගේ මුදලින් යැපෙන පිස්සන් ගේ වෙබි අඩවි වල ලිපි පල කරන පදනම කුමක් ද? වංචා සහ දූෂණ ගැන කතා කරන සුනන්ද දේශප්‍රිය වැනි අය වැටි බදු වංචාකාරයන් ගේ මුදල් වලින් නඩත්තු වන වෙබි අඩවි සමග ඇති සම්බන්ධය කුමක් ද? ඔහුට මේ පිස්සන් සමග තිබෙන කිචිය කුමක් ද? ( මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු සාක්ෂි අප සතුය)

තවද ගොඩක් විප්ලවාදි වෙබ් අඩවි මහත්වරුන් පවා මේ වැට් බදු වංචා මුදලින් නඩත්තු වන පිස්සන් ගේ වෙබ් අඩවි ලින්ක් ලබා දෙන්නේ අහම්බයකින් ද?ඒ අය අහිංසකයන් නොවන බව අප දනිමු.

මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ඉංග්‍රිසි වෙබ් අඩවියකට මුදල් ලබා දෙන්නේ කවුද යන්න ගැන කුසල් පෙරේරා දන්වා නම් ඔහුට වමනය ගොස් ක්ලාන්තය හැදෙන බව කිව යුතුය.

විවිර ඊ නිවිස් මාධ්‍ය ජාලය මේ පිස්සන් ගේ පිස්සු ලිපි පළකරමින් විප්වාදී වන්නට සිතනවා නම් අපට මේ අය ගැන කණගාටුය.

සැළකිය යුතුයි

මේ ලිපිය සම්බන්ධයෙන් විවිධ පිස්සන් විසින් ලියන විවිධ දෑ සම්බන්ධයෙන් අප වගනොකියන අතර පිස්සන්ට ලබා දිය යුතු බෙහෙත කුමක් ද කියා අප දැනටමත් තීරණය කර අවසන්ය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.