“විවාහය මෙලොවින් තුරන් වියයුතුයි” යැයි ඕෂෝ පැවසුවේය ”(එවිට දික්කසාදයද තුරන්වී යනු ඇත”) ඔෂෝ තමාගේ මෙම ස්ථාවරය ලෝකයේ සම්ප්‍රදායට අභියෝග කරන සියලුම දෙනා සමග බෙදා හදා ගත්තේය”

He sought truth, wisdom, where the people had set up a myth.

විවාහය පුද්ගලයාගේ නිදහස සීමාකර සිපිරි ගෙයක ලන බවත් විශාල ගැටලු යුතුකම් සහ වගකීම් විශාල ප්‍රමාණයක් ගෙන එන බවත් පූජකයන් ,මනෝවිශ්ලේශකයන් , වෛශ්‍යාවන් ආදී වෘත්තිකයින්ට දොර විවෘත්ත කරන බවත් මෙහි මූලික අදහසයි.” ඔහු අවධාරනය කර පැවසුවේ විවාහය මෙලොවින් තුරන්විම තුලින් මනෝ විශ්ලේශකයාගේ කා ්රයභාරයද අහෝසිවී යන බවයි”. තවදුරටත් වරදකාරී හැඟීම් ඇති නොවීම, දුක්ඛ දෝමනස්සයන් තව දුරටත් ඇති නොවීම, අනාදරය දැක්වීම නිසා ඇතිවන චෝදනාවන් තවදුරටත් ඇති නොවිම වැනි කාරනා නිසයි ඔහු මෙසේ පවසන්නේ” . විවාහය මෙලොවින් තුරන්වූ පසුව පුද්ගලයාට ලිංගික හෝ වෙනත් ඇබ්බැහියකට තමාට අවශ්‍ය පරිදි නිදහසේ යාහැකි බව මෙයින් අදහස් විය”
අද දිනයේ බටහිර ලෝකයේ ඕෂෝ එදා බලාපොරොත්තුවූ තත්වය උදාවී ඇත” . එනම් විවාහය අහෝසිවී ඇත” නමුත් මනෝවිශ්ලේශකයාගේ කාර්යය අහෝසි වනවා වෙනුවට එය වැඩි වැඩියෙන් අවශ්‍ය වන තත්වයක් උදාවී ඇත” එනම් මානසික රෝගීන් වැඩිවී ඇත”

මෙහෙම වෙන්නෙ ඇයි?

ඕෂෝ නොදැන සිටියේ මනෝවිශ්ලේශනයේ අති මූලිකම කාරණයකි” එනම් “ බාධාව මගින් ආශාව ජනනය කරයි” යන්නයි. එනම් නිදහස විඳීමේ ආශාව ඇති කරන්නේ එයට බාධා කරන්නාවූ පවුල නමැති සිරගෙය තුලින්මය” බාධාව මගින් සීමා නොකර අසීමිතව ලබන්නාවූ නිදහස වේදනාකාරී අප්‍රසන්න දෙයක් වනු ඇත”

මනෝවිශ්ලේශකයාගේ කාර්යය අවශ්‍ය වන්නේ මෙම අාශාව නැවත ප්‍රතිස්ථාපනය කිරීමටයි” එබැවින් දැන් බටහිරට මනෝවිශ්ලේශකයා ගේ කාර්යය වැඩි වැඩියෙන් අවශ්‍ය වෙයි”. ”බාධාව නැතිවූවිට ආශාව මියයයි” යන අති මූලික කාරණයද අවාසනාවකට ඕෂෝ දැන සිටියේ නැත. මේ අනුව බටහිර මිනිසාට මනෝවිශ්ලේශකයාව ”ඈතින්” තබා ගැනීමට අවශ්‍ය නම් කලයුතු වන්නේ නැවතත් පවුල නැමැති සිරගෙය තුලට පසුබැසීමයි”

පොල්ගහවෙල කවය- පෙරටුගාමී පක්ෂය

 

ඔබේ අදහස කියන්න...