සමකාලීන දේශපාලනයේ කැපී පෙනෙන මුඛ්‍ය ලක්ෂණයක් වන්නේ “ඓන්ද්‍රීය බුද්ධිමතා” දේශපාලන සංවාදය මෙහෙයවීම වෙනුවට විශේෂඥයන් විසින් එය මෙහෙය වීමයි. මෙමගින් නිරූපණය වන්නේ මහජනයා දේශපාලන කටයුතු වලින් ඉවත්ව ඇති අවකාශයයි. විශේෂඥයන් බොහෝවිට තම දැනුම සමාජගත කරන විට එය නිර්පාක්ෂික වේශයකින් ඉදිරිපත්න  කරයි. ආර්ථික අසමානතාවය රජ කරන සමාජයක නිර්පාක්ෂික දැනුම කියා දෙයක් පැවතිය නොහැක. සමාජ බන්ධනයක් ලෙස නිර්පාක්ෂික දැනුම පැවතිය හැක්කේ විශ්ව-විද්‍යාල ගොඩනැගිලි තුළ පමණි. මේ අර්ථයෙන් ගත් විට සමකාලීන අර්බුදකාරී සමාජ-සංවාදයන්ගේ මැදට පැණ ඇති ඊනියා විශේෂඥයන් යනු මාසිකව නිශ්චිත වැටුපක් ලබන මධ්‍යම-පාන්තිකයන්ය. මහින්ද රාජපක්ෂ නිසා ඔවුන්ගේ ජන ජීවිතය විකාරසහගත වී ඇති බවට ඔවුන් කරන පැමිණිල්ල ඉතාම සාධාරණය. නමුත් ඔවුන් වාමාංශිකයන් නොවේ.

ඊලගට වෘත්තීය විප්ලවවාදීයාට සිදු වී ඇත්තේ කුමක් ද? 2011 වර්ෂයෙන් පසු ජ.වි.පෙන්කැඩී වෙන් වී ගිය විප්ලවවාදී කාඩරය මේ වන විට කොළඹ සහ තදාසන්න නගර වල බෙදී විසිර සිටිති. මේ අය කොටස් දෙකකි.

01-   ගෙදර ගොස් වෙන වැඩකට යොමු වු අය.

02-   ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය විප්ලවවාදී පුහුණුව සමතික්‍රමණය කිරීමට උත්සහ දරන්නන්.

ඉහත සදහන් දෙවැනි කාණ්ඩයට යළිත් මිනිස් කොට්ඨාශ දෙකක් හමු වී ඇත.

01-   එක්ස් කණ්ඩායම 90 දශකය පුරා අධ්‍යයනය කළ විෂය ධාරාවන් පෘථුල ලෙස හැදෑරීම. ඒ අනුව ජවිපෙන් ඉවත් වූ සමහර කාඩර්වරු යළිත් පාසැල් යාම ආරම්භ කර ඇති අතර ඔවුන්ට ඉතා කදිම පාසැල් ගුරුවරුන් කිහිපදෙනෙකු හමුවී ඇත. මෙම පාසැල් ගුරුවරුන් හරහා ඔවුන්ට නව කොමියුනිස්ට් භාවිතාව ඉගෙන ගත හැක.

02-   නව-අරාජකවාදීන්ව විප්ලවවාදී ගුරුවරුන් ලෙස සම්මුඛ වීම. ප්‍රාග්ධනයේ ගෝලීය ප්‍රසාරණය මගින් නව-අරාජකවාදයක් බිහිවී ඇත. මෙම නව-අරාජකවාදය යනු සිදු කළ යුතු දේවල් පැහැර හැරීම හරහා යම් ක්‍රියාවක් කිරීමයි. අපට මෙය Default තාක්ෂණය කියාද කිව හැක. ‘අරාජකවාදය’ සහ විප්ලවවාදය අතර පැහැදිලි වෙනසක් ඇත. පළමුවැන්න කිසිදු නීතියක්, පිළිවෙලක් නැති අතර දෙවැන්නට ඒ දෙකම හිමිය. මේ නිසා මෙම නව අරාජකවාදීන් ඩීෆෝල්ට්වාදීන් ලෙසද හැදින්විය හැක. මෙම තත්ත්වය ගැන ආරම්භක අවබෝධයක් පරිගණක මෘදුකාංග ක්‍රියාකරවන්න් සතුය. එනම් යම් ක්‍රියාවක් පැහැර හැරිය විට එහි ප්‍රතිඵලයක් ලෙස කුමක් හෝ සිදු වෙයි. අප දැන සිටිය යුතු වන්නේ කුමක් හෝ සිදු වන දෙය විප්ලවය නොවන බවය.

surgeon-operating

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දැනට බටහිර ලෝකයේ වැඩිපුරම ඇත්තේ මේ අරාජික වාදයයි. සුස්තියක් දාගෙන බොබ් මාලේ කට් එකට කොණ්ඩය හදාගෙන මාක්ස්වාදී හා ලැකාන්ගේ මත හසුරුවන්නන්ද ඒ ගණයටම වැටේ. මාලේ එකතුවී බිහිකළ සිම්බාබ්වේ අද ඒකාධිපතියෙකුගේ පාරාදීසයක් වී ඇත්තෙත් එහෙයිනි.
    වැලේ වැල් නැත
    මලේ මල් නැත

Comments are closed.