‘28’ චිත්‍රපටයේ සුද්දී ගොඳුරුමය නිශ්ක්‍රීයභාවයක් මඟින් රැඩිකල් උත්පත්තියක් ලබා ගත්තද ,ඇගේ දේහය අවසන් කටයුතු සිදු කරන්නට ඇය එරෙහිවන පුරුෂාධිත්‍යයය පිළිබඳ සංඥාව  සහිත ගමටම රැගෙන යාම මඟින් ඇගේ රැඩිකල් භාවයේ පවතින ව්‍යාජය පෙන්නුම් කරයි. ආත්මය වඩාත්ම නිදහස් යයි සිතමින් සිටින මොහොතක නැවතත් ආධිපත්‍යය පිළිගැනීම වටහා ගත හැක්කේ කෙසේද? ඒ  සඳහා මේ මොහොතේ පවතින් හොදම මාර්ගය වන්නේ සයිටම් විරෝධය වටහා ගැනීමයි.

                                   සයිටම් සිදුවීම සම්ප්‍රදායික වම කළඹන සිදුවීමක් වූයේ ඇයි? සියිටම් විරෝධය බැලු බැල්මට ක්‍රමයට එරෙහි සිදුවන අරගලයක් බව පෙනේ. එහෙත් මනෝ විශ්ලේෂණය අපට එහි සැබෑ මානය පෙන්වා දෙයි. ආශාවේ මානය මඟින් සයිටම් විරෝධය විශ්ලේෂණය කළ විට වෛද්‍යවරු, ලාංකේය බහුතර වාමාංශිකයින්, විචාරකයින්, ගායකයින්, නිකමුන්, විපරීතයින් ආදි සියලු දෙනා එකම වේදිකාවක අසුන් ගැනීමේ හේතුව පැහැදිලි කරගත හැකිය.

                                          සයිටම් විරෝධයේදී එක එල්ලයේ මතු කළ සටන්පාඨ වල පැවැති සෘජු ස්වරූපය නිසාම එහි මානසික සංකීර්ණතා පැහැදිලි කරන්නට නොලැබිණ. ඒ වෙනුවට මතුපිට තලයේ පැහැදිලිව දකින්නට තිබුණේ සයිටම් එරෙහි අරමුණ පමණය. නමුත් ඒ තුළ මානසික සංකීර්ණතා නොතිබීම මඟින් මනස දෙසට සූක්ෂම දෘෂ්ටියක් යොමු කිරීමට නොහැකිය යනුවෙන් අදහසක් ජනිත නොවේ. ප්‍රාග්ධනය නිසා ගොඩ නැගුණ ඉහත අයවලුන්ගේ හිස්කම (මානසික සංකීර්ණතා නොමැතිවීම) එම අයවලුන්ගේ මනස වටහා ගැනීමට  ඉතා වැදගත් සාධකයක් වන්නේය.

                                      මෙම යුගයේ වඩාත්ම පැහැදිලිව දක්නට ලැබෙන්නේ සියලු දෙනා ක්‍රමයට අනුකූල බව නොපිළීගැනීමය. එය කුටුම්භයේ, කාර්යාලයේ, විශ්ව විද්‍යාලයේ, සිට පෞද්ගලික චැනල් සේවය දක්වාම වලංගුය.  සියලු දෙනාගේ විශ්වාසය වන්නේ තමන් ක්‍රම විරෝධී හා නිදහස් බවය. සමනලීගේ ස්ත්‍රී නිදහස යනුද ධනවාදී එකකි.

                                  නමුත් සයිටම් විරෝධය මෙම නිදහස් බවෙහි ව්‍යාජය පෙන්වා දුන්නේය. නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පවතින මූලික ගුණයක් වන ස්වාධීනත්වය මඟින් ක්‍රමයට එරෙහිව මහපාරේ අරගල කිරීමට මෙම මොහොතේ ක්‍රමය විසින්ම සපයන ලුබ්ධීමය පගාව යනු සම්පූර්ණ සමාජය පුරාම පැතිරී පවතින යටහත් භාවයේම ලක්ෂණයක් බව සයිටම් විරෝධය මඟින් පැහැදිලි විය. ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණවල සිට පොලිස් පාහරදීම් වලට ලක්වීම මගින් පෙන්නුම් කරනු ලැබුවේ ඉහත ස්වාධීනත්වයේ හා අරගලකාරී බවේ ව්‍යාජයයි. මන්දයත්, සයිටම් හරහා බලාධීකාරය මඟින් කුළු ගැන්වූයේ සයිටම් විරෝධීන්ගේ ආශාවය. එබැවින තමන් ක්‍රම විරෝධී හා අනෙකුන්ගෙන් වෙනස් යයි සිතූ මොහොතේ සිටම ඔවුන් තුළ එතෙක් ලතැවෙමින් පැවැති ක්‍රමයට ඇති යටහත් භාවය (එනම් ඔවුන්ගේ ආශාව) විද්‍යමාන වන්නට විය. එමඟින් උත්පාද වූයේ සම්ප්‍රදායික යටහත් භාවයක් නොව අතිරික්ත යටහත් භාවයකි. ආත්මය බලාධිකාරයේ බලයට අවිඥානික ආයෝජනය සිදු කරන විටම එය තුළින් ගොඩ නැඟෙන යටහත්භාවය බලාධිකාරය විසින් ඉල්ලා සිටින යටහත් භාවය ද අභිබවා ගොස් අතිරික්ත  යටහත් භාවයක් නිෂ්පාදනය කරනු ලබයි. එබැවින් සයිටම් විරෝධය මඟින් වෛද්‍යවරු ප්‍රමුඛ සාම්ප්‍රදායික වම පෙන්වා දෙනු ලැබුවේ තමන් ක්‍රමයෙන් විතැන්වී ඇතැයි සිතමින් සිට සුවිශේෂ මොහොතේ තමන් ක්‍රමයට දක්වන ස්වාමිභක්තියයි.

                අශාව අපගේ සවිඥානයට නොව අවිඥානයට අයත් බව මනෝ විශ්ලේෂණය උගන්වන පාඩමකි. අපගේ අශාව අපටම ආගන්තුක බව ඉන් පැහැදිලි කරයි. අපගේ අශාව අපට වටහාගත  හැකි වන්නේ එය සාක්ෂාත් කර ගැනීමට ඉඩ නොදෙන බාධකයක් මඟිනි. එබැවින් සයිටම් යනු ලාංකේය වෛද්‍යවරයාගේ සිට වාමාංශිකයා දක්වාම ඔවුන්ගේ ආශාව පැහැදිලි කර දෙන බාධකයයි.අවාසනාවකට ලාංකේය වෛද්‍ය අධ්‍යාපනය තුළ මනෝ විශ්ලේෂණය උගන්වනු ලබන්නේ නැත. ලාංකේය වාමාංශිකයා කපටි ලෙස මනෝ විශ්ලේෂණය (දීප්ති හඳුන්වා දුන් දැනුම මඟහැර යයි.) එම වැරැද්ද මඟින් උගන්වන පාඩම සරළ නැත. ඒ අනුව දීප්ති නොමැති තැන හා දීප්තිට එරෙහිව මුහුණු පොතේ කැරළිකරුවන් පවා සිදු කරමින් සිටින්නේ දීප්තිගේ දැනුමේ ආධිපත්‍යට දක්වන අතිරික්ත යටහත්භාවය මිස වෙන කුමක්ද?

Pushpajith

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.