[dropcap color=”black”]සු[/dropcap]ද්දිලාගේ කතාව කියන්නේ 80 දශකයේ ප්‍රකාශයට  පත් වෙච්ච නවකතාවක්. ඒක ලිව්වේ සයිමන් නවගත්තේගම ඒක ඒ නමින්ම ච්ත්‍රපටියකට නැගුවේ ධර්මසිරි බණ්ඩාරනායක. ච්ත්‍රපටියේ ඉතාම සිත් ගන්නා සුළු දර්ශණය තමයි කුසගින්නේ ඉන්න සුද්දිව හැළඹ ගහක් යට මුදලාලි විසින් දූෂණය කිරීම. අපි මේ දර්ශණය නරඹන්නේ නදීෂා හේමමාලිගේ අඩ නිරුවත් ඡායාරූප නරඹනවා වගේම කෑදරකමකින්.නමුත් අධ්‍යක්ෂකවරයා මුදලාලි විසින් සුද්දිව දූෂණය කරනවා පෙන්නන්නේ බොහොම ටිකයි. ඊට පස්සේ කැමරාව විශාල ගහක අත්තක් දිගේ ගමන් කරලා අහස පෙන්වනවා. අපිට අම්මට කියලා නිකම්ම කියවෙනවා.

නමුත් අධ්‍යක්ෂකගේ උපාය මොක්කද? ඔහු කරන දෙය ගැන අපිට මෙහෙම හිතන්න බැරිද? සුද්දිව දූෂණය කරන දර්ශණය ටිකක් පෙන්වලා ඉක්මනට ඉන් ඉවතට යාම නිසා ඒ දූෂණය කරන විධිහ අපිටම හිතාගන්න ඉඩ හරිනවා. උදාහරණයක් හැටියට ඉතුරු ටික විපරීතයෙකුට ගුද රමණයක් දක්වා ෆැන්ටසිකරණය කරන්න පුළුවන්. තව කෙනෙකුට ඇයට පිහිට වෙලා කෑම කන්න දෙන්න පුළුවන්. තව කෙනෙකුට ඇයට පදිංචි වෙන්න නිවසක් හදලා දෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඇගේ අයි.ආර්.සී සැමියා වන රොමියල්ව පුනරුත්තාපනය කරන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් ඇයට විදේශාධාර ලබා දෙන්න. තවත් කෙනෙකුට පුළුවන් ඇගේ කතාව කොටස් වශයෙන් මාධ්‍යයට ලියන්න.ච්ත්‍රපටි අධ්‍යක්ෂකවරයා විසින් ලිංගික දර්ශණයට දෙන වාරණ ආකෘතිය නිසා ඒ ගැන අපි කැමති දෙයක් හිතීමේ, විනෝද වීමේ අයිතිය අපිට තියෙනවා. ඉතිං අපි ජීවත් වෙන්නේ නිදහස් ලෝකයක.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඒ කොහොම වුණත් ඔබ ඇහුවා වගේ දැන් අපි පරිණතයි තමයි. ඒ පරිණත බව ප්‍රයෝජනයට අරන් අපි හොඳ සංගීත රසාස්වාදයක් වත්මන් තරුණ පරපුරට වගේම බාල මහලු හැමෝටම ලබාදෙන්න හිතුවා. වෙනස එයයි. ඒක අපිට හොඳින් කරන්න පුළුවන්.අනික අපේ දරුවෝ ගැන පවා අපි දැන් හිතන්න ඕන. ආවාට ගියාට දැන් වැඩ කරන්න බැහැ.ගෙවී ගිය අවුරුදු 25 ඇතුළේ ඔබේ ජීවිතයත් වෙනස් වුණා… ජනප්‍රිය වුණා…, විවාහ වුණා…, දෙපැත්තට වුණා…? ඔව්… ඔබ හරි. විපර්යාස ගොඩක් වුණා. කාලය පුදුම විදිහට අපේ ජීවිත වෙනස් කළා. මම මානසිකව පීඩා වින්දා. සමහර අවස්ථාවල ජීවිතේ පවා එපා වුණා. කලකිරීම් ගොඩාක් මැද ජීවත් වුණා. ඒත් දැන් මම සතුටින් ඉන්නවා. පළමු විවාහයෙන් වෙන් වුණත් මම මගේ දරුවෝ දෙන්නට හරිම ආදරෙයි. ඒ ආදරය නිසාම මම ඔවුන් ගැන නිතරම හොයනවා. කතා කරනවා. ඇත්තම කියනව නම් මම කැමති නැහැ මගේ දරුවන්ගේ අයිතිය තවත් තාත්තා කෙනෙකුට බාරදෙන්න. මමයි ඒ දරුවන්ගේ තාත්තා. ඒ බැඳීම මා ළඟ තිබෙනවා. ජීවිතේ තිබෙන තුරු ඒක එහෙම්ම තමයි. දරුවෝ ඔබේ තීරණය ගැන කොහොම හිතාවිද…? මගේ දියණිය දැන් ලොකු දරුවෙක්. එයා වගේම තමයි පුතා. මේ දෙන්නා ඉතාමත් හොඳින් ඉගෙන ගන්නවා. ඒ නිසා කරුණු කාරණා තේරුම් ගන්න ඔවුන්ට පුළුවන් වේවි. දැනටමත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මට ආදරෙයි. මමත් එහෙමයි. මගේ කාර්යබහුල ජීවිතේ නිසා ඔවුන්ව බලන්න යන්න හුඟාක් අමාරුයි. නමුත් ඉඩක් ලැබුණු හැටියෙ ගිහින් බලල එනවා. මගෙත් යුතුකම් ඉටුකරනවා. කොහොමත් මම දුරකථන ඔස්සේ ඔවුන් ගැන හොයනවම තමයි.දැන් ඔබ සංගීත ජීවිතය ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැනත් තෘප්තියකින් යුතුව කතා කරන බව තේරෙනවා…? ඇත්තටම ඔව්. මගේ දුක සැප හොයන්න වගේම මගේ ජීවිතයේ හැමදෙයක්ම සැලසුම් කරලා මාව ධෛර්යමත් කරන්න පුළුවන් විදිහේ කෙනෙක් ඉන්නවා. ඇය ඉතාමත්ම හොඳ ගති පැවතුම් තිබෙන කෙනෙක්. මගේ මානසිකත්වය හොඳින් තියාගෙන ජීවත්වෙන්න ඇය මට උදව් කරනවා. ඒකම ඇති මගේ වැඩකටයුතු සාර්ථක වෙන්න.පවතින දික්කසාද රැල්ලට ඔබ හසුවුණා කියලා මම කිව්වොත්…? නැහැ… ඒක වැරදියි. මම දික්කසාද රැල්ලට හසුවෙලා ඒවගේ තීරණයක් ගත්තේ නැහැ. මේක අවුරුදු 8 – 10ක් විතර කාලයක සිට පැවතුණු මත ගැටුමක ප්‍රතිඵලයක්… ඒ වගේම හුඟක් කල්පනා කරලා ගත්ත තීරණයක්.

Comments are closed.