කොවිඩ් සයිකොසියාව සහ කොවිඩ් හිස්ටීරියාව”අපගේ ලිපිය සන්බන්ධයෙන් හොරණ රෝහලේ වෛද්‍යවරුන් අප අමතා ඔවුන්ට මේ සම්භන්ධයෙන් වෙනත් අදහසක් හා කරුණු නිවැරදි කිරීමක් ඇති බව ප්‍රකාශකළේය. එහිදී ඔවුන්ගේ පිළිතුර අපවෙත එවන ලෙස අප කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔවුන් එවූ පහත පිළිතුර එලෙසම පහතින් දක්වමු. මේ සම්බන්ධයෙන් අපගේ පිළිතුරක් ඉදිරියේදී ඉදිරිපත්කරමු.
කෙසේවෙතත් ප්‍රතිචාර දැක්වීම හරහා මෙම වසංගතයේ වෙලාගෙන සිටින විවිධ දෘෂ්ටිවාදයන් ඉවත් කරමින් මෙම සාකච්චාව ඉදිරිගාමී තැනකට ගෙනඒමට අවශ්‍ය අවකාශය මතුකිරීම සම්භන්ධව හොරණ රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලයට අපගේ ස්තුතිය !

“කොවිඩ් සයිකොසියාව සහ කොවිඩ් හිස්ටීරියාව මැයෙන් පල වූ ලිපියේ සදහන් කරුණු පිළිබද හොරණ රෝහලේ වෛද්‍ය වරුන් ලෙස පහත පැහැදිලි කිරීම කරමු. පළමුව ඔබගේ මවගේ වියෝව පිළිබද අපගේ කණගාටුව පල කරමු.
මූලිකවම මෙම පැහැදිලි කිරීම කොටස් දෙකකින් යුක්ත වේ. පළමුව කොවිඩ් ප්‍රතිකාර සදහා වෙන් නොවූ මූලික රෝහලක් ලෙස කොවිඩ් ප්‍රතිකාර සිදු කරන ආකාරය පැහැදිලි කරන අතර දෙවනුව ඔබගේ ලිපියේ තොරතුරු වලට අදාල පැහැදිලි කිරීම් සිදු කරමු.
හොරණ රෝහල කොවිඩ් සදහා වෙන් නොකරන ලද සියලු අනෙකුත් ප්‍රතිකාර සමග කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්ද පවත්වාගෙන යන මූලික රෝහලකි.
ඇදන් 300 සහිත ශ්‍රීපාලි අතරමැදි ප්‍රතිකාර මද්‍යස්ථානය, වාට්ටු 4 කින් සහ HDU එකකින් යුක්ත කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් රෝහල මගින් පවත්වාගෙන යනු ලැබේ. ඒම වාට්ටු 4 තුල ඇදන් 103 ක්‌ ( ළමා 22, ගැබිණි 15, වැඩිහිටි 66) සහ HDU ඇදන් 20 සහිත වේ. HDU ස්ථාපිත කලේ දැනට මාස දෙකකට පමණ පෙර ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ වෛද්‍යවරුන් කණ්ඩායමක්‌ සිය පුද්ගලික සම්බන්දතා හරහා ලබා ගත් රුපියල් ලක්ෂ 220 ක පමණ පරිත්‍යාග මගිනි. මෙම ඒකකය මෙවැනි රෝහලක ඇති විශාලතම ඒකකය විය හැක. එසේම 15000 කට අදික covid vaccine ප්‍රමාණයක්ද මේක වන විට vaccine clinic හරහා ලබා දෙමින් සිටී.
මේ සියලු කටයුතු කරන්නේ රෝහලේ අනෙකුත් සියලු ඒකක පෙර පරිදිම ක්‍රියාත්මක වන අතරතුරයි.
ඉහත කටයුතු සදහා කිසිම අමතර කාර්ය මණ්ඩල ලැබීමක් නොවූ අතර හොරණ රෝහලේ අවසන් වරට කාර්ය මණ්ඩල යාවත්කාලීන (cadre revision) සිදු කර ඇත්තේ 2013 වසරේදීයි. පසුගිය වසර 8 තිස්සේ ඉල්ලා සිටියද ඒම යාවත්කාලීන වීම සිදු නොවුනි. නමුත් පවතින කාර්ය මණ්ඩලයෙන් සියලු රාජකාරි ආවරණය දිගටම කරගන යනු ලබයි. කොවිඩ් ඒකක සදහා කාර්යමණ්ඩල අඩුවක් පවතින බව සත්‍යකි. එසේ වුවද සියලු ප්‍රතිකාර උපරිමයෙන් ලගේ දීමට කටයුතු කරන ලැබේ. ළමා සහ ගැබිණි covid ප්‍රතිකාර ඒකක අදාල අංශ වල කාර්යමණ්ඩල මගින් බලා ගන්නා අතර වැඩිහිටි ප්‍රතිකාර ඒකකය පශ්චාත් සීමා වාසික වෛද්‍ය වරුන් සහ කායික රෝග ඒකකයේ වෛද්‍ය වරුන් විසින් බලා ගැනු ලබනවා. දිනපතාම උදැසන PPE පැළද රෝගියා ලගට විත් එම වෛද්‍ය වරුන්  සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුන් පරීක්ෂා කරනවා. HDU රෝගීන් ICU/ Anaesthesia වෛද්‍ය වරුන් දිනකට දෙවරක් PPE පැළද ලගට විත් පරීක්ෂා කරන අතර දිනපතා නිර්වින්දන අංශයේ විශේෂඥ වෛද්‍ය වරයා  සියලු රෝගීන් පරීක්ෂා කරනවා. මෙයට අමතරව අවශ්‍ය වන අවස්ථාවලදී වෙන වෙනම රෝගීන් වෙත ගොස් පරීක්ෂා කරනවා. සමහර දිනවල තමන්ගේ මුළු සේවා මුරයම PPE සමග රෝගීන් සමග සිටින්නට සිදු වෙනවා.මෙම ඒකකයක ward round සදහා පැය 4 පමණ වැය වෙනවා. එසේම මේ වන විට HDU හැර සියලු ඒකක වල උපරිම ධාරිතාව මෙන් තුන් ගුණයක් පමණ රෝගීන් ප්‍රතිකාර ලබනවා. එසේම කොවිඩ් රෝගීන්ගේ සියලු ශල්‍ය කර්ම ආදියද සිදු කරනවා.
මේ වන විට වෛද්‍ය වරු කිහිපදෙනෙක් හෙදියන් 10 කට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 20 කට අදික ප්‍රමාණයක් covid positive වීම නිසා සේවයට අහිමි වී තිබෙනවා.
දෙවනුව අදාල සිදුවීමට සම්බන්ද කරුණු පැහැදිලි කිරීමකට යමු.
හොරණට මුලික රෝහලේ කොවිඩ් ඒකකය පිහිටා තිබෙන්නේ ප්‍රදාන ගේට්ටුවේ සිට මීටර් 750 පමණ දුරින්. එසේම එයට මීටර් 50 පමණ ආසන්නයේ ගේට්ටුවක් තියෙනවා. එම ගේට්ටුව රුධිර කාන්දු පෙරන ඒකකය, ලේ බැංකුව, අධිකරණ වෛද්‍ය ඒකකය, මෝචරිය සහ covid ඒකකය සදහා ඇතුල් වීමට භාවිතා කරනවා. එම ගේට්ටුවෙන් ඇතුල් වූ පසු මොචරියට ඒක පාරක් සහ අනෙකුත් ඒකක සදහා දකුණට හැරී ගමන් කිරීමට තවත් පාරක් දැන්වීම් පුවරුවක් මගින් පෙන්වා දීල තියෙනවා. එම උපදෙස් වලට පටහැනිව මොචරියේ මිදුල හරහා කෙටි පාරකින් ( short cut) ගමන් කිරීමෙන් මීටර් 20 දුර අඩු වන අතර එය ඔබගේ තෝරා ගැනීමක්.
රෝගීන් ගේ සහ ඥාතීන්ගේ පහසුවට අත්‍යවශ්‍ය අවස්ථාවක රෝගීන් බැලීමේ වෙලාවට පරිබහිරවද මෙම ගේට්ටුව භාවිතා කිරීමට අවසර ලැබෙනවා. නිසි මග යන්නේ නම් මෝචරිය ලගට යාමට අවශ්‍ය නොවේ.
16 වාට්ටුවේ සෑම ඇදකම රෝගීන් දෙදෙනෙකු සහ බිම සහ පුටු වලද රෝගීන් සිටින බව සැබෑවකි. එසේම එහි ට්‍රොලි තබා ඒවායේද රෝගීන් තැබීමට සිදුවන අවස්ථා ඇත. ලෝක වසංගත තත්වයකදී සේවා ධාරිතාවය ඉක්මවා යාම යනුවෙන් අදහස් කරන්නේ මෙය වන අතර lockdown මගින් උත්සහ කරනුයේ මේ තත්වය ඇති වීම පාලනයට උත්සහ කිරීමයි.
අත්‍යවශ්‍ය රෝගීන් ලග අයෙක් තබා ගැනීමට ඉඩ දෙන ලද්දේ ඉහත තත්වය නිසාවෙන් ඔවුන්ගේ පහසුව සදහාමය. එය ගැහැණු පිරිම් බේදයකින් තොරව ලබා දීල තියෙන්නේ අදාල රෝගියාට නිරාවරණය වූ හෝ පහසු අයෙකුට එම අවස්ථාව ලබා ගැනීමටයි. රෝගීන් ළග සිටින අයෙකුට එක දිගටම දින ගණනක් PPE පැළද සිටිය නොහැකි බව ඕනෑම අයෙකුට වැටහේ. එසේම ලග නතර වීම කැමති නම් පමණක් කල හැකි දෙයකි.
Covid රෝගියෙකු හා සම්බන්ද වන සැම විටම PPE පැලදීම අදාල නිලදාරීන් ගේ ආරක්ෂාවට වගේම රෝගය පැතිරවීම වැලක්වීමටද අත්‍යවශ්‍ය වේ. සීමිතව ලැබෙන PPE ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සමහර කාරණා වලදී මනුෂ්‍යයින්  ලෙස රෝගීන් බලාගන්නා අයගේ උදව් ලබා ගන්නා බව සත්‍යයක්. බොහෝ යහපත් මනුෂ්‍යන් ස්ව කැමැත්තෙන්ම උදව් කරනා බව කිව යුතුමය. දිනකට දෙවරක් හෝ වැඩි වාර ගණනක් වෛද්‍ය වරුන් සහ හෙදියන්, කනිෂ්ට කාර්ය මණ්ඩලය  වැඩි වාර ගණනකුත් රෝගීන් ලගට ගොස් ප්‍රතිකාර කල බව එහි ප්‍රතිකාර ලැබූ අය ඔබගේ ලිපියට ප්‍රතිචාර ලෙස සාක්ෂි සපයා තිබීම ප්‍රමාණවත් වේවි.
රෝගීන් ලග සිටි අයෙකු නිවසට යන විට ඔවුන්ට PCR පරීක්ෂණ කරදෙන අතර නිවෙස් නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් දී අදාල PHI දැනුවත් කරනු ලැබේ. ආදාහනයට PHI සම්බන්ද වන්නේ ආදාහනාගාරයේ ඉඩ ලැබෙන විට වන අතර ඒ දක්වා ඔවුන්ගේ අනෙකුත් රාජකාරි සිදු කරනු ලබයි. ආදාහනාගාරයේ අවස්ථාව ලැබෙන තෙක් යම් වෙලාවක් ගත වීම රෝහලකට වැළැක්විය හැකි යයි අපි නොසිතමු.
තම ආදරණීය කුගේ අහිමි වීම පුද්ගලයකු තුල දුක සමග ආවේගයක් ඇති කරන නමුත් තවත් ටික කලක් ගත වූ පසු ඉහත කරුණු සත්‍ය බව ඔබටද අවබෝද වනු ඇතැයි අපගේ විශ්වාසයයි.එසේම අප උද්යෝගිමත් කරන බහුතරයක් වූ යහපත් මිනිසුන්ටත් මේ තොරතුරු අනාවරණය කිරීමට මග පාදා දුන් සමබිම පක්ෂයටත් අපගේ ස්තුතිය.
ස්තුතියි”

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මගේ මව සහෝදරයා අරන් ගියේ හොරණ මුලික රෝහලට , පෞද්ගලික රෝහලකට නෙමේ. ඇත්තටම ඒ රෝහල හොඳයි. හොඳ ක්‍රමවත් පාලනයක් තිබෙනවා. රෝහල පිරිසිදුයි. හෘද රෝගීන් ඉන්න වටු හෙම හොඳයි. වෛද්‍යවරු සහ හෙදියන් කරුණාවන්තයි. රෝගීන් ගැන උවමනාවෙන් බලනවා. නමුත් ලංකාවට ආවේනික ප්‍රශ්න තියනව. උදාහරණයක් වශයෙන් මම සහ තවත් කිහිප දෙනෙක් පෝලිමේ ඉන්දෙද්දී ඖෂධ දෙන කවුළුව වහල ගියා දවල් ආහාරයට. ඔහේ හිටිය බලාගෙන ඊළඟ කෙනා විනාඩි 20 විතර පස්සේ ඇවිත් අරිනකන්. මේ මම ලියපු එකක්. රෝහල් සමග සම්බන්ධයක් තිබෙනවා ලිපියේ.
    https://kolambagamaya.blogspot.com/2021/07/blog-post.html

Comments are closed.