[dropcap color=”red”]අ[/dropcap]ද දවසේ බොහෝ දෙනාට අනුව ක්‍රිස් නෝනිස් යනු විශිෂ්ට රාජතාන්ත්‍රිකයෙකි. නමුත් පශ්චාත්-නූතන ධනවාදයට අනුව නොනිස් යනු ව්‍යාපාරික උපයෝගීතාවාදියෙකි. ඉංග්‍රීසි කතා කළ නොහැකි රාජ්‍ය යන්ත්‍රයක් සහිත රටක ක්‍රිස් නෝනිස් යනු තමන් ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන්  තම තනතුරෙන් හොදින් වැඩගත් පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයන්ව යහපත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස නම් කරණ අයව අප යැවිය යුත්තේ ගල් යුගයටය.

ක්‍රිස් නෝනිස්ව මේ දවස් වල උසස් රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෙක් කරන කපටීන් යනු ඉංග්‍රීසි කතා කිරීමට බැරි පාලකයන් නිසා රාජ්‍යතාන්ත්‍රිකයන් බවට පත් වූ ඉංග්‍රීසි කතා කරන විශ්ව විද්‍යාල ගුරුවරුන්ය. දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයන් යනු හොදින් ඉංග්‍රීසි කතා කළ හැකි අය නම් එංගලන්තයේ,ඇමෙරිකාවේ,කැනඩාවේ සියළු දෙනාම රාජ්‍ය තාන්ත්‍රිකයන් විය යුතුය. එවැනි මෝඩ මත දරන්නේද කපටීන් සහ තක්කඩීන් බහුල ලංකාව වැනි රටවල්ය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඇත්ත කතාව. නෝනිස් නුයි නෝනිස් ට ගහපු එකයි දෙකම එක වල්ලේ පොල්. අපි මොකටද කලබල වෙන්නේ.

Comments are closed.