[dropcap color=”red”]අ[/dropcap]ප මුලින්ම පුරෝකතනය කළ පරිදි මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ රාජ්‍ය පාලනය අංගොඩ ජාතික මානසික විද්‍යායතනය බවට පරිවර්තනය වී ඇත. යහ පාලනය වෙනුවෙන් අප මධ්‍යස්ථව සිටීම ගැන අපට බොහෝදෙනා කෝචොක් දැමූ අතර සමහර පිස්සන්ට අනුව අපට එක්සත් ජාතික පක්ෂයෙන් ඇමතිධූර පවා ලැබීමට නියමිත විය. නමුත් සත්‍යවශයෙන්ම අප සිටින්නේ මහපාරේය. ඉතුරු අය සිටින්නේ ගොඩනැගිලි තුළය.

යහ පාලනයේ අයිතිකරුවන් අතර පුධාන අයිතිකරුවා වූ සදරුවන් සේනාධිරගේ ලංකා ඊනිවිස් අඩවිය ගං කඹරයන්ගේ කාලයේදී තරම් තාවත්කාලීන වන්නේ නැත. සියළු දෙනා අන්දොස් වී ඇත. නිශ්චිත චින්තයක් සහිත වැඩ පිළිවෙලකින් තොරව බූරුවන් සේ ඡන්ද කලාට වැඩක් නැත. අනෙක් අතට ස්වයං-මෛථුනයේ යෙදෙන ජ.වි.පෙ කාඩර්වරුන්ට කඩල කෑ වදුරන්ට සිදුවූ දෙය සිදු වී ඇත.

අලුත් ලෝකයක් නිපදවීමට අලුත් චින්තනයක් දෙසට හැරෙන්න! දැන් පැරණි ලෝකය මිය ගොස් ඇත. 20 වැනි සියවසේ භාවිතාවේ යෙදවූ මුළු මහත් වාම විධික්‍රමයම බිද වැටී ඇත. සමාජය විසින් කාඩර්වරයාව විචාරය කරන සමාජයක් හදමු.

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. කෝ හොරු අල්ලන්නේ නෑ නේ.එක්කෝ පහුගිය ආණ්ඩුවේ හොරු නැද්ද.හොරු කුඩ්දෝ අයෙත් පාරක් පත් වෙලා එවි. ජනාදිපති ඉ මහින්ද මහතායි ආඉත් එකතු වෙලා චන්දෙ ඉල්ලුවොත් unp එක චෙක් මෙටේ වෙඉ නේද.දීප්ති ආඉත් පාරක් අපිට කියලා දෙන්න.පිස්සු හෙදේනවා ඔඉ .

  2. ලංකාව මලකඩ කඩාගැනීමේ අර්බුධයක – දෙමළුන්ගේ නිදහස අගල්වලට දමා වහන කොට කිරිබත් කාපු සිංහලයන්ට මිනිස් නිදහස ගැන කිසිම අදහසක් ඉතුරු වී නැති බව දැන් හොදටම පැහැදිලියි නේද? කාටත් අත් හෝද ගන්න තියෙන්නෙ ලේ විතරයි නේද? නව චින්තනයට හැරෙන්න යන්නෙ කවුරු එක්කද? පැරණි ලෝකය මියගියාද? එහෙනම් එය හොල්මන් කරමින් තිබේ. දැන් කරන්න කිසිම දෙයක් නැහැ. මගේ පළමු කැමැත්ත මහින්දට කෙළවීම නම් දෙවැන්න මෛත්‍රීට හිකවෙන හැටි නැරඹීමයි.

  3. ගණීකාවක් සමග රමණය කරනවා තරම් පහසුවෙන් කරන්න පුලුවන්ද වෙනස් කම්…අපි දැන් මේ පවතින ක්‍රෙමන් හොරු හොයන්න දගලන එක බොරු වැඩක්. අනික හොරු හොය හොය ඉන්න ගියොත් දඩුවම් දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න ලැබෙන් නැහැ..
    දින සීයෙන් පස්සෙ ඒ වැඩ කෙරුනෙ නැතොත් ඔන්න ඒ එතකෙට විරුද්ද වීඹ හරි…සතියක් වත්නැතුව එකපාර වැඩ පෙන්වන්න මේක ජේමස් බොන්ඩ් ෆිල්ම් එක නෙවෙයි…

    දින සීය කියන්නෙ සිස්ටම් අප්ඩේට් එකක් සිස්ටම් අප්ඩේට් එකක් කෑ ගහල මහ හයියෙන් ගොෂා විවාද කරල ගෙඩාදාන්න බැහැ. අනික යහපාලනයේ මූලික අරමුණ ඊ නිවුස් එකට නිවුස් දෙන එකවත් පිරිසකගේ රැකියා ආරක්ෂා කිරීම නෙමෙයි..එතනින් එහා ගිහිපු අලුත්ම විදියේ ලෝකයක්…

Comments are closed.