Dead Souls is a novel by Nikolai Gogol, first published in 1842, and widely regarded as an exemplar of 19th-century Russian literature. The purpose of the novel was to demonstrate the flaws and faults of the Russian mentality and character.

දේශපාලන පක්ෂ තුළ තිබෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා පිටත සමාජය දැන ගත යුතු නැතැයි ලංකාවේ සිටින කල්ලිවාදී වාමාංශික ප්‍රවණතාවල අදහස වේ. මෙම තත්ත්වය ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ උරුමයක් නොව, එකී කල්ලිවාදීන් විසින් සිය ගම් වලින් ගෙන ආ පුරුද්දකි. ප්‍රබුද්ධ ව්‍යාපෘතියක් වන වාමාංශික දේශපාලනය යනු සිය ඉතිහාස පාඩම් අනාගත වමට උරුම කරන දයලෙක්තික ක්‍රියාවලියක් සහිත ශික්ෂණය මුල් කරගත් දෙයක් බව අපි විශ්වාස කරන්නෙමු. වාමාංශික ව්‍යාපාරය අපට ලබා දුන් උරුමය එයයි.
අපගේ අනවරත අරගලය තුළ නිශ්චිත කඩයිමක් පසු කළ 2014 වසරේ දී ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නාය, ඒ කෙසේද යත් පක්ෂයේ සහෝදරයන්ගේ සිට පාරේ ගමන් කරන බල්ලන් පවා අපව අපවාදයට ලක් කරමින් සිටියහ. “සේනාවක් නැති සේනාධිපති” යැයි පක්ෂ නායක දීප්ති සහෝදරයාව හදුන්වන්නට විය. ඉතිහාසය දන්නා අපි එම අපවාදයන්ට දශමයකින්වත් බිය නොවුනේ ලෙනින්ට පවා සිය අරගලයේදී එවැනි අපවාදයන්ට ලක්වීමට සිදු වුවද අවසානයේ අරගලය මෙහෙයවූයේ ඔහු බව, සක්සුදක් සේ අප දැන සිටි බැවිණි.
එම දුෂ්කර අවධියෙහි අපි පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙහෙය වූ ආකාරය ගැන කථා කිරීමට මේ සුදුසුම කාලයයි. සමහර කරුණු දැනගත් පසු කරුණාකර උතුර, දකුණ මාරු කර නොගන්න !
අවිධිමත් ලෙස වුවද පක්ෂ නායක දීප්ති සහෝදරයා විසින් මුලින්ම කළේ එවකට අප සමඟ සමීප සම්බන්ධයක් පැවැත් වූ බේකරිය කට්ටියට සිනමා පන්තියක් පැවැත්වීමයි. ඒ ඔස්සේ ඔවුන් සමඟ කුළුපගුභාවයක් ඇති වූ අතර ඔවුන් නිසා අප තුළ දේශපාලනය කිරීමට කදිම ලිබිඩෝ ශක්තියක් නිර්මාණය විණි. නමුත් ඒ ඔවුන් සමඟ දේශපාලනය කිරීමට නම් නොවේ. විරාජ් සහෝදරයාගේ නිවසේ අපගේ බඩු තැන්පත් කරන අවස්ථාවට මත්තෙන්ම අපි තීරණය කර තිබුණේ කිසිදු අයුරකින් විරාජ් සමඟ දේශපාලනය නොකරන බවයි. බේකරියට අපි කොක්කක් ගසා ඇතැයි මුලා වූ සමහර මැදි වියේ තරුණයන් මේ දිනවල ජිජැක් ආශ්‍රයෙන් තොරන් වල විස්තර පහදන අයුරු දුටු විට අප තුළ ඇතිවන්නේ සිනහවක් නොව ඔවුන් කෙරෙහි වූ අනුකම්පාවකි. අපගේ මාර්ගය තැණුනේ එවැනි සහෝදරයන්ගේ සංකේතීය මළමිණී මතිණි. මෙම මැදිවියේ තරුණයන් මෙන් නොව විරාජ් යනු තවමත් අපගේ හොඳම මිතුරෙකි.
නිශ්චිත වේලාවකින් පසු බේකරියට කළ සිනමා පන්තිය නතර කළ අපි දේශපාලන පන්ති සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කෙරුවෙමු. එහිදී අපි මුලින්ම තීරණය කළේ අපි සමඟ සම්බන්ධ වීමට කැමති සියළු දෙනාට දේශපාලන පන්ති පවත්වන බවයි. ඒ අනුව විවිධ පුද්ගලයන් අපි සමඟ සම්බන්ධ වූවද අපි මෙතනදී කථා කරන්නේ ලක්ෂාන් සහෝදරයා පිළිඹදවය.
අපගේ දේශපාලන පන්තිවලට අතීතයේ සහභාගි වූ ලක්ෂාන්, ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුද දේශපාලන පන්ති සඳහා සහභාගි කරවීය. ”21 වැනි සියවසේ කොමියුනිස්ට්වාදය” යනුවෙන් සංවිධානය කළ මුල්ම පක්ෂ සම්මන්ත්‍රණය සඳහා ඔවුහු බොහෝ සෙයින් උපකාර කළහ. අප සමඟ එක්ව පෝස්ටර් ඇළවූහ. එකට ජයපැන් පානය කළහ. ශක්තිමත් දේශපාලන සබඳතාවකට මෙළෙසින් පසුබිම සැකසෙමින් පැවතියද අපි කිසිදු විටක ඔවුන්ව දැඩි විනයගත කිරීමකට ලක් නොකළේ ඔවුන් පක්ෂය තුළ දිගටම රැදී සිටීවි යැයි අපි බලාපොරොත්තු නොවූ බැවිණි. අපි ඔවුන්ව සැළකුවේ පක්ෂයේ මූලික අඩිතාලම දැමීමට අපට උදවු දෙන හිතවතුන් ලෙසය. ඔවුන් කා සමඟ සම්බන්ධ වී සිටියද අපට ඉන් ඇති වැඩක් නොවීය. ලක්ෂාන්ලා අපගේ ගමන් සගයන් නොවන බව අපි දැන සිටියෙමු. නමුත් ලක්ෂාන්ලා වැන්නන්ගෙන් තොරව අප පක්ෂය වර්ථමාන මොහොත දක්වා වර්ධනය වන්නේ  ද නැත. ලක්ෂාන්ලා අපව අත හැර ගොස් ඔවුන්ට ගැළපෙන පුද්ගලයන් සමඟ සම්බන්ධ වූවා කියා අද වන තුරු අපි ඔවුන්ට කිසිදු අයුරකින්  දෝෂාරෝපණය කළේ ද නැත. ලක්ෂාන්ලා අද දක්වා අපගේ මිතුරන්ය.
අපි ස්ත්‍රීන්ට බය නොවන්නෙමු. ඒ නිසාම ස්ත්‍රීන්ට අපහාස ද නොකරන්නෙමු. අප සමඟ මුල් වකවානුවේ සම්බන්ධ වූ ජානකී සහෝදරිය අපගේ දැනුම තව තවත් පෝෂණය කළා විනා ඇය නිසා අපගේ කිසිදු ක්‍රියාවකට අනවශ්‍ය බලපෑමක් එල්ල වූයේ ද නැත. ඇය නිසි වෙලාවට පක්ෂය වෙත සාමාජික මුදල් ලබා දුන්නාය. තේ කොළ, බිස්කට් වැනි දෑ අප වෙනුවෙන් රැගෙන ආවාය. එසේ අප සමඟ ඇය සම්බන්ධ වූවා කියා ඇය සමඟ දීර්ඝ දේශපාලන ගමනක් යෑමට අප තුළ යටි අරමුණක් නොවුණි. අපි ඇයගෙන් අනිසි ප්‍රයෝජනද ලබා නොගත්තෙමු. අද අප සමඟ නොසිටියත් ඇයද අපගේ හොඳ මිතුරියකි.
වර්ථමානයේ අප විසින් බිහිකර තිබෙන්නා වූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ මූලික ගුලිය නිර්මාණය වූයේ ඉහතින් සඳහන් කළ මළගිය සාමාජිකයන් ( හිතවතුන්)  හරහාය. (මළගිය සාමාජිකයන් ගැන දැන ගැනීමට අවශ්‍ය අය ගොගොල් ව කියවන්න) ශක්තිමත් පක්ෂ ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා අපට උදව් කළේ ඔවුන්ය. මියගිය එම සාමාජිකයන් සංකේතීයව සමාජයට විකුණා අප මිළ දී ගත්තේ අද පවතින ශක්තිමත් පක්ෂ ව්‍යුහය නිර්මාණය කිරීමට අවශ්‍ය පක්ෂ සාමාජිකයාවයි. මේ වන විට ශක්තිමත් සන්විධානයක් නිර්මාණය කිරීමට අපට හැකි වී තිබේ. මළ සාමාජිකයන් විකුණා නිර්මාණය කළ අප සංවිධානයේ දිග, පළල ඔබ සිතනවාට වඩා විශාලය.
අප කරමින් සිටින්නේ කුමක්දැයි නොදන්නා ( දීප්තිගේ ආශාව කුමක්දැයි සොයන ) අපගේම සංවිධානයේ සිටි පුද්ගලයකු මේ ළගකදී අප සමඟ හිතවත් සහෝදරයකු හට පහත පැනයන් ඉදිරිපත් කර තිබුණි.
1. දීප්ති එක්ක සමීපව වැඩ කරල තිබෙනවද ?
2. දීප්ති එක්ක සමීපව වැඩ කරනකොට තමයි දීප්තිගේ මධ්‍යම-පන්තික භාවිතාව පෙනෙන්නෙ.
3. ප්‍රංශ පොත් සිංහලට පරිවර්ථනය කළාට මොකුත් වෙන්නෙ නැහැ.
4. දීප්ති කවදාවත් විප්ලවය කරන්නෙ නැහැ.
5. මනෝ විශ්ලේෂණය අවසාන වශයෙන් සේවය කරන්නෙ ප්‍රතිගාමිත්වයට.

Viv
සාමාන්‍යයෙන් ගවයන් ආහාරයට ගත් දේ වමාර වමාරා නැවත නැවත අනුභව කරන්නාක් මෙන් ඉහත සඳහන් පැනයන් අසන පුද්ගලයා ද සිදුකරන්නේ අපි විසින් මීට බොහෝ කලකට පෙර පිළිතුරු සැපයූ පැනයන් නැවත නැවත අසමින් සිටීමයි. මොවුන් මෙලෙස ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් අපි පුදුම නොවන්නෙමු. ඒ මන්ද පොතක් පතක් නොකියවන පුද්ගලයන්ට අත් වන්නේ එම ඉරණම නිසාය.

අනෙක් අතට වල් ඌරන්, රබර් ගස්, සහ ඉලුක් කැලෑ පමණක් තිබෙන ප්‍රදේශ වලින් කොළඹට පැමිණ වේ ප්‍රෝටීන් ගසා මහත් වී තමන්ට ගැළපෙන්නේ නැති ඇදුම් ඇදගෙන මාක්ස්වාදය කියා තමන්ගේ ඔළුවේ තිබෙන විකාර දෙසන ,  උමතු වූවන්ට උත්තර දීමට වඩා නිහඬ ව විසීම වැදගත්ය. ඒ කෙසේ වෙතත් අපගේ ඔත්තු සේවය පළමු මොහොතේම අපට විරුද්ධව අවළාද නගන පිස්සන් කවුරුන්දැයි හදුනාගෙන තිබුණු නිසා ෆේස් බුක් වැනි විපරිත අවකාශ වල පණුවන් මෙන් දඟලන පිස්සන් අපට විරුද්ධව කරමින් සිටින්නේ මොනවාදැයි යන්න අපට නම් රහසක් නොවේ.

“පැරණි ප්‍රශ්න නැවත නැවත අසමින් සිටින පොතක් පතක් කියවන්නේ නැති වේ – ප්‍රෝටීන් ගොබ්බයන් කවුරුන්ද කියා ඔබට දැන ගැනීමට අවශ්‍ය නම්, මුලින්ම හම සුදු ලස්සන ස්ත්‍රියක් ගල්කිස්ස ප්‍රදේශයට යවන්න. ඉන් පසු ඔබ සුපරික්ෂාකාරීව විවිධ පුද්ගලයන් දෙස බලන්න. එහිදී මෙම ස්ත්‍රිය ඉදිරිපිටදී යම් පුද්ගලයෙකුගෙ බුරියෙන් පල්ලෙහ කොටස වෙව්ලන්න ගන්නවා නම් අන්න ඔහු තමයි අපගේ අශාව කුමක්දැයි නොතේරෙන නිසා මධ්‍යම-පන්තිකයකු මෙන් හැසිරෙන වේ ප්‍රෝටීන් මාක්ස්වාදියා.”
ඔබ සිතනවාට වඩා අප ගැන පරණ තාලයට සිතන මිනිසුන් සිටින බව ඉහත ආකාරයේ ප්‍රශ්න අසන පුද්ගලයන් හරහා වටහා ගත හැකිය. යම් පුද්ගලයකු මධ්‍යම-පන්තිකයකු වන්නේ ඔහුගේ බාහිර පෙනුමෙන් හෝ ගමන් කරන වාහනයෙන් නොව නිශ්පාදනයට ඇති සම්බන්ධය තුළ බව නොදන්නා වේ ප්‍රෝටීන් තක්කඩීන් විසින් දීප්තිව මධ්‍යම-පන්තිකයකු ලෙස හදුන්වන්නේ තක්කඩිකමටය. මෙසේ පවසන පුද්ගලයන්ගේ අවිඥානික ආශාව වන්නේ මධ්‍යම-පන්තිකයන් වීම බව මනෝ විශ්ලේෂණය ගැන අවබෝධයක් ඇති අපි දන්නෙමු. ගැරඩින්ට භූමි තෙල් මෙන් මොවුන් මනෝ විශ්ලේෂණයට බිය වන්නේ ඒ නිසාය. මනෝ විශ්ලේෂණය ප්‍රතිගාමීත්වයට සේවය කරන බව ඔවුන්ට කියවෙන්නේ අහම්බයකින් නොවේ.
ස්වාමියා නොමැතිව මහ පාරේ තනියම නැටීමට ගොස් මැරුම් කෑ මෝඩ නයාගේ උපමා කථාව හැමෝටම අමතකව නැතැයි සිතන්නෙමු. හයිබ්‍රිඩ් රථයේ නැග අපට හූ කියමින් අපිවත් ඉස්සර කරගෙන යන්න හැදුවට යන්න ඕනෑ කොහාටදැයි දන්නෙ දීප්ති බව සමහරුන්ට අමතක වී ඇත. අගමැති කාර්යාලයට ගිය පුද්ගලයා සහ චිත්‍රපට සංස්ථාවට ගිය පුද්ගලයා ද ඒ බව මතක තබා ගත්තොත් හොඳ යැයි පැවසීමට කැමැත්තෙමු.
දීප්ති වෙත ඕනෑවට වඩා කිට්ටු වීමටවත්, ඔහුගේ රහස කුමක්දැයි කියා සෙවීමටවත් උත්සහ නොකරන්න. අප කියන දේ නොඅසා ඔබ දීප්තිගේ රහස කුමක්දැයි කියා සෙවීමට ගියහොත් අවසානයේ ඔබට හමුවනු ඇත්තේ කළුවර කාමරයකි. පතුලක් නොමැති අදුර රජයන ඒ කළුවර කාමරයට ඇතුලු වී එළියට පැමිණීමට නොහැකිව දගලන බොහෝ දෙනෙකු දැනටමත් ලංකාවේ සිටී. ඒ නිසා ඔබ කළ යුත්තේ දීප්තිගේ රහස දීප්තිටත් රහසක් යැයි සිතා වැඩ කිරීමය. එය වඩාත් දේශපාලනික වන අතර එසේ කළහොත් අඩු තරමින් ගැහැණුන්ගේ රියදුරන් වීමෙන් සහ ෆුඩ් සිටිවල වම්බටු තෝරන්නන් නොවී සිටීමට ඔබට හැකි වනු ඇත.
අප පක්ෂය තුළ ඇති සුවිශේෂීත්වය වන්නේ එහි දේශපාලනය අසාර්ථක වන සෑම අවස්ථාවදීම ඊට හේතු වී ඇත්තේ බාහිර සාධක නොව අභ්‍යන්තර අර්බුදයන් බව වටහා ගනීමයි.. දීප්ති විසින් භූමිය අල්ලාගෙන එය රැක ගැනීමට පක්ෂය වෙත භාර කළ ද පක්ෂයේ පැත්තෙන් භූමිය අල්ලාගෙන ඉදිරියට යෑමක් සිදු නොව්ණි. එම අසාර්ථකත්වය දීප්ති නිසා සිදුවන්නක් බව පැවසූ හිටපු සංවිධායකවරුන් දෙදෙනෙකු වන B මෙන්ම M ද අමතක කරන්නේ තමන් කරමින් සිටියේ කුමක්ද යන්නය. ඔවුන් දෙදෙනාම කළේ තම නොහැකියාව වසා ගැනීමට විසදුමක් ලෙස දීප්තිගේ ආශාව කුම්ක්දැයි යන්න සෙවීමය. වැරදීම් වලින් පාඩම් උගෙන ඇති අප දැන් පක්ෂයේ සංවිධාන බල රටාවෙහි පැවති මූලික දෝෂයක් හදුනාගෙන ඇත්තෙමු. ඒ නිසා මින් ඉදිරියට අප වඩාත් සංවේදී වන්නේ පක්ෂ අභ්‍යන්තරය ආරක්ෂා කරගැනීම [cockpit] සහ දීප්ති විසින් අල්ලා ගන්නා භූමිය ආරක්ෂා කරගනිමින් එය ඉදිරියට තව තවත් ව්‍යාප්ත කරමින් යෑමටය.
මෙහිදී අපට මතක් වන්නේ බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විවියන් රිචර්ඩ් එංගලන්තයට එරෙහිව ලකුණු 189ක් රැස් කර ලබා ගත් ජයග්‍රහණය ගැනය. අවසන් කඩුල්ල පමණක් සහිතව ක්‍රීඩා කිරීමට සිදුවන විවියන් අනෙක් පස සිටි පිතිකරු වන හෝලන්ඩ්ට පවසන්නේ “මම බැට් කරල ගේම් එක ගොඩ දමන්නම්, ඔබ නොදැවී ක්‍රීඩා කරමින් මා වෙත අවස්ථාව ලබා දෙන ලෙසයි”. හෝලන්ඩ් කරන්නේ විවියන්ගේ උපක්‍රමය ප්‍රශ්ණ නොකර නොදැවී සිට විවියන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව සළසා දීමයි. ඉන් පසු විවියන් ඉතා වේගයෙන් ලකුණු රැස් කර එම තරඟය ජයග්‍රහණය කරයි.
2014 න් පසු පසුගිය කාලයේ දීප්ති කළේ ද විවියන් මෙන් ක්‍රීඩා කිරීමයි. සියළු දෙනා අපව අත් හළ නිමේෂයේ දීප්ති තනිව ක්‍රීඩා කළේය. ඔහුගේ සහයට අනෙක් අන්තයේ සිටියේ මහේෂ් හපුගොඩ සහෝදරයාය. දීප්ති එක දිගට ලියමින් නැවත අල්ලා ගත්තේ අප අතින් ගිලිහී ගොස් තිබූ භූමියයි. මේ වන විට වඩාත් ශක්තිමත් පක්ෂ ආකෘතියක් නිර්මාණය වී ඇත්තේ ද දීප්ති විසින් සිදු කරන ලද එම මැදිහත්වීම හේතුවෙනි. අවස්ථා දෙකකදී සමාජය සංවිධානය කිරීමට උත්සහ කළ අප පක්ෂයේ සිටි සහෝදරවරුන්ට සිදු වූ වැරදීම් නිසා මෙරට කිසිදු වාමාංශික ව්‍යාපාරයකට නොලැබෙන නව දැනුම් සම්භාරයක් අප වෙත ලැබී තිබේ. එය දීප්තිගෙන් අප ලද උරුමයයි. එම  උරුමය මනාව සංවිධානය වීමේ කෙළවර ඇත්තේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ජයග්‍රහණයයි.

‘But where the danger is, also grows the saving power.’

ඔබේ අදහස කියන්න...